අපේ උරුමය යනු ටෙලිවිෂනයේ යන රෙදි අඩුවෙන් ඇඳ ගත් නැටුම් නොවේ. කිසිවෙකුට නොතේරෙන වචන කෑගසා කියන සිංදු කෑලි නොවේ. අපේ උරුමය යනු අතීතයෙන් අපට ලැබුණු යහපත් දේවල්ය.
අපි අනුරාධපුරේ යන්නෙමු. එහෙන් මෙහෙන් ථූපාරාමය, රුවන්මැලි සෑය වැඳ අපේ ප්‍රතිලාභ සඳහා ශ්‍රී මහා බෝධියේ පඬුරක් ගැට ගසා ඊළඟට තකහනියක් දුවන්නේ නාන්නටය. නුවර වැවට, තිසාවැවට හෝ බසවක්‌කුලම වැවටය. අපේ උරුමය යනු ඒවාය. ඒ වැව්ය.
අනුරාධපුර නගරය ඇතුළත පිහිටි මේ වැව් අනුරාධපුර ඉතිහාසය තරමටම පැරණිය. ලොව පැරණිම ගසක් සේ සලකන ශ්‍රී මහා බෝධිය තරමටම මේ වැව්ද පැරණි බව සැලකේ.
එහෙත් වැවෙහි නාන්නට යන තැනැත්තාට බසවක්‌කුලම වැව සාදා ඇත්තේ අපේ රාජ වංශයේ ආරම්භක රජෙකු වූ පණ්‌ඩුකාභය විසින් ක්‍රි.පූ. 300 ට කලින් හෙවත් මීට අවුරුදු 2314 කට පෙරය යන්න දැන සිටීම වැදගත් නැත.
තිසාවැව ක්‍රි.පූ. තුන්වන සියවසේ හෙවත් මීට අවුරුදු 2300 ට පෙර සාදවන ලද්දේ දේවානම් පියතිස්‌ස රජු බවක්‌ද එහි ගිලී නාන්නෙකුට වැදගත් නැත.
මින්නේරිය නමැති අති විශාල වැව නිර්මාණය කරනු ලැබුවේ සොභා ධර්මය විසින් ලබා දුන් කඳු දෙකක් හරහා බඳිනු ලැබූ බැම්මකින් බව දන්නෝ ඉතා ටික දෙනෙකි. එමෙන්ම එය මෙයින් ශත වර්ෂ 18 කට කලින් රජකළ මහසෙන් නමැති දෙවියෙකු බඳු රජෙක් කළ මහා වාරි කර්මාන්තයක් බව හෝ දන්නෝ ටික දෙනෙකි. වැව තනා දුන් පිනට එකල වැසියන් ඔහු ආමන්ත්‍රණය කරනු ලැබුවේ මින්නේරි දෙයියෝ නමිනි.
පරාක්‍රම සමුද්‍රය යනු ලංකාවේ සුප්‍රකටම අති විශාල ජලාශයයි. එහෙත් එය වැවක් නොව කෘත්‍රිමව සැදූ ජලාශයකි. අද නම් කෘතිම ජලාශයක් හැදීම ඒ හැටි අරුමයක් නොවේ. දොඹකර වලින් කළුගල් කුට්‌ටි අඩුක් කිරීමෙන් මාස දෙකතුනක් තුළ වේල්ලක් බැඳිය හැක. එහෙත් පරාක්‍රමබාහු රජතුමා කුඩා වැව් පහක් එක් කොට තනි වේල්ලක් හැදුවේය. ඒ වේල්ලේ දිග සැතපුම් නවයකි. අනතුරුව ඇළ දොළ රාශියකින් ගලා හැලෙන ජලය අඹන් ගඟ ඔස්‌සේ ජලාශය වෙත හරවනු ලැබීය. සැතපුම් 9 ක් දිග වේල්ලක් සෑදීම කොළඹ කොටුවේ පෝර්ට් සිටියට වඩා දැවැන්ත ව්‍යාපෘතියකි. පෝර්ට් සිටිය ගොඩ කරන්නේ චීන හෝටල් ඉදිකරනු පිණිසය. පරාක්‍රමබාහු රජතුමා සැතපුම් 9 ක් දිග වේල්ලක් හැදුවේ පොලොන්නරු ගොවියන්ට කුඹුරු අස්‌වද්දනු පිණිසය.
විශ්මය ජනක දෙය වන්නේ ගංගා හරස් කොට මේසා දැවැන්ත වැව් බැමි සකස් කළේ කෙසේද යන්නයි. අද නම් ඕනෑ තරම් යන්ත්‍ර සූත්‍ර තිබේ. එහෙත් එදා තිබූ එකම දෙය මිනිස් ශ්‍රමයයි. ඒ මිනිසුන් සිංහල හාලේ බත කෑ යෝධයන්ම විය යුතුය.
නමුත් මේ සුන්දර වැව් සමූහය පමණක් නොව අතිවිශාල පරාක්‍රම සමුද්‍රය පවා පසු කලෙක අතුරුදන්ව ගියේය. දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයන් හමුවේ පරාජයට පත් සිංහල රජවරු අනුරාධපුරය අතහැර දැමූ අතර දෙවැනි රාජධානිය වූ පොලොන්නරුව අතහැර ගියහ.
මෙලෙස ඉතා සශ්‍රීකවත් ජනතාවකට සශ්‍රීකවත් ජීවිතයක් සඳහා දියවර සපයා දුන් ඒ ප්‍රතාපවත් වැව් සමූහය මහා ගණ වනාන්තරය තුළ ගිලී ගියේය. කළමනාකරණයක් නුවූයෙන් අවුරුදු දහස් ගණනක් අව්වැසි සුළං වලට සේදී ගොස් එම වැව් ගොඩැලි බවට පත්වී මහා වනාන්තරයට යටවී නොපෙනී ගියේය.
මෙලෙස වසර දහසකටත් වැඩි කාලයක් මහ වනන්තරයේ සැඟව ගත් මේ විසල් වැව් නැවත සොයා ගනු ලැබුයේ ලංකාව පාලනය කළ එංගලන්ත සුද්දන් විසිනි.
වල්වැදී වනාන්තරගතව තිබූ මේ වැව් නැවත සොයා ගනු ලැබුයේ ශ්‍රීමත් හෙන්රි වෝඩ්, ජෝර්ඡ් ටර්නර්, ඡේම්ස් මැක්‌වෙල්, සී. ඒ. මරේ, දොස්‌තර ජෝන් ඩේව් රැල්ප් බැක්‌හවුස් වැනි සුද්දන්ය. සුද්දන්ය කීවාට ඔවුන් අව්ව තපින්නට ආ සුද්දන් නොවේ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ ආදායම් පාලක ආණ්‌ඩුකාර, මිනින්දොරු ආදී ඉහළ පදවි දැරූ වැදගත් උගත් මහත්වරුය. වෙතෙකක් තබා සීගිරිය සොයා ගත්තේද සුද්දෙකු විසිනි.
එමෙන්ම මේ අසිරිමත් ලාංකේය ප්‍රෙඪ අතීත කරුණු මා සොයා ගත්තේද සුද්දෙකු ලියූ පොතකිනි. ආර්. එල්. බ්‍රෝහියර් යනු බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව යටතේ, මිනින්දොරුවකු හෙවත් මැනුම්පතියෙකු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කළ අයෙකි. එනිසා ලංකාවේ අති දුෂ්කර සෑම වනාන්තරයකම ඇවිදීමේ අවස්‌ථාව ඔහු ලැබුවේය.
මේ කෘතිය තිගොඩොලයිට්‌ටුව සහ මිනුම් පටිය රැගෙන ලංකාවේ සෑම අස්‌සක් මුල්ලක් නෑරම වසර 40 ක් තිස්‌සේ කරුණු චාරිකාවක ප්‍රතිඵලයකැයි බ්‍රෝහියර් දුටු ලංකාව කෘතියට සපයන පෙරවදනේ ලියන බ්‍රෝහියර් මේ සුන්දර දිවයින වෙත මහද තුළ ඇති භක්‌තියත් ගෞරවයත් එහි ඉතිහාසය කෙරෙහිත් එමෙන්ම එහි සම්ප්‍රදායනට මා දක්‌වන ගෞරවයත් ඉමහත් යෑයි සඳහන් කරයි.
එසේ කියන්නේ සුද්දෙකු වීම මොන තරම් අනගිද?
චන්ද්‍රසිරි දොඩම්ගොඩ
http://www.divaina.com/2015/03/01/feature06.html
Pic Source

0 comments:
Post a Comment