නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කරනු ලැබේ.ඒ අනුව ලබන සඳුදා (30දා) පෙරවරු 9.30ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමේ පළමු අදියර ආරම්භ කෙරේ.
මීට අමතරව රටේ තෝරාගත් ස්‌ථාන දහසක පමණ මෙම වයි-ෆයි කලාප ස්‌ථාපිත කරනු ලබයි.
විශ්වවිද්‍යාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප්‍රධාන පෙළේ දුම්රිය ස්‌ථාන, බස්‌නැවතුම්පළවල්, සියලුම ශික්‍ෂණ, දිස්‌ත්‍රික් හා ඒ ශ්‍රේණියේ මූලික රෝහල්, මහජන උද්‍යාන, මහජන පුස්‌තකාල, මහජනයා බහුල ලෙස පැමිණෙන රජයේ කාර්යාල, දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල හා කෞතුකාගාර ආදී ස්‌ථානවල මෙම වයි-ෆයි කලාප විවෘත කිරීමට නියමිතය.
ප්‍රභාත් විතාන
http://www.divaina.com/2015/03/28/news04.html
Pic Source
සබැඳි ලිපි -
[
සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි‘ - ලබා දෙන ප්‍රදේශ මෙන්න...http://denethharinna.blogspot.com/2015/03/blog-post_72.html
]






0 comments:
Post a Comment