ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ ගණකාධිකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන, මගේ සමකාලීන සරසවි මිතුරකු වන ගුණපාල රත්නසේකර සහෘදයා මෙයට වසර කිහිපයකට පෙර එක්‌තරා දිනයක රාත්‍රියේ මට දුරකථනයෙන් කතා කොට මෙසේ පැවසීය.
''සමන්, මම ටිකක් ලොකු වැඩකට අත ගහන්න යි යන්නෙ, මේ ගැන යාළුවෙක් හැටියට ඔයාගෙ අදහසත් දැන ගන්නයි මම කතා කළේ. විශේෂයෙන් මගේ පරණ යාළුවෙක් හැටියටත් කලා පීඨයේ උගන්වන කෙනකු හැටියටත්, ඔයා මේ ගැන කියන අදහසත් මට වැදගත් වේවි, මම මේ ගන්න යන තීරණයට. ඒ වගේ ම මම විශ්වාස කරනවා, මේක කළ යුතු හොඳ වැඩක් හැටියට. මට මෙතෙන්දි යාළුවෙක් හැටියට ඔයාගෙ හැඟීමත් ආශිර්වාදයත් වැදගත් වේවි.''
රත්නසේකර මිතුරා, පවසන මේ ''ටිකක් වැදගත් ලොකු වැඩය'' කුමක්‌දැයි මම ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි. එවිට ඔහු පැවසුවේ, තමා දුටුගැමුණු මහ රජතුමන්ගේ චරිතය පාදක කොටගෙන නිර්මාණය කරන්නට යන චිත්‍රපටයකට, නිෂ්පාදන දායකත්වය ලබා දීමට අදහස් කරන බව යි. එදා මම මගේ චිරකාලීන සමකාලීන මිතුරු රත්නසේකරයන්ට දුන්නේ පහත සඳහන් පිළිතුර යි.
''චිත්‍රපටයට පදනම් වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ''මහරජ ගැමුණු'' නවකතාව නම්, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන්නේ ද ඔහු නම් කිසිදු බිය සැකකින් තොරව රත්නේ ඊට අත ගහන්න. ඒකෙන් මේ රටේ සිනමා රසිකයන්ට හොඳ කලා නිර්මාණයක් දැක ගැනීමට අවස්‌ථාවක් ලැබේවි.''
ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවා මා හඳුනන්නේ ඔහුගේ නිර්මාණවලින් මිස පෞද්ගලිකව නොවේ. ඔහුගේ භෞතික රූපකාය මා පළමු වරට දුටුවේ ද, ඔහු සමඟ කතා කෙළේ ද මේ මෑත දවසක දී එනම් 2015 ජනවාරි 13 වනදා ය. ඒ ''මහරජ ගැමුණු'' චිත්‍රපටය ජනගත කිරීමට පෙර වූ මාධ්‍ය දර්ශනයෙන් පසු, රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවේ තරංගනී සිනමා ශාලාවේ ආලින්දයේදී ය.
මෙතෙක් කළ නිර්මාණ අනුව, ජයන්ත චන්ද්‍රසිරි යනු, අප ජීවත් වන සමාජය පවතිනවාට වඩා අඟලකින් හෝ උඩට ගෙන ආ හැකි, හරවත් නිර්මාණයක් කළ හැකි, මුල් නොමැරුණු කලාකරුවකු බව මම දැන සිටියෙමි. එහෙයින් ඉතිහාසයට ආදරය කරන - ඉතිහාසය විකෘති නොකරන - ඉතිහාසයේ සුන්දර අර්ථ, වර්තමානය අර්ථ සම්පන්න කිරීම උදෙසා ගළපන මිනිසකු විසින් කරනු ලබන කාර්යයක් උදෙසා ආයෝජනය කිරීමෙන් සමාජයට යහපතක් මිස අයහපතක් නම් නොවන බව පෙනී ගියේ ය. ඒ අතර ම හොඳ වැඩවලට මුදල් ආයෝජනය කොට, අමාරුවේ වැටුණු හොඳ මිනිසුන් පිළිබඳව අසා තිබූ දේවල් ද සිහියට නැඟිණ. ආචාර්ය මහගමසේකරයන්ගේ ''තුං මං හන්දිය'' නම් විශිෂ්ට සිනමා කාව්‍යය නිර්මාණය කිරීමට මුදල් ආයෝජනය කළ චිත්‍රා බාලසූරිය මහත්මා, මුහුණ දුන් ඉරණම පිළිබඳ සිදුවීම ද ඒ අතර විය. තුංමං හන්දිය සෑදීමට ගිය වියදමවත් සොයා ගැනීමට නොහැකි වීම නිසා, සේකර කම්පා වන විට, ඔහුගේ සිත සැනසූ ඒ මූල්‍ය ආයෝජකයාගේ මහඟු සිත ගැන ද සිහි විය. ඒ සමඟම ජයන්ත චන්ද්‍රසිරි, සමාජ අර්ථය මෙන් ම මූල්‍ය අර්ථය ගැන ද සතිමත් වීමෙන් මගේ මිතුරා අමාරුවේ නොවැටෙනු ඇතැයි යන විශ්වාසය ද ඇති විය.
මුදල් යනු සියල්ල නොවේ. සියල්ල මුදලින් තීරණය කරන සමාජයක හිඳිමින්, මිනිස්‌කම් තහවුරු කිරීම උදෙසා, මුදල් ආයෝජනය කිරීමෙහි විශිෂ්ට අර්ථයක් ඇත. මේ අවස්‌ථාවේ කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්දයන්ගේ ''හෙළ ඉතිහාස සලකුණ සහ මහාවංසයේ ඓතිහාසික දෘෂ්ටිය'' නම් ග්‍රන්ථයේ එන ප්‍රබල සටහනක් අපගේ සිහියට නැඟෙයි. ප්‍රාමාණික මහාවංස මූලාශ්‍රයන් කිහිපයක් ම ගැඹුරින් ම අධ්‍යයනය කරමින් යට කී ග්‍රන්ථය රචනා කළ, ප්‍රනන්ද මහතා, එහිදී සයවන අග්බෝ රජතුමාගේ දේශපාලන දර්ශනය ඉස්‌මතු කරයි. එම දර්ශනයට අනුව නොකළ යුතු කාරණා තුනක් වෙයි.
1. අස්‌ථාන ආයෝජනය
2. සාවද්‍ය පරිභෝජනය
3. අයෝග්‍ය සංග්‍රහ
මේ වූ කලී දේශපාලන දර්ශනයක් පමණක් නොව, මනුෂ්‍යයන් ලෙස අපේ එදිනෙදා ජීවිතයේදීත් භාවිතයට ගත යුතු - භාවිතයට ගත හැකි මනා ජීවන දර්ශනයකි. තවත් මහාවංසය තරම් ග්‍රන්ථයක් රචනා කිරීමට වුව උල්පතක් කොට ගත හැකි මහඟු කරුණු තුනකි.
මෙහිදී රත්නසේකර මිතුරා ''මහරජ ගැමුණු'' නිෂ්පාදනයට දායක වීමෙන් සිදුකොට ඇත්තේ ස්‌ථානීය ආයෝජනයකි, එනම් සුදුසු තැනකට - සුදුසු දෙයකට මුදල් ආයෝජනය කිරීමකි.
අප විසින් කියවනු ලබන සෑම පොතක් ම අපට පොතක් ලෙස දැනෙන්නේ නැත. අපට අසන්නට ලැබෙන සෑම ගීතයක් ම ගීතයක් ලෙස දැනෙන්නේ ද නැත. එසේ ම අපට නරඹන්නට ලැබෙන සෑම චිත්‍රපටයක් ම චිත්‍රපටයක් ලෙස දැනෙන්නේ ද නැත. එහෙත් කිසියම් පොතක් කියෑවීමෙන් පසු, කිසියම් ගීතයක් ඇසීමෙන් පසු, කිසියම් චිත්‍රපටයක් නැරඹීමෙන් පසු සිටියාට වඩා අර්ථවත් වෙනසක් අප තුළ සිදු වූයේ නම්, ඒ පොත පොතක් ලෙසත් ඒ ගීතය ගීතයක් ලෙසත් ඒ චිත්‍රපටය චිත්‍රපටයක් ලෙසත් හැඳින්විය හැකි වෙයි. ඒ අර්ථයෙන් ගත් විට ද ජයන්ත චන්ද්‍රසිරිගේ ''මහරජ ගැමුණු'' චිත්‍රපටයක් වෙයි. එසේ ම එය සිනමා කාව්‍යයක් ද වෙයි. තව ද එය සුන්දර අර්ථවාහී සන්නිවේදනයක් ද වෙයි.
මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් මෙතෙක් ලියෑවුණු විචාර කිහිපයක් ම කියවන්නට ලැබිණ. ඒ සෑම විචාරයකින් ම අපට ඉගෙන ගන්නට බොහෝ දේවල් ද තිබිණ. ඒ සෑම විචාරකයෙක් ම වාගේ චිත්‍රපටයේ අන්තර්ගතය ද සිය විචාරයනට හසුකොට ගෙන තිබූ බැවින් ඒ පිළිබඳ ව අපගේ අවධානය යොමු නොවේ. මා සිනමා විචාරකයකු නොවන බැවින් මෙහිදී ම විසින් කරනු ලැබ ඇත්තේ යට කී චිත්‍රපටය බැලීමෙන් පසු මට දැනුණු හැඟීම් සටහන් කිරීම යි. එහිදී විවිධ පොතපතින් උකහා ගත් කරුණු, ඇසුරු කළ චරිත වෙතින් උගත් කරුණු, ඒ හැඟීම් සමඟ මුසුවීම මට වැළැක්‌විය නොහැක.
අපි මේ ජීවිතයේදී විවිධ දේ පරිභෝජනය කරමු. ආහාර යනු පාරිභෝගික භාණ්‌ඩ අතර ඇති එක් දෙයක් පමණි. අපථ්‍ය ආහාර ගැනීමෙන් අපි රෝගී වෙමු. එහෙත් එය බොහෝ දුරට කායික රෝගී භාවයට සීමා වෙයි. එහෙත් වැරදි පොතක්, වැරදි නිර්මාණයක් පරිභෝග කිරීමෙන් ඇති වන මානසික රෝගාතුරභාවය, කායික රෝගයකට වඩා බරපතළ ය. කෙනකුගේ මානසික රෝගාතුර භාවය මුළු මහත් සමාජයක් රෝගාතුර කිරීමට හේතු විය හැකි බැවිනි. එසේ ම මිනිසකුගේ මානසික නිරෝගීභාවය මුළු මහත් සමාජයක් සුවපත් කිරීමට ද හේතු විය හැකි බැවිනි. කුලියාපිටියේ ප්‍රනන්ද මහතා, වංසකථා පරිශීලනයෙන් මතු කරන ''සාවද්‍ය පරිභෝජනය'' නම් කරුණ ද අපට කිසිසේත් නොතකා හළ නොහැක්‌කේ එබැවිනි.
එක්‌තරා අර්ථයකින් ගත් විට ''මහරජු ගැමුණු'' චිත්‍රපටය නිර්මාණයක් සේ ම පාරිභෝගික භාණ්‌ඩයක් ද වෙයි. එදිනෙදා ජීවිතයේ දී අපට පාරිභෝගික භාණ්‌ඩ අත්‍යවශ්‍යය. ඒවා අපේ කායික සහ මානසික අවශ්‍යතා සපුරාලන්නේ ද වෙයි. එහෙයින් පාරිභෝගික භාණ්‌ඩ නිෂ්පාදනය කරනු ලබන චරිත සතු අනිවාර්ය වගකීමක් මෙන් ම යුතුකමක් ද වෙයි. ඒ වූ කලී සාවද්‍ය පාරිභෝගික භාණ්‌ඩ නොව නිරවද්‍ය පාරිභෝගික භාණ්‌ඩ සමාජය වෙත මුදා හැරීම යි. එවිට ඒ සමාජය සාවද්‍ය පරිභෝජනයෙන් විනිර්මුක්‌ත වෙයි. මට දැනෙන හෘදයාංගම හැඟීම වන්නේ ''මහරජ ගැමුණු'' කලා අවකාශයේ නිරවද්‍ය පරිභෝජන අවස්‌ථාව පුරවන නිර්මාණයක් බව යි.
අප විසින් එසේ කියනු ලබන්නේ ඇයි?
යුද්ධය මත පදනම්ව නිෂ්පාදනය කරන ලද ඇතැම් චිත්‍රපට යුදකාමීත්වය ම තහවුරු කරද්දී තවත් එබඳු චිත්‍රපටයකින් අව්‍යාජ සාමය නොව ව්‍යාජ සාමය මතු කිරීමට උත්සාහ දරනු පෙනිණ. එබඳු ඇතැම් චිත්‍රපටයක් එකී නිර්මාණකරුවා දරන ආගමික මතය හෝ දේශපාලන මතය ඉස්‌මතු කරන ස්‌වභාවයක් දිස්‌වෙයි. මෙය එක් රටක නිපදවෙන එබඳු චිත්‍රපට සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ රටවල නිපදවෙන එවැනි චිත්‍රපට සම්බන්ධයෙන් යථාර්ථයකි. එහෙත් යුද්ධය පසුබිම් කොට සැදූ නිර්මාණයකින් මිනිසා යුද නොකරන සුළු මානසිකත්වයකට කැඳවිය හැකි නම්, එය සත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි වෙයි. කලාකරුවකුට යුදමය අවස්‌ථා නිරූපණයකින් වෛරය නොව ආදරය ඉස්‌මතු කළ හැකි නම් එය සුවිශිෂ්ට අවස්‌ථාවකි. ''මහරජ ගැමුණු'' ඔස්‌සේ ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා, තමා ජීවත් වන සමාජයේ සහෘදය ජනතාවට පිරිනමන්නේ වෛරය නොව ආදරය යි, අසත්‍යය නොව සත්‍යය යි, අන්ධකාරය නොව ආලෝකය යි, මරණය නොව ජීවිතය යි. ඒ අතින් ගත් විට ද ඔහු උපනිෂද් දර්ශනයේ එන පහත සඳහන් ප්‍රකාශය, සිය නිර්මාණ අවකාශයට හසු කොට ගත් දුර්ලභ කලාකරුවකුගේ ආස්‌ථානය සපුරාලන්නේ වෙයි.
''අසතෝ මා සද්ගමය,
තමසෝ මා ජ්‍යෙතිර්ගමය
මෘෙත්‍යාර් මා'අමෘතං ගමය
මා අසත්‍යයෙන් සත්‍යය වෙත රැගෙන යනු මැනවි.
මා අන්ධකාරයෙන් ආලෝකය වෙත රැගෙන යනු මැනවි. මා මරණයෙන් අමරණීයත්වය වෙත රැගෙන යනු මැනවි''
කලා නිර්මාණයක් ලෝකය තිබෙනවාට වඩා, යහපත් කිරීමට හේතු විය යුතු ය. කලකරුවා පිළිබඳව මෙරට සුප්‍රකට චින්තකයකු මෙන්ම කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මා විසින් වරෙක සිදු කරනු ලැබ ඇති පහත සඳහන් ප්‍රකාශය, අපගේ ආදරණීය සියලු කලාකරුවන්ගේ හදවතෙහි ලියෑවෙන ප්‍රකාශය වේවා යි පතමි.
''සැබෑ කලාකරුවා, භෞතික වශයෙන් කොතරම් අගහිඟකම්වලට, අඩුපාඩුවලට භාජනව සිටින තැනැත්තකු වුවද සිතින් නිදහස් වූ පුද්ගලයෙකි. ඔහු තුළ තිබෙන කලාව, තමාගේ සහජ හැකියාව අනුව, තමා ලබා ඇති ඉගෙනුම අනුව, ශිල්ප ඥානය අනුව, ක්‍රියාත්මක වෙයි. ඔහු කරන සෑම දෙයකම අමුත්තක් තිබේ. ඔහු තුළ පවතින නිදහස එම කෘති තුළින් එළියට ඒම කිසිවකු විසින් වැළැක්‌විය හැකි නොවන්නේ ය. රටකට එවැනි එක කලාකරුවකු හෝ සිටිනවා නම් එය එම රටේ භාග්‍යයකි''.
අපගේ බලවත් විශ්වාසය වන්නේ, යට කී වාසනා ගුණය සහිත කලාකරුවන්ගෙන් මෙරට තවමත් හිස් වී නොමැති බව යි. එබඳු කලාකරුවනට, තමා ජීවත් වන සමාජයට, යෝග්‍ය නිර්මාණයන්ගෙන් සංග්‍රහ කළ හැකි ය. එය සයවන අග්බෝ රජුගේ ''අයෝග්‍ය සංග්‍රහ'' නොකළ යුතු ය යන දේශපාලන දර්ශනයට ද අනුගත වන්නේ වෙයි. ''මහරජ ගැමුණු'' ඔස්‌සේ සිදු කරනු ලැබ ඇත්තේ සමාජය විෂයයෙහි දෙන යෝග්‍ය සංග්‍රහයකි. නිර්මාණය යනු මානයෙන් තොර වීම යි. මේ නිර්මාණය කරන්නේ 'තමා ය'' යන හැඟීමෙන් එනම් අහංකාරයෙන් විනිර්මුක්‌ත වූ තැන වඩාත් සුන්දර වූ නිර්මාණ බිහිවනු ඇත.
එබඳු නිර්මාණ අප ජීවත් වන සමාජය වඩ වඩාත් සුන්දර සහ අර්ථවත් කිරීමට හේතු වනු ඇත. අද
අප අතර නැති සමන් සිත්තරා වරෙක මෙසේ ප්‍රකාශ කෙළේ ය. ''කලාව හා ශිල්පය යනු එකක් නොව දෙකකි. කලාව ගංගාවක් නම් ශිල්පය ඔරුවක් පමණකි. සොබාදහමේ මිහිර දැනෙන්නට පටන් ගන්නා විට කලාවේ උපත සිදුවේ. කලාවේ පරමාර්ථය විය යුත්තේ සොබාදහමේ සුන්දරත්වයට සංවේදී වීමය. සුන්දරත්වයේ සත්‍යයට අවදි වීම යි.''
කලාව නමැති සුවිසල් ගංගාවේ, තමා ඔරුවක් හෝ එක් යාත්‍රිකයකු පමණක් බව දන්නා, කලාකරුවකුට අපරිමාණ නිර්මාණ සෞන්දර්යයකින් ලෝකය පුරවාලිය හැකි ය. ජනවාරි 13 වන දා රාත්‍රියේ දී, ''මහරජ ගැමුණු'' නැරඹීමෙන් පසු, මට දැනුණු අවංක හැඟීම, ජීවිතයේ පළමු වරට මුණු ගැසුණු ජයන්ත චන්ද්‍රසිරි සහෘදයාටත් මගේ චිරකාලීන මිත්‍ර ගුණපාල රත්නසේකර සහෘදයාටත් සැකෙවින් සඳහන් කෙළෙමි. මේ වූ කලී ඒ කෙටි සඳහනෙහි ම මඳ දිගුවකි.
එදා රාත්‍රියේ දී ජැක්‌සන් ඇන්තනී - ශ්‍රියන්ත මෙන්ඩිස් - බුද්ධදාස විතානාරච්චි යන ප්‍රවීණ රංගධරයන්ගේ රංගන කෞශල්‍යය ද අගය කෙළෙමි. විහාර මහා දේවී චරිතයට සාධාරණය ඉෂ්ට කළ කුසුම් රේණු රංගධාරිනියගේ විශිෂ්ට රංගන කෞශල්‍යය ද අගය කෙළෙමි. එසේ ම උද්දික ප්‍රේමරත්න නම් තරුණ රංගධරයාගේ රංග ප්‍රතිභාව ද අගය කොට ඔහුට ඉමහත් ආදරයෙන් ආශිර්වාද කෙළෙමි. එදා ඔහුට මෙසේ පැවසුවා මට මතක ය.
''මිනිහෙකුට වෙන්න තියෙන ලොකුම ඛේදවාචකය තනතුරු - බලය - ධනය - ප්‍රසිද්ධිය ආදී දේවල් අහිමි වෙන එක නෙමෙයි. තමාට 'තමා' අහිමි වෙන එක යි. ඔයාට ඔයාව අහිමි කරගත්තෙ නැතිතාක් තව ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන්.'' ගැමුණු රජ චරිතයට මේ තරුණ රංගධරයා, සිය උපරිම ශක්‌තියෙන් සාධාරණය ඉටු කෙළේය. යන හැඟීම මා තුළ පවතී. එසේ ම ඒ රජු තුළ ජීවත් වන ගොවියා ද ආදරවන්තයා ද පුත්‍රයා ද සහෝදරයා ද ඈ චරිත විශිෂ්ටාකාරයෙන් නිරූපණය කිරීමටත් ඔහු සමත් විය. ඉතින් මා ඔහුට සුබ පතා නොසිටින්නේ කෙලෙස ද?
මේ එදා මට හමු වූ චරිත යි. හමු නුවූ රංගධරයනට ද රංගධාරිනියනට ද ඉත සිතින් සුබ පතමි. එසේම මෙබඳු සත්කාර්යයකට දායක වූ සියලු සඡ්ජනයනට ද ආදරය හා ගෞරවය පළ කරමි.
ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා, අප නොසිතූ චරිතවලින් පවා සජීවී මූර්ති නිර්මාණය කොට තිබිණ. මේ මොහොතේ මේ ආදරණීය කලාකරුවාගෙන් එක් ඉල්ලීමක් කරමි. එනම්, බොහෝ දුරට, මෙතෙක් වරදවා කියවනු ලැබ ඇති ''රාවණ චරිතය'' පසුබිම් කොටගෙන, සුන්දර අර්ථවාහී නිර්මාණයක් ඉදිරිපත් කරන ලෙසයි.
වාල්මිකී මහසෘෂි විරචිත රාමායණයේ රාවණ චරිතයෙන් මතුවන්නේ මහා පෞරුෂයකි, අව්‍යාජත්වයකි, නිර්භීතභාවයකි, අවංකකමකි, සරල ජීවිතයකි, ආදරණීය භාවයකි. ''මහරජ ගැමුණු'' යටින් ගැමුණු-රන් මැණිකේ ප්‍රේම කාව්‍යය මතු කළා සේ, රාවණ චරිතය යටින් දිවෙන ''රාවණ-මන්දෝදරී'' අපූර්ව ප්‍රේම කාව්‍යය මතු කිරීමේ හැකියාව ද, වාසනා ගුණය ද ජයන්ත චන්ද්‍රසිරිට තිබේ. එබඳු නිර්මාණයක් නිෂ්පාදනය උදෙසා දෙන දායකත්වය වූ කලී ස්‌ථානීය ආයෝජනයකි. ඒ අස්‌ථාන ආයෝජනයක් නම් නොවේ. එබඳු නිර්මාණයක් රසවිඳීම යනු නිරවද්‍ය පරිභෝජනයකි. ඒ සාවද්‍ය පරිභෝජනයක් නම් නොවේ. එබඳු නිර්මාණයක් සමාජගත කිරීම යනු තමා ජීවත් වන සමාජය විෂයයෙහි ලා කරනු ලබන යෝග්‍ය සංග්‍රහයකි. ඒ අයෝග්‍ය සංග්‍රහයක් නම් නොවේ.
''මහරජ ගැමුණු'' පිළිබඳව දැනුණු සිතිවිලි මතු කෙරෙන මේ ලේඛනය අවසන් කිරීමට පෙර, ''උපත'' යන අර්ථය දෙන 'පිරවි' නම් මලයාලම් චිත්‍රපටය කළ සාජි එන්. කරූන් නමැති ප්‍රවීණ නිර්මාණකරුවාගේ එක් සුන්දර උද්ධෘතයක් සඳහන් කිරීමට සිතෙයි. සාජි, සිය චිත්‍රපටය තිරගත වන දිනවල මෙරටට පැමිණියේ ය. ප්‍රවීණ ලේඛකයකු මෙන් ම ආදරණීය සන්නිවේදකයකු වූ ධර්මසිරි ගමගේ මහත්මා, සම්මුඛ සාකච්ඡාවක දී, ''ඔබේ සිනමා රීතිය කුමක් දැයි'' සාජි එන්. කරූන්ගෙන් ප්‍රශ්න කෙළේය. සාජි එයට දුන්නේ පහත සඳහන් පිළිතුර යි.
"ඛේදවාචකය දකිමි. එහෙත් එහි ගැඹුරු සන්ත්‍රාසයෙන් ආවේශ නොවෙමි. ආවේගය දිටිමි. එහෙත් එහි වියරුවෙන් නොකැළඹෙමි. සත්‍යය දකින්නට උත්සාහ කරමි. එහෙත් එය පරම සත්‍යය ලෙස ඔබ කෙරෙහි ආදේශ කරන්නට උත්සාහ නොකරමි. මා සත්‍ය යෑයි දකින්නට උත්සාහ කළ දෙයෙහි, ඔබ දකින සත්‍යය අවබෝධ කර ගැන්මට නිරන්තර කැමැත්තෙන් සිටිමි.'' ඛේදවාචකය දැක, එහි ගැඹුරු සන්ත්‍රාසයෙන් ආවේශ නොවී, ආවේගය දැක එහි වියරුවෙන් නොකැළඹී තමා දුටු ඉතිහාසයේ සත්‍යය, සිනමා කාව්‍යයක් බවට පත් කොට, දේශයට දායාද කළ, ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණ කලාකරුවාණෙනි, ඔබටත් ඔබට සහාය වූ සහෘද පර්ෂදයටත් ඉමහත් ආදරයෙන් සුබ පතමි.
මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, භාෂා, සංස්‌කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ.
http://www.divaina.com/2015/03/08/feature02.html
සබැඳි ලිපි -
[
"මහරජ ගැමුණු" - මේ ඔබේම කථාවයි! මහා ඉතිහාසයක උරුමකරුවනි, ඔබේ සමවැදීම අත්‍යාවශ්‍යයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_91.html
වීරත්වය මනුශ්‍යත්වය පමණකින්ම ඔපකළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය - මහරජ ගැමුණුhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_9.html"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...http://denethharinna.blogspot.com/2014/02/blog-post_8475.htmlජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]

0 comments:
Post a Comment