මේ කුරුණෑගල නගරයයි
''සිනේක්‌ස්‌ෆෝ'' සිනමාහල අසල සාමාන්‍ය ප්‍රමාණයේ හෝටලයක මමත් මගේ මිත්‍රයාත් තේ පානය පිණිස අසුන් ගතිමු. සවස පහ පසුවී විනාඩි ගණනාවක් පසුවී ඇති මේ මොහොතේ අසල ඇති සිනමා ශාලාවෙන් මහා ජනගඟක් එළියට පැමිණෙමින් සිටිති.
ඒ ''මහරජ ගැමුණු'' චිත්‍රපටයේ 2.30 දර්ශණය නරඹා එළියට පැමිණෙන ප්‍රේක්‍ෂක ජනතාවය.
හත්අට දෙනකුට වඩා නොසිටි මෙම හෝටලයේ සියලු ආසන සුළු මොහොතකින් පිරී ගියේය. අප සිටි මේසයේ ඉතිරි අසුන් හතරේ වාඩි වූයේ වයස 20-30 අතර යෑයි සිතිය හැකි තරුණයන් සිවුදෙනකි.
තෘප්තිමත් සහ ප්‍රීතිමත් මුහුණුවලින් යුතු ඔවුන් මහරජ ගැමුණු චිත්‍රපටයේ යම්යම් අවස්‌ථා ගැන කතා බහ කරමින් සිටිති.
මෙම චිත්‍රපටය මුල්ම මාධ්‍ය දර්ශනයේදී මාද නරඹා තිබිණි. එනිසාම මට මේ කතාබහ අපූර්වත්වයක් ගෙන දෙන්නක් විය. මම ඔවුන්ට හොඳින් සවන් දුනිමි... මෙම චිත්‍රපටය නැරඹීමෙන් ඔවුන් බලාපොරොත්තු වන දේ ඔවුන්ට ලැබුණා දැයි දැනගැනීමේ බලවත් කුහුලක් මට ඇති වුයෙන් බලහත්කාරයෙන්ම ඔවුන් සමග මිතුරුවීමට මාගත් උත්සාහය අසාර්ථක නොවිණි.
''මල්ලිලා ෆිල්ම් එක බලල වගෙයි. කොහොමද ෆිල්ම් එක.''
''ෂා.... නියමයිනේ... අපි හිතුවේ නැහැ මෙච්චර හොඳ ඇති කියලා. අයියලා බැලුවෙ නැද්ද.... බැලුවෙ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න.. මරු...''
එලෙස ආරම්භ කළ හිතවත්කම ඔවුන් පිළිබඳ සාමාන්‍ය දැනීමක් දක්‌වා වර්ධනය කරගන්නට මට හැකි විය.
කුරුණැගල සිට කි. මී. 15-18 පමණ දුරින් පිහිටි ගනේගොඩල මින්හෙට්‌ටිය යන ගම්මානවල ජීවත්වන සුළු ව්‍යාපාර සහ ගොවිතැනින් ජීවිකාව ගෙන යන ඔවුන් කෙටි නම් වලින් දිසානායක, රත්නායක, මලින්ද සහ කුමාර ලෙස හැඳින්වෙයි.
''මමයි මෙයයි ටවුන් එකට ආවෙ ෂෝ එක බලන්නමයි. මේ දෙන්න හමු වුණේ ටවුමේදි. අපි ෂෝ එක බලමු කිව්වම එන්න බෑත් කිව්වා. අපේ පෙරැත්තයටයි ආවේ.''
ඒ තොරතුරු කතා බහ අතරතුර මහරජ ගැමුණු ගැන චිත්‍රපටයේ එන කාරණා පිළිබඳ මම ඔවුන් සමග කතා කළෙමි.
''මාර ලස්‌සන දර්ශන තියෙන්නේ.. ලංකාවෙද කියල හිතාගන්න බෑ.''
''ඔව්... ඔව්... සවුන්ඩ් එහෙමත් හොඳටම හොඳයි...''
''හරියට ත්‍රීඩී සිස්‌ටම් එකක් වාගේ කරල තියෙන්නේ. අස්‌සයෝ එහෙම එන කොට නිකං ඇඟට එන්නාවගේ.''
ඔවුන් එකිනෙකා පරයමින් ඔවුන් ලද තෘප්තිමත් බව වචනවලට පෙරැලෙන්නට විය.
''කෙලින්මල ඉංග්‍රීසි චිත්‍රපටයක් වාගෙම කරලා තියෙනවා. හෝල් එකේ හිටිය පොඩි ළමයෙක්‌වත් සද්ද කළේ නෑ. නිකං හොල්මං වෙලා වගේ කට්‌ටිය බලා සිටියේ.''
''දුටුගැමුණු රඡ්ජුරුවෝ ඊයේ පෙරේදා හිටියා වගේ... මම දන්නෑ ඉස්‌සර සොලී ශ්‍රී මහා බෝධිය කපන්න හදපු බව. ඒව ඇත්ත වෙන්නැති.''
''ඔව්.. ඔව්.. ඇත්ත වෙන්නැති නැත්නම් එහෙම දාන්න බෑනේ. හැබැයි මම නම් නොදන්න දේවල් ගොඩක් මේ චිත්‍රපටයෙන් දැනගත්තා.''
''අංගම්පොර නම් නියමෙට කරල තියෙනවා... අර ඊතල විදිනකොට මට දැනුනෙ මගෙ ඇඟේ වදිනව වගේ.''
''හැබැයි අංගම්පොර සටන් කාරයෝ මරණ වෙලාවෙ කිසි ෆයිට් එකක් නොදී මැරුණු එකනම් අපරාදෙ.. ගේමක් දීලම මැරුණානම් තමයි හොඳ.''
මේ ගැමි තරුණයන්ගේ අව්‍යාජ සිනමා විචාරය අවංකය. ඔවුන් නගරයට විත් චිත්‍රපටයක් නැරඹීමට යෙදූ මුදල් අපතේ ගොස් නැත.
"ඔය ගොල්ලෝ දැකපු හොඳම දර්ශනය මොකක්‌ද?.. ඒ කියන්නේ කැමැතිම කොටස."
"එකක් කියල නෑ. මට නම් ඔක්‌කෝම වගේ හොඳයි... එක තැනක අර දුටුගැමුණු කුමාරයා මරන්න ආපු සොලී මිනිහ අහුවෙනවනේ... මිනිහව අල්ලගෙන එතනින් එළියට එන කොට යෝදයෝ කෝන්දුරුවා අල්ලන් ඉන්න හැටියිල ඒක දැකල මිනිහ එයාගෙම අතින් බෙල්ල කඩාගෙන මැරෙන එකයි නම් හිතාගන්නවත් බැරි සීන් එකක්... මාර ලස්‌සනයි."
"මේ චිත්‍රපටයේ දුකහිතෙන තැන් කීපයක්‌ම තිබුණා. මගෙ ඇස්‌වලට සැරයක් දෙකක් කඳුළුත් ආවා."
''මටත් එහෙමයි. අර ගැමුණු කුමාරයා එක්‌ක යන්න ආපු වෙලාවෙ සීන් එහෙම මාර දුකයි"
"අර තිස්‌ස කුමාරයගෙ චරිතය නම් මට ඇල්ලුවේ නැහැ."
"මටත් මිනිහනම් හරිගියේනෑ. එතනටත් හොඳ පොරක් දාන්න තිබ්බේ... එළාර රඡ්ජුරුවෝ නම් නියමයි. දුටුගැමුණු රඡ්ජුරුවන්ගෙයි එළාර රඡ්ජුරුවන්ගෙයි යුද්දෙ තව ටිකක් වෙලා තිබ්බ නම් තවත් හොඳයි."
"එළාර රඡ්ජුරුවෝ මැරුණු වෙලාවේ මට නම් දුකත් හිතුනා. මිනිහ අපි හිතන තරම් සිංහලයන්ට අප්සෙට් පොරක් නෙවෙයි නේද?"
"කොහෙන්ද අප්පා යුද්දෙට අච්චර සෙනග ගොඩක් හොයාගත්තේ. හාමුදුරුවරුත් පන්සියකට වැඩිය හිටියා."
"අපරාදෙ කියන්න බෑ රජකාලෙ විදියට ඇඳුම් පැළඳුම්, මාලිගා, අස්‌ස කරත්ත හැමදේම නියමෙට තියෙනවා. දෙපාරක් වත් බලන්න හිතෙනවා."
අමු අමුවේම තමන්ගේ මහරජ ගැමුණු චිත්‍රපට විචාරය අපට ඉදිරිපත් කළ මේ අව්‍යාජ තරුණයන් සිවුදෙනා තවත් එකම සැරයක් හෝ මහරජ ගැමුණු නරඹනු ඇතැයි මා විශ්වාස කරමි.
තවත් කෙටි වෙලාවක දී අප ඔවුන්ට සමුදී කොළඹ බස් රථයට ගොඩවීමි.
ප්‍රවීණ විචාරකයන්ගේ විචාරාත්මක අදහස් ප්‍රකාශ නොවන රටක බිහිවන ඕනෑම කලා නිර්මාණයක් සාරධර්ම ගුණාංගයන්ගෙන් බැහැරව නිදහසේ අයාලේ යනු ඇත. බාල කුණුහරුපවලින් නැගෙන ලාබ සිනා සහිතව අයාලේ ගිය කලා නිර්මාණයක ඕනෑම දෙයක් තිබීමට හැකියාව පවතින අතර නැති වන්නේ කලාව සහ කලාවට ආදරය කරන ජනතාව පමණි. එනිසා විචාරය යනු කලාවට අත්‍යවශ්‍ය අංගයකි.
විවිධ තරාතිරමේ උදවිය චිත්‍රපට නරඹති. ඒ පිළිබඳව කතා බහ කරති.. ප්‍රබුද්ධයෝ හා විදග්aධයෝ සිනමා නිර්මාණයේ යටිපෙළ යතාර්ථයන් පිළිබඳ ගැඹුරු විග්‍රහයක යෙදෙන අතර ඉතාම සාමාන්‍ය මට්‌ටමේ උදවිය ඇහැට දකින සහ කණට ඇසෙනදේ පිළිබඳ පමණක් උනන්දු වෙති. මේ හැමදෙනාටම සියයට සියයම නැතත් පොදුවේ හොඳයි කියන තත්ත්වයට චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමට හැකිනම් එය විශිෂ්ට නිර්මාණයක් වන්නේය.
මා විශ්වාසකරන සහ මට දැනෙන අන්දමට අන්දමට ජයන්ත චන්ද්‍රසිරියන් අතින් නිර්මාණය වූ ''මහරජ ගැමුණු'' චිත්‍රපටය හොඳයි නොව ''ඉතා හොඳයි'' සහ ''විශිෂ්ට'' නොව "අතිවිශිෂ්ට" තත්ත්වයට නිර්මාණයවී ඇතැයි සිතිය හැක.
අමරසිංහ මාලගේ
http://www.divaina.com/2015/03/06/cineart07.html
Pic Source
සබැඳි ලිපි -
[
"මහරජ ගැමුණු" වෙතින් සහෘද ජනතාවට පිරිනැමෙන්නේ වෛරය නොව, ආදරයයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_96.html"මහරජ ගැමුණු" - මේ ඔබේම කථාවයි! මහා ඉතිහාසයක උරුමකරුවනි, ඔබේ සමවැදීම අත්‍යාවශ්‍යයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_91.htmlවීරත්වය මනුශ්‍යත්වය පමණකින්ම ඔපකළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය - මහරජ ගැමුණුhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_9.html"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...http://denethharinna.blogspot.com/2014/02/blog-post_8475.htmlජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]

1 comments:
ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් දෙකම එකට තියල ප්‍රතික්ෂේප කරන්න වටින නූතනත්වයට නොගැලපෙන පසුගාමී දේවල්.
Post a Comment