Pages

Wednesday, March 4, 2015

මහනුවර මඟුල් මඩුවේදී අප සිංහලයේ කොඩිය ඔසවන්න හදන විට පොලිසිය පැමිණ ඉවක්‌ බවක්‌ නැතිව පහර දුන්නා - මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි

මහනුවර මඟුල් මඩුව අබියස වාරියපොල සුමංගල හාමුදුරුවෝ එසවූ සිංහලයේ කොඩිය වසර 200 ක්‌ පිරෙන වෙලාවේ නැවත සංකේතාත්මකව ඔසවන්න හදපු වෙලාවේ කඩාවැදුණු පොලිස්‌ නිලධාරීන් 100 ක්‌ පමණ දෙනා කිසිම ඉවක්‌ බවක්‌ නැතිව භික්‍ෂුන් වහන්සේලාට පහරදුන් බවත්, මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට ඉදිරියේ දී පැමිණිලි කරන බවත් සිංහල ජාතික පෙරමුණේ සභාපති ශාස්‌ත්‍රපති මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමිපාණෝ ඊයේ (03 වැනිදා) පස්‌වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. 

බොරැල්ල, මරදාන පාරේ පිහිටි එම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ මෙසේද කීහ. 

"උඩරට ගිවිසුමට වසර 200 ක්‌ මාර්තු 02 වැනිදාට පිරුණා. මෙන්න මේ නිසා සිංහල ජාතික පෙරමුණ කොළඹ නිදහස්‌ චතුරස්‍රයේ ඉඳන් මහනුවර දළදා මාළිගාවට රථ පෙරහැරක්‌ ගියා. ඒ ගියේ එදා 1815 දී වාරියපොල සුමංගල හාමුදුරුවෝ ඔසවපු සිංහලයේ කොඩිය සංකේතාත්මකව මොහොතකට ඔසවා තබන්නයි. අපි කොළඹ ඉඳලම සිංහලයේ කොඩි 

රැසක්‌ රැගෙන ගියා. දැන් තියෙන ජාතික කොඩිය තමයි ශ්‍රී ලාංකික කොඩිය. අර වාරියපොල සුමංගල හාමුදුරුවෝ එසවූ සිංහලයේ කොඩිය තමයි නියම කොඩිය වෙන්නේ. අපි සිංහලයේ කොඩිවලින් හැම තැනම සරසලා පසුව ගියා වාරියපොල සුමංගල හාමුදුරුවෝ කොඩිය එසවූ මහනුවර මඟුල් මඬුව අබියසට. එතැනදී අපි මේ සිංහලයේ කොඩිය ඔසවන්න හදනවාත් සමගම එතැනට පොලිස්‌ නිලධාරීන් සියයකට වැඩි ප්‍රමාණයක්‌ කඩාවැදී බොහෝම අශීලාචාර විදිහට හැසිරෙමින් අපේ භික්‌ෂුන් වහන්සේලාට පහරදෙන්න ගත්තා. ඒ වගේම හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න උත්සාහ ගත්තා. එහිදී උණුසුම් තත්ත්වයක්‌ ඇතිවුණා. එක්‌ හාමුදුරුනමකට තුවාලවෙලා දැන් රෝහලේ. යහපාලන ආණ්‌ඩුව මෙහෙමද හැසිරෙන්නේ..."

"ජෝන් අමරතුංග යටතේ ඇති පොලිසිය මෙහෙමද හැසිරෙන්නේ. දළදා මාළිගාව කියන්නේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් තැනක්‌. දැන් පොලිසිය කියනවා අපිට ඇතුළු වෙන්න අවසර නැහැලු. මේක මාර කතාවක්‌නෙ. භික්‍ෂුන් වහන්සේලාට මේකට ඇතුළු වෙන්න අවසර නැත්නම් කාටද අවසර තියෙන්නේ. බෞද්ධ භික්‌ෂුන්ට මේ පහර දුන්නේ සිංහල බෞද්ධ පොලිස්‌ නිලධාරීන්. ඉතිං මේ පොලිස්‌ නිලධාරීන්ව මෙහෙය වූවේ යහපාලනයයි. මේවා නින්දිත වැඩ. මේ නිසා අපි ඉදිරියේ දී මේ පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්‌පතිතුමාට පැමිණිලි කරනවා..."

"දැන් මේ ජාතියේ කොඩිය සංකේතාත්මකව මොහොතකට වාරියපොල සුමංගල හාමුදුරුවෝ සිහි කරමින් ඔසවන්න හදනකොට පොලිසියේ නිලධාරීන් අපිට පහර දෙනවා. නමුත් අර උතුරේ ඊළාම් කොඩිය ඔසවනකොට එක පොලිස්‌ නිලධාරියෙක්‌ නැහැ. ඒ අය අත්අඩංගුවට ගන්න. වීඩියෝ කරන්නවත් කෙනෙක්‌ නැහැ..."

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2015/03/04/news35.html

Pic Source

6 comments:

Anonymous said...

ඝනයන්ට ඕකට ඇතුල් වෙන්න තහනම් නෑ. එත් ඇතුල් වෙලා දේශපාලනේ කරන්න අයිතියක් නෑ, විශේෂයෙන් මේ වගේ ජාතිවාදී, පඩත්තර දේශපාලනයක්.

Anonymous said...

දෙනෙත් හරින්න ! මචෝ උඹත් යහපාලනේට කඩේ ගිය එකෙක් නේද ?
දැන් දෙනෙත් ඇරුනද ?

Anonymous said...

යහ පාලන කටු කන බල්ලෙක් බුරයි

දෙනෙත් හරින්න ! said...

අපි කීපසැරයක්ම කියල තියෙනව, අපි කඩේ යන්නෙ කාටද කියල... එදා ඉඳල අද වෙනකම්, අපි කඩේ ගියෙ, යන්නෙ මේ රටේ අතිජාත, සහජාත උරුමක්කාරයො වෙච්ච සිංහල බෞද්ධයන්ට... සමහරු නම් නම් එක එක අයට කඩේ යන බව පේනව. මෙන්න අපි කලින් දීපු පිළිතුරක්...

"දුරාවබෝධය නැති කරගනු පිණිසය!

බොදුනුවනට හැර අපි කිසිවෙකුට කඩේ නොගියෙමු! පාලනය මහින්දගේද, මෛත්‍රීගේද යන්න අපට අදාල නොවේ. මෛත්‍රී සුභ අනාගතයක් යටතේ කරන හොඳද, ගෝඨාභය මූසලු අන්තවාදයට එරෙහිව කරන සටනද අපි එක හෙලා අනුමත කළෙමු! අපේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැති! එදත්, අදත්, හෙටත් සිහළ බොදුනුවනට සිඳුවන අසාධාරණ හමුවේ අපි කොන්දේසි විරහිතව හැසිරෙමු! පන්හිද මෙහෙයවමු! වීදියේ, පන්සලේ, සිප් හලේ, වැඩපලේ නිරතුරුව සටන් වඳිමු!"

අපේ පක්ෂය මේ රටේ අසරණ වන, අසාධාරණ වන සිංහල බෞද්ධ පක්ෂයයි!

Anonymous said...

Ow ithin keyboard eka thiyenakam jathika weerayek weyan internet eke. Balan hitahan yahapaalanayata kelawala MR enakan. Ane huke. Redda thamayi. Onna ohe MR ta meda mulanata wela merila yanta diyan. Mokada kaapuwa dirawaganta beriwa merila yawi. Thuk nodakin rata kewa wesa musalaya. Kunu panuwo gahalama merila palayan. Gon wesawa,,!!

Anonymous said...

Den MR malaminiya sohonen aran gedara almariye daaganin. Bolaata MR gena therumganta beri wennama uu bolage molagedi hoodala. Ubala wage SL mooda harakta kawada mole pedewida kiyala danne deyyo thamayi ban. Koheda ithin moodai kiyala punnakku kawantaye. Kaapan MR ge eta deka meda mulanata gihin. Nethnam puka polawe gahagena meriyan. Moda muusalaya.