Pages

Sunday, March 29, 2015

අන්තවාදී පිරිස්‌ නිසා නැගෙනහිර මුහුදේ මසුන් අල්ලන දකුණේ ධීවරයන්ට දුෂ්කරතා

අන්තවාදී පිරිස්‌වල ක්‍රියාවන් හේතුවෙන් නැගෙනහිර මුහුදේ මසුන් අල්ලන සංක්‍රමණික දකුණේ ධීවරයන් විශාල පිරිසක්‌ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

ධීවර පවුල් 400 - 500 ත් අතර ප්‍රමාණයකට නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇතැයි සඳහන් වේ.

කාලයක්‌ තිස්‌සේ හලාවත හා මීගමුව ප්‍රදේශවල සංක්‍රමණික සිංහල ධීවරයන් නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලූ බවත්, දැනට දින කිහිපයක්‌ තිස්‌සේ නැගෙනහිර ක්‍රියාත්මක අන්තවාදී පිරිස්‌වල විරෝධතා හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට හැකියාවක්‌ නැති බවත් ධීවරයෝ පවසති.

ජාතිවාදය මතු කරමින් නැගෙනහිර ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී පිරිස්‌, රජයේ ප්‍රබල මුස්‌ලිම් හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් ද මෙම විරෝධය පිටුපස සිටින බව සඳහන් කරන ධීවරයෝ කාලයක්‌ තිස්‌සේ කරගෙන යන ධීවර රැකියාව දැන් කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ මතුව ඇතැයි ද සඳහන් කරති.

ත්‍රිකුණාමය දිසාපති හා ධීවර අධ්‍යක්‍ෂවරයා ඉවත් කරන ලෙසට ඉල්ලා මෙම අන්තවාදී පිරිස්‌ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිට ඇතැයි ද සඳහන් වේ.

නැගෙනහිර මුහුදේ මසුන් අල්ලමින් සිටි සංක්‍රමණික ධීවරයන්ගේ බෝට්‌ටුවකට ද ගිනි තබා විනාශ කිරීමට මෙම අන්තවාදී පිරිස්‌ පසුගියදා පියවර ගෙන තිබිණි.

කෙසේ නමුත් ත්‍රිකුණාමලය දිසාපති, ප්‍රදේශයේ ධීවර අධ්‍යක්‍ෂ ඇතුළු ධීවර සංගම් එක්‌ව කළ සාකච්ඡාවකින් පසුව ධීවර යාත්‍රා 48 කට නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදී ඇති අතර, යාත්‍රා 10 කට නීත්‍යානුකූලව අවසර ලබා දීමට පියවර ගෙන ඇත.

නැගෙනහිර ක්‍රියාත්මක මෙම අන්තවාදී පිරිස්‌වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඉල්ලමින් හලාවත හා මීගමුව යන ප්‍රදේශවල ධීවරයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරතව ඇත.

ලසිත දුමින්ද - සමන් මල්ලවආරච්චි
http://www.divaina.com/2015/03/28/provin.html

Pic Source

සබැඳි ලිපි -
[
බෝට්‌ටු ගිනි තබා සංචාරක ධීවරයන් පන්නා දැමූ මූසලු අන්තවාදයේ ත්‍රීකුණාමලයේ අවනඩුවhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_8.html
]

0 comments: