
ඩෙසරට් පුවත් සේවය පවසන්නේ මෙය විශ්මිත වර්ධන වේගයක් වන බවයි. වසර 2500කට පෙර ඉන්දියාවේ බෝධි වෘක්ෂයක් පාමුල බිහිවූ දර්ශනයක් නූතන ඇමරිකානුවන් අතර වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු විමසීමේදී ඓතිහාසික උතුරු ඇමරිකානු බෞද්ධ සම්ප‍්‍රදාය යනුවෙන් යමක් නොතිබුණු බව අවධාරණය කළ යුතු කරුණකි.
පෙරදිග සිට උතුරු ඇමරිකාවට ආනයනය කරන ලද නවතම ආගම වීමද බෞද්ධ දර්ශනයේ ව්‍යාප්තිය වඩාත් සුවිශේෂී කරවන බව ඩෙසරට් පුවත් සේවයේ අදහසයි.
මේ අතර මැසචුසෙට්ස්හි භාවනා කරන හෝ පෝට්ලන්ඞ්හි අට වැදෑරුම් මාවත අනුගමනය කරන බැතිමතුන් වැඩිවැඩියෙන් ලංකාව, තායිලන්තය, ටිබෙටය, වියට්නාමය, මියන්මාරය, කොරියාව, චීනය හෝ ජපානයේ ඇති සාම්ප‍්‍රදායික බෞද්ධ සම්ප‍්‍රදායන් කෙරෙහි අවධානය යොමු කරන බවද පැවසේ.
කෙසේවෙතත් එම පුවත් සේවය පවසන්නේ උතුරු ඇමරිකානු බෞද්ධයන් බොහෝ දෙනෙක් අදහනු ලබන්නේ සාම්ප‍්‍රදායික බෞද්ධාගමක් නොවන බවයි.
උතුරු ඇමරිකානු බෞද්ධ සම්ප‍්‍රදායක් ලෙස වෙනම විශේෂයක් කරළිගත වෙමින් පවතින අතර බෞද්ධාගමේ ඇති සරලත්වය, ඕනෑම සංස්කෘතියක් හා ගැලපීමේ හැකියාව මේ සඳහා ඉවහල්වී ඇති බව එය පවසා තිබේ.
https://lankacnews.com/sinhala/foreign-news/133207/
Pic Source
0 comments:
Post a Comment