Pages

Sunday, July 26, 2015

මැතිවරණයට පෙර...

මැතිවරණයට පෙර අපට ඇති ගැටළු කිහිපයක් පහත දක්වමු! ඒවාට පිළිතුරු සොයාගැනුමට හැකි වන අයුරට අපි මෙම මැතිවරණයේදී ඡන්දය දෙමු!
  1. 29 වතාවක් පැරදුණු රනිල්ට ඡන්දය ඉල්ලිය හැකිනම් වරක් පැරදුණ මහින්දට නොහැකිද?
  2. සජිත්ට, රනිල්ට, අනුර කුමාරට, නිමල් සිරිපාලට, පුංචිනිලමෙට, රන්ජන්ට ආදී බොහෝ දෙනාට තම ඡන්ද ප්‍රදේශය වෙනස් කළ හැකිනම්, මහින්දට බැරි ඇයි?
  3. වසර 9ක් පුරා ජනපති බලයේ සිටියදී නොකළ හැකිවූ දෑ, රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරීම්, දූෂිතයන්ට දඬුවම් දීම්, නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම් අදී එකී මෙකී නොකී පොරොන්දු මහින්ද අගමැති වූ පසු කරන්නේ කෙසේද?
  4. මහබැංකු දූෂණ, පින් අගමැතිකම්, ජනබලයක් නොමැතිව විධායක අගමැති වීම්, 20 වන සංශෝධනය වැළැක්වීම් ආදිය ගැන චම්පික ඇමතිතුමා මසකට දෙකකට කලින් රනිල් ගැන කිව් දෑ බොරුද?ඇත්තද?
  5. විජයදාස රාජපක්ෂගෙන් අනුර කුමාර විශාල මුදලක් පක්ෂ කටයුතු සඳහා ඉල්ලා ගත්තා යැයි කියන කථාව ඇත්තද බොරුද?
  6. හලාල්, කුරගල, පුරාවස්තු විනාශය, විල්පත්තු ආශ්‍රිත වනයෙන් මුසලුවන්ට අනවසරයෙන් නීතිඅය පිටින් ඉඩම් බෙදාදීම් ගැන දින දෙමින් පාරම් බෑ බොදු බල සේනා ඒවා සියල්ල ඉටුකරගත්තාද? එසේ නොකරගත්තානම්, පසුගිය වර එම පාලකයාවම දිනවන්නට යැයි ජාතියෙන් ඉල්ලූයේ ඇයි?
  7. මහින්ද කියන පරිදි බොදු බලසේනා නෝර්වේ අධාර මත මහින්දව පැරදුවාද? නැත්නම් මහින්ද බොරු කිව්වාද?
  8. බුදු බල සේනා එය පිහිටවූ දා සිට බොදුනුවන්ට කරඇති සේවා මොනවාද?
  9. සිංහල බෞද්ධයන්, ධර්ම රාජ්‍ය වෙනුවෙන් පෙනීසිටි චම්පික තාමත් එම මතවාදයේම ඉන්නවාද?මුස්ලිම් අන්තවාදය ගැන කිව් කතා, ලිව් ලිපි සහ පොත්පත් අදටත් වලංගුද?
  10. දහසක් ප්‍රශ්න තියෙද්දි එජාපෙට, ජවිපෙට තියෙන ලොකුම ප්‍රශ්නය මහින්ද ඡන්දයට ඉල්ලීමද?නැත්නම් ඔහුට බයද?ලෝක දේශපාලනයේම එසේ වී නැතැයි පවසන්නේ රුසියාවේ අසහාය පාලක ව්ලැඩ්මියර් පුටින් ගැන නොදන්නා නිසාද? නැත්නම් හිතාමතාම අමතක කරදමාද?
  11. තම පාලන සමයේ වැරදි කරවුන් බේරූ බවත්, අහක බලගෙන සිටිබවත්, දඬුවම් නොදුන් බවත් මහින්ද කියන්නේ කෙසේද?එසේ බේරාගත් අය කව්ද?වැරදි කරුවන් බේරීම වරදක් නොවේද?එවැනි අය දැන් ඔහු සමඟ නැත්ද?
  12. එසේ වැරදි කරුවන් බේරන්නේ කෙසේද?බලය යොදා බලපෑම් කිරීමෙන්ද?
  13. පවුල් පාලනය ගැන කථා කරන ෆොන්සේකා, කොළඹින් තමාත්, බෑනාත්, ගම්පහින් නෝනාත්, ජාතික ලැයිස්තුවෙන් දුවත් පාර්ලිමේන්තු ගේන්න හදනවාද?
  14. පිරිසිඳු ලැයිස්තු ඉඳිරිපත් කළා යැයි කියන එජාපෙ, නීති විරෝධීව කැලෑ එලිකර මුසලුවන් පදිංචි කල, උසාවි වලට ගල්ගසා අපහාස කළ, බදුදීන්ලාට නාම යෝජනා දුන්නේ කෙසේද?
  15. හකීම් කියන පරිදි ඔවුන්ට වෙනම මුසලු පරිපාලන ඒකකයක් එජාපෙ පොරොන්දු උනාද? 
  16. උපරිම ලෙස බලය බෙදීමේ එජාපෙරමුණේ සීමා ඉර කුමක්ද? ඒකීය රටක් වෙනුවට එක්සත් රටක්ද?
  17. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන, මහින්ද පැරදිලත් යළි එන බව කියන රනිල්ව පාක්ෂිකයො එපා කියද්දිත්, යන්න කියද්දිත් දිගටම නායකත්වයෙ හිටිය නේද?පක්ෂෙ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද?නායකය අස් කරන්නෙ කොහොමද?
  18. වෙලේසුදාගේ පාපොච්චාරණ, පරීක්ෂණ වල ප්‍රගතිය මොකක්ද?දේශපාලකයන් කී දෙනෙක් සම්බන්ධද?පරීක්ෂණ නතර වී ඇත්ද? 
  19. චම්පික ඇතුළු පූර්ව හෙළ උරුම කණ්ඩායම එයට එකඟද?
  20. දූෂිතයන්ට, හොරුන්ට එජනිස නාම යෝජනා ලබදී නැත්ද?
  21. හිටපු ජනපති ඝාතනයට සහාය වීම සම්බන්ඳයෙන් ජොන්ස්ටන්ට චෝදනා තිබේද?එසේ නම් ඒවා විභාග නොකලේ ඇයි?
  22. රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් විමර්ෂණයකදී ඔහුට සර්පයකු සපාකෑ බැව් කියා පරීක්ෂණ මඟ හැරියාද?
  23. මහින්දානන්ද, ජොන්ස්ටන්, රොහිත තම වත්කම් බැරකම් ප්‍රාකශ ඉදිරිපත් කොට ඇත්ද? එම වත්කම් තම නීත්‍යානුකූල අදායම් මාර්ග හා සැසදේද?
  24. තම පවුලේ තබා තම ඥාතියෙක්වත් දේශපාලනයට ගෙන නොඑන බැව් රාජිත කලකට පෙර පැවසුවාද?
  25. සුනාමි මුදල් නඩුතීණ්දුව ගැන සරත් නන්ද සිල්වා එදා කිව් කතා, 'එදා මහින්දව හිරේ දැම්මානම් රට විශාල අගාධයකින් ගොඩ ගත හැකිව තිබූ බව', අදටත් වලංගුද?එසේ නම මහින්ද අගමැති කරන්නට රැස්වීම් අමතන්නේ ඇයි?
  26. විජේදාස රාජපක්ෂට මේක සිංහල බෞද්ධ රටක් කියල කියන්න තාම බැරිද?රනිල් ඒ ගැන කියන්නෙ මොකක්ද?
  27. විනිමය වංචා චෝදනාවෙන් ඇත්තටම ක්ෂණිකව රවී නිදහස් උනේ කොහොමද?දුරකථනයෙන් සාක්ෂි විමසුවාද?රවී විත්ති කූඩුව තුළ සිට ජංගම දුරකථනයෙන් ඇමතුවාද?
  28. අපේක්ෂකයන්ගෙන් කී දෙනෙකුට ආණ්ඩුකම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබේද? මේ රට ගැන, සංස්කෘතිය ගැන, ඉතිහාසය ගැන, ආර්ථිකය ගැන දැක්මක් තිබේද?
  29. අපි විශ්වාස කළයුත්තේ කවුද?
- දෙනෙත් හරවන අපි -

Pic Source
FB Pic Source

1 comments:

Anonymous said...

mun kauruwath wiswasa karanna amarui, hamoma hithanne thaman gana witarai, rata gana sinhala jathiya,buddha agama gana hithana ewun adui, me yana widiyata sinhala buddhist apita monawa weida kiyala hithagannawat amarui, ape ekamuthuwak nathi unoth thawa awurudu 10-15k athulathama api sulu jaathiya wewi apema rate... :(