
ඒ මහත්මිය එසේ ප්‍රකාශ කළේ ප්‍රජා සහභාගිත්වය තුළින් යහපාලනය හා ප්‍රතිසංවිධානය යනුවෙන් මාතර දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රැසක මහජන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පැවැති සම්මන්ත්රණ සභාවකදීය.
මෙම සම්මන්ත්‍රණය මාතර සර්වෝදය දිසා කාර්යාලයේදී එහි දිසා සංවිධායක කේ. ජී. දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ හේමමාලී පෙරේරා මහත්මිය- විදේශිකයන් මේ රටට පැමිණ ඉඩම් ලබාගන්නේ මෙම රටේ පුරවැසියෙක් නමටයි. එය එසේ වන්නේ මෙරට ඉඩම් විදේශිකයනට ලබා ගැනීමේදී විවිධ ගැටලු පවතින නිසයි. එම නීති ගැටලුවලින් මිදී විදේශිකයන් විශේෂයෙන්ම දකුණේ වෙරළ බඩ තීරයේ ඉඩම් ලබාගෙන හෝටල් ඉදිකර මුහුදු වෙරළට යන වෙරළ පිවිසුම් මාර්ග වැනි ජාතික වැදගත් ස්ථාන පවා අහිමි කරන තත්ත්වයකට පත්වී සිටිනවා. එමගින් විදේශිකයන් මුදල් උපයාගෙන අපේ පිරිස් එහි කුලී කරුවන්ගේ තත්ත්වයට පත්කර තියෙනවා.
මොවුන් දැනට වෙරළ තීරයේ ඉඩම් ලබාගෙන හෝටල් ඉදිකර ස්වභාව ධර්මයේ මුහුදෙන් එන වාතය පවා ගොඩ බිමට ඒම වළක්වමින් විශාල තාප්ප ඉදිකර තිබෙනවා. එය විශාල බරපතළ වැරැද්දක්. විදේශිකයන් මෙහි සංචාරය කරන්නේ අඩ නිරුවත් ඇඳුම් ඇඳගෙන. කුඩා දරුවන් හා පාසල් සිසුන් බලාගෙන සිටියදීම මහ මගදී මෙන්ම තැන නොතැන නොබලා සිප වැළඳ ගන්නවා. එනිසා ඔවුන් ලංකාවට එන විට ඔවුන්ට ලංකාවේ චාරිත්‍ර විධි හා හැසිරීම් රටාව ගැන දැනුවත් කිරීම රජයේ මෙන්ම සංචාරක අමාත්‍යාංශයේ සහ ඔවුනට මග පෙන්වන්ගේ ද පරම යුතුකමක් හා වගකීමක්ද වෙනවා. එසේ නොමැතිව එම තත්ත්වය තව ඉදිරියටත් ගෙන ගියහොත් අද දක්නට ලැබෙන සිද්ධීන් අනුව මේ රටත් අශීලාචාර අවිධිමත් රටක් බවට පත්වීම කාටත් නතර කළ හැක්කක් නොවෙනවා ඇත.
සර්වෝදය දකුණු පළාත් දිස්ත්‍රික් සංවිධායක කේ. ජි. දසනායක මහතා- මෙයට පෙර තේ, රබර්, පොල් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග වුණත් එය දැන් සංචාරක ව්‍යාපාරය සහ මෙරට ශ්‍රමිකයන්ගේ විදේශීය ආදායම්ද ප්රමුඛස්ථානයක් ලෙස බලගැන්වී තියෙනවා. එනිසා තව තවත් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුවාක් මෙන්ම ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන මෙයට වඩා ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවද කීය.
මෙහිදී පළාත් සම්බන්ධීකාරකවරුන් වන රංජිත්, ධර්මසිරි, වීරසිංහ, ගුරුසිංහ, සමාජ වැඩසටහන් ක්‍රියාකාරී සම්පත් විතාරණ හා උදිත යන මහත්වරු සහ තවත් කීප දෙනෙක්ද කතා කළහ.
ලුණුගම්වෙහෙර තලල්ලේ - ප්‍රඥරත්න විදානගමාච්චි
http://www.divaina.com/2015/07/10/provin04.html
Pic Source
1 comments:
ස්වභාව ධර්මයේ මුහුදෙන් එන වාතය කියන්නේ මොකක්ද? ස්වභාව ධර්මයේ මුහුද තියෙන්නේ කොහෙද?
වෙරළ පිවිසුම් මාර්ග වැනි ජාතික වැදගත් ස්ථාන? වෙරල පිවිසුම් මාර්ග ජාතික වැදගත් ස්ථාන නොවේ. මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඇති පොදු ස්ථානවේ.
Post a Comment