Pages

Thursday, July 9, 2015

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලනඥයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - මෛත්‍රී

නීති විරෝධීව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන දේශපාලනඥයින් සම්පූර්ණයෙන්ම එයින් ඉවත්වීම ඉතා අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එවැනි සබඳතා පවත්නා දේශපාලනඥයින්ට පක්ෂය හෝ තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේ අද(09) "මතින් නිදහස් රටක්"ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජාඇල නගර සභා පිටියේ පැවති උත්සවයකට එක්වෙමිනි.

පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වුවද බුද්ධි අංශ හා රහස් තොරතුරු මගින් ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක නිලධාරීන් මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තාවී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධයෙන් වගකීම දරණ මෙම දෙපාර්තමේන්තු දෙකෙහි නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරමට සම්බන්ධවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය උවදුරෙන් ජනතාව බේරාගැනීම සඳහා දැනුවත් කිරීම ප්‍රමුඛ කාරණයක් වුවද, නීතිය නිසි ලෙස ක්‍රියාත්මකවීම සඳහා රජයක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ රටේ දුගී දුප්පත් ජනතාව තම ආදායමෙන් තුනෙක් එකක් වැය කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය සඳහා බවත්,දුගී දුප්පත්කම වැඩිවීමටත්,රෝගීන් වැඩි වීමටත් එය සෘජුවම බලපාන බව ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී රජයේ සෑම ආයතනයක්,සංස්ථාපිත මණ්ඩලයක්, දෙපාර්තමේන්තුවක් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දින 3ක් සුරාසැල් වසාදැමීමට මුලදී රජය තීරණය කළද ආදායම් නිලධාරීන් එය දැන හිසේ අතගසා ගත් බවත්,ඒ නිසා එක් දිනක් පමණක් සුරාසැල් වසාදැමීමට කටයුතු කිරීමට සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

සංවර්ධනය ගැන උජාරුවෙන් කතා කරන රටක සුරාසැල් ආදායම ඉවත්කර ජාතික ආර්ථිකයේ අයවැය සකස් කිරීමට නොහැකිවී තිබීම කනගාටුවට කරුණක් බවත්, තමා සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරන සමයේදීද මෙම ප්‍රශ්නය පිළිබඳ කතා කරන්නට යාම රජයේ ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වූ බවත් සිරිසේන මහතා සිහිපත් කළේය.

කෙසේ වෙතත් 2020 වන විට සුරාසැල් ආදායම ඉවත් කොට රටේ අයවැය සකස් කළ හැකි මට්ටමට රට ගෙන ඒම තම ඉලක්කය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද දෙරණ
Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්http://denethharinna.blogspot.com/2015/07/blog-post_9.htmlමෛත්‍රීගේ මතට එරෙහි සටන දිගටම! මත්ද්‍රව්‍ය හා මත්පෙති සමාජය වේගයෙන් ගිල ගනිමින් පවතිනවා!http://denethharinna.blogspot.com/2015/06/blog-post_64.htmlදරුවන් මතට යොමුකර මුදල් උපයනවා! දෙමාපියන්ට වඩා සමහර දරුවෝ ජංගම දුරකථනයට, ලැප්ටොප් එකට ආදරෙයි! දරුවනි, යහපත් වැසියන් ලෙස ලොව දිනන්න - මෛත්‍රිhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_68.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය!http://denethharinna.blogspot.com/2015/02/80.htmlදුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_5.htmlමධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.htmlඋණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.htmlසිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.htmlමාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: