
අලුත් අලුත් දේ අවිචාරයෙන් බඩ බැදගන්නා ජනතාවක් වෙසෙන රටක් බහු ජාතික සමාගම්වලට සරුසාර වෙළෙඳපොළකි. මිනිසුන් මරා හෝ මුදල් ඉපැයීම ඇතැම් සමාගම්වල මුල්බැස ගත් වෙළෙඳ රටාවයි. "ග්ලයිපොසේට්" මේ වන විට රට හඳුනාගත් එබඳු විෂ කාරකයකි. වෛද්‍යවරු, වියතුන්, නළුනිළියන් ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි ජනතාව විශ්වාස කරන හා පිළිගන්නා මිනිසුන් මගින් ඔවුන්ගේ නිෂ්පාදන ජනතාව අතරට ගෙනයන එම සමාගම් මෙසේ ජනතාව නොමග යෑවීමේ කොන්ත්‍රාත්වලට ඔවුන්ට කෝටි ගණන් ගෙවා සිය නිෂ්පාදන භාණ්‌ඩ රට පුරා අලෙවි කරයි. මේ අන්දමට අද අපේ රටේ ජනතාව අතරට පත්කරමින් රසකාරකයන් ලෙස හඳුන්වා ඇති මොනෝ සෝඩියම් ග්ලුටමේට්, ග්ලයිපොසේට් මෙන්ම මිනිසුන් විවිධ ලෙස රෝගවලට ගොදුරු කරමින් හෙමින් හෙමින් මිනිසුන් මරාදමන රසකාරකයක් බව වෛද්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.
වෛද්‍ය චන්ද ජයසුමන මහතා මෙදේ පැවැසීය.
දැනට ප්‍රසිද්ධ වී ඇති සියලු විෂ කාරකවලට වඩා විවිධ නම්වලින් රසකාරක ලෙස වෙළෙඳපොළට පැමිණ ඇති මොනෝ සෝඩියම් ග්ලුටමේට් විෂකාරකය ජන ජීවිතවලට හානිදායකයි.
කාර්ය බහුල අවිවේකී ජීවන රටාව නිසා අද අපේ රටේ බොහෝ කාන්තාවන් කෑම පිසින විට ඒවා ක්‌ක්‍ෂණිකව රස ගන්වන්න මොනෝසෝඩියම් ග්ලුට මේට් පාවිච්චි කරනවා. හෝටල්වල ආහාර තොග පිසින තැන්වල බොහෝ විට මෙම රසකාරක පාවිච්චි කරනවා. එළවළුවලට මාළුපිණිවලට පොල්කිරි දාන්න වගේ දැන් දැන් සමහර කාන්තාවන් මාළුපිණිවලට මොනෝ සෝඩියම් ග්ලටුමේට් දාන්න ඇබ්බැහි වෙලා. මෙය හරිම භයානක තත්ත්වයක්.
එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/07/22/provin01.html
0 comments:
Post a Comment