සුනාමි සහන මණ්ඩලය පැරදූ ඕමල්පේ හිමිගේ මාරාන්තික උපවාසය |
මක්‌නිසාද බෞද්ධ භික්‌ෂුව යන්න සාමාන්‍ය ගිහි මනුෂ්‍යයාට වඩා (මැති - ඇමැතිවරුන්ටත් වඩා) ප්‍රඥාසම්පන්න පූජනීය, වන්දනීය පිරිසක්‌ය යන්න අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් කා තුළත් පවත්නා අවිවාදාත්මක පිළිගැනීම නිසාය.
සැබෑ ශ්‍රමණයන් සහ ශ්‍රමණ වේශධාරීන් අතර පවත්නා වෙනස පිළිබඳ යම් යම් අර්බුද මතුවූ හැම අවස්‌ථාවකදීම ඒ පිළිබඳව කතිකාවත් නිර්මාණය කළෝ ගිහි දේශපාලනඥයන් නොව භික්‌ෂූන් වහන්සේම වන්නෝය. එය වර්තමානයේද සිදුකළ හැකි මහා සංඝරත්නයක් අප රටේ සිටිති. ඒ අරභයා නව කතිකාවක් මහා සම්මන්ත්‍රණයක් සිදුකළ යුත්තේ උන්වහන්සේලාය. ඒ ඇසුරින් නව විනය නීති පද්ධතියක්, ශික්‌ෂාපදයක් නිර්මාණය කළ යුත්තේ උන්වහන්සේලාය.
ඒ වෙනුවට, ත්‍රෛනිකායික භික්‍ෂූන්වහන්සේලාගේ හැසිරීම, විනය කරුණු පිළිබඳව විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බව ඊයේ සියලුම මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම ද ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් ලබාදිය හැකි කාරණයක් බවට පත් වේ. එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්‍රයක් ලබා ගැනීම, වාහන පැදවීම, භික්‍ෂූන් වහන්සේලාට කළ නොහැක. එම පනතේ වැඩිදුරටත් සඳහන් වන පරිදි අධ්‍යාපනය, සමාජසේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල නැති රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌ත වීමටද භික්‍ෂූන්වහන්සේලාට හැකියාවක් නැත.
එබඳු කටයුතු සිදුකරන ඇතැම් භික්‌ෂුවක් දෙදෙනෙක් පිළිබඳ අපට ගැටලුවක් නැතිවා නොවේ. එහෙත්, ඒවා ගිහි සමාජය තුළ හෝ "රාජ්‍ය සමාජය" තුළ හෝ විසඳිය යුතු හෝ හැකි හෝ ඒවා නොව යතිවර සමාජය තුළම විසඳිය යුතු ඒවාය යන්න අපගේ අදහසයි.
ඒ නිසා මෙහි දැක්‌වෙන ඇතැම් විධිවිධානයන් පිළිබඳව අපට බරපතළ සැක මතුකරන තැන්ද තිබේ.
"ප්‍රසිද්ධ ස්‌ථානවල භික්‍ෂුවකට අකැප අයුරින් හැසිරීම" යන්න ඉන් එකකි. ඒ නිසාම අපට සිතන්නට වන්නේ යම් භික්‍ෂූන් වහන්සේ නමකට රට ජාතිය වෙනුවෙන් හෝ ප්‍රසිද්ධ ස්‌ථානයක කතා කිරීම, සත්‍යග්‍රහයක නියෑලීම, උද්ඝෝෂණයකට සහභාගි වීම, විරෝධතාවක් ඉදිරිපත් කිරීම මේ ආදී වශයෙන් වන බොහෝ දේද භික්‍ෂූන් වහන්සේට අකැප, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන් බවට නිර්වචනය කළ හැකි බවය. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නටදොයි අපට සැක සිතෙන්නේ ඒ නිසාය.
බොහෝ ඈත පළාත්වල පන්සල්වල භික්‍ෂූන් වහන්සේලාට සිවුපසය හෝ නොලැබේ. කලකට ඉහතදී ගොවිතැන් කර සාමණේර හිමිවරුන්ට දානය ලබාදෙන හිමිනමක් ගැනද වාර්තා වී තිබිණි. එවැනි අවස්‌ථාවක වී ටිකක් විකුණා ගැනීම ව්‍යාපාර ගණයට වැටෙන්නේ දැයි පනත ගෙන ආ මහත්වරු අපට පැහැදිලි කර දිය යුතුය. එමෙන්ම පසුගිය දිනවල දකුණු පළාතේ සිදුවූ රිය අනතුරකදී තුවාලකරුවන් ඉක්‌මනින් රෝහලට ගෙන ගොස් තිබුණු රිය පදවා තිබුණේ භික්‍ෂූන් වහන්සේ නමකි. එවැනි මොහොතක මේ නීති අදාළ වන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය. වෘත්තියක නියෑළීමේ අයිතියක් භික්‍ෂූන් වහන්සේට නොමැති නම් පාර්ලිමේන්තුවේ සිට පළාත් පාලන ආයතන දක්‌වා මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ අයිතිය ද අහෝසි විය යුතු බව අපේ අදහසයි.
එස්. ඩබ්. ආර්.ඩී. බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු සෝමාරාමට දඬුවම් හිමිවන්නේ රටේ නීතිය අනුවය. එවැනි බරපතළ වරදකදී දඬුවම් දීමට රටේ නීතිය ප්‍රමාණවත්ය. එසේ තිබියදී භික්‍ෂූන් සම්බන්ධයෙන් සංඝ සභාවක්, සංඝ අධිකරණයක් විසින් ගත යුතු තීන්දු රටේ නීතියට අදාළ කර ගැනීම ප්‍රශ්නයකි. භික්‍ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීමට පනත් කෙටුම්පතක් ගෙන ඒම තවත් දුරදිග බලා කළ යුතුව තිබිණි.
මෙපමණ දිනක් රටේ ප්‍රශ්නවලට මුල් වී තිබුණේ මේ පනත ගෙන එන්නට ප්‍රමාදවීම ද?
http://www.divaina.com/2016/01/14/editor.html
Pic Source
සබැඳි ලිපි -
[
සඟරුවනට නීති - පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. රටට එරෙහි තීරණ වලට භික්ෂු මැදිහත්වීම වැළැක්වීම අරමුණද?http://denethharinna.blogspot.com/2016/01/blog-post_14.html
]
0 comments:
Post a Comment