Pages

Tuesday, January 26, 2016

ගවඝාතනය වැලැක්වීමට නීතිමය පියවර ගැනීම - බොදු බල සේනාවෙන් ජනපතිට තුති!

බොදුබල සේනා සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ස්තූතිය පුද කර ඇත. ඒ ගවඝාතනය වැලැක්වීමට නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් වන අතර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එම සංවිධානය පවසන්නේ තවදුරටත් මස්වැද්දන් ආණ්ඩුව තුල සිටින බැවින් එම උපදෙස් නිසි අයුරු ක්‍රියාත්මක නොවී ඇති බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ

ගරු ජනාධිපතිතුමනි,

ජනපති ලෙස ගව ඝාතනය තහනම් කිරීම පිලිබඳ උපදෙස් දීම පිලිබඳ ස්තුතිය

රටේ ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් ගව ඝාතනය නැවත්වීමට මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දුන් බව මාධ්‍ය මගින් දැනගත් අතර ඒ පිලිබඳ බොදු බල සේනා සංවිධානයේ අවංක ස්තුතිය මුලින්ම පුද කරමු.

නිර්මාංශ වීම හෝ සත්ව ඝාතනය විශේෂයෙන් ගව ඝාතනය පිලිබඳ බොදු බල සේනා මතය වනුයේ, නීතියකට වඩා අවබෝධයකින් කලයුතු කරුණක් බවයි. මීට පෙර වෙනත් සංවිධාන ගව ඝාතනය තහනම් කිරීමට උද්ඝෝෂණ කරද්දී අප නිහඩව මේ සදහා සහය දක්වනු ලැබිණ. මේ පිළිබඳව 2014 දී අප ජනමාධ්‍ය ඔස්සේ පලකරන මතය වුයේ ඔබ මුදල් අමාත්‍යංශයට දෙන ලද උපදෙසයි

ඔබගේ මේ නිර්භීත හා අවංක ප්‍රකාශය ක්‍රියාත්මක වීමට රජය තුලම බාධා ඇති බව අපට පැහැදිලිය. මෙම තහනම මෙවර අයවැයට ඇතුල් කිරීමට උපදෙස් දුන්බව ඔබතුමාම ප්‍රකාශ කර ඇත. මාධ්‍ය මගින් හා විශ්වාස දායක ආරංචි මාර්ගවලට අනුව කොළඹ නගරාධිපති මුසම්මිල්, අමාත්‍ය කාබීර් හෂීම් විසින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හරහා මුදල් අමාත්‍යංශයට ඔබගේ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට බලපෑම් කර ඇත. එමෙන්ම තවත් කැලෑ පාලුවන් මෙන්ම මස් වැද්දන්ද මෙම උපදෙස් ක්‍රියාත්මක කිරීමට එරෙහිවන බව අපට පැහැදිලිය.

ජාතිවාදය හා ආගම්වාදය ඉදිරියට දමා ජන්ද මංකොල්ල කන සම-හරක් අද අල්ලා දෙවියන්ටද වඩා මුස්ලිම් වරු රැකීමට ඉදිරිපත් වන බවක් පෙන්වා අහිංසක මුස්ලිම් ජනතාව නොමග යැවීමට සෝභන වීරයින් වීමට පටන් ගෙන ඇත.

මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක් නම් වූ ඔබේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයට අනුව ව්‍යවස්ථා සංශෝදනයට ඔබට ජනතාව යම් බලයක් දී තිබේද එලෙසම සත්ව හිංසනය වැලක්වීමට ඔබට බලය දී ඇත. එය පිටු අංක අංක 26 දක්වා ඇත. ” සත්ව හිංසනය වැලැක්වීම සඳහා නීති වහාම සම්මත කර ගන්නෙමු.”

සංවිධානයක් ලෙස ඔබට එරෙහිව මැතිවරණයේදී කටයුතු කල අප විසින් ඔබේ සමහර නායකයින්ට වඩා මෛත්‍රී පාලනයක්… ස්ථාවර රටක් නම් වූ ඔබේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනය කියවා ඇති බැවින් මේ කටයුත්ත කිරීම ඔබගේ වගකීමක් මෙන්ම ඒ සඳහා ඔබට ජනතාව බලය දී ඇති බවද පැහැදිලිව ප්‍රකාශ කරමු.

කිසිදු ආගමික නායකයෙකු සත්ව හිංසනය අගය නොකරන බවත්, එසේ යම් ග්‍රන්ථයක සතුන්ට හිංසා කිරීම අගයන්නේ නම් එය බුදු දහමට පමණක් නොව සදාචාරය අනුවද එය “පව්කාර” ග්‍රන්ථයක් බව අපගේ පිළිගැනීමයි.

මහින්ද රාජපක්ෂ යුගයේදී ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සම් අත්සන් කිරීම, පා ගමන් යාම් මෙන්ම භික්ෂුන් වහන්සේ නමක් එම ඉල්ලීම වෙනුවෙන් සිය ජීවිතය පුජා කිරීමද සිදු විය. එම ආණඩුවේ ආණ්ඩුකාර අලෙවි මවුලානා “ධර්ම චක්‍රය සහිත රාජ්‍ය ලාංචන” ලිපි ශිර්ෂ යොදා ගෙන “ගව ඝාතනය පිං කමක්” කොට රජයේ ආයතනවලට ලිපි යවනු ලැබිණ. මේ පිලිබඳ අප විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කල විට ඒ පිලිබඳ ජනාධිපති කාර්යාලයට පැමිණිලි කරන ලෙස දන්වන ලදී. සිදු වූ කිසිම දෙයක් නොමැත.එහෙත් මේ සියල්ල බිහිරන්ට වීනා වාදනයක් පමණක් වන තරමට නායකයින් “ප්‍ර-බුද්ධ” විය.

මෙවැනි පරිසරයක් තුල ඔබ නිහඩව ගව ඝාතනය තහනම් කරන ලෙස මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දීම ඇදහිය නොහැකි කරුණකි. එහෙත් එය ඇත්තෙන්ම සිදු වී ඇති බව පැහැදිලිය.

පරිභෝජනය සදහා හරක් මස් ආනයනය කිරීම තුලින් විදේශ විනිමය නාස්ති වීම පිළිබව පුද්ගලයන් ගැටළුවක් මතුකරයි. නමුත්, සිංහලේ අපට උරුම නැති පාන් දිනපතා ගිල දමන්නට , වැඩකට නැති පිටිකිරි බොන්නට, විදේශ මත් වතුර ගේන්නට, රට වනසන වස විස පොහොර ගෙනෙන්නට විදේශ විනිමය නාස්ති කිරීම ගැනද එසේ නොසිතීම ගැටලුවකි.

කෘෂිකර්මය, කාබනික පොහොර හා කිරි නිෂ්පාදනය පිණිස ගව ඝාතනය තහනම් කිරීම අතිශය වැදගත් බව අපගේ මතයයි.

රටේ බොහෝ දෙනා නිර්මාංශ භෝජනයට කටයුතු කරන බැවින් ඒ පිලිබඳ ඇති අවස්ථා පුළුල් කිරීමද පිලිබඳ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ අවධානය යොමු කරන ලෙස තව දුරටත් යෝජනා කරමු.

චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ , ආර්. සම්බන්දන් මෙන්ම කරු ජයසුරිය වැනි බෞද්ධ හා හින්දු නායකයින් ගව ඝාතන තහනමට ජනාධිපතිවරයා ගෙන ඇති උත්සහාය සාර්ථක කිරීමට දක්වන සහය පිලිබඳ අප ඉතා විමසිල්ලෙන් සිටින බව අපි තවදුරටත් ප්‍රකාශ කරමු.

එලෙසම මේ පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ඒකක වල මන්ත්‍රීවරුන් ඔබට සහය දක්වනු ඇතැයිද, පළාත් පාලන ආයතනවලට සිය බලතල යටතේ මෙම ගව ඝාතන තහනම ක්‍රියාත්මක කල හැකි බවද සිහිපත් කරමු.

ගව ඝාතනය අතීතයේ “සිංහලයේ” පෙර සිරිතක් නොවූ බවද මෙය විජාතිකයින් විසින් පුරුදු කල බවද සිහිපත් කරමු.

මහින්ද රාජපක්ෂ යුගයේදී ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා පෙත්සම් අත්සන් කිරීම, පා ගමන් යාම් සිදු කල දේශප්‍රේමී සංවිධාන හා නායකයින්ටද, සත්ව හිංසනයට විරුද්ධ සංවිධාන මෙන්ම හින්දු සංවිධාන හා නායකයින්ටද මේ උතුම් අරමුණ වෙනුවෙන් ජාලගත විය යුතු බව අපගේ මතයයි.

Colombo Today

Pic Source

0 comments: