ක්‍රිස්‌තු පූර්ව හයවැනි ශතවර්ෂය පමණ වන විට කිසියම් ප්‍රමාණයක උසස් ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ ගෝත්‍ර දෙකක් ලංකාවේ විසූ බව මහාවංශයෙහි සඳහන් වන කරුණු අනුව පැහැදිලි වෙයි. මින් එක් ගෝත්‍රයක් මහවැලි ගංගා නිම්න ප්‍රදේශයෙහි මහියංගනය මධ්‍යස්‌ථානය කොටගෙන ජීවත් වූ අතර ඔවුහු "යක්‍ෂයන්" යන නමින් හඳුන්වනු ලැබූහ. නාගයන් යන නමින් හඳුන්වනු ලැබූ අනෙක් ගෝත්‍රය උතුරෙහි නාගදීපය (යාපනය) හා බටහිර දිග වෙරළබඩ තීරය ආශ්‍රිතව ජීවත් වූහ. බටහිර වෙරළබඩ තීරයෙහි ජීවත් වූ නාගයන්ගේ කේන්ද්‍රස්‌ථානය වූයේ කැලණියයි.
කැලණිය ශ්‍රී ලංකාවේ ඇති පෞරාණික නගරයකි. පූජනීය ස්‌ථාන අතර අති පූජනීය ස්‌ථානයකි. දේශ දේශාන්තරවල පතළ කීර්තියක් ඇති කැලණිය වාල්මිකීගේ රාමායනයෙහිද සඳහන් වනු ලබයි. එම කතා ප්‍රවෘත්තිය අනුව භාරතයේ රාම රජ විසින් ලක්‌දිව ප්‍රබල පාලකයෙකුව සිටි රාවණා රජු පරදවා ලක් රජය කැලණියේ විසූ රාවණා රජුගේ සොහොයුරා වූ විභීෂණටද පවරා තිබේ. වලාහස්‌ස ජාතකයෙහි සඳහන් වන ලක්‌දිව බටහිර වෙරළෙහි පිහිටා තිබූ බව සඳහන් වන "කල්‍යාණි" නම් වෙළෙඳ නගරය කැලණිය විය හැකි යෑයි අනුමාන කළ හැකිය.
මහාවංශයෙහි දැක්‌වෙන පරිදි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදු වූවේ "සම්‍යක් සම්බෝධියෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්‌වක්" පෝය දිනයෙහිය. මෙදින මහියංගණයට වැඩි උන්වහන්සේ මහවැලි ගඟ අසබඩ මහා නාග වනයෙහි එක්‌රැස් වූ දහස් සංඛ්‍යාත යක්‍ෂ ගෝත්‍රිකයන් පිරිසකට ධර්ම දේශනා කළ බවත්, එම ධර්මය ඇසීමෙන් සිත් පහන් වූ බොහෝ දෙනෙක් තිසරණ සරණ ගිය බවත් සඳහන්ය. බුදුන් වහන්සේට ගෞරවය දැක්‌වීම සඳහා මහා නාග වනයට පැමිණ සිටි සම්භාවනීය පුද්ගලයන් අතර කැලණියේ මණිඅක්ක නා රජිඳු සිටි බවත්, බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු ප්‍රසාදයට පත් රජතුමා තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටි බවත් වංශ කතාවල සඳහන්ය. මෙහිදී සෝවාන් ඵලයට පැමිණි මහා සුමන දෙවිඳුන්, වන්දනාමාන කරගැනීම සඳහා පූජනීය වස්‌තුවක් බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටි විට, උන්වහන්සේ සිය සිරස පිරිමැද කෙස් රොදක් එතුමාට පිරිනැමූ බවත් පසුව එම කේශ ධාතූන් මහියංගණ චෛත්‍යයෙහි නිධන් කර ඇති බවක් කියෑවේ.
බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදු වූයේ සම්‍යක් සම්බෝධියෙන් පස්‌වැනි වස බක්‌මස අමාවක් පොහෝ දිනයෙහිය. මෙම ලංකා ගමනට හේතු වූයේ නාගදීපයෙහි, චූලෝදර, මහෝදර නාග රජවරුන් අතර මැණික් පුටුවක් අරභයා ඇති වූ කළහය සංසිඳුවීමටයි. නාගදීපයට වැඩි උන්වහන්සේ රාජකීය නාග දෙබෑයන්ට යුද්ධයේ ඇති නිෂ්ඵලතාව පැහැදිලි කරන ධර්මයක් දේශනා කළහ. මින් ප්‍රසාදයට පත් නාග රාජකීය දෙසොහොයුරුන් කළහය සමථයකට පත්කර ගන්නා බවට ප්‍රතිඥ දෙමින් තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටි අතර කළහයටද හේතු වූ මැණික් පුටුවද බුදුන් වහන්සේට පූජා කළහ. මෙම අරගලයට සහභාගිවීම සඳහා මහෝදර නා රජුගේ මාමා වූ (මවගේ සොහොයුරා) කැලණියේ මණිඅක්ක නාරජුද නාගදීපයට ගොස් සිටියහ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදුවූ අවස්‌ථාවේ මහියංගණයට ගොස් සිටි ඔහු ධර්මය පිළිබඳව පැහැදීමක් ඇතිව සිටිය තැනැත්තෙකි. එබැවින් ඔහු තමන්ගේ රාජධානිය වූ කැලණියටද වඩින ලෙස බුදුන් වහන්සේට ආරාධනා කර සිටියේය.
මෙම ආරාධනය ඉවසා වදාළ බුදුන් වහන්සේ ඉන් අවුරුදු තුනකට පසු එළඹුණු වෙසක් පොහෝ දිනයෙහි එනම් සම්‍යක් සම්බෝධියෙන් අටවැනි වර්ෂයෙහි රම්‍ය වූ වෙසක් මස පොණී මාසී තිථියෙහි පන්සියයක් රහතන් වහන්සේලාද සමග මණිඅක්ක නාරජුගේ ආරාධනාව ඉටුකරනු වස් කැලණියට වැඩියහ. නාග රජතුමා සහ ඔහුගේ රාජකීය පිරිසද දහස් සංඛ්‍යාත නාග ජනතාවද බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාද ඉමහත් භක්‌ත්‍යාදරයෙන් යුතුව පිළිගත්හ.
බුදුන් වහන්සේ කැලණියට වැඩමවීම අරභයා නාග රජුන් සංවිධානය කරන ලද අත්‍යලංකාර උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම ලංකා ඉතිහාසයෙහි තවත් ඉතා වැදගත් ඓතිහාසික සිද්ධියක් සිදුවිය. එනම් බුදුන් වහන්සේ කැලණිය අසලින් ශාන්ත ලෙස ගලා බසින අති රමණීය කැලණි නදියට වැඩම කර ජල ස්‌නානය කිරීමයි. ජල ස්‌නානයෙන් පසු උන්වහන්සේ සිවුරු ඇඳ ගත්තේ, විහාරයත් (උත්සව භූමිය) ගඟත් අතර පිහිටි ගල් තලාවකය. දිය නෑමට අඳින ලද අඳනය (උදකස්‌දාව) පරිවාරක නාගයන් විසින් ප්‍රවේශම් සහිතව මහත් ගෞරවයෙන් රැගෙන විත් ඇති අතර එය පසුව නිධන් කර කැලණියෙහි මඟුල් දාගැබ ගොඩනඟා ඇත. මෙම දාගැබ පිහිටා තිබී ඇත්තේ කැලණියේ මහා ස්‌තූපය ඇතුළු පූජනීය ස්‌ථාන සමූහයක් පිහිටුවා තිබූ දකුණු වාහල්කඩ සමීපයෙහිය.
කැලණියට වැඩි බුදුන් වහන්සේ ජලස්‌නානයෙන් පසු නා රජු විසින් අත්‍යාලංකාර ලෙස කරවන ලද මොනවට සැරසූ මණ්‌ඩපයෙහි වැඩහිඳ ධර්මය දේශනා කර ඇති අතර ඉන් ඉමහත් ප්‍රබෝධයට පත් නාග පිරිස බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට අතිශය ප්‍රණීත දිව්‍යමය ආහාර පානයෙන් යුක්‌ත මහා දානයක් පිරිනමා ඇත.
කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ කැලණි නදියෙහි ජල ස්‌නානය කළ බවත්, එම ජල ස්‌නානය සඳහා පාවිච්චි කළ අඳනය (උදකස්‌දාකඩ) පසුව මඟුල් දාගැබෙහි නිධන් කළ බවත්, පැවසෙන ප්‍රවෘත්තිය කිත්සිරි මෙවන් කැලණි විහාරයේ දී සහ කැලණි රජමහ විහාරයෙහි විභීෂණ දේවාල භූමියෙන් සොයාගත් ශිලා ලේඛන ලිපි දෙකක් නිසා නොවේ නම්, හුදු ප්‍රබන්ධයක් පමණක් වීමට ඉඩ තිබුණේය. එහෙත් කිත්සිරි මෙවන් කැලණි විහාරයෙන් සහ විභීෂණ දේවාල භූමියෙන් සොයාගත් මෙම ශිලා ලේඛන ලිපි දෙක නිසා එම තත්ත්වය වැළකී ගියේය.
මෙම ශිලා ලිපි පිළිබඳව අදහස් දක්‌වන පුරාවිදු චක්‍රවර්ති ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා, කිත්සිරි මෙවන් කැලණි විහාරයෙහි ඇති සෙල් ලිපියෙහි අක්‌ෂර හා භාෂාව දහවැනි ශතවර්ෂයෙහි භාවිතයෙහි පැවති සිංහල භාෂාවට සමාන වන බව පවසයි. මෙම සෙල් ලිපියෙහි උදකස්‌දාව ගැනත්, මුක්‌ති ප්‍රදානය කිරීම් ගැනත් සඳහන්ය. මෙම ලේඛනයට අත්සන් තබා ඇත්තේ අරක් සාමි දේවී නමැති නිලධාරියෙකි.
විභීෂණ දේවාල සෙල් ලිපිය පිහිටවූ අවධිය වන විට, කැලණියෙහි ප්‍රධාන පූජනීය ස්‌ථානය වී ඇත්තේ රුවන්වැලි දාගැබයි. එයට සම්බන්ධ විශේෂ නැටුම් කණ්‌ඩායමක්‌ද තිබී ඇති අතර එම නැටුම් කණ්‌ඩායම නඩත්තු කිරීම සඳහා ගම්වරද ප්‍රදානය කර තිබේ. එම ගම්වර උදකස්‌දා නිධන් කර ඇති මඟුල් මහා විහාරය සතු මැණික් ඔබ්බවන ලද ස්‌ථාපනයක් සහිත පහන නඩත්තු කිරීමේ කාර්යය සඳහා ද යොදාගෙන ඇත.
කැලණි පූජා පුරවරය එවකට පැවති ආශ්චර්යමත් තත්ත්වය මනාවට පැහැදිලි කෙරෙන අති රමණීය වූ විස්‌තරාන්විත වූත් වර්ණනාවක් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සන්දේශයෙහි දකින්නට ලැබේ. බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනින් පාරිශුද්ධත්වයට පත් වූ මෙම පුද බිමෙහි එවකට පැවති ශ්‍රී විභූතිය මෙයයැයි වටහා ගැනීමට එම වර්ණනාව අතිශයින් උපකාරී වේ. සැළලිහිණි සන්දේශයෙහි සඳහන්ව ඇති පරිදි එවකට කැලණි පූජා භූමියෙහි, ලංකා තිලක බුදු මැඳුරෙහි මහා පිළිම වහන්සේ නමක්‌ද, සක් දෙවිඳුන් විසින් නිර්මාණය කළ ශෛලමය ප්‍රතිමාවක්‌ද, මලියදේව මහ රහතන් වහන්සේ විසින් ධර්මය දේශනා කළ තැන පස් මහල් ප්‍රාසාදයක්‌ද, වටදාගෙය සහිත දාගැබක්‌ද, බටහිර පැත්තෙහි වූ විහාර මන්දිරයෙහි සැතපෙන පිළිම වහන්සේ නමක්‌ද, මණිඅක්ක නා රජුගේ ඉල්ලීම පරිදි බුදු වහන්සේ රහතන් වහන්සේලා මැද වැඩ සිටිමින් ධර්මය දේශනා කළ තැන ඉදිකළ සැට රියනක් උස මහා ස්‌තූපයක්‌ද බුද්ධත්වයෙන් සයවැනි සතියෙහි මුචලින්ද නාගදරනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටි ආකාරය පිළිබිඹු කරන නාග පිළිමගෙයි ප්‍රතිමා වහන්සේ නමක්‌ද, සමාධි පිළිම වහන්සේ නමක්‌ද, තිවංක පිළිම වහන්සේලා දෙනමක්‌ද, බුදුන් වහන්සේ ජල ස්‌නානය කිරීමෙන් පසු තුන් සිවුරු හැඳ පොරවා ගත් තැන ඉදිකළ සිවුරු දාගැබද, කැලණිතිස්‌ස රජු නිවැරැදි රහතන් වහන්සේ උණු තෙල් කටාරමෙහි දැමූ තැන, පිංවතුන් විසින් කළ ප්‍රතිමාවක්‌ද ඒ සියල්ල අතරෙහි රිදී මිටක් සහිත කුඩයක් බඳු අලංකාරව වැඩී ඇති බෝධීන් වහන්සේද වූ බව සඳහන් වේ. මෙහි මඟුල් දාගැබ ගැන සඳහන්ව නැතත් මෙහි සඳහන් සිවුරු දාගැබ, කිත්සිරි මෙවන් කැලණිය සහ විභීෂණ දේවාල සෙල් ලිපිවල සඳහන් වන, උදකස්‌ධාතුව නිධන් කළ මඟුල් දාගැබ බවට සැකයක් නැත. එයට අර්ථවත් වන "සිවුරු දාගැබ" යන නාමය පමණක් වුවත් මෙම මතය සනාථ කෙරේ.
ක්‍රි.ව. 1505 දී සිදුවූ පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟ පොදුවේ රටට මෙන්ම, කැලණියෙහි ඓතිහාසික පූජා භූමියටත්, නරක කාලයක් උදාවිය. මෙය වැඩියෙන් දරුණු වූවේ, කෝට්‌ටේ රජකළ ඪෂෂ වැනි බුවනෙකබාහු රජුගේ මුණුබුරා ධර්මපාල කුමරු තම රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම සඳහා 1543 මාර්තු මස 12 වැනි දින පෘතුගාලයෙහි ලිස්‌බන් නගරයේ දී අභිෂේක කිරීමත් සමඟය. දොන් ජුවන් ධර්මපාල නම්වූ ඔහු 1555 දී රාජාඥවක් මගින් කැලණි රජමහා විහාරය සහ ගඟෙන් අනිත් පැත්තෙහි පිහිටි කිත්සිරි මෙවන් කැලණියත් ඒවා සතු දේපළ සමඟ රෝමානු කතෝලික පූජකවරුන්ට පවරා දෙන ලදී. මෙම පවරාදීමත් සමඟ කැලණියෙහි පරිහානිය ඉක්‌මන් වූ අතර 1575 දී කපිතාන් දියෝගෝ ද මෙලෝ නමැති පරංගියා විසින් කැලණියේ විහාර කොල්ලකා ඒවා සතු ධනය පැහැර ගනිමින් ස්‌ථාන ගිනිබත් කරන ලදී. බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකා ගමනින් පරම පාරිශුද්ධත්වයට පත්වූ කැලණිය පූජා භූමියෙහි පිහිටා තිබූ අතිශය ඓතිහාසික වැදගත්කමකින් යුක්‌ත බුදුන් වහන්සේගේ උදකස්‌ධාතුව (අඳනය) නිධන් කර තිබූ මඟුල් දාගැබෙහි (සිවුරු දාගැබ) අවසානයද එයම විය. මේ නිසා අගනා පාරිභෝගික ධාතුවක් සමස්‌ත බෞද්ධ ලෝකයාටම සදාකාලිකවම අහිමි වී ගියේය.
( අදට (23දා) යෙදෙන දුරුතු පොහොය නිමෙත්තෙනි.)
විමලසේන විතාන පතිරණ
http://www.divaina.com/2016/01/23/feature02.html
සබැඳි ලිපි -
[- වල්ලිපුරම් (වැලිපුර) රන් සන්නස - යාපනය බොදු උරුමයේ රන් සන්නස - නාගදීපය පාලනය කරන වසභ රජුගේ ඉසගිරිය ඇමති විසින් පියගුකතිස විහාරය කරවන ලදී!http://denethharinna.blogspot.com/2015/12/blog-post_27.htmlඅම්පාර ඵෙතිහාසික රජගලතැන්නෙන් මහ උරුමයක සාක්ෂි මතුවේ!http://denethharinna.blogspot.com/2015/10/blog-post_41.htmlවසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමුවෙයි. ලුනුගල ගල් ලෙනෙන් ලංකා ඉතිහාසය වෙනස් වෙයි!http://denethharinna.blogspot.com/2015/09/4000.html
අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය බැලුවේ ටිකට් අරන් - රජගල සෙල්ලිපියෙන් හෙළිවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/1000.html
පොලොන්නරුව නැවත කියවීම - පොලොන්නරු යුගයට පෙර පොලොන්නරුවේ ජනාවාස තිබුන බවට සාක්ෂිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_43.html
තඹාල රිනායිපුර පුරාවිද්‍යා කැණීම්වලින් ඉපැරණි ස්‌ථූපයක් හමුවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_10.html
රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/300.html
වසර 1100 ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය අවසරපත් ගැන සටහනක්http://denethharinna.blogspot.com/2015/09/1100.html
අනුරපුර විජයාරාම පුරාණ විහාර භූමියෙන් මහායාන සූත්‍ර පාඨ ලියූ තඹ පතක් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_84.html
දුටුගැමුණු සහ එළාර විජිතපුර සටනේදී කඩු ගෑ ගලhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_31.html
ක්‍රි.ව. 7 වැනි සියවසේ සෙල් ලිපියක් තොප්පිගලින් සොයාගනීhttp://denethharinna.blogspot.com/2015/08/7.html
ඉපැරණි ගල් ඔරලෝසුවක් ඓතිහාසික රජගල පුදබිමෙන්http://denethharinna.blogspot.com/2015/08/blog-post_17.html
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක් ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක් හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස් සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක් සහිත වැසිකිළි පද්ධතියක් ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක් උස ඉපැරැණි බුදුරුවක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක් පැරණි ලෙන් ලිපියක් සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක් හාරද්දී පැරණි කාසි මුට්‌ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක් හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments:
Post a Comment