දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා විසින් යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් විමුක්ති අරගලයක් දියත් කළ බවත් ශ‍්‍රී ලංකා රජයේ හමුදා තම නිජබිම ආක‍්‍රමණය කරමින් එම විමුක්ති සංවිධානයත් එකී විමුක්ති අරගලයත් විනාශ කළ බවටත් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය පල කරයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පවසයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අනේකවිධ පීඩා මැද දිවි ගෙවූ උතුරේ ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ...