Pages

Wednesday, September 30, 2015

මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී

හජ් වන්දනාව අතරතුර ඇතිවූ තදබදයෙන් මිය ගිය සංඛ්‍යාව 4173ක් දක්වා ඉහළ ගොස් ඇති බව සවුදි රජයේ ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබේ. පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හමාඞ් බින් මුහම්මද් අල් ඩුවෙයිලා පවසා ඇත්තේ වන්දනාකරුවන් 4173ක් මියගිය බවට දැක්වෙන ඡයාරූපයක් තමන් අතට පත්වූ බවයි. අධික උෂ්ණත්වය නිසා විජලනයට පත්වීමත් හුස්ම හිරවිමත් මෙම මරණයන්ට ප‍්‍රධාන හේතූන් බවද සවුදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා තිබේ. කෙසේවෙතත්...

Tuesday, September 29, 2015

රියලිටි අහස් කූරු - ඩුප්ලිකේට්‌ එකේ ඩුප්ලිකේට්‌

'යස ලෙසින් පෙනී සිටිමින් 'සුබ' දුන් යස වැඩක්‌ ගැන ඊයේ 'දිවයින- සිව්දෙස්‌ ප්‍රාදේශීය මුද්‍රණයේ සඳහන් විය. ඒ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්‌ විසින් ගායන ලොවේ 'සුපිරි තරුවක්‌' බවට පත්කරන ලද ජනප්‍රිය චරිතයක්‌ ලෙසින් පෙනී සිටිමින් අත මිටද සොයාගත්, ගත සිතද පිනවාගත් නොම්මර එකේ 'අන්ඩපාලයෙක්‌' ගැනය. අදාළ රියෑලිටි තරුවේ හැඩරුවට අතිශයින් සමාන මේ විවාහක කුලී රථ රියදුරා එකී රියෑලිටි තරුව ලෙසින් අමු අමුවේ පෙනී සිටිමින් තරුණියන් රවටා ඇත. සංගීත සංදර්ශනවලට පැමිණෙන...

Monday, September 28, 2015

යේමනයේ ෂියා පල්ලියට බෝම්බ ගැසීම. 25 මරුට! - ISIS භාරගනී.

යේමනයේ මුස්‌ලිම් පල්ලියක සිදුවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්‌. අයි. එස්‌. සංවිධානය භාරගෙන ඇත. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනකු මරණයට පත්වී ඇත. ෂියා මුස්‌ලිම්වරුන්ගේ පල්ලියක මෙම පිපිරීම සිදු වී ඇත. යේමන රජයට එරෙහිව සටන් වදින හුති කැරලිකරුවන්ට සහාය දක්‌වන පිරිස්‌ මෙම පල්ලියේ වන්දනාවට පැමිණ ඇත. http://www.divaina.com/2015/09/28/forign05.ht...

කාශ්මීරයේ හරක්‌ මස්‌ තහනම්! එරෙහිව උද්ඝෝෂණය

ඉන්දු කාශ්මීරයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් එම ප්‍රාන්තයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇත. කාශ්මීර වැසියන් හා පොලිසිය අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් 12 දෙනෙක්‌ තුවාල ලබා ඇත. කාශ්මීරයේ හරක්‌ මස්‌ තහනම් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැන නැගී ඇත.  http://www.divaina.com/2015/09/28/forign02.ht...

මක්කම මරණ 2000 පනී

හජ් වන්දනාව සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් අතර මක්කමට පිටත මීනා ප‍්‍රදේශයේදී සිදුවූ තදබදයෙන් මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සවුදි බලධාරීන්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඉරානයේ හජ් සහ වන්දනා සංවිධානයේ ප‍්‍රධානි සයීඞ් ඔහාඩි මේ බව හෙළි කර තිබේ. සවුදි අරාබියේ සල්මාන් රරජුගේ පුතුවන මොහොමඞ් බින් සල්මාන් අල් සවුද් කුමරුගේ රිය පෙළ පැමිණීම නිසා මක්කම බලා පාගමනේ යෙදෙමින් සිටි ජන සන්නිපාතයට සිය දිශාව හදිසියේ වෙනස්...

බුර්කාවෙන් ප්‍රකට වන්නේ මූලධර්මවාදයයි! චීනයේ බුර්කාව තහනම්!

චීන රජය බුර්කාව ඇඳීම තහනම් කර ඇත. බුර්කාව හරහා ප්‍රකට වන්නේ මූලධර්මවාදයන් බවත් චීන රජය පවසයි. බුර්කාවෙන් සැරසී සමහරුන් තම අනන්‍යතාවය වසන් කිරීමට උත්සාහ කරන බව එම නිවේදනයේ සඳහන් වේ. බුර්කාවෙන් සැරසුණු විට කාන්තාවන් පහසුගාමී වන බවත් එහි සඳහන් විණි. චීනයේ සිංජියැන් ප්‍රාන්තයේ මෙම තහනම පනවා ඇත. එහි බහුතරය මුස්‌ලිම්වරුන්ය. http://www.divaina.com/2015/09/28/forign01.html සබැඳි ලිපි -[හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටුhttp://denethharinna.blogspot.com/2015/04/blog-post.html ඕස්ටේ‍්‍රලියාවේ...

Saturday, September 26, 2015

හෙළයාට කෙළවන, යළි තනන්නට තතනන, ආදම්ගේ පාලම

නේපාල නව ව්‍යවස්‌ථාව පසුගිය සතියේ සම්මත විය. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ලුම්බිණිය වැඳගැනීමට නොහැකිවන අන්දමට දරුණු තත්ත්වයක්‌ උදාවූයේ මේ නව ව්‍යවස්‌ථාවට එරෙහිව තරායි කලාපයේ ගැටුම්කාරී වාතාවරණයක්‌ ඇතිවූ නිසාය. නව ව්‍යවස්‌ථාවට එරෙහිව ප්‍රමුඛව සටන්කළේ මදේසිස්‌ ජන කොට්‌ඨාසයට අයත් ජනතාවයි. මොවුන්ට ඉන්දියාව සමඟ ළඟ සබැඳියාවක්‌ ඇති අතරම මේ උණුසුම් තත්ත්වයම නේපාල දේශසීමාවට එපිටින් ඇති බිහාර් ප්‍රාන්තයටද පැතිරයෑයි දැයි දිල්ලි බලධාරීන් අසහනයට පත්ව සිටියහ. කෙසේ...

අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් - 2

මෙහි මුල්කොටස පසුගිය සතියේ පළවිය එහිදී ගරු ආර්.ටී. ඩවුබිගින් දේවගැතිවරයා යාච්ඥා කර බයිබලයේ පාඨ කියවීය. ඉක්‌බිතිව 8.00 ට පාසල් යා යුතු වීය. එහිදී උත්පත්ති කථාවෙන් හෝ මැතිව් ගෙන් හෝ කොටස්‌ කිව යුතු වූයේය. නික්‌ම යාම, සංඛ්‍යා කථාව, ද්විතීය කථාව, ජොෂුවා යන කොටස්‌ ද ශුභාරංචි සතර ද පනත් ද කට පාඩම් කිරීමට මට සිදු වීය. නේවාසික ස්‌ථානය භාරව සිටි ගුරුවරයා මත්පැන් පානය කරන්නෙක්‌ වූයේය. එ මෙන්ම ගස්‌වල ලැගීමට ආ අහිංසක පක්‌ෂීන්ට වෙඩි තැබීමට ද ඔහු ආශා කළේය. කිසිම...

රූපය ඉදිරියේ වහලෙක්‌ නොවී, නිහඬ උපක්‍රමශීලී ගවේශකයෙක්‌ වෙන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසා අනුන්ගේ ආස්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ. වර්තමාන සමාජයේ...

කුළුගෙඩියෙන් බිඳී වැනසෙන රුහුණු වෙල්ලස්‌සේ අතීත උරුමය

ඓතිහාසික ආගමික හා පුරාවිද්‍යාත්මක අතින් සලකා බලන කල අනුරාධපුර, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල සේම රුහුණු වෙල්ලස්‌සට ද හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. එදා වළගම්බා, සද්ධාතිස්‌ස, දුටුගැමුණු දප්පුල සේම අපේ ඉපැරණි හෙළ නරවිරුවන්ගේ පහස ලත් මෙම භූමි ප්‍රදේශය එකල ආගමික වශයෙන් මෙන්ම කෘෂිකාර්මික අංශයෙන් ද අතිශය සමෘද්ධියට පත්ව තිබූ බව රටටම බත සැපයූ වෙල්ලස්‌සේ අතීත කතාව ඊට අදාළ මූලාශ්‍ර විමසා බලන විට පෙනේ. රුහුණේ සිට දිගාමඩුල්ල දක්‌වාම විසිර පැවැති ඉපැරණි රුහුණු...

Friday, September 25, 2015

වසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමුවෙයි. ලුනුගල ගල් ලෙනෙන් ලංකා ඉතිහාසය වෙනස්‌ වෙයි!

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර ප්‍රදේශයේ ගල් ලෙනක්‌ ඇසුරෙන් කරන ලද කැණීම්වලදී මීට වසර 3000 - 4000 අතර කාලයේදී ආදිවාසී ජනතාව ජීවත් වූ බවට පැහැදිලි සාක්‍ෂි රාශියක්‌ හමුවී ඇති බවට පර්යේෂණයකින් හෙළිවී ඇත. වැලිගෙපොල මාර්ගයේ කෝන්ගස්‌තැන්න හංදියෙන් හැරී කිලෝ මීටර් අටක්‌ පමණ ගමන් කළ පසු හමුවන ලුනුගල්ලෙන පිහිටි ස්‌ථානයට ළඟා වූයේ දුෂ්කර මාර්ගයක්‌ පසුකර ලීදඬු වැල් ආදියෙන් තැනූ ඉණිමඟක්‌ ද ඔස්‌සේය. මෙම පර්යේෂණ කටයුතු...