පුපුරන ද්‍රව්‍ය සහ ඇඳුම් කට්‌ටල
යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් සමඟ පුද්ගලයකු යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය මගින් පෙරේදා (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එඩ්වඩ් පුලියන් නමැති පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි සාමාජිකයෙකි.මෙහිදී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය අලුතින් නිෂ්පාදනය කරන ලද එකක්...