Pages

Sunday, March 20, 2016

සිදුවීමට මොහොතකට පෙර ලංකාවේදී නැවැත්වූ ලොව ලොකුම බැංකු වංචාව

වසර එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල මුල සිට කරන ලද පර්යේෂණ දහස්‌ ගණනකින් පසු 1969 ඔක්‌තෝබර් 29 වැනිදා ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ලොස්‌ ඇන්ජලිස්‌ නගරයේ පිහිටි විශ්වවිද්‍යාල දෙකක්‌ අතර ලොව පළමුවන අන්තර්ජාල සම්බන්ධය ගොඩනගනු ලැබේ. මෙය සිදුවන්නේ විශ්වවිද්‍යාල දෙකෙහි ඇති පරිගණක දෙකක්‌ විදුලි රැහැනකින් සම්බන්ධ කර ඒවා අතර පණිවුඩයක්‌ හුවමාරු කර ගැනීමෙනි. එතැන් පටන් මේ දක්‌වා ගෙවී ගිය වසර 47 ක කාලය තුළ පරිගණකය ඇසුරෙන් සිදු කරන ලද හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද බොහොමයක්‌ ඇත. ඒවා අතුරින් එක්‌ නරක දෙයක්‌ මෙසේයá

මෙයට වසර 10 කට පෙර, එනම් වසර 2006 ජනවාරි මාසයේ දවසක අලුයම් කාලයේදී ඉරානයේ ප්‍රධාන නගරවල පිහිටි ජල පොම්පාගාර සියල්ලම හදිසියේ ක්‍රියාත්මක විය. ජලය පොම්ප කරන මෝටර් නොනැවතී කැරකෙන්නට වූ අතර, ඉතා ඉක්‌මනින් වතුර ටැංකි පිරී ගොස්‌ පුපුරා යන්නට විය. මෙහිදී සිදුව තිබුණේ මෙයය( ඉරානයේ නාගරික ජල පද්ධතිය සම්පූර්ණයෙන් ම පරිගණකගත කරන ලද්දකි. හිස්‌ වන ජල ටැංකිවලට ජලය පුරවන පොම්ප ක්‍රියාත්මක වූයේ පරිගණකවල විධානයන්ට අනුව ස්‌වයංක්‍රීයවය. සිද්ධිය වූ දින ඇමරිකාවේ පදිංචිකරුවන් වන පරිගණක හැකර්වරුන් පිරිසක්‌ ඉරානයේ නාගරික ජල ක්‍රමයේ පරිගණක පද්ධතියේ මුර වදන (Password) සොරාගෙන අන්තර්ජාලය හරහා පරිගණක පද්ධතියට ඇතුළු වී ජල පොම්ප ක්‍රියාත්මක කරන ලෙස විධාන දුන්හ. හැකර්වරුන් පිරිස මෙය කර තිබුණේ ඇමරිකාවේ සිටය. කෙසේ වුවද අවසානයේදී මේ සිද්ධිය නිසා ඉරානයේ ජලසම්පාදන උපකරණවලට ඩොලර් මිලියන 500 ක පමණ හානියක්‌ සිදු විය. පානීය ජලය ඝන මීටර් කෝටි ගණනක්‌ අපතේ ගොස්‌ තිබිණි.

**** ****** ****** *****

ඔබ ඉහතින් කියවූ සිද්ධිය හඳුන්වන්නේ සයිබර් ප්‍රහාරයක්‌ ලෙසිනි. මෙතැන් සිට ඔබ කියවන්නේ චීන හැකර්වරුන් පිරිසක්‌ විසින්, ඇමරිකාවේ මධ්‍යම බැංකුවෙහි තිබූ බංගලාදේශයට අයත් ගිණුමකින් අන්තර්ජාලය යොදාගෙන ඇමරිකන් ඩොලර් බිලියනයක්‌ පැහැර ගැනීමට තැත් කරනු ලැබීමේ සයිබර් වංචාවක්‌ පිළිබඳවය. එය ලොව ලොකුම බැංකු වංචාවය. මේ කතාව අපටද වැදගත් වෙයි. මන්ද, මේ මුදල් වංචාවට ශ්‍රී ලංකාවේ පිහිටි බැංකු දෙකක්‌ සම්බන්ධ කර ගැනීමට එම හැකර්ලා උත්සාහ කළහ. එයින් එකක්‌ දේශීය බැංකුවකි. අනෙක කොළඹ පිහිටි විදේශීය බැංකුවකි. අවසාන මොහොතේදී මෙකී විදේශීය බැංකුවේ ටෙලර්වරයා හෙවත් අයකැමියා සුළු සැකයක්‌ නිසා මේ ගනුදෙනුව අත්හිටුවිය. එහෙත් ඒ වන විටත් චීන හැකරුන් විසින් ඇමරිකන් මහ බැංකුවේ තිබූ බංගලාදේශ ගිණුමෙන් ඩොලර් මිලියන 100 ක්‌ පමණ පිලිපීන බැංකු ගිණුමකට මාරු කර මුදල් බවට පත් කරගෙන තිබිණි. මේ සිද්ධිය පිළිබඳව වගකීම භාරගත් බංගලාදේශ මහ බැංකුවේ අධිපති අතියුර් රහමන් ද ඉකුත් අඟහරුවාදා (15 දා) ඉල්ලා අස්‌විය.

ඉහත සඳහන් වංචාව පිළිබඳ කතන්දරය පටන් ගන්නේ මෙසේයá චීනයේ සාම්ප්‍රදායික කැලැන්ඩරයට අනුව එරට අලුත් අවුරුද්ද ජනවාරි 21 වැනිදායින් පසු නවස`දු උදාවන දින පටන්ගෙන මාසයක්‌ පුරා පවතී. මේ වකවානුවේදී චීන වැසියා බැංකු ගනුදෙනු කරන්නේ නැත. ඔවුqහු කඩ සාප්පු ද වසා දමති. මිලදී ගැනීම් හෝ ආයෝජන ද නොකරති. උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලාංකික මැණික්‌ වෙළෙඳුන් චීනයේ ජනවාරි පෙබරවාරි මාස දෙක සලකන්නේ නිsදිගත් කාලයක්‌ හෙවත් sleeping season ලෙස ය. චීනය යනු ලොව විශාලතම ආර්ථිකයන් දෙක තුනෙන් එකක්‌ වන බැවින් චීන ආර්ථිකය සමඟ කෙළින් ගනුදෙනු කරන රටවල් ද චීන අලුත් අවුරුදු සමය තුළ ස්‌වයං නිවාඩුවක්‌ ප්‍රකාශයට පත් කර ගනිති.

බංග්ලාදේශ බැංකුවේ ඇමරිකන් ගිණුමෙහි තිබෙන මුදල් වංචාකර කොල්ල කෑමට චීන හැකරුන් යොදා ගන්නේ මෙකී අවුරුදු නිවාඩු වකවානුවය. එහි ආරම්භක පියවර වශයෙන් ඔවුන් පිලිපීනයේ බැංකු ගිණුමක මුර වදන සහ වෙනත් තොරතුරු අන්තර්ජාලය හරහා හොරා ගත්හ. ඊළඟට ඔවුහු බංගලාදේශ මහ බැංකුවේ ඇමරිකන් ගිණුමේ දත්ත, එම ගිණුමෙහි පාස්‌වර්ඩ් යනාදිය ලබා ගත්හ. ඔවුන්ගේ තුන්වන පියවර වූයේ බංගලාදේශ මහ බැංකුවෙන් යෑවෙන අණකරයක්‌ පරිදි සකස්‌ කරන ලද ව්‍යාජ අණකරයක්‌ ඊමේල් මගින් ඇමරිකන් මහ බැංකුවට යවා ඩොලර් මිලියන 100 ක්‌ පිලිපීනයේ බැංකුවකට ගෙන්වා ගැනීමය. ඒ මුදල කෙළින්ම යන්නේ පිලිපීනයේ කැසිනෝවකටය.

කැසිනෝ ක්‌ලබ් එකේ සුදු මේස මත මේ ඩොලර් මිලියන 100 පැරදුන පසු හැකරුන්ට තවත් මුදල් වුවමනා විය. ඔවුහු වහා ඇමරිකන් මහ බැංකුවේ තිබූ බංගලාදේශ ගිණුමේ ශේෂය පරීක්‍ෂා කළහ. එහිදී පෙනී ගියේ වහා ලබා ගත හැකි ඩොලර් මිලියන 900 ක්‌ එහි තිබෙන බවය. මේ සඳහා පිලිපීන බැංකුව වෙනුවට ලංකාවේ දේශීය බැංකුවක්‌ සහ විදේශීය බැංකුවක්‌ යොදා ගැනීමට ඔවුහු කල්පනා කළහ. අනතුරුව ශාලිකා ෆවුන්ඩේෂන් නමින් දේශීය බැංකුවක ගිණුමක්‌ විවෘත කළ ඔවුහු ඇමරිකාවේ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 900 ගෙන්වා එම ගිණුමට බැර කිරිම කොළඹ පිහිටි විදේශීය බැංකුවට භාර කර එම වටිනාකමට අණකරයක්‌ සකස්‌ කර දුන්හ.

ශාලිකා ෆවුන්ඩේෂන් යන්න ඉංග්‍රීසියෙන් ලියන්නේ shalika Foundation ලෙසය. එහෙත් හැකරුන් විසින් සකස්‌ කළ අණකරයෙහි එම නම ලියා තිබුණේ O අක්‍ෂරය නැතිව shalika Fundation ලෙසය. කොළඹ පිහිටි විදේශීය බැංකුවේ ටෙලර්වරයා බංගලාදේශ ගිණුමේ මුර පදය විවෘත කර ඉහත සඳහන් නම සහිත අණකරය එයට යොමු කළේය. එහෙත් O අකුර අඩුවීම නිසා අණකරය ප්‍රතික්‍ෂේප විය. එම ප්‍රතික්‍ෂේප වීම සිදු වූයේ ස්‌වයංක්‍රීයවමය. එසේම එම ප්‍රතික්‍ෂේප වීම සිදු කළේ ඇමරිකන් මධ්‍යම බැංකුවේ පරිගණක පද්ධතිය මගින්ය. මෙවිට ශ්‍රී ලංකාවේ ශාලිකා ෆවුන්ඩේෂන් ඇමතූ කොළඹ සිටින විදේශීය බැංකුව අකුරක අඩුපාඩුව නිසා ඩොලර් දශලක්‍ෂ 900 ක අණකරය ක්‍රියාත්මක නොවන බව දැන්වීය. එහෙත් එම අඩුපාඩුව දැන් වෙනස්‌ කළ නොහැකි බැවින් අඩුපාඩුව සහිත නමටම මුදල් නිදහස්‌ කරන ලෙස අණකරුවන් ලෙස ක්‍රියා කළ හැකර්වරු ඉල්ලා සිටියහ. මේ ඉල්ලීම ඔවුන් විසින් තිස්‌පස්‌ වතාවක්‌ කර තිබිණ. එබැවින් කොළඹ පිහිටි විදේශීය බැංකුවේ ටෙලර්ට සැකයක්‌ හට ගත් අතර ඔහු ඒ බව සිය බැංකුවේ ප්‍රධානීන්ට දැන්වීය. බැංකුව වහාම ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවටත් ඇමරිකාවේ මහ බැංකුවටත් දැන්වීය. වහාම ගනුදෙනුව නවත්වන ලදී. බංගලාදේශ ගිණුමේ තිබූ ඩොලර් දශලක්‍ෂ 900 බේරෙන්නේ එලෙසය.

අනුර සොලමන්ස්‌
http://www.divaina.com/2016/03/20/feature09.html

Pic Source

0 comments: