Pages

Thursday, March 17, 2016

මුත්තුආරම ගම්මානයෙන් සිංහල ජනතාව පළවා හැරීමට සාකච්ඡාවක්‌ පවතිනවා. මේ ආක්‍රමණය කඩිනමින් පරාජය කළ යුතුයි - ඥනසාර හිමි

සිංහල නිජබිමක්‌ වන කෝකිලායි මුත්තුආරම ගම්මානයේ සිංහල ජනතාව ඉන් පළවා හරින්න සාකච්ඡාවක්‌ පවතින බවත් මෘදු ලෙස පැමිණෙන මෙම ආක්‍රමණය කඩිනමින් පරාජය කළ යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ අවධාරණය කළහ.

මෙම ගම්මානයේ වීර ජනතාව යුද සමයේදී ඉන් පැන ගියේනම් යුද ජයග්‍රහණයක්‌ ලබාගැනීමට හැකි නොවනු ඇති බවත් මෙම ජනතාවගේ අයිතීන් ලබාදීම රජයේ ඉහළ බලධාරීන්ගේ යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් උන්වහන්සේ කියා සිටියේය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පසුගිය (14 වැනිදා) එම අදහස්‌ පළ කළේ මුලතිව් කෝකිලායි මුත්තුආරම ගම්මානයේ සිදුකළ සංචාරයේදී එහි සිංහල ජනතාව ආමන්ත්‍රණය කරමිනි.

මෙම ගම්මානයේ සිංහල පවුල් දෙසිය හැට නමයක්‌ ඇති අතර ඒ කිසිවකුට තමන්ගේ පාරම්පරික ඉඩම්හි අයිතිය මේ වනතෙක්‌ හිමිව නොමැත. එම ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලට දෙමළ ජාතික සංවිධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකු සහ රජයේ දමිළ නිලධාරීන් පිරිසක්‌ අකුල් හෙළන බවට තොරතුරු ලැබීමත් සමගම එහි ජනතාවගේ මෙම ගැටලුව පිළිබඳ සොයා බැලීම සඳහා ඥනසාර හිමි ඇතුළු බොදුබල සේනා සංවිධානයේ සහ සිංහල රාවය සංවිධානයේ හිමිවරු රැසක්‌ එහි සංචාරයක නිරත වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

මේ ජනතාව තමන් උපන් බිමේ අයිතියවත් තහවුරු කරගත නොහැකිව හරියට පාපන්දුවක්‌ වගේ ජීවත් වන්නේ. ජීවන අරගලයට සහ උපන් බිමේ අයිතිය දිනා ගැනීමේ අරගලයට හඬක්‌ වෙන්නැයි අද අපි මෙහි වැඩම කළේ. අපි කවදත් හඬ නඟන්නේ හඬක්‌ නැති මිනිසුන්ට හඬක්‌ වෙන්නයි.

කෝකිලායි මුත්තුආරම ගම්මානයේ ජනතාව පළවා හරින්න යම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. සිංහල වීම නිසා එම පළවාහැරීම සිදුවනබව අපට වාර්තා වන්නේ. සංහිඳියාව ගැන කතා කළත් සිංහල අපට ඒ සංහිඳියාව ලැබී නැහැ. අපි කතා කරන්නේ ජාති භේද ගැන නෙමෙයි. අපට කොයි කවුරුත් මනුෂ්‍යයෝයි. අපි කතා කරන්නේ සාධාරණය ගැනයි.

අපි දෙමළ ජාතියට කිසිදා විරුද්ධ නැහැ. අපි විරුද්ධ වුණේ එම සමාජයතුලින් පැන නැඟුණ පැසිස්‌ට්‌වාදයට හා ත්‍රස්‌තවාදයටයි. දෙමළ ජාතික සංවිධානයට මුදල් සම්භාරයක්‌ ලැබී තිබෙනවා නැවත පදිංචි කිරීමේ ඇමැති ස්‌වාමිනාදන්ට. අවතැන් ජනතාවට ගෙපල් තනා දීමට එක ගෙයකට රුපියල් ලක්‍ෂ අට ගානේ ගෙවල් දසදහසක්‌ හදන්න මුදල් ලැබී තිබෙනවා. මේ ගෙවල් සිංහල අයට ලැබෙන්නෙ නැත්තේ ඇයිදැයි අප ප්‍රශ්න කරනවා.

දෙමළ ඇමැතිවරු දෙමළ ජනතාවටත්, මුස්‌ලිම් ඇමැතිවරු මුස්‌ලිම් ජනතාවටත්, සේවය කරනවා. එහෙත් සිංහල ඇමැතිවරු සිංහලයාට සේවය කරන්නේ නැහැ. අපි වගකිවයුත්තන් කොතරම් දැනුවත් කළත් වැඩක්‌ වී නැහැ. ලැබී ඇති ප්‍රතිපාදන සිංහල ජනතාවටත් හරි ලෙස බෙදා දෙන්න.

සිංහල ජනතාව ජීවත් වූ ඔවුන්ගේ ගම් බිම් ඔවුන්ට ලැබිය යුතුයි. අපේ ජනතාව ගැන රටේ නායකයින් මීට වඩා අවධානය යොමු කළ යුතුයි. කොකිලායි සිංහල ගම්මානයක්‌ තිබෙනවාද කියා රටේ නායකයින් දන්නවාද කියලා සැකයි. අපට දෙමළ ජනතාවගෙ ඉඩම් ඕනෑ නැහැ. අපේ මිනිස්‌සු ඉල්ලන්නේ ඒ ජනතාවගේ ඉඩම් පමණයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ කෝකිලායි ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ මෙසේද පැවැසූහ.

මේ ගමේ සිංහල ජනතාව විඳින දුක්‌ ගැහැට පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු වන්නේ නැහැ. මොවුන් සැවොම යුද්ධය පැවැති අවධියේ ගම් බිම් අත්නොහැර තමාගේ නිවාසවලම සිටි එඩිතර පිරිසක්‌. ඔවුන් යුද්ධයට බියෙන් මේ ගම්බිම් අතහැරලා ගියා නම් යුද ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට නොහැකිවන්න තිබුණා.

මේ මිනිස්‌සුන් මෙම භූමියේ මුල් පදිංචිකරුවන්. එහෙත් නිලධාරීන් ඔවුන්ට ඒ අයිතිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ප්‍රදේශයේ දමිළ ග්‍රාම සේවක මහතා මේ ප්‍රදේශයට එන්නේවත් නැති තරම්. මේ මිනිස්‌සුන්ට ඉඩම් ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු බාධා කරනවා.

යුද්ධයෙන් පසු සහජීවනය ගැන කතා කළත් ඒ සහජීවනය තිබෙන්නේ සිංහල අපට පමණයි. උතුරේ මහ ඇමැතිවරයා මෙහි පැමිණ මේ ප්‍රශ්නය විසඳිය හැකියි. නමුත් ඔහු මෙහි එන්නේ නැහැ. මුලතිව් කෝකිලායිහි තිබෙන එකම සිංහල ගම්මානය මේ මුත්තුආරම ගම්මානයයි. මේ ජනතාවගේ ඉඩම් අයිතිය සහ අනෙකුත් අයිතීන් ලබාදෙන්න රජය වහා මැදිහත්විය යුතුයි.


මෙහිදී ගම්වාසීහු ඔවුන් මුහුණදී ඇති තාඩන පීඩන, දුක්‌ ගැහැට පිළිබඳ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඇතුළු හිමිවරු දැනුවත් කළහ. තමන් වහන්සේ මේ පිළිබඳව රජයේ ඉහළ බලධාරීන්ට වහා දැනුවත් කර විසඳුමක්‌ ලබාදීමට කටයුතු කරන බව ඥනසාර හිමි මෙහිදී ඔවුන්ට දැනුම් දුන්හ.

සිරිමන්ත රත්නසේකර, තරංග රත්නවීර
http://www.divaina.com/2016/03/17/news42.html

සබැඳි ලිපි -
[
බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියතිhttp://denethharinna.blogspot.com/2016/03/tna_15.htmlමේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවාhttp://denethharinna.blogspot.com/2016/03/tna.html
]

0 comments: