Pages

Wednesday, March 9, 2016

අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අපවත්වී වදාල බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.   
නාහිමියන් හදිසි අනතුරකට ලක්ව අද (09) පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. උන් වහන්සේ අපවත්වන විට 94වැනි වියේ පසුවූවා.   

උන් වහන්සේ අස්ගිරි පාර්ශවයේ 21වැනි මහා නායක හිමියන් වනවා. අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අස්ගිරි පාර්ශවයේ මහ නායක ධූරයට තෝරා පත්කරගනු ලැබූවේ 2015 මැයි 08දාය.

1936 දී පැවිදි දිවියට පත් උන්වහන්සේ උපත ලබා ඇත්තේ 1922 ජනවාරි 11දාය.

Nethfm

ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි.

අද හදිසියේ ඇද වැටීමකට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ.

සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ ජනවාරි 11 වැනිදාය.

කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.

පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියෝ 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.

අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.

වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කළ හිමිපාණන් වහන්සේ නමකි. 

Lankadeepa

0 comments: