
හදවතේ තිත්තකම නැති කිරීමට මේ ජීවිත කතා කියවීමෙන් ඵලක් වේද? එවිට හදවත සීනි කඳක් බවට පත්වන්නේද? මේ ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන බෞද්ධයන් හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය. සිංහල පුවත්පත්වල පිටු ගණනින් දැන්වීම් දමා හදවතේ තිත්තකම ගැන කතා කරන්නේ කවුරුන්ට ඇම දැමීමටදැයි අප හොඳින් කල්පනා කළ යුතුය.
අයිසීස් සංවිධානය වර්ධනය වීමත් සමඟම යුරෝපයේ සුදු ක්‍රිස්‌තියානි ජාතිකවාදය වර්ධනය විය. ඇමරිකාවේ රිපබ්ලිකන් ජනපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රිස්‌තියානීන් ගැන විශේෂයෙන් කතා කරයි. ඇමරිකාවේ බලය ක්‍රිස්‌තියානීන් බවට පත්කරන බව හෙතෙම කියයි. මේ හරහා ඉවැන්ජලිකල් ආගමික නිකායන්ටද පැහැදිලිs තල්ලුවක් ලැබී ඇති බව පැහැදිලිsය. ඉදිරියේදී මෙය වේගයෙන් ලොව ව්‍යාප්ත වනු ඇත. නැවත වරක් වෙනසකට ජවයක් ගැන කතා කිරීමට හැරුණහොත් අන්තර්ජාලය වඩා හොඳින් පරීක්‍ෂා කරද්දී විශේෂයෙන් චදඇර එද ජය්බටැ.ජදප ජාත්‍යන්තර වෙබ් අඩවිය අනුව මොවුනගේ මූලස්‌ථානය පිහිටා ඇත්තේ කැනඩාවේය. මේ ක්‍රිස්‌තියානි ආගමික සංවිධානයේ සභාපතිවරයා වන්නේ සිව්දරු පියෙකු වන රොඩ් බර්ගන් වේ. එම වෙබ් අඩවියට අනුව මෙය ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සංවිධානයයි. ඔවුනට ලොව පුරා ශාඛා සංවිධාන රැසක් ඇති බවටද මෙහි තොරතුරු ඇතුළත් කර ඇත. ඒ අනුව කැනඩාවේ සිට මෙරටට එවන ඩොලර්වලින් ජීවිතය වෙනස් කරන කතා පොත් නොමිලයේ බෙදන බව පැහැදිලිය. ඕනෑම කෙනෙකුට තමන් කැමති පොතක් මුද්‍රණය කර නොමිලයේ බෙදිය හැක. ඒ ගැන අපට ප්‍රශ්නයක් නැත. නමුත් මේ හරහා සිදුවන ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන මෙරට බහුතර සිංහල බෞද්ධයා දැනුවත්ව සිටීද යන්න නම් අපට ප්‍රශ්නයකි.
මෑතකාලීන සංඛ්‍යා ලේඛන කවරක් වෙතත් 2004 වර්ෂය වන විට ඇමරිකා එක්‌සත් ජනපදය, උතුරු යුරෝපය, කැනඩාව හා දකුණු කොරියාවේ ආධාර ලබන මූලධර්මවාදී පල්ලි 456 ක් මෙරට පිහිටුවා තිබිණි. 2016 දී එය කොපමණ ප්‍රමාණයකින් වැඩිවී ඇත්දැයි නිවැරැදි තොරතුරු අප සතුව නැත. සමහර මූලධර්මවාදී සංවිධාන මෙරටට පැමිණෙන්නේ ආයෝජන මණ්‌ඩලය හරහාය. වර්තමාන යහපාලන ආණ්‌ඩුවේද ඉවැන්ජලිකල් ඇමැතිවරු සිටිති.
හිටපු ඇමරිකානු ජනපති ජෝර්ඡ් බුෂ් මූලධර්මවාදී බෝර්න් එගේන් නිකායේ සාමාජිකයකු බව ප්‍රකට කරුණකි. ඇමරිකා එක්‌සත් ජනපදයේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටෙඡ් මහතා නිව්ස්‌වීක් සඟරාවට ප්‍රකාශ කර තිබුණේ තම ජනාධිපතිවරයා වටේ සිටින්නේ වවුලන් පිරිසක් බවයි. වවුලන් ජීවත් වන්නේ පහතට එල්ලී වැටෙන ලෙස නිසා බුෂ් වටා සිටින නිලධාරීන්ටද සියල්ල පෙනෙන්නේ උඩු යටිකුරු ලෙස බව හෙතෙම පවසා තිබිණි. දහවලදී නිදාගන්නා මොවුන් රාත්‍රියේදී මතුරමින් යන බවත් ආමිටේඡ් හෙළිකර තිබිණි. හිටපු ජනපති බුෂ් වටා සිටින ප්‍රධාන කණ්‌ඩායම ආගමික මූලධර්මවාදීන් බව හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා හෙළිකර තිබිණි. ජනපති බුෂ්ගේ ආගමික අන්තවාදය නිසා ලෝකයට සාමය අත්වූයේ නම් නැත.
කවරක් නමුත් මෙම මූලධර්මවාදී ආගමික ආක්‍රමණය ප්‍රවේශමෙන් වටහා ගත යුතුය. ජීවිතය වෙනස් කිරීමට නොමිලයේ ලැබෙන ග්‍රන්ථ කියවුවද ඒ හරහා වෙනසකට ජවයක් දීමට එක්‌විය යුතු නැත. මෙරට බෞද්ධ නායකයන් විශේෂයෙන්ම මහා සංඝරත්නය වහා ක්‍රියාත්මකව අදිසි ලෙසින් ක්‍රියාත්මක වන මෙම ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන බෞද්ධයන් දැනුවත් කිරීම වඩා කාලෝචිත බව සටහන් කළ යුතුය.
චතුර පමුණුව
http://www.divaina.com/2016/03/20/feature08.html
Pic Source
0 comments:
Post a Comment