නෙත් සිත් එක පැහැර බැඳ ගන්නා භූ විෂමතා ලක්‌ෂණවලින් සැදුණේ වූ පරිසරයක ගමන් කරමින් හිඳිමු. හාලිඇල මංසන්ධියෙන් හැරී ඉදිරියට කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය පසු අපේ අරමුණට ළඟා වීමු. එය බදුලු දිස්‌ත්‍රික්‌කයේ ආරක්‌ෂා වී ඇති අතීත උරුමයන්ගෙන් එක් සුවිශේෂ වූ ස්‌ථානයකි. මේ බෝගොඩ රජමහා විහාරයයි.
ක්‍රිස්‌තු පූර්ව පළමු වන සියවස දක්‌වා දුරාතීතයකට හිමිකම් තිබෙන බව සැලකෙන බෝගොඩ රජමහා විහාරය ලංකාවේ ඇති බොහෝ රජමහා විහාරවල පිහිටුමට වඩා තරමක් වෙනස් පිහිටුමක තිබෙන විහාරස්‌ථානයකි. වර්තමානය වන විට විහාරස්‌ථානයට ළඟා වීමට ඇති මාර්ගය තරමක් සකසා තිබුණත් අතීතයේදී බෝගොඩ රජමහා විහාරය යනු බොහෝ දෙනකුගේ නෙත්වලින් සැඟව පැවති හුදකලා පූජා භූමියක් බවට අදටත් වටහාගත හැකි වේ. අදත් මෙම භූමිය අසලට ළඟා වන තෙක්‌ම බෑවුම් සහිත භූමියක තුරු ලතාවන්ගෙන් වසා හිඳින මෙම විහාරස්‌ථානයේ කිසිදු ගොඩනැඟිල්ලක් දුරක සිට දැකිය නොහැකි වේ. ඇත්තෙන්ම බෝගොඩ රජමහා විහාරය මෙවැනි අපූර්ව පරිසරයක නිර්මාණය වීමට හේතු වී ඇත්තේද අතීතයේදී ගමක බෞද්ධ විහාරස්‌ථානයක් ඉදිකිරීමේදී සියලු දෙනාගේ ඇස ගැටෙන සේ ගමේ උස් ස්‌ථානයක එය ස්‌ථාපිත කිරීමේ සංකල්පයට හාත්පසින් වෙනත් වුවමනාවක් මත මෙම විහාරස්‌ථානය ඉදිවීම බව සිතිය හැකි වේ.
විහාරස්‌ථානයක් ලෙස වැඩි දියුණු වීමට පෙර අතීතයේදී මෙම භූමිය වැදගත්ව ඇත්තේ එහි ඇති ඉපැරණි ලෙනත් එයට යාබදව පවතින ගුප්ත උමං මාර්ගයත් හේතුවෙනි. මෙම ලෙනේ ඉතිහාසය ක්‍රි. පූ. පළමු වන සියවස දක්‌වා ඈත අතීතයකට දිවෙන බව අවිවාදිතව පිළිගැනේ. එහෙත් එය මුලින්ම පරිහරණය කළේ කවුරුද යන්න පිළිබඳ මත කිහිපයක්‌ම පවතී. ඒ අතරින් ප්‍රබලම මතය වන්නේ තිස්‌ස නමැති ප්‍රාදේශීය පාලකයෙක් බ්‍රහ්මදත්ත නම් හිමිනමකට මෙය සඟ සතු කොට පූජා කළ බවකි. අදටත් එම ලෙනේ ශේෂව පවතින බාහ්මි අක්‌ෂර සෙල්ලිපිය එම මතය වඩාත් තහවුරු කරන බව බෝගොඩ විහාරය පිළිබඳ ඇති පතපොතේ සඳහන් වේ. ඒ පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ තිස්‌ස නමැති ප්‍රාදේශීය නායකයාගේ පුත් බ්‍රහ්මදත්ත විසින් භද්දිය ස්‌ථිවිරයන්ට මෙම ලෙන පූජා කළ බවකි.
මෙම අතීතයෙන් පසු බෝගොඩ විහාරස්‌ථානයේ ලෙන වඩාත් වැදගත් වන්නේ සොළි ආක්‍රමණවලින් බේරීමට කලක් වනගතව සිටි වළගම්බා රජතුමා මෙම ස්‌ථානයේ සැඟව සිටීම හේතුවෙනි. එම කාලයේදී මෙම ස්‌ථානය ලෝකයාගෙන් වහන්ව සිටීමට කෙනෙකුට පැවති සුදුසුම අතිශය රහස් භූමියක් බව එය පිහිටුමෙන්ම පෙනේ. එම රහස්‍ය භාවය තව තවත් වැඩි කර ඇත්තේ ගුහාවට යාබදව ඇති රහස් උමං මාර්ගයයි. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇති ගුප්ත උමං මාර්ගවල දොරටුවක් වන බෝගොඩ විහාරස්‌ථාන උමං පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ කෙනෙකුට එතැන් සිට කිලෝමීටර් 14 ක දුරකින් ඇති දෝව රජමහා විහාරයටත් එපමණ දුරකින් පවතින නාරංගල කන්ද දක්‌වාත් අතීතයේදී ගමන් කළ හැකිව තිබූ බව පැවසේ. දෝව රජමහා විහාරය වළගම්බා රජතුමා සැඟව සිටි ස්‌ථානයක් ලෙස පිළිගැනීමත් එම විහාරස්‌ථාන භූමියේ ඇති උමං මාර්ගය බෝගොඩ රජමහා විහාරස්‌ථානය පිහිටි බටහිර දෙසට විහිද පැවතීමත් ඉහත කී උමං මාර්ගයේ ගමන් මඟ සනාථ කරන්නක් බව තහවුරු වේ.
මේ සියලු පෞරාණික වටිනාකම්වලින් පරිබාහිර වුවද බෝගොඩ රජමහා විහාර භූමිය පුරාවිද්‍යා වටිනාකම් රාශියකට උරුමකම් කියන බව දන්නෝ දනිති. එම උරුමයන් අතරින් සුවිශේෂ නිර්මාණයක් ලෙස සැලකෙන දැවයෙන් නිම වූ බෝගොඩ පාලම වර්තමානයට උරුමව ඇත්තේ සම්පූර්ණයෙන් දැවයෙන් නිර්මාණය කළ ලෝකයේ ඇති සුවිශේෂි නිර්මාණයක් ලෙසිනි. විහාරස්‌ථානය අසලින් ගමන් කරන ගල්ලන්ද ඔය හරස් කරමින් අතීතයේදී බදුල්ලත් මහනුවරත් අතර පැවති පැරණි මාර්ගය එක්‌කර මෙම පියෑස්‌සක් සහිත දැව පාලම ඉදිකර තිබේ. 16 වන සියවසට අයත් දඹදෙණි යුගයේදී ඉදිකළ බවට සැලකෙන මේ අගනා උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මුරකරුවෙකුගේ හෝ ආරක්‌ෂාවක් නොමැතිව අද ද හුදකලාව ආරක්‌ෂා වී පවතින්නේ බෝගොඩ රජමහා විහාරයේ වැඩවාසය කරන යන් නිස්‌සරණාධ්‍යාශයෙන් කරන කැප කිරීම හේතුවෙනි. ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන දැනට රෝගාතුරව හිඳින උන්වහන්සේ මේ පෞරාණික භූමියේ හෙට දවස පිළිබඳ කියන කතාව මෙහි අනාගත උරුමය පිළිබඳ අවිනිශ්චිත හැඟීම් මතු කරන්නකි.
"පුරාවිද්‍යා ස්‌ථාන රකින්න කියලා සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවට පසුගිය දවසක ජනාධිපතිතුමා කියලා තිබුණා. ඒත් කවුරුත් තාම මෙතෙන්ට ආවේ නෑ. ඇහුවහම එයාලට ඒ කාලෙ තිබුණ නැති ප්‍රශ්න දැන් තියනවා. මම කාලයක් ඉඳන් කියන්න ඕන හැම තැනකටම කියනවා පාලමේ ආරක්‌ෂාවට ආවරණයක් ඉදිකරන්න කියලා. ඒත් ඒක නොකරන එකෙන් මේක අව්වට වේළෙනවා. වැස්‌සට තෙමෙනවා, තව කොච්චර කාලෙකට ඕක ඔරොත්තු දෙයිද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියලා මෙහෙ කිසි නිලධාරියෙක් නෑ. පාලමේ මොකක් හරි ප්‍රතිසංස්‌කරණයක් ආවම ඕකට මැදිහත් වෙන්නෙත් අපි. දෙපාර්තමේන්තුව කරන්නෙ පුහුණු සේවකයන් කිහිප දෙනෙක් දෙන එක. අපි ලී ගෙනල්ලා දෙන්නත් ඕන. නුපුහුණු සේවකයන් දෙන්නත් ඕනෑ. එයාලාට කන්න බොන්න ඉඳුම් හිටුම් දෙන්නත් ඕන. හරි ඒකත් කරා කියමුකො. ඒත් මේ වගේ ලෝක උරුමයක් ලෝකයට පෙන්වන්න කෝ වැඩපිළිවෙළක්. බදුල්ලේ ඉඳන් මෙහෙට එන්න තියන පාර හදලා දෙන්න කියලා ගිය ආණ්‌ඩුවෙන් ඉල්ලුවාම පාර හදන්න පාර කැඩුවා. අන්තිමේදී තිබිච්ච පාරත් නෑ. රාජ්‍ය උත්සව තියන කොට නම් හැමෝම එනවා මෙතන ෆොටෝ ගහනවා හැබැයි එච්චරම තමයි. එහෙම වෙනත් රටවල මේ වාගේ පෞරාණික උරුමයක් තියනවා නම් ඒක ලෝකයට ගෙනියන්නෙ. සත පහක දෙයක් අපේ පෞද්ගලික සුඛ විහරණයට ඕවා පෙන්නලා අපි අරන් නෑ. ඒ නිසා මට බයක් නැතිව කියන්න පුළුවන්. බෝගොඩ පුරාවිද්‍යා වටිනාකම් තියෙන්නෙ හුදකලා වෙලා. කිසි කෙනෙක්‌ට ඒක ගානක් නෑ.
බෝගොඩ රජමහා විහාරයේ විහාරාධිපති ඇටම්පිටියේ රාහුල හිමියන් ඒ චෝදනා සහගතව පැවසූ අදහසයි. උන්වහන්සේ පවසන දේ අතිශයෝක්‌තියක්‌ද නොවේ. මේ අගනා නිර්මාණය අද දවසේ පවතින්නේ කිසිදු ආරක්‌ෂාවක් නොමැති පරිද්දෙනි. ඒ නිසාම දෝව කවුරුන් හෝ නරුමයන් ටිකක් මේ නිර්මාණය නැරඹීමට පැමිණ ඔවුන්ගේ වෘෂභ නාමයන් මේ උත්තුංග නිර්මාණයේ දැව කඳන් මත කොටා ගොස් තිබේ. සංචාරකයන් විලසින් පැමිණි තවත් නරුමයන් පිරිසක් එක් වතාවකදී විහාරස්‌ථානය සතු ඉපැරණි ඝණ්‌ටාරය සොරා ගියද කුමන හෝ හාස්‌කමකට මෙන් ඝණ්‌ටාර සොරුන්ම එය නැවතත් විහාරස්‌ථාන හිමියන්ගේ පා අභිමුව ගෙනවුත් සමාව අයෑද තිබේ. දැව පාලමට මුහුණලා පිහිටි විහාරයේ ඇති ඉපැරණි විෂ්ණු දේව ප්‍රතිමාවට කන්නලව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දේව හාස්‌කමකින් සොරුන්ම නැවත ඝණ්‌ටාරය ගෙනත් දුන් බව එම දේවාලයට උදේ හවා පුද පූජා කරන දේවාලයේ මුරකරු විශ්වාස කරයි. වලගම්බා රජු විසින් තමන්ගේ හින්දු භක්‌තික භාර්යාවට පුද පූජා කිරීමට නිර්මාණය කළ මෙම විෂ්ණු දේව ප්‍රතිමාව පිහිටි ගලේ නෙළන ලද්දකි. විහාර ගෙයි ඇතුළත පිහිටි එය අද දවසේ දැකිය හැක්‌කේ ජනේල කළුවකිනි. ඒ මුල් කාලයේදී නිරාවරණයට පැවති විෂ්ණු දේව ප්‍රතිමාවේ සිරස කවුළුවකින් පෙනෙන සේ පමණක් බිත්තියකින් ආවරණය කර ඇති බැවිනි. අද විහාරගෙහි සැතපෙන බුදු පිළිම වහන්සේට පිටුපසින් මේ විෂ්ණු දේව ප්‍රතිමාව දැකගත හැකි වේ.
මෙම ස්‌ථානය බෞද්ධ විහාරයක් ලෙස වැඩි දියුණුව ඇත්තේ සොළින් පළවා හැර වලගම්බා රජු නැවත බලයට පැමිණ ඔහුගේ අනුග්‍රහයෙනි. නමුත් වර්තමානයේ දැකිය හැකි බෝගොඩ විහාරයේ ආවාස ගෙය සහ පිළිම වහන්සේලා මහනුවර යුගයට අයත් බව සැලකේ. විශේෂයෙන් මෙම විහාරයේ පිවිසුමේ ඇති මකර තොරණ ලෝකයේ ඇති දුර්ලභ ගණයේ නිර්මාණයකි. ඊට හේතුව මකර තොරණේ ඇති සිංහ කටවල් සාමාන්‍ය මකර තොරණක මෙන් මුහුණට මුහුණ නොව මෙම නිර්මාණයේ සිංහ කටවල් ඉදිරියට තිබෙන සේ නිර්මාණය කර තිබීමයි. එවැනි දුර්ලභ පුරාවිද්‍යා වටිනාකමින් යුතු බෝගොඩ රජමහා විහාරය අද මෙරට මෙන්ම විදේශ සංචාරක ආකර්ෂණය අතින් පහළ තැනකට වැටී ඇත්තේ මෙහි අගය ලොවට හඬගා පෙන්වීමේ වගකීම ඇති බලධාරීන්ගේ නිද්‍රශීලී පිළිවෙත හේතුවෙනි. අඩුම තරමින් වත්මන් පරපුරට හෝ මේ අතීත උරුමය පිළිබඳ හැඟීමක් ඇති කිරීම තවදුරටත් පමා කළ යුතු නොවේ. නොමැති නම් මේ උරුමයේ හෙට දවස හුදකලාවම අඳුරට වැසෙනු ඇත.
(මේ ගමනට නිති උපකාර කළ වී. එම්. හේමරත්න මහතාට තුති)
තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2017/04/30/feature21.html

0 comments:
Post a Comment