Pages

Friday, April 21, 2017

නැඟෙනහිර සිංහලයන් අසරණයි!

මඩකලපුව සිංහලයන්ට රජයෙන් නිසි සහනයක්‌ නැහැ. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියන් ඒ ගැන මෙහෙම කීවා.

පුළුකුණාව, කෙවිලියාමඩුව, මංගලගම, සින්නවත්ත, සිප්පිමඩුව, දිවුලපොතාන සහ ඒරාවුර් ආදී ප්‍රදේශවල ජීවත් වන සිංහලයාගේ තත්ත්වය ඉතා කනගාටුදායකයි. ඒ ජනතාව අන්ත අසරණ වෙලා. ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු තත්ත්වයක්‌ ඇති කරලා දෙන්න බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. යුද්ධයෙන් මේ ජනතාව බැට කාලා ගෙවල් දොරවල් අත්ඇරලා පණ බේරගෙන ගිය උදවිය නැවත ආපුවහම ගැටලු ගොඩක්‌ මතුවෙලා තියෙනවා. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ගම්මානවල ජනයාගේ පදිංචිය පිළිගන්නේ නැහැ.

ඒ නිසා සමහර පිරිසකට රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය, ජන්ද අයිතිය සහ සමහරකුට ග්‍රාමසේවක වාර්තාවක්‌වත් ගන්න බැරිවෙලා තියෙනවා. මේ වෙන කොට කෙවිලියාමඩුව ගම්මානයේ සිංහල පවුල් කිහිපයක්‌ ගමෙන් අයින් කරන්න නඩු දාලා උසාවි නියෝගත් අරන් තියෙනවා. තවත් පවුල් රැසක්‌ අනවසර පදිංචිකරුවන් කියලා උසාවියෙන් අයින් කරන්න හදනවා.

මේ ගම්වල එදා සිටි සිංහලයන්ගේ ඉඩකඩම්වලට හොර රහසේ ඔප්පු හදනවා. ඒ ඉඩකඩම් බලෙන් අල්ලනවා. නමුත් ඒ ගැන සොයා බලන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. මේ ප්‍රදේශවල දෙමළ සහ මුස්‌ලිම් ප්‍රාදේශීය ලේකම්වරුන් සිටින්නේ. ඒ නිසා ඒ අය සිංහලයන්ට නිසි සාධාරණයක්‌ ඉටු කරන්න වැඩ කරන්නේ නැහැ. සියලුම නීති රීති සිංහලයට පමණයි.

* දෙමළ-මුස්‌ලිම් පැතිවල රාජ්‍ය ආයතනවලට සිංහල නිලධාරීන් දාන්න 

අම්පාර දිස්‌ත්‍රික්‌කය ගත්තම ආසන හතරක්‌ තියෙනවා. සමන්තුරය, පොතුවිල, කල්මුණේ යන ආසනවල පරිපාලන කටයුතු කරන්නේ දෙමළ සහ මුස්‌ලිම් නිලධාරීන්, ඒ අය බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් සිංහල ජනතාවට පය ගහන්න තිබෙන එකම ප්‍රදේශය අම්පාර ආසනය පමණයි. ඒ තියෙන රාජ්‍ය ආයතනවලට අන්‍ය ජාතීන් ඇවිල්ල ඉන්නේ. නමුත් අපේ සිංහල ජනතාව වෙසෙන අනෙක්‌ දෙමළ සහ මුස්‌ලිම් වැසියන් බහුතරයක්‌ පදිංචිව ඉන්න ප්‍රදේශවලට සිංහල නිලධාරීන් නැහැ. ජනාධිපතිතුමා කීවා සිංහල ජනතාවගේ ගැටලු විසඳන්න උප කාර්යාල දාන්න. සිංහල නිලධාරීන් පත්කරන්න කියලා. නමුත් ඒ සඳහා අදාළ අමාත්‍යංශවල නිලධාරීන් කටයුතු කළේ නැහැ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුරාවස්‌තු ආරක්‌ෂා කිරීම සම්න්ධයෙන් පැවති රැස්‌වීමේදී බුද්ධශාසන ඇමැතිතුමත් වාර්තාවක්‌ ඉදිරිපත් කළා. ඒ අවස්‌ථාවේදී සාකාච්ඡා කළ දේවල්වලට විසඳුම් තවමත් ලැබුණේ නැහැ. නමුත් සිංහල පැතිවල රාජ්‍ය ආයතනවලට දෙමළ සහ මුස්‌ලිම් අය දමනවා නම් ඒ පැතිවල රාජ්‍ය ආයතනවලට සිංහල අය නොදමන්නේ ඇයි.

නමුත් පුරාවිද්‍යා ස්‌ථාන ආරක්‌ෂා කරන්න සිවිල් ආරක්‌ෂක භටයන් යොදවන්න ජනාධිපතිතුමා ගත්ත හොඳ තීරණයක්‌. ඒ අනුව ඒ කාර්ය වෙලා තියෙනවා යෑයි සෝමරතන නාහිමියෝ පවසා සිටියා.

සුසන්ත අමර බන්දු
http://www.divaina.com/2017/04/21/feature03.html

Pic Source - Lankadeepa

0 comments: