Pages

Monday, April 10, 2017

ශ්‍රී ලංකාව යනු ඉන්දියන්කාරයන්ට අයත් බෝඩිමක්‌ ද?

1987 දී ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අත්සන් කරවා ගන්නා ලද ඉන්දු - ලංකා ගිවිසුමේ වගන්තියක මෙසේ සඳහන් යá ත්‍රිකුණාමල වරාය ඇතුළු ලංකාවේ වෙනත් කිසිදුÊවරායක්‌ ඉන්දියාවේ අයිතිවාසිකම්වලට අවහිර විය හැකි පරිදි වෙනත් රටකට ලබාදීම තහනම් ය. එසේම ත්‍රිකුණාමලේ තෙල් ටැංකි අලුත්වැඩියා කිරීම සහ පවත්වාගෙන යැම ඉන්දු - ලංකා හවුල් ව්‍යාපෘතියක්‌ ලෙස සිදු කෙරෙනවා ඇත.

අද ඉන්දු - ලංකා ගිවිසුම නැතත් එහි තිබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි වගන්තිය පමණක්‌ ශේෂව පවතී. අගමැති ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසු ඉන්දියන් හමුදාව ඉන්දියාවට පලවා හැරීමත් සමඟම ඉන්දු - ලංකා ගිවිසුමට යන එන මං නැති විය. එහෙත් ඉන්දියාව තෙල් ටැංකි වැඩේ අත්හැර දැමුවේ නැත. වසර 2002 දී මෙරට සිටි ඉන්දියන් මහ කොමසාරිස්‌ ද මේ තෙල් ටැංකි අතර නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණේය. එමතුදු නොව ටැංකිවලට තෙල් සපයන නැව් එන ජැටිය ද ඔහුගේ විපරමට ලක්‌ විය.

එයින් දින කිහිපයකට පසු ඉන්දියන් ඔයිල් සමාගම මේ ටැංකිවලින් කිහිපයක්‌ බදුÊගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්‌ඩලයට අයදුම්පතක්‌ ඉදිරිපත් කළේ ය. එකල ආයෝජන මණ්‌ඩලයේ සභාපති තනතුරේ වැඩ කළේ මෙකල රස්‌සාවට යනවා මෙන් දිනපතාම පාහේ බැඳුම්කර කොමිසම ඉදිරියට යන අර්ජුන මහේන්ද්‍රන් ය.

ඉන්පසුත් කාලයෙන් කාලයට "ඉන්දියාවට ත්‍රීමලේ තෙල් ටැංකි දීම" යන කතන්දරය මතු වූ නමුදු ටික දිනකින් යට ගියේය. රටේ සිටින දේශප්‍රේමී කොටස්‌ එම ඩීල් එකට විරුද්ධ වීම එම යට යැමට හේතු විය හැකි බව අපගේ වැටහීම ය. මේ අතර පසුගිය වසරේ ජූලි මාසයේ 17 වැනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කළ පෙට්‍රොaලියම් ඇමැති චන්දිම වීරක්‌කොඩි ඉන්දියන් ඔයිල් සමාගම සමඟ හවුලේ තෙල් ටැංකි 84 ක්‌ පරිහරණය කිරීම සඳහා සියල්ල සූදානම් බව පැවැසීය. මෙයින් හැඟී ගියේ 1987 දී රජීව් ගාන්ධිගේ සාක්‌කුවෙන් එළියට පැමිණ ඡේ. ආර්. ගේ සාක්‌කුවට රිංගූ ඉන්දියානු සර්පයා මේ ආණ්‌ඩුවේ සාක්‌කු එකක්‌ හෝ කිහිපයකින් එළියට පැමිණි බවය. මේ අතර කවුරු විරුද්ධ වුවද ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට්‌ රැස්‌වීමේදී පැවසූ බව සිකුරාදා දිවයිනේ මුල් පිටුවේ සඳහන් විය. ඒ අනුව පැහැදිලි වන්නේ තෙල් ටැංකි නාටකය එහි අවසාන ජවනිකාවට එළඹ ඇති බවත් එම තෙල් ටැංකි හදා ඇති චීනච්චට්‌ටි තරමට ම එයට අදාළ ඩීල් එක සවිමත් වී ඇති බවත් ය.

කවුරු එපා කිව්වත් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට හෝ විකිණීමට හෝ ගලවාගෙන යැමට හෝ ආණ්‌ඩුවට වුවමනා නම් ආණ්‌ඩුව එය කෙසේ හෝ කරනවා ඇත. 1977 න් පසු පත් වූ කිසිදු ආණ්‌ඩුවක්‌ ජනතා විරෝධයට හිස නමා ඇත්තේ තාවකාලිකව පමණි. මැතිනියගේ ජනසතු ව්‍යාපාර සියල්ලම ඡේ. ආර්.ගේ ආණ්‌ඩුව පුද්ගලික අංශයට වික්‌කේ ජනතා විරෝධයට පා පහර දෙමිනි. 1994 දී බලයට පත් වූ චJද්‍රිකා ආණ්‌ඩුවත් එසේම ය. රාජපක්‍ෂ ආණ්‌ඩුව රටේ දේපළ පිටරටට නොවික්‌කාට වෙනත් ගේම්වලින් රටට පාඩු කරවී ය. හැබැයි එසේ කියා ජනතාව නිහඬව සිටිය යුතු නැත. ආණ්‌ඩුවක්‌ ප්‍රතිගාමී වැඩ කරන විට වතුර පහරවල් නාගෙන, කඳුළු ගෑස්‌ භුක්‌ති විඳිමින් ජනයා එයට විරුද්ධ විය යුතුය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීම සමාන වන්නේ කුලඟන සමිතියක කාමරයක්‌ ස්‌ත්‍රී ධූර්තයකුට බදු දීමට ය. ඉතා කෙටි කලක්‌ තුළ මුළු මහත් කුලඟන සමිතියටම සමාජ රෝග බෝ කිරීමට ස්‌ත්‍රී ධූර්තයාට පුළුවන. අප රටක්‌ වශයෙන් මෙවැනි අවදානමක්‌ ගත යුතුද? ශ්‍රී ලංකාව යනු ඉන්දියන්කාරයන්ට අයත් බෝඩිමක්‌ ද?

http://www.divaina.com/2017/04/09/editorial.html

0 comments: