පොලොන්නරුව රාජධානිය 1235 බිඳ වැටීමෙන් පසු රජරට පිහිටා තිබූ අගනුවර වෙනස් වී නිරිතදිගට ඇදියැම ආරම්භ විය. එයට හේතු කීපයකි. කාලිංග මාඝ (ක්‍රි.ව. 1215- 1235) රජරට ශිෂ්ටාචාරය වැනසීම උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක් ආරම්භ වීම ඉන් ප්‍රධාන වෙයි. නිරිතදිග තෙත් කලාපයේ වඩාත් ආරක්‌ෂිත ප්‍රදේශවලට අගනුවරවල් වරින්වර වෙනස් විය. කුරුණෑගල අගනුවර බිඳ වැටීමෙන් පසු ලංකාවේ අගනුවර වූයේ ගම්පොළයි. ඒ 1341 දා සිට 1408 දක්‌වා අවුරුදු 67 කාලසීමාවකයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පළ කළ ලංකා ඉතිහාසය ග්‍රන්ථය අනුව ගම්පොළ මේ කාලය තුළ හතර වැනි බුවනෙකබාහු පටන් පස්‌වන බුවනෙකබාහු දක්‌වා රජවරු හතර දෙනෙක් රජ කළහ. එහෙත් කොඩ්රින්ටන්ගේ ලංකා ඉතිහාසය අනුව ගම්පොළ රාජධානිය 1344 ඇරැඹි 1408 දක්‌වා අවුරුදු 64 පැවැති අතර රජවරු හය දෙනෙක් රජ කළහ. එහි අන්තිමට රජකළ වීරබාහු හා වීර අලකේශ්වර පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය ග්‍රන්ථය රජවරුවන් ලෙස සලකා නැත.
ගම්පොළ රාජධානිය පැවැති කාලයේ උතුරේ යාපනය ආර්යය චක්‍රවර්ති රජවරුන්ගේ බලය වැඩි විය. එමෙන්ම ගම්පොළ හතරවැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1341-1351) රජකරන කාලයේම දැදිගම රාජධානියේ පස්‌වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1344-1359) රජ කළේය. තිසර සන්දේශය ලියවුණේ මෙම දැදිගම රජුට සුබපතමිනි. මුලින්ම ගම්පොළ බලය මෙහෙය වූ රජවරුන්ට වඩා සෙනෙවිවරු ප්‍රබල වූහ. මුලින්ම ගම්පොළ බලය මෙහෙයවූ සෙන්පතියා සේනාධිලංකාරයි. ඉන්පසු අලගක්‌කෝනාර පෙළපතයි. පරණවිතාන මහතා ලියූQ "අලකේශ්වර පරම්පරා පුස්‌තකය" අනුව ගම්පොළ යුගයේ වඩාත් ප්‍රබල වූයේ තුන්වැනි අලගක්‌කෝනාරයි. යාපනය රජුගේ ආධිපත්‍යය බිඳ දැමූයේ ඔහුය. අලගක්‌කෝනාර පරපුරේ බලකොටුව වූයේ ගම්පොළට සමකාලීනව පැවැති රයිගම රාජධානියයි. තුන්aවැනි අලගක්‌කෝනාරගෙන් පසු ප්‍රබල වූයේ ඔහුගේ බෑණා වූ නිශ්ශංක අලගක්‌කෝනාර ගම්පොළ රජකළ රජවරු මුලදී සේනාධිලංකාරගෙන් පසුව අලගක්‌කෝනාර පරපුර සමඟ විවාහ ගනුදෙනු මගින් නෑදැකම් පැවැත්වූ අයයි. උදාහරණ ලෙස ගම්පොළ පළමු රජු වූ හතරවැනි බුවනෙකබාහු සේනාධිලංකාරගේ සහෝදරිය පාවාගෙන සිටියේය. මයුර සන්දේශය අනුව ගම්පොළ අවසාන රජුවූ පස්‌වැනි බුවනෙකබාහු තුන්වැනි අලගක්‌කෝනාරට දාව ජයසිරි බිසව ලද පුතෙකි. මයුරයේ ගම්පොළ රජකළ හතරවැනි බුවනෙකබාහු රජු - ඔහුගේ මව වූ ජයසිරි බිසව එක් සාමාජිකයෙකු වූ අසා වර්ණනා කරයි. ජයසිරි බිසවගේ සම සැමියන් වූයේ අලගක්‌කෝනාර - දේවමන්ත්‍රී හා ඈපාය.
ගම්පොළ යුගයේ අගනුවර ලෙස ගුරුළුගෝමීන්ගේ මුණුබුරු කවිශ්වර ලියූ මයුර සන්දේශයේ කවි හතකින් ගඟසිරිපුර වර්ණනා වෙයි. එහෙත් ගඟසිරිපුර යනුවෙන් එදා අදහස් කළේ අද ඇති ගම්පොළ නගරය නොවේ. එමෙන්ම ගම්පොළ කල ලියවුණු පොත්වල අගනුවරක් ලෙස තිබිය යුතු අනිවාර්ය අංගයක් වූ දළදා මැඳුර ගැන කිසිවක් නොකිය වෙයි. එහෙත් සිංහල දළදා වංශය අනුව ගම්පොළ කල දළදා හිමි වැඩසිටියේ ගම්පොළ ආසන්නයේම පිහිටි නියම්ගම්පාය රජමහා විහාරයේ බව සනාථ වෙයි. නියම්ගම්පාය ශිලා ලිපිය අනුව මේ විහාරය මොටතිස රජු කල ආරම්භ විය. ඒ සුරතිස්‌ස රජු (ක්‍රි.පු. 247-237) හෝ කණිෂ්ඨතිස්‌ස රජු (ක්‍රි.ව. 167-186) යන දෙදෙනාගෙන් එක් අයකු විය හැක. ක්‍රි.ව. 888 ගෞතම නම් හිමිනමකගේ පරපුර නියම්ගම්පාය විහාරය දිගටම පාලනය කර ඇත. ගම්පොළ කල නියම්ගම්පාය අලුත්වැඩියා කොට වැඩි දියුණු කළේ 1373 ජයමාලේ සිටුය.
ගම්පොළ යුගයේ එදා අගනුවර වූයේ කුමක්‌ද? යන්න සොයා බලමු. අද ගම්පොළ නගරය පිහිටා ඇති නගරය මොල්ලිගොඩ නම් ගමේ පිහිටා ඇත. පැරණි ගම්පොළ නගරය අඩි 2540 උස අම්බුළුවාව කන්ද පාමුල නියම්ගම්පාය විහාරය අවට පිහිටි ගොඩගම නුවර පිහිටා තිබිණි. පැරණි උඩරටට අයත් "ගොඩරට" පිහිටා තිබුණේ මේ ගොඩගම නුවර මුල්කර ගෙනයි. අම්බුළුවාවකන්දට ඒ නම ලැබුණේ කන්දේ සිට පහළට ගලා ආ තිහකට කිට්‌ටු ජලදහරා නිසාය. "අම්බු" යනු ජලයයි. එමෙන්ම නෙල්ලි ගස් බහුලව තිබීම හෝ අම්බරුවන් ලැඟීම මේ නම ලැබීමට තවත් හේතුවූවා විය හැක. එදා ගොඩගම නුවර උඩවාහල, මැදවාහල, පල්ලේවාහල යනුවෙන් රාජමන්දිර තුනක් තිබී ඇත. අද ඒවා විනාශ වී ගොස් රබර් වගාවට යටවී ඇති බව වරසම්බෝධි හිsමි ගම්පොළ ඉතිහාසය ග්‍රන්ථයේ කියයි. රජමැඳුර ආරක්‌ෂාවට දුනුවායන් රැඳී සිටි ස්‌ථානය අදත් දුනුවාහල නම් වෙයි. මෙම රජමැඳුරුවලට අයත් ගජසිංහ රූප දෙකක් ඉතිරිව තිබිණි. සිංහපිටිය නමැති ප්‍රදේශයට ඒ නම ලැබුණේ මෙම ගජසිංහ රූප දෙක නිසාය. ඉන් එක් ගජසිංහ රූපයක් කාලයක් ගම්පොළ වල්ලහගොඩ දේවාල බිමේ තිබුණු බව "කඳුරට ප්‍රවේණිය" ග්‍රන්ථය කියයි. පසුකල මෙම ගජසිංහ රූප දෙකම මහනුවර ජාතික කෞතුකාගාරයට රැගෙන ආ බව කහටපිටියේ ධීරානන්ද හිමි ලියූ "ගම්පොළ යුගය" ග්‍රන්ථය කියයි.
ගොඩගම නුවර එදා අනුරාධපුර ජයසිරිමා බෝධියෙන් ගෙනා ශාඛාවක් රෝපණය කොට ඇත. අද රත්මල්කඩුව බෝධිය යනු එම බෝධියයි. ගම්පොළ කල ගඩලාදෙණිය විහාරය කරවූ සීලවංශ හිමි ගඩලාදෙණිය කරවීමට පෙර වාසය කළේ මෙම ගොඩගමනුවර "මාලතිමාලසේල" නම් ආරාමයේය. එමෙන්ම ගොඩගම නුවර පසුකල වනවිට රාජාධි රාජසිංහ රජු ඇල්දෙනිය රාජකරුණා ශිල්පාදිකාරි ලවා පොල්වත්ත විහාරය කරවා ඇත. මෙම පැරණි පොල්වත්ත විහාර බිමේ 1928 ආරම්භ කළ බුවනෙකබාහු පිරිවෙන අදත් ගම්පොළ ඇති ප්‍රකට පිරිවෙනකි. මේ අනුව එදා ගම්පොළ අගනුවර ලෙස පැවැතියේ අද ගම්පොළ සිට සැතපුම් දෙකක් පමණ ඈතින් පිහිටි සිංහගපිටිය ගොඩගමනුවර බව පෙනී යයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/04/30/feature11.html
Pic Source

0 comments:
Post a Comment