දමස්කස් නගරය ආශ්‍රිතව සිදුවූ බව කියවෙන රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස සිරියාවට එරෙහිව බලය යෙදීම සඳහා තීරණ ගත හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් පවසයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා ප්රමුඛ වගකීම පැවරී ඇත්තේ ආරක්ෂක මණ්ඩලයට බවයි.
මිලිටරි බලය යෙදිය හැක්කේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 51වන වගන්තිය ප්‍රකාර ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක් ලෙසින් හෝ ආරක්ෂක මණ්ඩලය අනුමත කළ විටකදී පමණක් බව මහලේකම්වරයාගේ අවධාරණය කර තිබේ.
රසායනික අවි භාවිතයක් ඉදිරියේදී නොවීමට වගබලා ගැනීමේ වැදගත්කම තමන් දන්නා නමුත් තවතවත් ලේ වැගිරිම් වැළැක්වීම සහ දේශපාලන විසඳුමට පහසුකම් සැලසීම අවත අවධානය ලක්කළ යුතු බවත් ඔහුගේ අදහසයි. ඕනෑම තත්වයකදී රසායනික අවි භාවිතය දරුණු ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් බවත් යුධ අපරාධයක් බවත් පවසන බැන් කී මූන් ආසන්න සිදුවීම ජාත්‍යන්තර ප්‍රජාව අවදි කරන්නක් වූ බව පවසා තිබේ.
තම සංවිධානයට අයත් රසායනික අවි පරීක්ෂණ කණ්ඩායම විසින් සිදුකළ පරීක්ෂණ අපක්ෂපාතී නිගමනයන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කන බව ඔහු සඳහන් කර ඇත. මේ අතර අගෝස්තු 29දින ආරක්ෂක මණ්ඩල නිත්‍ය සාමාජිකයන්ගේ හමුවක් පැයකටත අඩු කාලයකදී බිඳ වැටී ඇතැයි පැවසේ. ඇමරිකාව, බි්රතාන්යය සහ ප්‍රංශය සිරියාවට පහර දිය යුතු යන ස්ථාවරය දරන අතර චීනය සහ රුසියාව ඒ වෙත දැඩි විරෝධය පළ කර තිබේ.
2011 මාර්තු සිට මේ දක්වා සිරියාවට මිලිටරි මැදිහත්වීම් සහ සම්බාධක පිළිබඳ යෝජනා ඉදිරියේ තෙවරක් චීනය සහ රුසියාව තම නිෂේධ බලය භාවිතා කර ඇති අතර මේ අවස්ථාවේදීද අවශ්‍ය වුවහොත් නිෂේධ බලය යොදන බව තහවුරු කර ඇත.
September 5, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100603/

0 comments:
Post a Comment