සිරියාවට පහරදීමට තීරණයකට එළඹීමට පෙර කුමන රසායනිකයක භාවිතා කළේද සහ ඒ කව්රුන් විසින්ද බව තහවුරු කරන විශ්වාසනීය සාක්ෂි අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමේ වාර්තාව නිකුත්වන තුරු හෝ බලා සිටිය යුතු බව ඔහුගේ අදහසයි.
සිරියානු හමුදාව කැරලිකරුවන් පරාජය කරමින් ඉදිරියට යන අතරවාරයේදී රසායනික අවි භාවිතා කළේ නම් එය හාස්‍යජනක ක්‍රියාවක් බව පුටින් දක්වා ඇත. එවැන්නක් සම්බාධක හෝ තමන්ට එරෙහි ප්‍රහාරයක් සඳහා හේතු විය හැකි බව ඔවුන් හොඳින්ම දන්නා බැවින් එම ප්‍රහාරය සිදුකළේ සිරියානු රජය බව පැවසීම අතිශය අතාර්කික සහ මුග්ධ තීරණයක් බව ඔහු පවසා තිබේ.
රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඒ පිළිබඳ සාක්ෂි යම් කිසිවකු සතුව ඇත්නම් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටත් එහි විමර්ශකයන්ටත් ඉදිරිපත් කළ යුතු බවයි. ඇමරිකාවේ සමහර විශේෂඥයන් පවා රජයේ වාර්තාවට පටහැනි ව මෙම ප්‍රහාරය තම අනුග්රාහකයන්ගේ මැදිහත්වීම ලබාගැනීම ඉල්ක්ක කරගත් කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බව පවසන බව පුටින් පවසයි.
ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ සැසිවාරයේදී මන්ත්‍රීවරයෙකු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිරියාවේ අල් කයිඩා සංවිදානය ක්‍රියාත්මක නොවන බව ජෝන් කෙරී පැවසූ බවත් එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් රුසියානු ජනාධිපතිවරයා දක්වා ඇත. එය බොරුවක් බව රාජ්‍ය ලේකම්වරයා පවා දන්නා බව ඔහුගේ අදහසයි.
ප්‍රහාරය පිළිබඳ පළවූ වීඩියෝ දර්ශන සාහසික බව දක්වන පුටින් පවසා ඇත්තේ තමන් ගණුදෙනු කරන්නේ නීත්‍යානුකූල රජයක් සමග බැවින් ඒ වෙත යුධ අවි ලබාදීමට බාධාවක් නොවන බවයි. S-300 මිසයිල පද්ධතිය ලබාදීම දැනට තාවකාලිකව අත්හිටුවා ඇතිමුත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන බව ඉදිරියේදී දැකගත හැකි වුවහොත් එවැනි සංවේදී අවි එම කලාපයට ලබා දෙන බවත් ඔහු පවසා තිබේ.
ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ රුසියානු s-300 මිසයිලය සිරියානු යුද්ධයකදී තීරණාත්මකම අවිය වනු ඇති බවයි. මෙතෙක් ලොව බිහි වූ සාර්ථකම ගුවන් යානා නශක අවියක් වන මෙම මිසයිලය බටහිර රටවල යුධවාදී තීරණය යම් තිගැස්මතට ලක් කරනු ඇතැයිද පවසන ඔවුන් සිරියාවට මෙහි මුල් මිසයිල පද්ධතිය ලැබණු සැනින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර අත්හිටවූ බවද පෙන්වා දෙයි.
September 5, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100593/

1 comments:
පුටිමා ඔව්වා දීලා කොරයි කියලා තමයි බය. අද සැප්තැම්බර් 7 යි. ඔක්තෝබර් 7 වෙනකොට සිරියාව අල්ලලා ඉවරයි ඇමරිකන් කාරයා. පුටිමා ට ඔක්තෝබර් විප්ලවය සමරන්න වෙන්නේ නැට්ට පුකේ ගහගෙන.
Post a Comment