වර්තමානයේදී ශ්‍රී ලංකාව අවදානම් තත්ව පහකට මුහුණදෙමින් සිටින්නේ යයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ ආරක්ෂක සමුලූවේ ප්‍රධාන දේශන සිදුකරමින් ගෝඨාශය රාජපක්ෂ මහතා පැවසුවේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට එල්ල වන තර්ජන ඉන් පළමු අවදානම බවයි. මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක්‍රියාවන්ද ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් යයිද ඒමහතා කියා සිටියේය.
නාවික ක්ෂේත්රයේ ඇති වී තිබෙන ගැටලූකාරී තත්ව සහ සංවිධානාත්මක අපරාධ ශ්‍රී ලංකාව මුහුණදෙන්නා වූ තවත් අභියෝග කිහිපයක් බවද එහිදී කී රාජපක්ෂ මහතා රට තුළ පවත්නා වූ විරෝධතා ව්‍යාපාරද අවදානම් සහගත ලෙසට හඳුනාගෙන ඇතැයි කියා සිටියේය.
රටේ ඉදිරි අනාගතය රජය වර්තමානයේ ගනුලබන තීරණ තීරණය වෙනු ඇති බවද පැවසූ ආරක්ෂක ලේකම්රයා උතුරේ හමුදා ඉවත් කර ගැනීම සිදුකෙරෙන්නේ ක්‍රමක්‍රමයෙන් බවත් අවසන් සටනේදී ආරක්ෂක හමුදා සිතා මතා සිවිල් වැසියන් ඉලක්ක කර නොගත් බවත් සඳහන් කලේය.
පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීම ඉලක්ක කරමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන සඳහා රටවල් සියයක ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවයේ නිළධාරීන් දෙසිය දෙනෙකු සහභාගී වී සිටිති.
September 3, 2013 at 1:32 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100497/

0 comments:
Post a Comment