සිරියාවට එරෙහි ඇමරිකානු ප්‍රහාරයක් මධ්‍යයේ ඇතිවිය හැකි ඕනෑම තත්වයකට මුහුණදීමට ඊශ්‍රායලය සූදානම් බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිරියාව විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගත් මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත් එයට මුහුණදීම සඳහා ටෙල් අවිව් නුවර ආශ්‍රිතව අයන් ඩෝම් මිසයිල නාශක පද්ධති ස්ථානගත කර ඇති බව වාර්තා වේ. මෙම පියවර ගෙන ඇත්තේ පේටි්රයටි සහ ඇරෝ මිසයිල පද්ධති සීරුවෙන් තැබීමට අමතර ලෙසිනි.
මේ අතර උතුරුදිග ප්‍රදේශවල සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ සති අන්ත නිවාඩු අවලංගු කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව තීරණය කර ඇති අතර ගුවන් හමුදාව, බුද්ධි අංශය තුළ ක්‍රියාත්මක වැදගත් ඒකක වල සෙබළුන් වෙතද ඒ හා සමාන නියෝගයක් ලබාදී ඇතැයි පැවසේ.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ සිරියාවේ අභ්‍යන්තර ගැටළුවට මැදිහත්වීමට ඊශ්‍රායලයට අවශ්‍යතාවයක් නොමැති නමුදු ඊශ්‍රායල පුරවැසියන්හට හානි කිරීමට කිසිවකු සූදානම් වන්නේ නම් ඒ සඳහා අතිමහත් බලයකින් ප්‍රතිචාර දක්වන බවයි. ඇමරිකාවේ ප්‍රහාරයට සහය දීමට බි්රතාන්යය සහ ප්‍රංශය තුළ දැඩි විරෝධයක් එල්ලී ඇති අතර ඊශ්‍රායලය තුළ කර ඇති සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ජනගහනයෙන් 66.8%ක් ඇමරිකාව සහ යුරෝපය සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට සහය දක්වන බවයි.
ප්‍රහාරය නිසැකවම එල්ල වන බව 73%ක් සිතන අතර සමීක්ෂණයට ලක්කළ පුද්ගලයන්ගෙන් 71%ක්ම රසායනික ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක මුහුණු අවරණයක් මිලදී ගෙන ඇතැයිද අනාවරණය වී තිබේ.
September 3, 2013 at 1:45 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100480/

0 comments:
Post a Comment