Pages

Friday, September 6, 2013

'රසායනික අවි ප‍්‍රහාරය' - සාක්‍ෂි තිබේනම් ඉදිරිපත් කරන්න - රුසියාව

සිරියාවේ රසායනික අවි ප‍්‍රහාරයක් සිදුවූ බවට සාක්ෂි තිබේනම් ඒවා නොසගවා ඉදිරිපත් කළ යුතු බව රුසියානු විදේශ අමාත්‍ය ස්ර්ජි ලැව්රොව් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හදාරන ශිෂ්‍යයන් අමතමිනි.

සැබැවින්ම සාක්ෂි පවතී නම් ඒවා ප‍්‍රසිද්ධ කළ යුතු බවත් යුද්ධය සහ සාමය පිළිබඳ ගැටළුවකදී මෙම ක‍්‍රීඩාව නොගැලපෙන බවත් රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අදහසයි.

අගෝස්තු 21 සිදුවූ බව කියවෙන රසායනික අවි ප‍්‍රහාරයට ලක්වූවන් අතර සාරීන් විෂ වායුව ශරීරගත වූ බව අනාවරණය කරගත් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගියදා පවසන ලදී.  කෙසේවෙතත් එම කරුණු විශ්වාසනීය නොවන බව ලැව්රොව් පවසා තිබේ.

ඇමරිකානු බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ මිතුරන් ඉදිරිපත් කරන කරුණු ප‍්‍රමාණවත් නොවන බව පැවසූ විට ඔවුන් එය ස්ථිවරවම දන්නා බව පවසන අතර තවදුරටක් විමසීමේදී තමන් සතු කරුණු රහසිගත බව පවසන බව ඔහු සඳහන් කර ඇත.

සිරියාවට එරෙහි ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එය මූලධර්මවාදයේ වර්ධනයකට හේතු වනු ඇති බව සර්ජි ලැව්රොව් පවසයි.

ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ කළ යුත්ත වන්නේ ජිනීවා සාකච්ඡ සඳහා කැරලිකරුවන් සහභාගී කිරීමට උත්සහ කිරීම බවයි.

September 4, 2013 at 4:03 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100552/

0 comments: