Pages

Friday, January 15, 2016

භික්ෂුන්ට අණපනත් ගෙනෙන්නට පෙර අන්‍යාගමිකකරණය වැළැක්වීමේ පනත සම්මත කරනු - හෙළ බොදු සවිය

භික්ෂුන්ට අණපනත් ගෙනෙන්නට පෙර අන්‍යාගම්කරණය වැළැක්වීමේ පනත සම්මත කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ථෙරවාදි භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරිමේ පනත් කෙටුම්පතක් වත්මන් රජය මගින් ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය මගින් හා ගැසට් පත්‍රයක් මගින් දැනගන්නට ලැබුණි.  මේ වන විට සමාජයේ මහත් කතාබහට ලක්ව ඇති මෙම පනත් කෙටුම්පත පිළිබද අපගේ අදහස වනුයේ මෙයයි. 2003 වර්ෂයේ මෙරට සිදු වූ මහා පරිමාණයේ අන්‍යාගම්කරණය නතර කරන ලෙස එවක සිටි රජයට බලකරමින් ආචාර්ය ඔමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් උද්ඝෝෂණයක් සිදු කෙරිණි. එහිදි උන්වහන්සේ පවසා සිටියේ මෙම අසාධාරණ ක්‍රියාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානය යොමු විය යුතු බවයි. එහිදී එවකට සිටි අමාත්‍යවරුන් වන බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසුරිය මැතිතුමා හා හිටපු කතානායක වි.ජේ.මු ලොකුබණ්ඩාර මැතිතුමා උන්වහන්සේට පොරොන්දු වූයේ වහා අන්‍යාගමීකරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර දෙන බවය. නමුත් එය සිදු වූයේ නැත. පසුව 2005 වර්ෂයේ  පාර්ලිමේන්තුවට තේරීපත් වුණු ආචාර්ය ඔමල්පේ සෝභිත හිමියෝ අන්‍යාගම්කරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. සිදූ වූයේ අරුමයකි. එවකට බලයේ සිටි ජනපති, අගමැති, මැති ඇමති කිසිකෙනෙකුගේ සහයෝගයක් එයට නොලැබිණි. අද සිංහල බෞද්ධයා වෙනුවෙන් කටමැත දොඩවන කිසිදු මන්ත්‍රීවරයෙක් එදා එම පනත වෙනුවෙන් පෙනී නොසිටියේය. ත්‍රෛනිකායික මහනාහිමිවරු ඇතුළු අද දවසේ මාධ්‍ය ඉදිරියේ වීරයන් සේ පෙනී ඉන්නා සමහර භික්ෂූන් වහන්සේලා එදා මුනිවත රැක්කෝය. සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව උදෙසා කටයුතු කිරීමේ ස්වර්ණමය අවස්ථාව එලෙස මගහැරී ගියේය.

දැන් භික්ෂූන් වහන්සේලා කොටුකිරීමේ හා මර්ධනය කිරීමේ අණපනත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැරසෙන මෙම පාලකයින් එදා ගෙනා උක්ත පනත සම්මත කිරීමට මුල් තැන නොදෙනුයේ කුමක් නිසා දැයි අපට ප්‍රශ්නයකි. ඒ එදා එම පනතට විරුද්ධව කටයුතු කළ ඇමරිකන් තානාපති කාර්යාල හා මෙරට පල්ලි කණ්ඩායම හා පල්ලි නිකාය නිසා දැයි සාධාරණ සැකයක් අපට මතු වේ. සිංහල බෞද්ධයාට පමණක් නොව දෙමළ හින්දු භක්තිකයාට ඇතුළු අනෙක් ආගම්වලට ද ආරක්ෂාව සැලසෙන උක්ත පනත සම්මත නොකර මේ ගෙනෙන්න සූදානම් වන පනතේ යටි අරමුණු සැබැවින්ම භික්ෂුන් මර්ධනය කිරීම සදහා පාලකයාට අවශ්‍ය නෛතිකමය බලය සාදා ගැනීම යැයි අපි කල්පනා කරමු. දිනකට 11 නමක් උපැවිදි වන රටක එම ප්‍රශ්නයට විසදුම් නොසොයා පූජනීය ස්ථාන ආක්‍රමණකාරීන්ගෙන් මුදවා එහි ආරක්ෂාව සපයා දීම පසෙකලා හදිසියේ ම ගෙන එන මෙම පනත් කෙටුම්පත පිළිබදව අපගේ බලවත් විරෝධය පලකරමු. ආණ්ඩුව සිදු කළ යුත්තේ සංඝ සමාජයට තමන්ගේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය කරන පහසුකම් හා බලය ලබා දීම පමණක් වන අතර නිකායන් විසින් එවිට පාලන කටයුතු සිදු කිරීම සිදු කරනු ඇත. මෙම පනත් කෙටුම්පත මගින් සිදු කිරීමට පාලකයින් උත්සාහ දරා ඇත්තේ භික්ෂූන්ගේ මහානායක වීම තමන්ගේ යටතට ගෙන අවැසි කලට භික්ෂුව මර්ධනය කිරීමේ වැඩපිලිවෙල සාර්ථක කරගැනීමය. සම්බුද්ධ සසුනේ හා භික්ෂු ශාසනයේ සැබෑ ආරක්ෂකයින් නම් අප පාලකයින් කළ යුත්තේ මෙරට සියලු සංඝරත්නයේ ආශිර්වාදය හා අනුමැතිය ඇතිව කටයුතු කිරීම බව මෙහිදී සිහිපත් කරමු.

බුදුගල ජිනවංස හිමි - සභාපති - හෙළ බොදු සවිය සංවිධානය
http://lankacnews.com/sinhala/news/139610/

සබැඳි ලිපි -
[

"ප්‍රසිද්ධ ස්‌ථානවල භික්‍ෂුවකට අකැප අයුරින් හැසිරීම" - විරු යති පරපුර හිරගෙට දක්කා බොදුනුවන් මෙල්ල කරන යහපාලන නව නීතියhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_15.htmlසඟරුවනට නීති - පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. රටට එරෙහි තීරණ වලට භික්ෂු මැදිහත්වීම වැළැක්වීම අරමුණද?http://denethharinna.blogspot.com/2016/01/blog-post_14.html
]

1 comments:

Anonymous said...

A massive scale conversion of Buddhists into Christianity is now underway in the country with full patronage of the Yahapalana government. The minister of Christian Affairs, a Christian fundamentalist is taking the lead. This happens in a massive scale in rural areas of North Western Province, in Chilaw and Puttalam in particular, North Central Province, the Central Province and the Eastern Province (in Sinhala Villages). The US and Noraway are the leading countries that fund these conversion projects with dollars and crones pumping in millions!