Pages

Thursday, August 18, 2016

පිට පළාත් මුස්‌ලිම් සිසුන් 22 කට උ/පෙළට ඉඩදුන් කහටගස්‌දිගිලිය මුස්‌ලිම් විදුහල්පති එම්. එල්. නවාස්‌ගේ වැඩ තහනම්

පිට පළාත්වල පදිංචි මුස්‌ලිම් සිසුන් විසි දෙදෙනකු හට (22) කූට ලෙස කහටගස්‌දිගිලිය මුස්‌ලිම් විදුහලෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට අවස්‌ථාව ලබා දුන් එම විදුහලේ විදුහල්පතිවරයාගේ සේවය ඉකුත් 16 දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එම්. එල්. නවාස්‌ මහතාගේ සේවය උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ටී. ඒ. මානෙල් මහත්මිය විසින් මෙලෙස අත්හිටුවා ඇත. 

කොළඹ, නුවර, කුරුණෑගල යන පළාත්වල පදිංචි සිසුන් 22 දෙනකු එම විදුහලේ නාම ලේඛනයට ඇතුළත් කර උසස්‌ පෙළ විභාගය සඳහා එම විදුහලේ පාසල් අයෑදුම්කරුවන් ලෙස පෙනී සිටීමට අවස්‌ථාව ලබා දීම විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට හේතුව බව මානෙල් මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විභාග කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ මත සිදුකළ පරීක්‌ෂණයකින් අනතුරුව මොහුගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුර පරීක්‌ෂණ කෙරේ.

නාච්චාදුව - ප්‍රභාත් වනසිංහ

Pic Source

සබැඳි ලිපි -
[
]

0 comments: