ඇසළ පුන් පෝය දා බුදුරජාණන් වහන්සේ පැවැත්වූ අෂ්ටාංග සමංවාගත මංගල ධර්ම දේශනාව හා භික්‍ෂු ශාසනය සමාරම්භයත් සමඟ බුද්ධ ධර්මයේ, බුද්ධ ශාසනයේ වැදගත්ම අවස්‌ථාව සනිටුහන් කරන්නේය. ඇසළ, ආසළ්හ එදා කෘෂිකාර්මික ජනසමාජය හා බැඳී පැවැති උත්සවයක් බවට තොරතුරු පොතපතින් හෙළි කර ගත හැකි ය. බුදුසමය හා ඇසළ පුන් පෝයදා ශේ්‍රෂ්ඨත්වයක් දරන්නේ උපසපන් භික්‌ක්‍ෂූන් වහන්සේලා වසරකට එක්‌වරක් පමණක් ආරක්‍ෂා කරන විනය ප්‍රතිපත්තියක් වන වස් කාලය ආරම්භ වන්නට බුදුහිමියන් අනුදැන වදාළේ එදින නිසාය.
තවද තවත් පැත්තකින් ඇසළ පෝය වැදගත්කමක් උසුලන්නේ ශාසනික වශයෙන් සත්‍ය හා මනෝ විද්‍යාත්මක දර්ශනයක ප්‍රභූත්වය ලොවට ප්‍රකාශ කළ ධර්මදේශනාවක ආරම්භයත් සමඟය. එම ධර්ම දේශනයට පසුව එදවස පස්‌වග මහණුන් සමඟ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ ප්‍රථම වස් කාලය ගත කළ සේක. එම වස් කාලය භික්‍ෂූන් වහන්සේලා ට අලුත් අත්දැකීමක් වූ නිසා අන්‍ය ආගමික ශ්‍රාවකයන් භික්‍ෂාව සපයා ගනු වස් මහමඟට නොබැස සෙනසුන්හි කාලය ගත කළ බැවින් දායක ප්‍රජාවගේ ඉල්ලීම වූයේ බුදුහිමි ප්‍රමුඛ කොට සිටින සවුවන් ද, ආරාමවලට වී එම සාරමස වැසි කාලය ගත කළ යුතු බවය.
එම අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයා අමතා "ද්වෙමා භිඛවෙ වස්‌සුපනායිකා පුරිමිකා පච්ඡමිකාච අපරඡ්ජුගතාය ආසළ්හියා පුරිමිකා උපගන්තබ්බා මාස ගතාය ආසළ්හියා පච්ඡමිකා උපගන්තබ්බා ඉමාඛො භික්ඛවෙ දේව වස්‌සුපනායිකා......" මහණෙනි පෙරවස් එළැඹවීම, පසුවස් එළැඹවීම යෑයි මේ වස් එළැඹවීම් දෙකකි. ඇසළ පුනු පෝයට පසු දින එනම් අව පෑලවිය දිනයෙහි පෙරවස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්‌ම ගිය කල්හි නිකිණි අවපෑලවිය දිනයෙහි පසුවස් එළැඹිය හැකිය. මහණෙනි, මේ වස් එළැඹීම් දෙකයෑයි වදාළ හ. ශාසනික වශයෙන් නිකිණි පුන් පොහොය වැදගත් වන්නේ එම කරුණ හේතු කැරගෙනය. මෙලෙසින් භික්‍ෂු විනය නීතියට අනුව පෙහෙවස් සමාදන් වීමට නොහැකිවූ භික්‍ෂුවකට පසුවස් සමාදන් වීමට අවස්‌ථාව සැලැසෙන්නේය. එලෙස පසුවස් කාලය ඇරැඹෙන්නේ නිකිණි පුන් පොහොය දිනයත් සමගය.
වැසි කාලයේදී හෙවත් වස් සාරමසක කාලයේදී උපසපන් සිල්වත් භික්‍ෂුන් වහන්සේ විසින් ආරක්‍ෂා කරන්නා වූ ගුණ ධර්ම තුදුසක් නම් කැර තිබේ.
පාංශ කූලීකාංගය
තෙචීවරිකාංගය
පිණ්‌ඩපාතාංගය
සපදාන චාරිකාංගය ආදී වශයෙන් ඉදිරිපත් වන තෙලෙස් ධුතාංග සමාදන් වීම වස් වසන භික්‍ෂුව ශීලාදී ගුණයෙන් ඉතා මැනවින් සුරක්‍ෂිත වී යෑයි විශ්වාස කරයි. එසේම වැදගත් වන "වස්‌සික සාටකය" හෙවත් "වැසි සළුව" වස් සිල් රකින භික්‍ෂුව උදෙසා පරිහරණය කළ යුතු නානකඩය යන නමින් ද හඳුන්වන චීවරය අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ පරිහරණය කළ හැකි බවට බුදුහිමියෝ වදාළහ.
තවද නිකිණි පෝදා වැදගත් වන්නා වූ කරුණක් ශාසන ඉතිහාසය විමසා බලද්දී හමුවන්නේය. බුදුහිමියන් ධරමානව සිටියදී අනුදැන වදාළ භික්‍ෂු විනය නීති ප්‍රඥප්තිය එසේ පැහැදිලිව තිබියදී බුදුහිමියන් පිරිනිවන් පා තෙමසක් ගත වන විට විනය විරෝධී මත, එබඳු ක්‍රියා බුද්ධ ශාසනය පුරා වේගයෙන් පැතිර යන්නට වූයේ ය. මෙම ශාසනික විලෝපනය වහා මුලිනුපුටා දැමිය යුතු බව එදින වැඩ විසූ උගත් විනය ධර ධර්මධර භික්‍ෂූන් වහන්සේලා වහා රැස්‌ව කතිකා කැර ඊට අවශ්‍ය පියවර සම්පාදනය කළ සේක. ඒ අනුව ප්‍රථම ධර්ම සංගීතිය (සංගායනාව) පැවැත්වූයේ මෙවන් නිකිණි පෝ දිනකදීය.
බුදුන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ නිර්වාණාවබෝධය සඳහා විශ්වය පුරා ප්‍රවර්ධනය කළ ප්‍රඥධිගමන පරම නිමල සුවාසු දහසක් ධර්ම ස්‌කන්ධය ධර්මානුකූලව සකස් කොට එය චිරාත් කාලයක් පැවැත්ම හා ආරක්‍ෂා කිරීම් වස් ගත් මූලික පියවර, අවස්‌ථාව ලෙසින් නිකිණි පෝය දින පැවැත්වූහ. පළමුවැනි ධර්ම සංගිතිය ශාසන ඉතිහාසයේ සුවිශේෂ ස්‌ථානයක් හිමිකැර ගනී. තවද මෙම අවස්‌ථාවට සමගාමීව වැදගත් සිද්ධියක් මෙතැන්හිදී සිදු වන්නේ ය. එනම් මෙතෙක් රහත්ඵලයට නොපවත්ව සිටි බුදුරදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධර්ම භාණ්‌ඩාගාරික තනතුර දැරූ ආනන්ද හිමියෝ පෝ දිනට පෙර රහත් භාවයට පත්ව ධර්ම සංඝායනාවේ ධර්මාසනාරූඪ වීමට තරම් භාග්‍ය සම්පන්න වීමය.
බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු ඒ ඒ නොයෙකුත් භික්‍ෂූන් අතර විවිධ මතවාද, විවාද, ප්‍රවාද පැනනැඟුණි. ඒ බව ත්‍රිපිටකය විමසා බලන විට දැන ගත හැකිය. දේවදත්ත, ජබ්බග්ගිය, ඡන්න ආදී භික්‍ෂූන් එලෙස විනය විරෝධීව හැසිරුණේ බුදු හිමි දිවමන් දවස තුළ සිටය. බුදුහිමි පිරිනිවන් පෑවාට පසු ඒ අය තමාට රුචි ලෙස විවිධ කතා අදහස් ගෙනහැර දැක්‌වූ අතර සුභද්‍ර නම් භික්‍ෂුවගේ අභද්‍ර වචනය ඉතා පැහැදිලිව ඉස්‌මත්තට පැමිණ ශාසන විනාශයක ප්‍රබල ලකුණු සටහන් කළේය. චුල්ලවග්ග පාලිය ඒ සිද්ධිය මෙපරිද්දෙන් විස්‌තර කරන්නේ ය. "ඇවැත්නි, ශෝක නොකරව්. නොවැළපෙව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු.... දැන් අපි යමක් කැමැතිද? එය කරමු. මෙබඳු ධර්ම විරෝධී, ශාසන විරෝධී, විනය විරෝධී ප්‍රකාශන හමුවේ, ඉදිරියේදී වන්නට යන ශාසන විනාශය දුටු මහා කාශ්‍යප තෙරුණුවෝ මෙහි බර කරට ගෙන මූලිකත්වය ගත්හ. ඒ අනුව පළමුවැනි ධර්ම සංගීතිය පැවැත්වීමට සුදුසු ස්‌ථානය ලෙසට රජගහනුවර වේහාර පර්වතයේ සප්ත පර්ණි ගල් ගුහාව තෝරාගත්හ. බිම්බිසාර මහරජතුමා ඊට අනුග්‍රහය සැපයීය. මෙම අවස්‌ථාවට සිව්පිළිසිඹියාපත් රහතුන් වහන්සේලා පන්සිය නමක් නම් කරන ලදී. එතැන්හිදී ප්‍රශ්නයක් මතුවී ආවේය. තෙරුන් වහන්සේලා හාරසිය අනූනම නමක් සම්පූර්ණ වී සිටියද එක් නමකගේ අඩුවක් වීය. ඒ අඩුවට සංගීතියට අවශ්‍යම නම වූයේ ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හිමියන් වීම විශේෂත්වයකි. එදින රැය පහන්වත් මැ ආනන්ද හිමියෝ සිව්පිළිසිඹියා රහත් ඵලයට පත්ව පන්සිය නම සම්පූර්ණ කොට එදින ධර්ම සංගායනාවට සහභාගි වූහ.
එම සංගායනාවේදී ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් (පුච්ඡා විසඡ්ජන ක්‍රමය) සියලු දහම් කොටස් මතු කැර ගත්හ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ පරිදි තුබූ කොටස් බුද්ධානුඛුද්දක කොටස් ඉවත් කිරීමට කාගේත් අනුමැතිය ලැබුණේය. සංගායනාව නිම වනවිට ස්‌ථාවර භාවයකට කාගේත් එකඟත්වය ලත් ධර්මය භික්‍ෂු පරම්පරා තුනකට වෙන් වෙන් ලෙසට පවරන ලදී. සූත්‍ර, අභිධර්ම, විනය මෙලෙසින් පිටකත්‍රයකට වෙන් කොට ශ්‍රී සද්ධර්මදේශනය ස්‌ථාවරව පවත්වාගෙන යැමට මුල් පියවර ගත් දිනය හැටියටද නිකිණි පෝය දිනය විශිෂ්ටත්වයට පත්වැ තිබේ.
ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි
http://www.divaina.com/2016/08/17/feature01.html
Pic Source

0 comments:
Post a Comment