කොළඹ අගරදගුරු නිවසේ එතුමාණෝ රාජකාරි බහුල තත්ත්වයක සිටින බව පෙනුණි. වතිකානුවේ සිට ඊට පෙරදා පැමිණ සිටි එතුමා වෙහෙස මහන්සි නොබලා උදෑසනින්ම දවස පටන් ගෙන තිබුණි. කාදිනල්තුමාගේ සම්බන්ධිකාරක ජූඩ් සමන්ත පියතුමා විසින් එතුමාගේ කාර්යාලයට අප එක්‌කර ගෙන ගිය පසු සුහදශීලි, කරුණාවන්ත භාවයෙන් අප පිළිගත් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සිය නිහතමානිත්වය මැනවින් ප්‍රකට කරමින් අප සමඟ කතා බැහැ කළේය. සරල බව අපිස් දිවිය කුරුසිය සමග සිය ජීවිතයට පැළඳ ගත් කාදිනල් තුමා දිවයින ඉරිදා සංග්‍රහය සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.
ප්‍රශ්නය - කාදිනල්තුමනි, ඔබතුමා බොහෝ කලක් වතිකානුවේ පාප්තුමා ළඟ සේවයේ යෙදුණු කෙනෙක්. මේ අවස්‌ථාව ලැබීම හා ඔබතුමා වතිකානුවේ යෙදුණු සේවය ගැන අපි මුලින්ම දැන ගන්න කැමැතියි...
පිළිතුර - පාප්තුමා ළඟ සේවය සඳහා යැමට මට අවස්‌ථාව උදාවුණේ, ධර්මදූතාගාර සංගම් සේවය සඳහායි. එහි ලංකාවේ නියෝජිතයා ලෙස තමයි මාව මුලින්ම පත් කළේ. ඒ 1983 වසරේදී. 1993 වෙනකං අවුරුදු දහයක් මම වතිකානුවේ සේවය කළා. ඒ කාලයේදී ජාත්‍යන්තර සම්මේලනවල මම ලංකාව නියෝජනය කළා. කතෝලික සභාවේ, මුදල් හදල් තියෙන රටවල පරිත්‍යාගයන් අනෙකුත් රටවල් සඳහා ලබාදෙන වැඩපිළිවෙළක් තමයි, මේ ධර්මදූතාගාර සංගම් මගින් ඉටු කරන්නේ. මේ වැඩපිළිවෙළේදී ඒ රටවල අය හා අපිට එකිනෙකා හඳුනාගන්න අවස්‌ථාව ලැබෙනවා. ඒ හඳුනාගැනීම් තුළ පාප් වහන්සේගේ ධර්ම දුතාගාර සංගම්වල සභාපති ලෙස කටයුතු කිරීම සඳහා මට අවස්‌ථාවක් ලැබුණා. ඒ වගේම පාප් වහන්සේගේ විවිධ ආයතනවල මට සේවය කිරීමට අවස්‌ථාව ලැබුණා. ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර ටිමෝරයේ පාප් වහන්සේගේ තානාපති ලෙස මම සේවය කළා.
බෙනඩික් පාප් වහන්සේ පත්වුණාට පස්‌සේ, මට අලුත් තනතුරක් ලැබුණා. කතෝලික ජන වන්දනාව සංවිධානය කරන වතිකානුවේ තිබෙන ආයතනයේ දෙවැනි තනතුර මට ලැබුණා. මෙවැනි අත්දැකීම් තුළින් පාප් වහන්සේලා කිහිප දෙනකු සමඟ ළඟින් වැඩ කිරීමේ සහ උන්වහන්සේලා හඳුනාගැනීමේ අවස්‌ථාව මට උදා වුණා. එක අවස්‌ථාවක කොළඹ අගරදගුරු පදවිය හිස් වුණා. ඒ අවස්‌ථාවේ බෙනඩික් පාප් වහන්සේ මගෙන් ඇහැව්වා කොළඹ අගරදගුරු පදවිය හිස්‌වෙලා තියෙනවා, ඒක භාර ගන්න කැමැතිද...? කියලා. මමත් ලංකාවට එන්න කැමැත්තෙන් හිටියේ... ලංකාවට ඇවිල්ලා වසරකින් පස්‌සේ බෙනඩික් පාප් වහන්සේ විසින් මට කාදිනල් තනතුරක් ප්‍රදානය කළා.
ප්‍රශ්නය - පාප් තනතුර සඳහා තෝරා පත්වීමේ අවස්‌ථාව හිමිවන්නේ කාදිනල්වරුන් අතරින් කෙනකුට, එම අවස්‌ථාව ඔබතුමාට, ඒ කියන්නේ අපේ රටට උදාවෙයිද...?
පිළිතුර - ඒක කියන්න අපිට බැහැ. අපි විශ්වාස කරන්නේ ඒ අවස්‌ථාව ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කියලා. ඒ අවස්‌ථාව අනුව කාදිනල්තුමන්ලාගේ මණ්‌ඩලය රැස්‌වී එම අවස්‌ථාව උදා කරදෙනවා.
ප්‍රශ්නය - ඔබතුමා සාමන්‍ය පවුලක ඉපදුණු දරුවෙක්...ඔබතුමා ඉගෙන ගත්තේ සාමාන්‍ය පාසලක... අපි දැන ගන්න කැමැතියි ඔබතුමාගේ අතීතය පිළිබඳව...
පිළිතුර - මම ඉපදිලා තියෙන්නේ පොල්ගහවෙල. මගේ පියා සහකාර දුම්රිය ස්‌ථානාධිපතිවරයෙක් විදිහට තමයි සේවය කළේ... මම ඉපදුණේ අපි පදිංචි වෙලා හිටිය, දුම්රිය නිවාසවලම තමයි. මම ක්‍රිස්‌තියානි වීමේ දේව මෙහෙය කරලා තියෙන්නේ, පොල්ගහවෙල ශුද්ධ වූ ලූර්දු දේව මෑණියන්ගේ පල්ලියේ. වසර කිහිපයකට වරක් අපේ පියාට මාරුවීම් ලැබෙන විදිහට අපේ පවුලට එහෙ මෙහෙ යන්න වෙලා තියෙනවා... ඒ හැම තැනකදීම මට නංගි කෙනෙක් ගානේ හම්බු වුණා. එහෙම නංගිලා තුන්දෙනෙක් මට ඉන්නවා. මගේ අම්මගේ ගම මෝදර...අපි අන්තිමට මෝදර පදිංචියට ආවා. මම පාසල් ගියේ ගෙවල් ළඟම තිබ්බ, ශාන්ත අන්දිරි දේවස්‌ථානයේම තියෙන, ශාන්ත අන්දිරි කුමාර විදුහලට...පස්‌වැනි පන්තියේ ඉඳලා, මම මෝදර දිලාසාල් විද්‍යාලයට ගියා.
ප්‍රශ්නය - ඔබතුමාට සුදු ලෝගුවට ඇල්මක් ඇතිවෙන්නේ ඇයි...?
පිළිතුර - කුඩා කාලයේ සිටම මට ඒ ගැන ආශාවක් ඇතිවුණා. අපේ දේවස්‌ථානයේ හිටියා ප්‍රංශ ජාතික පියතුමෙක්, එතුමාගේ නම ඔගේස්‌ට්‌රෝග. ඒ පියතුමා සිංහල ඉගෙනගෙන සිංහලෙන් වැඩ කරපු කෙනෙක්... උන් වහන්සේ මගේ වීර චරිතයක් වුණා. උන් වහන්සේ තමයි පූජා පොත ලතින්වලින් සිංහලට හැදුවේ. උන් වහන්සේ ඉතාම ආගමිකානුකුලව ජීවත්වුණ, මිනිස්‌සුන්ට ඉතාම හිතවත් කෙනෙක්...එතුමා දැක්‌කාම මට පැවිදි දිවිය ගැන ආශාවක් ඇතිවුණා. මම එතුමාටම ගිහිල්ලා කිව්වා, මට පියතුමෙක් වෙන්න ඕනේ කියලා...
ප්‍රශ්නය - එතකොට ඔබතුමාගේ වයස කීයද...?
පිළිතුර - මට එතකොට වයස අවුරුදු දහයක් විතර ඇති...මගේ තාත්තාගේ පරම්පරාවේ එයා විතරයි විවාහ වෙලා හිටියේ. තාත්තාට පුතකුට හිටියේ මම විතරයි. මේ නිසා පරම්පරාව ගෙනියන්න හිටියේ මම විතරක් නිසා මම පූජකත්වයට ඇතුල් වෙනවාට මගේ තත්තා නම් එච්චර කැමැත්තක් දැක්‌වූවේ නැහැ...අම්මා නම් ඒ ගැන ලොකු කැමැත්තකින් හිටියා...සෙමනේරියට යන අදහස ඒ වයසේදී ආවට මම පාසල් අධ්‍යාපනය හමාර කරලා තමයි, දෙව්සත්හලට ගියේ. බොරැල්ල දෙව්සත්හලේ අවුරුද්දක් මම ඉගෙන ගත්තා.ඊට පස්‌සේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ අවුරුදු හතරක් ඉගෙන ගත්තා.
ප්‍රශ්නය - තරුණ වයස එළඹෙනකොට හිතට දැනෙන අදහස් වෙනස්...මේ ලෝගුව යොවුන් වියට බාධාවක් කියලා එහෙම ඔබතුමාට හිතුණේ නැද්ද...?
පිළිතුර - අම්පිටිය ජාතික දෙව්සත්හලේ ඉගෙනීම අවසන් කළාම, අපිට කිව්වා, අවුරුද්දක් රැකියාවක් කරලා එන්න කියලා... මමත් මාත් එක්‌ක හිටිය හතර දෙනාත් ඒ සදහා පිටත්ව ගියා. මම සෙඩෙක් ආයතනයේ, රැකියාවක් කළා. කොලොන්න පැත්තේ තමයි මම සේවය කළේ. ඊට පස්‌සේ කෝට්‌ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහටත් මම වැඩ කළා. ඒ කිසිවෙලාවක මගේ අදහස මම වෙනස් කළේ නැහැ. පස්‌සේ මම, ආයෙත් පැවිදි ජීවිතය සඳහා ගියා. හැබැයි මාත් එක්‌ක හිටිය යාළුවො තුන්දෙනා ආයෙත් ආවේ නැහැ...
අපේ හිටිය පළවැනි කාදිනල්තුමා වුණ තෝමස් කුරේ කාදිනල් තුමා මට අවස්‌ථාවක් ලබා දුන්නා රෝමයට ගිහිල්ලා ඉගෙන ගන්න. රෝමයේ උර්බනියානා විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා, පුජාත්ලයත් එහෙන්ම ලබාගෙන ලංකාවට ආවා. ඊට පස්‌සේ යළිත් මට තෝමස් කුරේ කාදිනල්තුමා වැඩිදුර අධ්‍යාපනයේ යෙදීම සඳහා අවස්‌ථාව ලබා දුන්නා. මම ශුද්ධ වූ බයිබලය පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධිය ලබා ගත්තා.
ප්‍රශ්නය - ඔබතුමාට භාෂා ගණනාවක් මේ කාලය තුළ ඉගෙන ගන්නට හැකියාව ලැබෙන්නට ඇති නේද...?
පිළිතුර - ඔව්... මම භාෂා ඉගෙන ගන්න හරි කැමැතියි...දෙවියන් වහන්සේ මට දුන්න අවස්‌ථාවෙන්, මම උපරිම ප්‍රයෝජන ගත්තා. අම්පිටිය දෙව්සත්හලේදී මම ලතින් භාෂාව හොඳට හැදෑරුවා. ඉතාලියේ ඉගෙන ගත්ත නිසා ඉතාලි භාෂාව මට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වුණා. එහෙ විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ඒ භාෂාවෙන්... ඉගෙන ගන්න ගමන්ම, මම තනියම උනන්දු වෙලා ප්‍රංශ සහ ජර්මන් භාෂා ඉගෙන ගත්තා. ස්‌පාඤ්ඤ භාෂාවත් ඉගෙන ගත්තා. ඒවගේම ඒ ඒ රටවලට ගිහිල්ලා මම ඒ භාෂාවෙන් ඩිප්ලෝමා මට්‌ටමේ පාඨමාලා හැදෑරුවා. භාෂා අධ්‍යාපනය වැඩි කර ගැනීම මගින් අපේ දැනුම් පරාසය පුළුල් වෙනවා. මම ඉන්දුනීසියාවේ සිටින කාලේ ඉන්දුනීසියා කියන එම් රටේ භාෂාවත් ඉගෙන ගත්තා. ජීවමාන භාෂා හයක් හතක් පමණ කතා කරන්න පුළුවන්. ශුද්ධ වූ බයිබලය අධ්‍යයනය කිරීමේදී වැදගත් වන ගීයක්, ලතින්, හිබ්රු සහ බයිබලයේ මුල් පිටපත ලියා ඇති ඇරමයික් භාෂාව සහ ජෙරුසලමට ගොස් මම අරාබි භාෂාවත් ඉගෙන ගත්තා.
ප්‍රශ්නය - මෙවැනි සාමාන පසුබිමකින් පැවත එන ඔබතුමා, මෙතරම් දුරක් ආගමික සේවාවේ යෙදෙමින් ඉහළ තනතුරු සඳහා පැමිණීම, ඔබතුමාටවත් විශ්වාස කරන්න බැරිව ඇති නේද...?
පිළිතුර - මේක මගේ විතරක් නෙමෙයි, බොහෝ අයගේ අත්දැකීමක්...ඕනෑම රැකියාවක් කරන, ඕනෑම සේවාවක් කරන කෙනෙකුට, ආපස්‌සට හැරිලා බලනකොට, තමන්ටම අදහා ගන්න බැරි, පුදුමාකාර සිදුවීම් මතක් වෙනවා. මෙහෙම වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒවගේම තමයි පුජකවරයකුටත් සභාවක තනතුරුවලට වගකීම්වලට කැපවීමට ලැබීම. ඒක අපි තීරණය කරන එකක් නෙමෙයි කියන එක තමයි අපේ විශ්වාසය. දෙවියන් වහන්සේගේ තෝරාගැනීම් තුළින් තමයි, තල්ලු වෙවී...තල්ලු වෙවී... ඒ සඳහා තෝරා ගැනීම සිදුවන්නේ... මේ ගැන ශුද්ධ වූ බයිබලයේ හොඳින් විස්‌තර කරනවා. සමහර වේලාවට, සමහර තනතුරුවලට සුදුස්‌සෝ නෙමෙයි තේරෙන්නේ...ඒ බවත් ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙනවා...
ප්‍රශ්නය - පසුගිය කාලයේ සමහර කතෝලික පියතුමන්ලා එල්ටීටීඊය සමඟ එක්‌ව කටයුතු කළ බව රටට රහසක් නොවෙයි. බෙදුම්වාදයට සහයෝගය දැක්‌වූ සමහර කතෝලික පියතුමන්ලා වෙනම කතෝලික සභාවක් පවා උතුර සහ නැගෙනහිර දෙපළාතට ඉල්ලා සිටියා...දැන් කතෝලික සභාව මේ තත්ත්වයෙන් වෙනස් වෙලාද...?
පිළිතුර - මම කියන්නෙ නැහැ පියතුමන්ලාට රට බෙදීමේ අවශ්‍යතාවයක් තිබුණ කියල. ඒ වගේ අය එම ආකාරයේ යම්කිසි හෝ කටයුත්තක් කළා නම් එහෙම කළේ උතුරේ ජනකොටස් අතර මතු වී තිබුණු සැකය හා බිය නිසා වෙන්න පුළුවන්. ඒ අයගේ සංස්‌කෘතික අනන්‍යතාවය ආරක්‌ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවේ යයි මගේ හැඟීමයි.
මේ රට එහෙම බෙදීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. මේ වගේ පුංචි රටකට එවැනි වැඩපිළිවෙළක් ගැලපෙන්නේ නැති බවයි අපී හිතන්නේ. සමානාත්මතාවය මත පදනම් වෙච්ච සමාජයක් අපිට තියෙනවා. එකිනෙකාගේ සංස්‌කෘතියට ගරු කරමින් අපි සියලු දෙනා කටයුතු කිරීම තමයි අවශ්‍ය වන්නේ. කැනඩාව වගේ රටවලට අවශ්‍ය කරන බෙදීම් ක්‍රම අපට අවශ්‍ය නැහැ. අපේ තිබෙන පළාත් පාලන ආයතන ක්‍රමය ශක්‌තිමත් කරලා මේ ජනතාවට තමන්ගේ සංස්‌කෘතිය ආරක්‌ෂා කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කෙරුවොත් ඒ ඇති. එකිනෙකාට ගරු කිරීම තමයි මෙතැනදි වැදගත් වෙන්නේ. ප්‍රශ්න කියන එක ඇතිවෙනවා. එකම පවුලේ එකට උපන් නිවුන් සහෝදරයෝ අතර වුණත් ගැටුම් ඇතිවෙනවා. ඒක ස්‌වාභාවිකයි. හැබැයි ඒවා මහ ලොකු දේශපාලනික ප්‍රශ්න බවට පත් කර ගත යුතු නැහැ. විවිධ ජාතීන්, ආගම් අදහන ජනතාව, විවිධ භාෂා කතා කරන ජනතාව අපේ රටේ ඉන්නවා. ඒ අයට සතුටින් ඉන්න පුළුවන් රටක් බවට මේක පත් කරන්න ඕනේ. එහෙම නැතිව බෙදීමෙන් මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. උතුරු සහ නැගෙනහිර දෙක විතරක් එකට එක් කරන්න ගියොත් මුහුණ දෙන තත්ත්වය අපි දන්නවනේ... එතැනත් නොගැලපීමත් තියෙනවනේ. බෙදීම වෙනුවට එකතු කිරීම කියන එකට යන්න පුළුවන්නම් ඒක තමයි මේකට උත්තරේ. ඒ සඳහා අපිට ආගම් මගින් විසඳුමක් සොයා ගන්න පුළුවන්. ආගම්වල අපට උගන්වන්නේ බෙදීම වෙනුවට එකතු වීම. එකිනෙකාට ගෞරව කිරීම. එකිනෙකා ඉවසීම. මේ ප්‍රශ්න නිරාකරණය කර ගන්න අපි ඒ ආගමික පදනම මුල් කර ගත යුතුයි.
ප්‍රශ්නය - යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව පැවසෙනවා. මේ ගැන ඔබතුමා පසුගියදා හඬක් නැඟුවා...
පිළිතුර - ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා මහජන අදහස් විමසීමේ ලාල් විඡේනායක කමිටු වාර්තාව අනුව ව්‍යවස්‌ථාවේ නමවැනි ව්‍යවස්‌ථාව, ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම කියන වගන්තිය සම්බන්ධයෙන් යෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. එම වගන්තිය එසේම තබා ගැනීම, එහි බුද්ධාගම යන තැනට සියලූ ආගම් යන්න යෙදීම සහ එම වගන්තිය වෙනුවට අනාගමික රාජයක් යන්න ඇතුල් කිරීම එම යෝජනායි. මෙහි අවසාන යෝජනාව සඳහා එම කමිටුවේ සාමාජිකයන් බහුතරයකගේ අනුමැතිය පළ වී තිබෙනවා. එය මේ රටේ මහජනතාවගේ පොදු මතයද කියන එක අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මෙම කමිටුවට සාක්‌ෂි දීම සඳහා ගිය පිරිස සියලූ දෙනා මහජනතාව නෙමෙයි. මේ සදහා සංවිධානාත්මකව ගිය පිරිස් ඉන්නවා. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල පිරිස්. කමිටුවට සාක්‌ෂි දීලා තියෙන්නේ තුන්දහස් ගණනක්... මේ රටේ ජනතාව මිලියන විසි දෙකක්... ඒ මිලියන විසි දෙකේ මතය මේකයි කියලා තුන්දහස් ගණනකගේ මතයෙන් කියන්න බැහැ. එවැනි ව්‍යවස්‌ථා වෙනසක් කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ. ඊට පස්‌සේ ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරන්න ඕනේ.
අපි අද ඉඳලා ආගමික සමාජයක්‌ද...? අනාගමික සමාජයක්‌ද...? කියන එක සමාජයෙන්ම අනුමැතිය හිමි විය යුතු දෙයක් මට නම් ඒක පිරිහීමක්. ඒක දියුණුවේ මාවතට ගමන් කිරීමක් නෙමෙයි. බටහිර රටවල මිනිස්‌සු කරන හැමදේම අපි කරන්න ඕනේ නැහැනේ... ඒ රටවල අනාගමික සංකල්පය තමයි රජ කරන්නේ. එහෙම තියෙන රටවල සිදුවෙන දේවල් අපි දන්නවා. අනාගමික ශිෂ්ටාචාරයක් ශ්‍රී ලංකාව තුළට ඇතුළු කිරීම, වැරදි පැත්තට ලොකු පිම්මක් පැනීමක්. අනාගමික සමාජයක තිබෙන සමහර දේවල් ගැන ඒ වාර්තාවේ එහෙන් මෙහෙන් ඉඟි බිඟි කරලා තියෙනවා. සමහර අයිතිවාසිකම්, ගබ්සාව නීති ගත කිරීම... පවුලේ එකමුතුව බිඳවැටෙන විවිධාකාර දේවල්, වයස්‌ගත පුද්ගලයන්ට සිදුවන දේ, වගේ දේවල් අනාගමික සමාජයක් තුළ ඇතිවෙනවා. මේ බටහිර ශිෂ්ටාචාරය වෙනුවට අපේ රටේ සිරිත් විරිත් සංස්‌කෘතිය කොයි තරම් අගේද...?
අනාගමික සංස්‌කෘතියක් මේ රටට බලෙන් පටවන්නට යන එකට අපි විරුද්ධයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. ආගම ධර්මය සහ ජීවිතය අතර වෙනසක් හැම තිස්‌සෙම සමාජයක තියෙනවා. ඒක අපි දන්නවා. ඒක අපි ජය ගන්න උත්සාහ කරමු.
ප්‍රශ්නය - බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානයක් දෙනවා යෑයි කීම කතෝලික ආගමිකයන්ගේ පැත්තෙන් බැලුවොත් ප්‍රශ්නයක් නෙමෙයිද...?
පිළිතුර - නැහැ ඒකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ... මිහිඳු මහ රහතන් වහන්සේ ආපු දිනයේ පටන්, මේ රටේ ජනතාවට, සංස්‌කෘතියට ශත වර්ෂ විසිපහකට අධික කාලයක් තිස්‌සේ බුදු දහමෙන් විශාල සේවයක් ඉෂ්ට වෙලා තියෙනවා. මේ රටේ ජනතාවගේ ජීවිත යහපත් කරලා, සිත් සතන් සැහැල්ලු කරලා, මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග වඩවා ගන්න බුදු දහම විශාල සේවයක් කරලා තියෙනවා. මේ රටේ එවැනි සභ්‍යත්වයක් බුදු දහම ඇතිකරලා තියෙනවා. ඒ දායකත්වය තව දුරටත් පැවතීමේ කිසිම වරදක් නැහැ. අපි කියන්නේ නැහැ ඒක වෙනස් කරන්න කියලා. අපි විරුද්ධ ඒක වෙනස් කරනවාටයි.
ප්‍රශ්නය - ඔබතුමා මෙවැනි අදහස් නිතරම ප්‍රකාශ කරනවා. මේ සඳහා ඔබතුමාලා අතර ඉන්න සමහරු විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා නේද...?
පිළිතුර - ඔව්...ඔව් මේ ළඟදිත් සමහරු එහෙම කියලා තිබ්බා... ඒක මගේ පුද්ගලික මතයක් මිස නිල ප්‍රකාශයක් නෙමෙයි කියලා තිබ්බා...ඒක පෞද්ගලික මතයක් තමයි. හැබැයි මම කතෝලික සභාවේ වග කිව යුතු කෙනෙක් විදිහට මම කරන ප්‍රකාශ වගකීමෙන් කළ යුතුයි. මගේ දහමට ගරු කරන කෙනෙක් විදිහට මම අනුන්ගේ දහමටත් ගරු කරන්න ඕනේ... මට බැහැ අනුන්ගේ දහම විනාශ කරලා, මගේ දහම විතරක් ආරක්‌ෂා කරන්න... මම භික්‌ෂුන් වහන්සේලා කිට්‌ටුවෙන් ආශ්‍රය කරන කෙනෙක්. මට බෞද්ධ හොඳ යහළුවෝ මිත්‍රයෝ ඉන්නවා. මම භික්‌ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් ආශ්‍රය කරනවා. මම උන් වහන්සේලා ගැන හොඳින්ම දන්නවා...උන් වහන්සේලා ඉතාමත්ම සිල්වත්...ඉතාමත්ම හොද ගති ගුණ තියෙන අය... මනුෂ්‍යත්වයේ ඉහළම හිනිපෙත්තට නැගපු ආධ්‍යාත්මිකත්වයක් පෙන්නුම් කරන අය... ඒ අය යක්‌ෂයාට අයිති අය කියලා මට කියන්න බැහැ. දැන් එහෙම කතා කියන කාලයක් නෙමෙයි...බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්යය සත්‍යය වැනි ධර්මතා මිනිස්‌සුන්ගේ ජීවිත හැඩ ගස්‌සව ගන්න, සැහැල්ලුව. සැනසුම ලබා ගැනීම සඳහා වැදගත් වෙලා තියෙනවා. අපි ඒක දකිනවා...ඒ නිසා අපි ඒකට විරුද්ධව කටයුතු කරන එක වැරදියි. බුදු දහම මේ රටේ ආරක්‌ෂා වුණොත් අනෙකුත් ආගම් ආරක්‌ෂා වෙයි. මේ රටේ සංස්‌කෘතිය පහළට ඇදලා දාන අනාගමික රාජ්‍යයකට අපි විරුද්ධයි. මේ රට සිංගප්පූරුවක් කරනවාට අපි විරුද්ධයි.
මනුෂ්‍යයාද සිත පාලනය කර ගැනීමට බුදු දහමෙන් ලැබිලා තියෙන ආභාසය මම දැකලා තියෙනවා. ඒ සියලූ දෙනාව මට කොන් කරලා දමන්න බැහැ. සෑම ආගමක්‌ම අපේ සම්පතක්. බුදු දහමේ තිබෙන සම්පත ශ්‍රී ලංකාවාසී හැමෝම සමඟ බෞද්ධයෝ බෙදා ගන්න ඕනේ. ක්‍රිස්‌තු භක්‌තිකයෝ තමන්ගේ ආගම කියන සම්පත සියලූ දෙනා සමග බෙදා ගන්න ඕනේ... එහෙම බෙදාගෙන මේ ශිෂ්ටාචාරය දියුණුවට පත් කරගන්න ඕනේ...
දියුණුව කියන්නේ අහස උසට යන ගොඩනැඟිලි හදන එක නෙමෙයි... අහසට උසට යන ගොඩනැඟිලි හදන කොට මනුෂ්‍යත්වය පහළට බහිනවා නම් මොකක්‌ද ඒ සමාජයේ තියෙන දියුණුව...?
ඇමරිකාව ඇවිත්, අපිට මානව හිමිකම් රකින්න කියලා දෙන්න හදනවා... කළු ජාතික ජනාධිපති කෙනෙක් ඉන්න රටක, ඒ රටේ කළු ජාතිකයෝ ඉන්නේ මොන තරම් පීඩාවකින්ද ...? තමන්ගේ රටේ ඉන්න කළු ජාතිකයන්ට මානව හිමිකම් දෙන්න බැරි අය අපිට මානව හිමිකම් කියලා දෙන්න එනවා...
ප්‍රශ්නය - ලහි ලහියේ පනතක් ගෙන එමින් අතුරුදන්වුවන්ගේ ලේකම් කාර්යාලයක් ඇතිකරමින් ජාතියේ ආරක්‌ෂාව වෙනුවෙන් කටයුතු කරපු රණවිරුවන් තර්ජනයකට ලක් කිරීමට ආණ්‌ඩුව කටයුතු යොදා තිබෙනවා...මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද...?
පිළිතුර - මේ ගැන අපි රදගුරු මණ්‌ඩල රැස්‌වීමකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යුද්ධයේදී විතරක් නෙමෙයි, හැත්තෑ ගණන්වල සිට අතුරුදන් වීම් මේ රටේ වාර්තා වුණා. තවත් ඝාතන රාශියක් පසු ගිය කාලයේදී සිදු වුණා අපිට මතකයි. මේ රටේ ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය වුණා. ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වුණා. මෙවැනි සිද්ධිත් විභාග කළ යුතුය. නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් හයසිය ගණනක් යටත්වීමෙන් පසුව මරා දැම්මා... ඒ ගැනත් පරීක්‌ෂණයක් කරන්න ඕනේ... කොළඹ සහ තවත් ප්‍රදේශවල අහිංසක ජනතාව වෙත බෝම්බ තියලා මරා දැම්මා. ඒවා ගැනත් කතා කරන්න ඕනේ...මේ යුද්ධයක් අල්ලාගෙන බටහිර ලෝකයට අවශ්‍ය දේ ඉෂ්ට කිරීම සාධාරණද...? මෙතැනදි එක පැත්තකට විතරක් වරදක් පටවන්න යන එක නිවැරදි නැහැ. මේ අතුරුදන් වුවන්ගේ කාර්යාලය ගැන අපි වගේ අයවත් දැනුවත් කරලා නැහැ. මේ නීති රීති ගේන්න ඉස්‌සෙල්ලා, ඒවා
ප්‍රසිද්ධ කරලා, විවාදය සඳහා කල් දෙන්න ඕනේ... ඒ විවාදය පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි එයින් එළියටත් ගන්න ඕනේ. මේවා විවෘතව කතා කරන්න ඕනේ. ඉස්‌සර ආඥාදායක තත්ත්වයක් තිබුණා කියලා කියනවනේ... මෙහෙම කළොත් ආයෙත් යන්නේ ඒ තැනටමනේ... මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ යහපාලනය මගින් ඒ වැනි දේවල් නොකරයි කියලා.
කාලයක් පුරා මේ රටේ තිබ්බ ආණ්‌ඩු, කොමිෂන් දාලා තමන්ට අවශ්‍ය දේවල් කර ගත්ත හැටි අපි දැක්‌කා. ඒ වගේ දේවල් අපේ රටේ යළි වෙන්න ඕනේ නැහැ... විවෘත භාවයක් නැත්නම් සාධාරණ විදිහට වැඩ කරන්නේ නැත්නම් පළිගැනීම් විතරක් නම් කරන්නේ, රට වෙනුවෙන් කල්පනා කරන්නේ නැතුව පටු ෙච්තනාවෙන් පමණක් වැඩ කරනවා නම් ජනතාව තප්පර දෙකෙන් ඒ ගැන තීරණයක් ගනිවී...
හිටපු ජනාධිපති ඩී. බී. විඡේතුංග මහතා කොළඹ අගරදගුරු නිකලස් මාක්‌ස් ප්‍රනාන්දු පියතුමා හමුවෙන්න ආවා. මමත් ඒ වෙලාවේ එතැන හිටියා... ඒ ආපු වෙලාවේ ඡන්දදායකයන් පාලකයන් ගැන තීරණ ගන්න හැටි ගැන අපිට කිව්වා... අවුරුදු ගණනක් අපි කරපු දේවල් ගැන ජනතාවට තීන්දු ගන්න යන්නේ තත්පර දෙකයි. ඡන්දය දෙන තැනට ගිහිල්ලා තත්පර දෙකක් ඇතුළත කතිරය ගහලා අපි ගැන ජනතාව තීරණය කරනවා කියලා. ඒක සැම දේශපාලනඥයෙක්‌ම හොඳින් මතක තබා ගන්න ඕනේ.
සාකච්ඡා කළේ මනෝජ් අබයදීර - නෝමන් පලිහවඩන, ඡායාරූප සුජාතා ජයරත්න
http://www.divaina.com/2016/08/21/feature25.html
Pic Source
සබැඳි ලිපි -
[
මේ රටේ ජීවය ලෙස සලකන බුදුදහමට හිමිවිය යුතු තැන සහ ගෞරවය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් අහිමි කිරීමට කටයුතු නොකළ යුතුය - අගරදගුරුhttp://denethharinna.blogspot.com/2016/08/blog-post.html
]

0 comments:
Post a Comment