Pages

Monday, August 15, 2016

බය වෙන්න එපා! ආතරයිටිස්‌ සනීප කරන්න සිංහල වෙදකමට පුළුවන්...

* අපේ කසාය ආයුර්වේද කසාය නොවෙයි
* රහස්‌ වට්‌ටෝරු මට කට පාඩම්...
* වස විස ඇති ආහාරත් ආතරයිටිස්‌වලට හේතුවක්‌..

ප්‍රශ්නය - ආතරයිටිස්‌ රෝගය ගැනත් එය වැළඳුණු විට ගත යුතු ආහාර පාන ගැනත් පසුගිය සතියේ අප සාකච්ඡා කළා. ආතරයිටිස්‌ රෝගය වැළඳෙන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමආරච්චි - ආතරයිටිස්‌ රෝගයේ ප්‍රභේද සියයකට වඩා තිබෙන බව මෙහිදී මුලින්ම සඳහන් කළ යුතුයි. ඒවා වෙන වෙනම නොකියා ප්‍රධාන ප්‍රභේද කිහිපය ගැන පමණක්‌ ඉදිරියේදී විස්‌තර කරන්නම්. ආතරයිටිස්‌ වැළඳීමට ප්‍රධාන වන හේතු කිහිපයක්‌ තිබෙනවා. ඒවා තමයි 1. අස්‌ථි බිඳීමක්‌ හෝ අස්‌ථියක තුවාලයක්‌ හට ගැනීම. 2. වස විස සහිත ආහාර වර්ග. 3. වාත රෝග හට ගැනීමට මුල්වන ආකාරයේ ශාරීරික පිහිටීමක්‌ තිබීම. 4. උපතින් නොඑසේ නම් ජාන මගින් රෝගය පැමිණීම. 5. දරුණු බැක්‌ටීරියා රෝග ශරීරය තුළ දිගු කලක්‌ පැවැතීම. 6. ප්‍රතිශක්‌තිකරණය දුර්වල වීම, පරිහානියට පත්වීම හෝ අවජනන තත්ත්වයක්‌ හට ගැනීම.

ප්‍රශ්නය - මේ කොයිකෙන් හැදුනත් ආතරයිටිස්‌ සුවපත් කළ හැකිද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. අප පාරම්පරිකව අත්හදා බැලූ මහා හරි තෛලය සහ කසාය වර්ග කිහිපයක්‌ මගින් මාස හයකට අඩු කාලයක්‌ තුළ ආතරයිටිස්‌ සුව කළ හැකි බව මා වගකීමෙන් යුතුව කියනවා. අපේ කසාය ආයුර්වේද කසාය නොවෙයි. ඒවා නියම සිංහල වෙදකමේ එන කසාය. හැබැයි අපේ ප්‍රතිකාරය වගේම රෝගියාගේ කැපවීමත් මෙහිදී වැදගත්. සමහර විට ආත්‍රයිටිස්‌ රෝගීන්ට කැල්සියම් පෙති වර්ග බහුලව දෙන අවස්‌ථා තියෙනවා. එවිට ඇට ලියෑලීම හා යටි පතුල්වල ගල් තැලුම් වැනි කැල්සියම් තට්‌ටු හට ගැනීම් සිදු වෙනවා. මහා හරි තෛලය සහ කසාය වර්ගවලින් මේ රෝග තත්ත්වයන් සුව කරන්න පුළුවන්. මෙසේ කැල්සියම් වර්ධනය වීම හරිම භයානකයි. එය කෙළවර වනවිට අත පය නවන්නට බැරිව සන්ධි අගුල් වැටෙන තත්ත්වයක්‌ හට ගන්නවා.

ප්‍රශ්නය - ආතරයිටිස්‌ රෝගය වැළඳීමට මුල්වන හේතු පිළිබඳව තවදුරටත් විස්‌තර කරන්නට පුළුවන්ද?

වෛද්‍ය වික්‍රමආරච්චි - 1. අස්‌ථි බිඳීම හෝ අස්‌ථි තුවාලයක්‌ හට ගැනීම මගින් ශරීරය ඇතුළත ආසාදන තත්ත්වයක්‌ ඇතිවෙනවා. මෙවැනි ආසාදනයකදී පිටතින් විෂ බීජ ගියත් නොගියත් ඒ තුවාලය ශරීරය තුළ අස්‌ථි ඔස්‌සේ පැතිරෙනවා. එවිට එතැන ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌ හට ගන්නවා. 2. ඊළඟට වස විස ඇති ආහාර ගත්තම අස්‌ථි දුර්වල වීම සහ විකෘති වීම නිකම්ම සිදු වෙනවා. එයත් ආත්‍රයිටිස්‌ තත්ත්වයට මුලක්‌. 3. සමහරුන්ට උපතින්ම තිබෙනවා වාතරෝග හට ගැනීමේ ප්‍රවණතාවක්‌. මෙය අවජනන (Degeneration) තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකියි. 4. ඊළඟට ජාන මගින් රෝගය හට ගැනීම ගැන බලමු. සමහරුන්ට පිළිකාව එන්නෙත් ජාන මගින්. දියවැඩියාව එන්නෙත් ජාන මගින්. සමහර විට එය මතුවන්නේ පරම්පරා තුනක්‌ හෝ හතරකට පසුවයි. සමහර විට මී මුත්තාට හෝ මී මිත්තනිය ට තිබූ ආත්‍රයිටිස්‌ තත්ත්වය ඔවුන්ගේ දරුවන්ට හෝ දරුවන්ගේ දරුවන්ට නොවැළඳී ඒ දරුවන්ගේ දරුවකුට වැළඳෙන්නට පුළුවන්. සමහරුන්ට අපස්‌මාරය එන්නෙත් ජාන මගින්. මේ විදියටම ආත්‍රයිටිස්‌ රෝගයත් ජාන උරුමයෙන් මතුවන අවස්‌ථා තිබෙනවා. 5. දරුණු බැක්‌ටීරියා මගින් ආත්‍රයිටිස්‌ රෝගය බෝ වීම ගත්තොත්, Lyme රෝගය හඳුන්වන්නට පුළුවන්. මෙය ඉතා නරක බැක්‌ටීරියාවක්‌. මෙය බෝ  වූ පසු දිගු කලක්‌ සිරුර තුළ තිබෙන අතර එමගින් අස්‌ථි දුර්වල වෙනවා. ප්‍රතිශක්‌තිකරණයත් දුර්වල වෙනවා. එවිට ආත්‍රයිටිස්‌ වැළඳෙන්නට පුළුවන්.

ප්‍රශ්නය - ඔබ ආතරයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තේ කොයි කාලයේ සිටද? ඔබෙන් ප්‍රතිකාර ලබා මුලින්ම සුව වූයේ කවුද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මම මගේ වෛද්‍ය වෘත්තීය ආරම්භ කරන්නේ නව යොවුන් වයසේදී. මම මුලින්ම ප්‍රතිකාර කරන්නෙත් මගේ පවුලේ අයට. ඒ හැම දෙයක්‌ම කරන්නේ නොමිලේ. මා ළඟ ආච්චිගෙන් ලැබුණ වෙද පොත් ඔක්‌කොම තියෙනවා. ඒ වගේම ආච්චි කියා දීපු රහස්‌ වට්‌ටෝරු මට කට පාඩම්. (ඒවා අදටත් පොත්වල ලියලා නැහැ. හැබැයි මම මගේ දූල තුන්දෙනාට ඒවා උගන්වනවා. ඔය මහා හරි තෛලයේ වට්‌ටෝරුවත් මගේ මතකයේ තිබෙන එකක්‌) මේ අතර දවසක එවකට අට හැවිරිදි වයසේ පසුවුණ මගේ එක්‌ දියණියකගේ ඇඟේ වේදනා එන්න පටන් ගත්තා. එයාට උදේට අවදි වෙනකොට ඇඟ රිදෙනවා. ඇඳෙන් බහිනකොට කකුල් රිදෙනවා. මේක ටික ටික වැඩි වුණා. අන්තිමට උදේට දරුවට ඇඳෙන් බැහැ ගන්න බැරි වුණා. අපි දරුවව ගෙනිච්චා රෝහලට. එතැනදී වෛද්‍යවරු කිව්වා මේ දරුවට ආත්‍රයිටිස්‌ හැදිලා කියලා. ඊට පස්‌සෙ වේදනා නාශකයකුයි තවත් බෙහෙත් වර්ගයකුයි දුන්නා. ඉතින් අපි බෙහෙත් පටන් ගත්තා. කොච්චර බෙහෙත් බිව්වත් දරුවා සනීප වුණේ නැහැ. ළමයා එන්න එන්නම කෙට්‌ටු වුණා. දැන් ඉස්‌කෝලේ යැමත් නැවතිලා. තවත් කල් යනකොට දරුවාගේ කොඳුඇට පේළිය පෑදෙන්න පටන් ගත්තා. කොඳුඇට පුරුක්‌ දෙහි ගෙඩි වගේ පිටෙන් එළියට නෙරා එන්න පටන් ගත්තා. මේක බලා ඉඳලා එක දවසක්‌ මගේ ලොකු දුව මගෙන් ඇහුවා. "අම්මේ, අම්මට බැරිනම් නංගි සනීප කරලා එයාගේ ජීවිතේ බේරගන්න. අම්මගෙ වෙදකම්වලින් තියෙන ප්‍රයෝජන මොකක්‌ද කියලා. එදා රෑ එළිවෙනකම් මම පරණ වෙදපොත් පෙරළ පෙරළා බැලුවා. පහුවෙන්දා උදේම මම පත්තුවක්‌ පිළියෙළ කරලා දුවගේ පිට වැහෙන්න ගාලා රෙදිවලින් බැන්ද. ඊට පස්‌සේ ඒ ලෙඩේට හරියන කසායක්‌ හදල බොන්න දුන්නා. මේ ප්‍රතිකාරය සතියක්‌ කරනකොට දරුවාගේ කොඳුඇට පේළියේ ඉදිරියට නෙරීම නැති වෙන්න පටන් ගත්තා. මාසයක්‌ බෙහෙත් කරනකොට සුවවීම ඇරඹුණා. තුන් මාසයක්‌ ප්‍රතිකාරවලින් පස්‌සේ දුව හොඳටම සුවපත්වෙලා පාසල් යන්න පටන් ගත්තා. අද මේ දුව ඉතාම සෞඛ්‍ය සම්පන්න නව යොවුන් දැරියක්‌. ආත්‍රයිටිස්‌ රෝගියෙක්‌ ආවාම අද වුණත් මම කරන්නේ මේ බෙහෙත් තමයි.

ලබන සතියේ ඔස්‌ටියෝ ආතරයිටිස්‌

මේ පිළිබඳ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

සාකච්ඡා කළේ, අශේන් රඹකොස්‌වැව
http://www.divaina.com/2016/08/07/feature01.html

0 comments: