Pages

Monday, August 29, 2016

බුර්කාව තහනමට ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරයි!

sinhh656ඇතැම් මුස්ලිම් කාන්තාවන් මුහුණු ඇතුළු මුළු සිරුරම වැසෙන සේ පළදින “බුර්කාව” ජාතික ආරක්ෂාව තර්ජනයක් බැවින් ලංකාව තුළ තහනම් කිරීම සදහා පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ගෙන ආ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

අයි.එස්.අයි.එස් ඉස්ලාම් මූලධර්මවාදී ත‍්‍රස්ත කණ්ඩායම් මෙරට තුළ ක‍්‍රියාත්මක වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙම යෝජනාව ආරක්ෂක අංශ නියෝජිතයා විසින් ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක්ම මේ වන විට බුර්කාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිය ද මේ මොහොතේ දී එවැනි පියවරකට ගියහොත් පසුගිය කාලය තුළ උත්සන්න වූ ආගමික ගැටුම් සමථයකට පත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන තිබෙන පියවර යළි අර්බුදයකට යා හැකි බවයි.

එමෙන්ම අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තයන්ට ශ‍්‍රී ලංකාව ඉලක්කයක් වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු කිසිවක් වාර්තා වී නැති බවත් එම නිසා ඇතැම් මූලධර්මවාදී සංවිධානවල ප‍්‍රචාරයන් අනුව කලබල වීම අවශ්‍ය නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එහි දී ජනාධිපතිවරයාගේ මතය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා විදේශ ඇමැති මංගල සමරවීර මහතා ද අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරම් පිළිබදව මෙරට බුද්ධි අංශ සහ රජයේ ප්‍රධානීන් සතුව තොරතුරු නොතිබුණද ඉන්දීය බුද්ධි අංශ අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ සම්බන්ධතා හරහා අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එකතුවූ ඉන්දීය ජාතිකයන් ගැන හෙළිදරව් කර තිබිණි.

ඉස්ලාමීය අන්තවාදී ප්‍රවේශයන් ගැන යුරෝපීය මෙන්ම සෙසු කළාපීය රටවල්ද දැඩි ලෙස අවධානය යොමු කර තිබෙන අවස්ථාවක, ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් දේශපාලන වාසි තකා ඒ සම්බන්ධයෙන් දක්වන ඇල්මැරුණු ආකල්පය පිළිබදව ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් දැඩි විමතිය පළකරති.

http://www.colombotoday.com/21683-3266/

සබැඳි ලිපි -[ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි!http://denethharinna.blogspot.com/2016/08/blog-post_64.htmlප්‍රංශ පොලිසිය නීස්‌ මුහුදු වෙරළේ සිටි මුස්‌ලිම් කාන්තාවගේ බුර්කි ඇඳුම ඉවත් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_79.htmlස්‌විස්‌ ටිසිනෝ ප්‍රාන්තය බුර්කා මුහුණු ආවරණය තහනම් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_4.htmlබුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට! බුර්කාව ආරක්ෂාවට තර්ජනයක්. තහනම් කරනු!http://denethharinna.blogspot.com/2016/07/blog-post_49.htmlබ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම්! - අගමැති අනුමත කරයි!http://denethharinna.blogspot.com/2016/01/blog-post_21.htmlඉස්‌ලාමීය මුල්ධර්මවාදයෙන් තර්ජන! ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය - බුර්කා තහනම්http://denethharinna.blogspot.com/2015/10/blog-post_8.html
බුර්කාවෙන් ප්‍රකට වන්නේ මූලධර්මවාදයයි! චීනයේ බුර්කාව තහනම්!http://denethharinna.blogspot.com/2015/09/blog-post_99.html
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටුhttp://denethharinna.blogspot.com/2015/04/blog-post.html
ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්http://denethharinna.blogspot.com/2014/10/blog-post_31.html
මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයිhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_67.htmlනිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්http://denethharinna.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???http://denethharinna.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
]

0 comments: