Pages

Tuesday, August 9, 2016

"වසර 6000 පෙරදී මානවයා ජීවත් වූ බවට සාධක හමුවී තිබෙනවා" - මහාචාර්ය රාඡ් සෝමදේව

මීට වසරකට පෙර (2015) දී අප විසින් ලුනුගල්ගෙය තුළ කරන ලද කැණීම්වලින් පිළිස්‌සී ගිය ධාන්‍යවල කොටස්‌ හමුවුණා. ඒවා කාල නිර්ණය සඳහා යොමු කළා. එහිදී වසර 6000 ට වඩා පැරණි බවට සනාථ වී තිබෙනවා. මෙයට කිලෝ මීටර් බාගයක්‌ දුරින් පිහිටි බළන්ගොඩ පනාන පරගහමඩිත්ත ගල් ලෙනේ කැණීමත් ආරම්භ කර සති දෙකයි. එහිදී කහඳ ගල්වලින් නිර්මාණය කරන ලද ගල් ආයුධ රැසක්‌ හා රතු කහඳ, සුදු කහඳ ගල් හමුවුණා. මෙම සාධක වලින් වසර හයදහසකට තරම් අතීතයේ දඩයම් මානව ප්‍රජාව ජීවත් වූ බවට තොරතුරු ලැබෙනවා යෑයි කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝම දේව මහතා පැවසීය.

ඒ මහතා අපට හමු වූයේ පනාන පරගහමඩිත්ත ගල් ලෙන තුළ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සමඟ ගවේෂණාත්මක කැණීමක නිරත වෙමින් සිටියදීය. මේ පිළිබඳව තවදුරටත් තොරතුරු සඳහන් කළ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා

"මෙම කැණීමේදී හමුවී ඇති සාධක අතර ප්‍රධාන තැනක්‌ ගනු ලබන්නේ කහඳ ගල්වලින් තැනූ දඩයම් ආයුධ මේ ගල් මේ ආසන්නයේ පිහිටා නැහැ. මීට කිලෝමීටර් 20 පමණ දුරින් පිහිටි කහඳ ගල් මෙම ස්‌ථානයේ තිබීමෙන් තහවුරු වන්නේ දඩයම් මානව ප්‍රජාව විවිධ ප්‍රදේශවල ඇවිදිමින් සතුන් දඩයම් කර ඇති බවත් මෙම ගල්ලෙන පිහිටියේ මුහුදු මට්‌ටමේ සිට මීටර් 400 පමණ ඉහළින්ය. පසුව මොවුන් දඩයම් ජීවිතයට අමතරව කෘෂි කාර්මික කටයුතු වල නිරත වෙමින් ධාන්‍ය වර්ගද ආහාරයට ගෙන තිබෙනවා. මේ ආසන්නයේ පිහිටි ලුනුගල් ගෙයින් ධාන්‍ය වල කොටස්‌ හමුවීමෙන් ඒ බව මනාව සනාථ වනවා. ඉහත කාලයේ මෙම ගල් ලෙන ආශ්‍රිතව බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා වැඩසිට ඇති බවටද සාධක හමුවුණා. එකල නිෂ්පාදනය කළ ගඩොල්වල කොටස්‌, වළං කැබලි, පබළු ආදිය හමුවීමෙන් අනාවරණය වන්නේ දඩයම් මානව ප්‍රජාව ඉන් ඔබ්බට ගමන් කරමින් දැනුම දියුණු කරගෙන ඇති බවයි. මෙම පරම්පරාවේ අය විසින් තමා අවුකන පිළිමය, සමාධි බුද්ධ ප්‍රතිමාව, සීගිරියේ නිර්මාණ වැනි ලෝක පූජිත කලා නිර්මාණ දක්‌වා දැනුම දියුණු වී ඇත්තේ යෑයි විශ්වාස කළ හැකියි.

පසුගිය කාලයේ දියවින්නේ උඩුපියන් ගල්ලෙන තුළ කරන ලද කැණීමකින් මොවුන් භාවිතා කරන ලද විවිධ දේ හමුවුණා. මොවුන් වියළි කලාපය තෙත් කලාපය මෙන්ම ඊට අතරමැදි කලාපවලද ජීවත් වී තිබෙනවා. පරගහමඩිත්ත ගල්ලෙන අයත් වන්නේ වියළි හා තෙත් අතරමැදි කලාපයටයි.

මෙම කැණීම් කටයුතු තව සති හයක්‌ පමණ ඉදිරියට සිදු කරනවා. ඉදිරි දිනවලදී අතීතය පිළිබඳ විශ්මයජනක තොරතුරු රැසක්‌ සොයා ගෙන රටට හෙළි කිරීමට හැකි වෙතැයි අපේක්‌ෂා කරන බවද මහාචාර්යවරයා පැවසීය.

මෙම තොරතුරු සොයා ගිය දුෂ්කර ගමනේදී සරත් වීරවංශ, නාලක හෙට්‌ටිආරච්චි යන සහෘද හිතවතුන්ගෙන් ලද සහය අගේ කරමු.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
http://www.divaina.com/2016/08/09/provin02.html

සබැඳි ලිපි -
[
- වල්ලිපුරම් (වැලිපුර) රන් සන්නස - යාපනය බොදු උරුමයේ රන් සන්නස - නාගදීපය පාලනය කරන වසභ රජුගේ ඉසගිරිය ඇමති විසින් පියගුකතිස විහාරය කරවන ලදී!http://denethharinna.blogspot.com/2015/12/blog-post_27.htmlඅම්පාර ඵෙතිහාසික රජගලතැන්නෙන් මහ උරුමයක සාක්ෂි මතුවේ!http://denethharinna.blogspot.com/2015/10/blog-post_41.htmlවසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමුවෙයි. ලුනුගල ගල් ලෙනෙන් ලංකා ඉතිහාසය වෙනස්‌ වෙයි!http://denethharinna.blogspot.com/2015/09/4000.html
අවුරුදු 1000කට පෙරත් ලංකාවේ මිනිස්සු නාට්‍ය බැලුවේ ටිකට් අරන් - රජගල සෙල්ලිපියෙන් හෙළිවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/1000.html
පොලොන්නරුව නැවත කියවීම - පොලොන්නරු යුගයට පෙර පොලොන්නරුවේ ජනාවාස තිබුන බවට සාක්ෂිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_43.html
තඹාල රිනායිපුර පුරාවිද්‍යා කැණීම්වලින් ඉපැරණි ස්‌ථූපයක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_10.html
රාස්සගලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙවලම් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/09/300.html
වසර 1100 ක් පැරණි ශිලා ලිපියක -නාට්‍ය අවසරපත් ගැන සටහනක්http://denethharinna.blogspot.com/2015/09/1100.html
අනුරපුර විජයාරාම පුරාණ විහාර භූමියෙන් මහායාන සූත්‍ර පාඨ ලියූ තඹ පතක්‌ හමුවෙයිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_84.html
දුටුගැමුණු සහ එළාර විජිතපුර සටනේදී කඩු ගෑ ගලhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_31.html
ක්‍රි.ව. 7 වැනි සියවසේ සෙල් ලිපියක්‌ තොප්පිගලින් සොයාගනීhttp://denethharinna.blogspot.com/2015/08/7.html
ඉපැරණි ගල් ඔරලෝසුවක්‌ ඓතිහාසික රජගල පුදබිමෙන්http://denethharinna.blogspot.com/2015/08/blog-post_17.html
සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව. සමනලවැව ඓතිහාසික යකඩ උඳුන් ක්‍රියාත්මක කර යකඩ ගත්තා!http://denethharinna.blogspot.com/2015/01/blog-post_3.html
අතීත විරුවන් ආයුධ, උපකරණ යකඩින් තනලා! හතරලියද්දේ යකඩ නිෂ්පාදනයේ සාධක මතු වේhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_9.html
ඉතිහාස වංශකථාව අලුතින් ලියූ කෝට්‌ටේ කබොක්‌ ස්‌මාරකයhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_67.html
අභයගිරියේ කැණීම්වලින් පුරාවිද්‍යා නටබුන් රැසක්‌ හමු වේhttp://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක්‌ සහිත වැසිකිළි පද්ධතියක්‌ ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: