Pages

Sunday, August 21, 2016

'එකම ලේ' පිටුපස කවුද? යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන 'විසකුරු ලේ'

යහපාලන රජය පැමිණීමත් සමඟ එක්‌ මුස්‌ලිම් දේශපාලකයෙක්‌ වඩා ප්‍රබල චරිතයක්‌ ලෙස සමාජයේ හැසිරෙයි. විටෙක මොහු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ටත් වඩා බලවන්තයෙක්‌ දැයි සිතේ. ඒ දේශපාලකයා අන් කවරකුවත් නොව අසාද් සාලි වේ. ඇත්තෙන්ම අසාද් සාලි යනු රවුෆ් හකීම් විරෝධියෙකි. මොහු ජනපති උපදේශකයෙක්‌ ද නැත්නම් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ද නැද්ද අපට පැහැදිලි නැත. කවරක්‌ නමුත් මොහු ජනපතිවරයාගේ සමීප හිතවතෙක්‌ බව නම් පෙනේ. ජනවාරි 08 වැනිදා දේදුනු විප්ලවයෙන් පසු මොහුගේ කටහඬට බලවත් පණක්‌ ලැබී ඇත. ජනපතිවරයා සතුටු කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ හා ඒකාබද්ධ විපක්‍ෂයට පහර දුන් මොහු දැන් බෞද්ධයන්ට එරෙහි ව අවි අමෝරාගෙන ඇත. මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට උත්සාහ කරන අසාද් සාලි පිටුපස සිටින්නේ කවර බලවේගයක්‌ ද?. මීට සති කිහිපයකට පෙර දී මොහු බොදු බලසේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන එල්ල කළේය. මොහොමඩ් නබිතුමාට නිග්‍රහ කළහොත් ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව මොහු පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. කොටි සංවිධානය භික්‍ෂුන් කපා කොටා මරා දැමූ බව අප දනිමු. නමුත් කිසිම කොටි නායකයෙක්‌ බෞද්ධ භික්‍ෂුන්ට මෙවැනි තර්ජන එල්ල කර නැත. ඒ අනුව මේ යහපාලන සුරතලා බෞද්ධ භික්‍ෂුන්ට නිග්‍රහ කරන්නේ කවරකුගේ ආශිර්වාදය මත ද? යහපාලන ආණ්‌ඩුව සංහිඳියාව ක්‍රියාත්මක කරන්නේ අසාද් සාලි වැනි පුද්ගලයන් ලවා බෞද්ධයන්ට තර්ජනය කිරීමෙන් ද?

මේ අතර පසුගිය සඳුදා දිනයේ අසාද් සාලි ඇතුළු පිරිසක්‌ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික රූපවාහිනිය ඉදිරිපිට ජාතිවාදයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳ සැමගේ අවධානය යොමු විය. අපි ඔක්‌කොම එකම ලේ මැයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මෙම උද්ඝෝෂණය පිළිබඳව එක්‌තරා බ්ලොග් අඩවියක්‌ දින කිහිපයක පටන් පූර්ව ප්‍රචාර සිදු කරමින් විවිධ පුවත් පළ කර තිබිණි. එහි සඳහන් වූයේ ශ්‍රී ලාංකික මුස්‌ලිම් සමාජයට එරෙහිව අන්තවාදීන්ගෙන් එල්ලවන පීඩාවන්ට එරෙහිව මුස්‌ලිම් නොවන සිවිල් සංවිධානයක්‌ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන බවයි. එම සංවිධානය නම් කර තිබුණේ 'විවිධයි ඒත් සමානයි' යනුවෙනි. 'අපි ඔක්‌කොම එකම ලේ' කණ්‌ඩායම අසාද් සාලි ඇතුළු පිරිස සමඟ උද්ඝෝෂණය කරන විට 'සිංහලේ' සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු තරුණ පිරිසක්‌ පැමිණ මේ ගැන ප්‍රශ්න කරන විට යම් උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති විය. "අපි ඔක්‌කොම එකම ලේ' සංවිධානයේ අරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදයට පහර දීම බව ඔවුන් ඔසවාගෙන සිටි පුවරුවලින් ම පැහැදිලි විය. විශේෂයෙන් ම බොදු බල සේනාව ඉලක්‌ක කර ගනිමින් නිර්මාණය කළ පුවරු ද මේ පිරිස අතර විය. එකම ලේ උද්ඝෝෂකයන් අතර සිංහල පිරිස්‌ මෙන්ම මුස්‌ලිම් ජාතිකයන් ද විය.

සමලිංගිකයන්ට සම අයිතිsය ඉල්ලන පිරිසක්‌ ද මේ අතර වූ බව සමාජ වෙබ් අඩවි ජාලාවල සඳහන්ව තිබිණි. ඕනෑම අයෙකුට තම අදහස්‌ අනුව දේශපාලන මති මතාන්තර අනුව උද්ඝෝෂණය කිරීමට අයිතියක්‌ ඇති බව අපි දනිමු. එහෙත් මේ එකම ලේ කණ්‌ඩායම දකුණේ සිංහල බෞද්ධයන්ට කියන්නට හදන්නේ කුමක්‌ද? සහජීවනයේ නාමයෙන් කරබාගෙන සිටිය යුතු බව ද? විවිධයි ඒත් සමානයි නම් සංවිධානය මුස්‌ලිම් නොවන සංවිධානයක්‌ යෑයි ප්‍රකාශ කර තිබුණ ද මෙතැනට අසාද් සාලි පැමිණියේ කෙසේද? ඒ එකම ලේ පිටුපස යහපාලනය සිටින බව පෙන්වීමට ද? එදා ප්‍රභාකරන් කොළඹ බෝම්බ පුපුරවන විට මෙවැනි එකම ලේ කණ්‌ඩායම් අප දුටුවේ නැත. මෑත කාලීනව ලංකාවේ කිසිම ප්‍රදේශයකින් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමක්‌ ඇති වූයේද නැත. එහෙත් එකම ලේ කියන්නට උත්සාහ කරන්නේ කුමක්‌ද?. වාහනවල අලවා ඇති 'සිංහලේ' ස්‌ටිකර් ගලවා දැමිය යුතු බවද? එසේ නොවන්නේනම් ඥානසාර හිමියන් යළිත් සිරගත කළ යුතු බවද? ජාතිවාදය ඉතා භයානක බව 'එකම ලේ' සංවිධානය කියයි. ජාතිවාදය භයානක බව අපිත් දනිමු. එහෙත් මෙරට මුස්‌ලිම්වරුන් ජාතිවාදීව ක්‍රියා කරන ආකාරයට සිංහල බෞද්ධයන් ක්‍රියා කර තිබේද?. ඉතා අවම ජාතිවාදී අදහස්‌ ඇත්තේ සිංහල බෞද්ධයන් අතරය. සිංහල බෞද්ධයන් ජාතිවාදීව සිතුවා නම් අදත් ජනාධිපති විය යුත්තේ මහින්ද රාජපක්‍ෂය. නමුත් සිංහල බෞද්ධයන් නිදහස්‌ හා මධ්‍යස්‌ථ ආකාරයෙන් ප්‍රශ්න දෙස බැලුවද අනෙක්‌ සුළු ජාතීන් එලෙස නොබලයි.

මුලතිව් සම්බෝධි විහාරයේ තිස්‌සපුර ගුණරතන හිමියන්ට වහාම එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසට දෙමළ සංධාන මන්ත්‍රී රවිහරන් තර්ජනය කරන විට 'එකම ලේ' සංවිධානය කුමක්‌ කියන්නේද? යාපනයේ සිංහල ශිෂ්‍යයන්ට දෙමළ අන්තවාදීන් පහර දෙන විට මේ සංවිධානය මාරාන්තික නිහඬතාවයක සිටියේය. ඇත්තෙන්ම 'අපි ඔක්‌කොම එකම ලේ' උද්ඝෝෂණය පැවැත්විය යුතු වන්නේ ජාතික රූපවාහිනිය ඉදිරිපිට නොව යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය ඉදිරිපිටය. සිංහල සමාජයට වස කැවීමට 'එකම ලේ' උත්සාහ කරන බව පෙනේ. මෙය සැබැවින්ම මෙරට මහා සංස්‌කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන විජාතික කුමන්ත්‍රණයක්‌ බව පැහැදිලිය. 'එකම ලේ' සංවිධානය සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක අයිසිස්‌වරු අන්‍යාගමිකයන්ගේ බෙලි කපා මරා දැමීම ගැන කවර අදහසක්‌ දරන්නේ ද යන්න අපි නොදනිමු. නමුත් මොවුන්ට අයිසිස්‌ ක්‍රියාකාරකම්වලට වඩා බලවත් ප්‍රශ්නයක්‌ වන්නේ බොදු බල සේනාව ගමින් ගමට ගොස්‌ බණ දේශනා කිරීමය.

මුස්‌ලිම් සමාජයේ වීරයකු වීමට උත්සාහ කරන අසාද් සාලි කවර කණ්‌ඩායමක්‌ හෝ සමඟ එක්‌ව මෙරට සිංහල බෞද්ධ ජාතිකවාදයට එරෙහිව සටන් වැදීමට සූදානම් ය. එදා ජාතික රූපවාහිනිය ඉදිරිපිට රඟපෑවේද එහි තවත් ජවනිකාවකි. දෙමළ ජනයාට ස්‌වයං නිර්ණ අයිතිය ලබා දිය යුතුය. එසේ නැත්නම් ඊළම් රාජ්‍යය පිහිටවනු ලැබුවත් එයින් කම් නැතැයි යන ස්‌ථාවරයේ සිටින්නෝ මෙම උද්ඝෝෂණයට පැමිණි බව රහසක්‌ නොවේ. ජාතිවාදය එපා කීවද මොවුන් කිසි දිනෙක ප්‍රභාකරන්ගේ දෙමළ නාසිවාදයට එරෙහිව බෝඩ් ඔසවාගෙන සිටියේ නම් නැත. කවරක්‌ නමුත් යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන මේ 'විසකුරු ලේ' බලවේග ගැන සැම දෙනා අවදියෙන් සිටිය යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2016/08/21/feature29.html

සබැඳි ලිපි -
[

අරිසිමලේ පන්සලට ගහනකොට, කෝ තොපේ එකම ලේ…!http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_17.html
හෙළ බොදු උරුමය වනසන මුසලු අන්තවාදය විශුද්ධිකරණය කිරීම හෙවත් 'එකම ලේ'
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_16.html
උපායශීලි මුසල්මානුවා!!!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_49.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://yukthiyawenuwen.blogspot.com/2012/10/blog-post_23.html
'පුල්මුඩේ ඛණිජ වැලි සංස්ථාවට මුස්ලිම් පමණයි' - මුසල්මානු අන්තවාදී සහජීවනයේ නිරුවත
http://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_6998.html
කපටි මුසලුවන්ගේ අළුත් උපාධි න්‍යාය! ලංකාව වටේ මුසලුවන් පුත්තලමේ අල් - හිරා මුසලු විදුහලෙන් උපෙළට යවා අඩු ලකුණු වලින් සරසවියට!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post_10.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://yukthiyawenuwen.blogspot.com/2013/02/blog-post_9237.html
සැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?
http://yukthiyawenuwen.blogspot.com/2016/08/blog-post.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post_09.html
හලාල්
http://yukthiyawenuwen.blogspot.com/search/label/%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%3F%3F%3F
බුර්කා
http://yukthiyawenuwen.blogspot.com/2016/07/blog-post_49.html
විල්පත්තුව
http://yukthiyawenuwen.blogspot.com/2016/08/2500.html
මුහුදු මහ වෙහෙර ඩෝසර් කිරීම
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
]

0 comments: