Pages

Saturday, March 1, 2014

වියළි කාලගුණය සමඟ පවතින විජලනයෙන් මිදෙන්න, මේ උපදෙස් පිළිපදින්න.

අපගේ ශරීර උෂ්ණත්වය µeරන්හයිට්‌ අංශක 98.4 කි. (98.4F) සෙල්සියස්‌ අංශක වලින් එය අංශක 37 කි. ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමඟ වෙනස්‌ නොවන නිසා අප අචල තාපීන් ලෙස හඳුන්වයි. එනිසා මේ දිනවල පවතින වියළි කාලගුණයද අපට දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. මේ වනවිට කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 31-33 ත් අතර පවතී. වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ රත්නපුරය සහ කුරුණෑගලිනි. එය සෙල්සියස්‌ අංශක 33 ත් 35 ත් අතරය.

පවතින මෙම පරිසර උෂ්ණත්වය දරාගැනීමට අපට ටිකක්‌ අපහසුය. සිරුරින් දහදිය පිටවීම වැඩිය. සිරුර උණුසුම්ව පවතී. එනිසා ඉක්‌මනින් විජලනයට පත්වේ.

එබැවින් පවතින මෙම අධික දාහයෙන් ඇතිවන අපහසුතා වනුයේ විජලනය ඇතිවීම, වකුගඩු, හෘදය සහ අක්‌මාව අධික උෂ්ණත්වයෙන් රත්වීම හෘදය වෙත රුධිරය රැගෙන යන නාළිකා රත්වීම, සම වියළීම, තොල් වියළීම, තොල් පැලීම ආදියයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සම මත රත්පැහැ බිබිලි මතුවීම ඉක්‌මන් විජලනයට පත්වී ක්‌ලාන්තය ඇතිවීම ආදිය මතුවේ.

මෙම අපහසුතාවලින් මිදීමට නම් දිනපතා පිරිසිදු ජලය ලීටර් 2 1/2 ක්‌ පමණ පානය කළ යුතුය. මතුවන තිබහට පැණිබීම, කෝලා බීම පානය සුදුසු නැත. එහි ඇති සීනි නිසා මේවායේ තිබෙන ජලය දහදිය සහ මුත්‍රා මගින් ඉතා ඉක්‌මනින් සිරුරින් පිටවේ.

ශරීරය තුළ ජලය රඳවා තබාගැනීමට ටැංකියක්‌ නැත. එනිසා හැකිතාක්‌ ශරීරය තුළ වැඩි කාලයක්‌ ජලය රඳවා ගත හැකි ක්‍රම භාවිත කළ යුතුය. ඒ සඳහා හොඳම විසඳුම වනුයේ පිරිසිදු ජලය පානය කිරීමය.

පාසල් ක්‍රීඩා තරගද මේ දිනවල පවතින නිසා ඊට සහභාගිවන දරුවන් ක්‍රීඩා ඉසව් ආරම්භයට පැය භාගයකට පෙර වතුර ලීටර් භාගයක්‌වත් පානය කර සිටිය යුතුය. තරගය අවසානවී පැය භාගයක්‌ පමණ ගොස්‌ ශරීරය සිසිල් වූ විට නැවත පිරිසිදු ජලය ලීටර් භාගයක්‌ පමණ පානය කළ යුතුය.

ක්‍රීඩා තරග සඳහා සහභාගි වන දරුදැරියන් සුදු, කහ හෝ ළා පැහැති වර්ණයන්ගෙන් යුත් කපු රෙද්දෙන් නිම කළ හිරු එළිය පරාවර්තනය කරන ඇඳුම් භාවිත කළ යුතුය. කළු, රතු, නිල් වැනි තදපාට ඇඳුම් හෝ නයිලෝන් ඇඳුම් ඇඳීම සුදුසු නැත. ඊට හිරුඑළිය උරාගනී.

එවැනි වර්ණ සහිත ඇඳුම් ඇඳ ක්‍රීඩා තරගවලට සහභාගි වූ විට හෝ එළිමහනේ ගමන් කළ විට හිරු එළිය එම ඇඳුම්වලට උරාගැනීම නිසා දහදිය දැමීම, සම රත්වීම, ආදී අපහසුතා මතුවේ. එහි භයානක ප්‍රතිඵලය වන්නේ සිරුර විජලනයට පත්වී ක්‌ලාන්තය මතුවීමය. එසේම අධික උෂ්ණත්වය නිසා හෘදයා බාධ පවා මතුවිය හැකිය.

පවතින මෙම වියළි කාලගුණයෙන් මතුවන අපහසුතා මගහරවා ගැනීමට හැකිතාක්‌ පිරිසිදු ජලය පානය, සුදු හෝ කහ පැහැති ඇඳුම් ඇඳීම වැදගත්ය.

එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න, සාකච්ඡා කළේ - උපාලි ද සේරම්
http://www.divaina.com/2014/02/23/feature13.html

Pic Source

ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!

රටේ ජනතාව, අනාගත ජීවනාලිය නැසීම අරමුණු කර ගනිමින් සතුරු ප්‍රහාරයක්‌ එල්ලවේනම් ඊට එරෙහිව සටන් කිරීමට දේශපාලනයක්‌ අවශ්‍ය නොවේ. පොදු සතුරෙක්‌ පරාජය කිරීමට පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද පසෙක ලා ක්‍රියාත්මක වීම, රටට... ඒ රටේ ජනතාවට වාසනාවකි.

සිගරට්‌ටුව, බීඩිය සහ සුරුට්‌ටුව කාලාන්තරයක සිට අපේ රටේ ජීවනාලිය බිලි ගන්නා සතුරෙකි. මේවා දුම්කොළ නිෂ්පාදනයන්ය. අති භයානක ඇබ්බැහි වීමකි. මේ පොදු සතුරාට එරෙහිව වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා අවි අමෝරා ගත්තේ වසර කීපයකට පෙරය. බාධක තර්ජන මැද්දේ... ඇමැතිවරයා මේ වන විට මේ සටනින් ජය ලබා ඇත. මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට මේ පොදු සතුරාට එරෙහි සටනින් ජය ගැනීම සඳහා පක්‍ෂ පාට භේද නොබලා සෑම දේශපාලන පක්‍ෂයක්‌ම පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා සහාය දීම එක්‌තරා ආකාරයකින් රටේ වාසනාවකි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත 2006 දී නීතිගත කරනු ලැබීය. මෙම පනතේ 34 වගන්තිය සමග කියවිය යුතු 30 වගන්තිය යටතේ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් සාදන ලද නියෝගයක්‌ අතිවිශේෂ ගැසට්‌පත්‍රයක්‌ මගින් 2012 අගෝස්‌තු මාසයේ 08 වැනිදා ප්‍රසිද්ධ කළේය. මෙය අපේ රටේ පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ දැඩි අවධානයකට, ආන්දොලනයකට තුඩු දෙන්නක්‌ විය. ඒ, මේ නියෝගයේ නැතිනම් ගැසට්‌පත්‍රයේ ඇති රෙගුලාසි අතුරින් එක්‌ රෙගුලාසියක්‌ නිසාය. එමෙන්ම ගැසට්‌ නියෝගය හඳුන්වන නාමය නිසාය.

2012 අංක 01 දරන දුම්කොළ නිෂ්පාදන (ලේබල් කිරිමේ සහ ඇසුරුම් කිරීමේ) නියෝග ලෙස මෙය හඳුන්වයි.

මේ ගැසට්‌ පත්‍රයේ රූප සටහන් අටක්‌ මුද්‍රණය කර ඇත. ඒවා සිගරැට්‌ පැකැට්‌ටුවක, සුරුට්‌ටු හා බිඩි පැකැට්‌ටුවල මුද්‍රණය කළ යුතු රූපමය සෞඛ්‍ය අවවාදයන්ය. අදාළ දුම්කොළ නිෂ්පාදන ඇතුළත් පැකැට්‌ටුවේ ඉඩ ප්‍රමාණයෙන් සියයට අසූවක්‌ ආවරණය වන සේ මෙම රූපමය සෞඛ්‍ය අවවාදවලින් එකක්‌ මුද්‍රණය කළ යුතුය. මාස හයෙන් හයට මෙම රූපසටහන් අට මාරු කරමින් අදාළ පැකැට්‌ටු මත මුද්‍රණය කළ යුතුය. පළමු සහ දෙවැනි රූප දුම්බීම දරුවන් රෝගී කරවන බවට කෙරෙන අවවාදයන්ය. තුන්වැනි රූපය දුම්බීම හෘද රෝග ඇති කරවන බව පෙන්වන්නකි. හතර පහ හය හත රූප මගින් කියන්නේ දුම්බීම පිළිකා ඇති කරවන බවය. අටවැනි රූපය දුම්බීම ලිංගික අප්‍රාණිකත්වය ඇති කරවන බවට අනතුරු අඟවයි.

ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වූවොත් විශාල පිරිසක්‌ දුම්බීමෙන් ඈත්වන බවට සැකයක්‌ නැහැ. එනිසා දුම්කොළ නිෂ්පාදන සමාගම් ගැසට්‌ නිවේදනයට එරෙහිව නීති මාර්ගයට ගොස්‌ සිටී.

මේ ගැසට්‌පත්‍රයේ තවත් රෙගුලාසි ඇත. සිගරැට්‌, බීඩි, සුරුට්‌ටු හෝ වෙනත් දුම්කොළ නිෂ්පාදන භාවිතය මගින් පිටවන දුම නිසා සෞඛ්‍යයට සිදුවන බලපැම් හෝ උපද්‍රව සම්බන්ධයෙන් නොමග යවන සුලු හෝ රැවටිලි සහගත පණිවිඩ එම නිෂ්පාදන ඇතුළත් පැකැට්‌ටුවක හෝ ඇසුරුමක අඩංගු නොවිය යුතුය.

එමෙන්ම විකිණීම සඳහා තිබෙන තවත් දුම්කොළ නිෂ්පාදනයකට වඩා තම (නිෂ්පාදන අඩු හානියකින් යුක්‌ත බව සෘජුව හෝ වක්‍රාකාරව හැඟෙන පරිදි "අඩු" සැර නැති, අධික සැර නැති, හෝ මෘදු යන වචන මෙම ඇසුරුම් මත සලකුණු නොකළ යුතුය.

විකිණීම සඳහා භාවිත කරන යම් දුම්කොළ නිෂ්පාදනයක්‌ සහිත සෑම පැකැට්‌ටුවක්‌ ඇසුරුමක්‌ හෝ ලේබලයක්‌ තුළ එම නිෂ්පාදනයෙහි අඩංගු නිකොටින්, තාර, ෙµdaමල්ඩි හයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය හා සංඝටක සහ විමෝචන පිළිබඳ විස්‌තර ඇතුළත් විය යුතුය.

මේ ආදී රෙගුලාසි කිහිපයක්‌ සහිත 2012 අංක 01 දරන දුම්කොළ නිෂ්පාදන (ලේබල් කිරීමේ සහ ඇසුරුම් කිරීමේ) නියෝග සහිත අති විශේෂ ගැසට්‌ නිවේදනය දැන් ව්‍යවස්‌ථාදායකයේ අනුමැතිය මත දැන් නීතියක්‌ බවට පත්ව ඇත.

මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අභියෝගයට මුහුණ දීමට දැන් ඇමැතිවරයාට සිදුවනු ඇත. අපේ රටේ නීති ඕනෑ තරම් ඇත. එහෙත් ඒ නීති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න ගැටලුවකි.

දුම්කොළ නිෂ්පාදනයන් භාවිත කරන්නන් අතුරින් බහුතරය ඇබ්බැහි වී තිබෙන්නේ සිගරැට්‌ටුවටය. සිගරැට්‌ අලෙවියේදී අපේ රටේ තිබෙන්නේ ඒකාධිකාරයෙකි. එංගලන්ත සහ ඇමරිකානු දුම්කොළ සමාගමේ සුජාත දරුවකු වුවත් ලංකා දුම්කොළ සමාගම නමින් හඳුන්වන දේශීය සමාගමක්‌ යෑයි පවසන තරමට සමාගමට මේ ඒකාධිකාරි බලය ලබා දී තිබේ.

අද අපේ රටේ රජයේ රෝහල් 1084 ක්‌ ඇත. පෞද්ගලික රෝහල් 206 කි. මේ රෝහල් සියල්ල තුළ තිබෙන ඇඳන් සංඛ්‍යාව 79945 කි. මෙම ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 20 ක්‌ම පිරී තිබෙන්නේ සිගරැට්‌, අරක්‌කු සහ මත්කුඩු නිසා රෝගීන් බවට පත් වූවන්ගෙනි. දුම්පානය නිසා දිනකට මියයන සංඛ්‍යාව හැට දෙනකුට අධික බව සංඛ්‍යාලේඛන තහවුරු කරයි. එසේ නම් වසරකට මියයන සංඛ්‍යාව විසි එක්‌ දහසකට අධිකය. මේ සා විශාල පිරිසක්‌ දුම්පානය නිසා මියයන්නේ නම් එය ජාතික ප්‍රශ්නයක්‌ නොවන්නේද... මේ මරණ සඳහා වගකිව යුත්තේ කවුද... මෙය එල්. ටී.ටී.ඊ. ය අපේ රටට, ජනතාවට කළ විනාශය හා සම කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් එහි වරදක්‌ නොමැත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ මහතා පසුගිය අයවැය විවාදයේදී මෙන්ම අද අප කතාකරන ගැසට්‌ නිවේදනය පසුගියදා මැතිසබයේ අනුමැතිය සඳහා පැවති විවාදයේදීද වැදගත් තොරතුරු රැසක්‌ හෙළි කළේය. ඒ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේකා සහ එහි උපදේශක ආචාර්ය නිශාන්ද මෙල් මහතා කළ පර්යේෂණ වාර්තාවක්‌ පාදක කර ගනිමිනි.

දුම්කොළ සහ මත්පැන් මත සියයට 10 ක බද්දක්‌ පනවන්නේ නම් ඒ පනවන සෑම අවස්‌ථාවකම සියයට පහක්‌ මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් ඉවත් වන බව එකී වාර්තාවේ සඳහන් කර ඇතැයි කියන බුද්ධික පතිරණ මහතා මෙසේද කියා ඇත.

2005 සිට 2011 දක්‌වා අවුරුදු හයක කාලය තුළ සිගරැට්‌ එකක්‌ තිබෙන්න ඕනෑ රුපියල් 29 ට. ඒත් ඒ වනවිට සිගරැට්‌ එකක මිල තීරණය කර තිබෙන්නේ රුපියල් 22 ට. මේ තත්ත්වය තුළ රජයට ලැබිය යුතු බදු මුදල් රුපියල් බිලියන 100 ක්‌ අහිමිවෙලා තිබෙනවා. භාණ්‌ඩාගාරයට ලබාගත යුතුව තිබූ මේ රුපියල් බිලියන 100 රටේ සිදුවූ විශාලතම වැට්‌ බදු වංචා මුදල වන රුපියල් බිලියන 3.52 ට වඩා අඩුයි. මහවැලිය සඳහා ආයෝජනය කර තිබෙන්නේ රුපියල් බිලියන 73 යි. විශ්‍රාම වැටුප ගෙවීමට අපට වසරකට වැයවන්නේත් රුපියල් බිලියන 99 යි. මාගම්පුර වරායේ දෙවැනි අධියර සඳහා ඇස්‌තමේන්තු මුදලත් රුපියල් බිලියන 90 යි. අපට සිගරැට්‌ බද්දෙන් අහිමි වෙලා තියෙනවා බිලියන 100 ක්‌. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කොටස වගේ දෙගුණයක්‌ ඉදිකිරීමට වැයවන මුදලක්‌ අපට අහිමි වී තිබෙනවා. පොහොර සහනාධාරය වගේ පස්‌ගුණයක මුදලක්‌ අහිමි වෙලා. පාසල් නිල ඇඳුම් ලබා දෙන්නත් 2011 ඇස්‌තමේන්තුවට රුපියල් බිලියන 1.3 යි.

හැන්සාඩ් වාර්තාව (2013.11.23)

දුම්කොළ සමාගමෙන් ලබාගත යුතු බදු මුදල් නිසියාකාරව ලබා ගැනීමේ ක්‍රියාවලිය යථාර්ථවාදී ලෙස සිදුවනවා දැයි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මත ඕනෑම කෙනෙකු තුළ සැකයක්‌ උපදී. දුම්කොළ නිෂ්පාදකයන්ට එරෙහිව පනවන නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේද මෙවැනි නිලධාරීන් පිරිසක්‌ හරහා බවද අමතක නොකළ යුතුය. 

මෙවැනි රෙගුලාසි පැනවීම නොවේ කළ යුත්තේ සිගරැට්‌ ගෙන්වීම සහ බෙදාහැරීම නතර කිරීමයි... අද රටේ මත්පැන්, මත්ද්‍රව්‍ය බෙදා හරින්නේ කවුද... ආණ්‌ඩුවේ ඇමැතිවරුන් මේවාට සම්බන්ධයි. ඉතින් කොහොමද මේවා නතර කරන්නේ... යෑයි විජිත හේරත් මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

2014 මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක්‌ ගොඩනගන වසර ලෙස නම් කර ඇත. ඒ වසර තුළදී දුම්වැටි සහ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන පෙට්‌ටි මත මෙවැනි රූපමය අවවාද සලකුණු කිරීමේ රෙගුලාසි නීතිගත කිරීම වැදගත්ය. 

ඔස්‌ටේ්‍රලියාවේ සිගරැට්‌ පෙට්‌ටි මත මෙම රූපමය අවවාද ඇරෙන්නට වෙනත් කිසිවක්‌ ප්‍රදර්ශනය කළ නොහැක. උරුගුවේ සිගරැට්‌ පැකට්‌ මත සියයට අසූවක ඉඩ ප්‍රමාණයක, කැනඩාවේ සියයට 75 ක්‌, බෲනයිහි සියයට 75 ක මෙම රූපමය සෞඛ්‍ය අවවාදයන් ප්‍රදර්ශනය කෙරේ. දුම්කොළ සමාගමේ හාම්පුතුන් සිටින ඇමරිකාවේ සිගරැට්‌ පෙට්‌ටි මත රූපමය අවවාද ඇතුළත් කෙරේ. යුරෝපා පාර්ලිමේන්තුවද මෙම නීතිය සම්මත කර ඇත. 

දුම්කොළ පාලන සම්මුතිය සඳහා රටවල් 153 ක්‌ එකඟ වී ඇති අතර දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වූ ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීමද ආඩම්බරයට කරුණකි.

මෙවන් තත්ත්වයන් මත අප තවත් අපේ රටේ ජනතාව මේ අදිසි ත්‍රස්‌තවාදය නිසා අකාලයේ මියයන්නට ඉඩ දෙනවාද යන්න ගැන සිතා බැලිය යුතුය.

සිගරැට්‌ පෙට්‌ටි වශයෙන් මිලදී ගන්නන් හැරෙන්නට සිල්ලර වශයෙන් මිලට ගන්නන්ට මෙම රූපමය සෞඛ්‍ය අවවාදයන් ඇස නොගැටේ. ඒ සඳහාද උපායක්‌ කල්පනා කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකිවනු ඇතැයි අපි සිතමු.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/02/23/feature12.html

සබැඳි ලිපි කිහිපයක් -
[

රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

විදෙස් මුසලුවන් කොල්ල කෑ උරුමය වල්ලාපට්‌ට ජාවාරම හඳුනාගත්තේ ඔහුයි - එච්. එම්. ඒ .බී. හේරත්

ඔහු නොවන්නට අදටත් අපට වල්ලාපට්‌ටා ශාකය විශේෂ නොවන්නට ඉඩ තිබිණි. ගම්වල මිනිසුන් බුලත් පාත්ති සහ වෙනත් වැල් සහිත භෝග සඳහා තනන පන්දලම්වලදී ලී දඬු ගැට ගැසීමට වල්ලාපට්‌ටා ශාකයේ පොත්ත ඉරා එහි ඇති පට්‌ට භාවිත කළා හැරෙන්නට මෙම ශාකයට ජාත්‍යන්තර වටිනාකමක්‌ ඇති බව රටට මුලින්ම හෙළිදරව් කළේ ඔහුය.

ඔහු නමින් එච්. එම්. ඒ .බී. හේරත්ය. වල්ලාපට්‌ටා ශාකය පිළිබඳ මුලින්ම සොයා ගන්නා අවස්‌ථාවේදී ඔහු සේවය කළේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කලවාන ප්‍රදේශයට සම්බන්ධව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අඩවි වන නිලධාරියා ලෙසිනි. දිනය 2012 වසරේ ජුලි 27 වැනිදා ය. එදින ඔහු විසින් කලවාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වල්ලාපට්‌ටා කිලෝ ග්‍රෑම් විසිපහ වර්තමානයේ වල්ලාපට්‌ටා පිළිබඳ කතා බහට මුලපිරුමක්‌ බවට පත්විය. වර්තමානයේ ඉංගිරිය අඩවි වන නිලධාරි ලෙස කටයුතු කරන හේරත් මහතාගෙන්ම එදා සිදු වීම පිළිබඳව අපි විස්‌තර විමසුවෙමු.

කිතුල්ගල පැත්තේ කැලේ ගස්‌ වගයක්‌ කපලා තැන් තැන්වල ගොඩ ගහලා තියෙන බව මට මුලින්ම ආරංචි වුණා. සමහරු ඒවා උරවල දාලා ගෙවල්වලට ගෙනත් තියාගෙන ඉන්න බවත් දැනගන්න ලැබුණා. තවදුරටත් හොයාගෙන යද්දී ඉන්දියාවෙන් ආව මුස්‌ලිම් ජාතික මිනිස්‌සු දෙන්නෙක්‌ ඒ ශාක කොටස්‌ එකතු කරලා දෙන අයට රුපියල් දෙතුන් සීය ගානේ දීලා වාහනයක දාගෙන ඒවා අරගෙන යන බවත් දැනගන්න ලැබුණා. ඒ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා ඒ පළාතට ඇවිත් තිබුණේ ඉන්දියාවේ ඉඳලයි. ඔවුන් ශාකයක පත්‍ර පෙන්නලා ගමේ මිනිස්‌සුන්ට කියලා ඒ වර්ගයේ ශාක කපලා කොටස්‌ එකතු කරවලා අරගෙන ගිහින් තිබුණා. මේ ශාකය වල්ලාපට්‌ටා බව මම හඳුනාගත්තා. ඊට පස්‌සේ ඒ ගැන තවත් හොයන්න පටන් ගත්තා. වඳවීමේ තර්ජනයට මුහුණ දෙන ශාකයක්‌ ලෙස වල්ලාපට්‌ටා ශාකය ඒ වනවිටත් නම් කර තිබුණා. ඒ අනුව එම ශාකය අන්තර්ජාතික වෙළෙඳාම සඳහා තහනම් ශාකයක්‌ ලෙස හඳුන්වා තිබෙනවා. අන්තර්ජාතික වෙළෙ¹ම තහනම් කළ ශාක හා සත්ත්ව සම්මුතියට 1980 දී ශ්‍රී ලංකාවත් අත්සන් කර තිබුණු නිසා ඒ නීතිය පාවිච්චි කරලා වල්ලාපට්‌ටා ගස්‌ කැපූ සහ නීති විරෝධී ලෙස විදේශ රටවලට රැගෙන යැමට උත්සාහ කළ අය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට මට හැකි වුණා. 

අද වෙන කොට කෝටි ගාණක වල්ලාපට්‌ටා නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා. ලැබෙන තොරතුරුවලට අනුව 2012 වසරටත් පෙර වසර කිහිපයක සිටම වල්ලාපට්‌ටා මේ ආකාරයට ඉතාම සුළු මුදලකට පිටරටවලට රහසිගතව අරගෙන ගිහින් තියෙනවා. 

හේරත් මහතා ඒ අයුරින් අපට පැහැදිලි කළේය. අපගේ දැනුමේ හැටියට නම් ඔහු කර ඇත්තේ වීර ක්‍රියාවකි. ගෞරව සම්මාන සහිතව අගය කළ යුතු ක්‍රියාවකි. ඖෂධයක්‌ ලෙසත් ලී දඬු ගැටගැසීමට පට්‌ටා ගැනීම සඳහාත් එතෙක්‌ භාවිත කළ වල්ලාපට්‌ටා ශාකය රැකගතයුතු සම්පතක්‌ බවත් ඔහු රටට ම හෙළිදරව් කළේය. ඔහු මේ පිළිබඳව නොසොයන්නට අදටත් ගජරාමෙට වල්ලාපට්‌ටා රට පටවනු ඇත.

මේවා මේ තරම් විදේශ රටවලට වටින්නේ මන්දැයි අපි විමසුවේ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතාගෙනි. 

පැරීසියේ ඉස්‌තරම් වර්ගයේ සුවඳ විලවුන් සෑදීම සඳහා අමුද්‍රව්‍යයක්‌ ලෙස වල්ලාපට්‌ටා ශාකයේ හටගන්නා රෙසින් නම් කොටස්‌ යොදා ගන්නවා. වල්ලාපට්‌ටා ශාකයේ කඳට තුවාල කිරීමෙන් එම ශාකයේ කඳෙහි ආරක්‌ෂාව සඳහා ගස විසින්ම මෙම රෙසින් වර්ගය නිපදවා ගන්නවා. තුවාලය එයින් ආවරණය වෙලා ශාකයට හානි වීම නවතිනවා. ගයිරිනෝප්ස්‌ වල්ලා (Gyrinops walla‌) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වල්ලාපට්‌ටා ශාකය තිමෙයිසියා (Thymelaeaceae) ශාක කුලයට අයත් වෙනවා. මෙම කුලයට අයත් ශාක ගණ කිහිපය අතරින් "ගයිරිනෝප්ස්‌"ගණයට අයත් ශාක විශේෂ අටක්‌ පමණ තියෙනවා. එයින් ශ්‍රී ලංකාවේ දැකිය හැකි වන්නේ ගයිරිනෝප්ස්‌ වල්ලා නම් විශේෂය පමණයි. වල්ලාපට්‌ටා ලෙස හඳුන්වන්නේ එයයි. තෙත් කලාපීය හා අන්තර් කලාපීය වනාන්තරවල යටි ස්‌ථරයේ මේවා සරුවට වැඩෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්‌නාමය, මැලේසියාව වගේ රටවලත් වල්ලාපට්‌ටා ශාකය අයත් වන තිමෙලයිසියා කුලයට අයත් අක්‍යqලරියා ගණයේ ශාක බහුලව තිබෙනවා. මෙම ශාකවලට කෘත්‍රිම ව හානි කිරීමෙන් හැදෙන රෙසින් නැත්නම් අගාවුඩ් ලබා ගැනීම සඳහා ශාකයේ නියමිත කාලයට කලින් ශාක කපා දැමීම නිසා ඒවා වඳවීමේ තර්ජනයට මුහුණ පෑවා. මේ නිසා එම ශාකය අනවසරයෙන් අපනයනය කිරීම තහනම් කෙරුණා. ශ්‍රී ලංකාවටත් ඒ නීතිය බලපානවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වල්ලාපට්‌ටා කිලෝ ග්‍රෑම් 1ක්‌ රුපියල් එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ පමණ වටිනවා. මේවා පිටරටවල නිෂ්පාදකවරු අඩුමිලට අරගෙන ගිහින් ලක්‌ෂ,කෝටි ගණනට අලෙවි කරනවා. යෑයි ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ වල්ලාපට්‌ටා ශාකය පිළිබඳ නීත්‍යනුකූල අයිතිය පවතින්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවටය. වනාන්තරවලින් ඒවා හොරෙන් කපාගෙන යන්නේ නම් එය වළක්‌වා ගැනීමේ බලය ඔවුන් සතුය. ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීම බලධාරීන්ගේ වගකීම වනු ඇත. අපේ රටේ අහිංසක දුප්පත් මිනිසුන් රවටා ගනිමින් තුට්‌ටු දෙකට මේ රටේ සම්පත් පිටරටවලට රැගෙන යැමේ මහා පරිමාණ ජාවාරම් ක්‍රියාත්මක වූ පළමු අවස්‌ථාව මෙය නොවේ. එක්‌ අතකින් තහනම් කරද්දී පස්‌සා දොරෙන් ඒවා පිටමං කළ සූරවීර පුතුන් අපේ රටේ අඩු නොවීය. අදටත් ඕනෑ තරම් ඇත. එහෙත් රටේ ඉබේ වැවෙන ලක්‌ෂ කෝටි ගණනක්‌ මුදල් පිටරටින් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වල්ලාපට්‌ටා ශාකය පරම්පරා ගණනාවකටම මහඟු සම්පතකි. එසේ නම් මේ මොහොතේ රටට ආදරය කරන හරිහමන් ඔළුගෙඩි ඇත්තවුන් විසින් කළ යුතුව ඇත්තේ වනාන්තරවල ඇති වල්ලාපට්‌ටා තවදුරටත් වඳවී යැමට ඉඩ දීම නොවේ. මිනිස්‌ ශ්‍රමය යොදා ගනිමින් මහා පරිමාණයෙන් වල්ලාපට්‌ටා වගා කිරීම ආරම්භ කිරීමය. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටෙමින් තිබෙන මෙවන් යුගයක දුප්පත් ශ්‍රී ලාංකික ගැහැනුන් තෙල් රටවල බාබලාට බිලි දෙමින් විදේශ විනිමය ඉපැයීම වෙනුවට එකවර වැඩි මුදලක්‌ අසරණ ජනතාව තලා පෙළා රිදවීමකින් තොරව ලබා ගන්නට වල්ලාපට්‌ටා වගාව මහත් පිටිවහලක්‌ වනු ඇතැයි අපි පෙන්වා දෙන්නෙමු. එය ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතුය. 

තුෂාරී කුළුබෝවිල 
http://www.divaina.com/2014/02/23/feature09.html

කිරි පිටි මිත්‍යාවක්මයි. එයින් මිදෙමු! - ලංකාවේදි පැටව් ගහන ලෝක වෙළෙඳපොළේ කිරිපිටි

කිරිපිටි මිල වැඩිකිරීමට එකම සහ ප්‍රධාන හේතුව ලෙස කිරිපිටි සමාගම් මෙන්ම රජයේ බලධාරීන් පවසන්නේ ලෝක වෙළ`දපොලේ කිරිපිටි මිල ඉහළ යාමයි. අප අවබෝධ කර ගත දෙය සහ ඒ අනුව පිළිපදින දෙය මේ රටේ සමස්‌ත ජනතාවට කියා දෙන්නට අපට ඉඩ දෙනවානම් කිරිපිටි මිල වත් කිරිපිටි වත් කිරිපිටි වල ඇතැයි හෙලිවූ වස විසවත් අවම වශයෙන් එළකිරිවත් මේ රටේ ජනතාවට කිසිමදාක කිසිම ප්‍රශ්නයක්‌ වන්නේ නැත. නමුත් අපට එම කටයුත්ත නිසි ලෙස කරන්නට ඉඩ නොදෙන්නේ කිරිපිටි සමාගම් සහ ඔවුන්ගේ උවමනාවන් වෙනුවෙන් සැදී පැහැදී සිටින සකලවිධ බැලයන්ගේ ක්‍රියාකාරීත්වයන් ය. 

ලෝක වෙළ`දපොලේ කිරිපිටි මිල මෑතකාලීනව රුපියල් 5200 දක්‌වා ඉහළ ගිය බව පැවසුණි. වෙනදා මේ බව පවසන්නේ කිරිපිටි සමාගම් විසින් පමණක්‌ වුවත් මෙවර ඒ බව රජයේ ප්‍රවෘත්ති විකාශනයන්ගෙන්ද ජනතාව වෙත විකාශනය කෙරුණි. ලෝක වෙළ`දපොලේ කිරිපිටි මිල එසේ ඉහළගියා යෑයි කීමෙන් අදහස්‌ වන්නේ ලෝක වෙළ`දපොලෙ ඇත්තේ කිරිපිටි කියා හ`දුන්වන එකම එක ජාතියක්‌ බවයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ විවිධ නම් වලින් කිරිපිටි වර්ග සිය ගණනක්‌ අලෙවි කෙරෙයි. ඒ ඒ වයසට ඒ ඒ රෝගයට ඒ ඒ තත්ත්වයට හරියටම හරියන්නේ යෑයි කියමින් එකම කිරිපිටි සමාගමෙන් පවා අවම වශයෙන් කිරිපිටි වර්ග 10 ක්‌ වත් වෙළ`දපොළට නිකුත් කරයි. 

මේවායින් අඩුම මිල ස`දහන් වන්නේ යොදය සහිත සාමාන්‍ය කිරිපිටි පැකැට්‌ටුව වන අතර අති විශේෂ යෑයි ඔවුන් කෘත්‍රීමව හුවාදක්‌වන කිරිපිටි වර්ග සෑම එකක්‌ම පාහේ සාමාන්‍ය පැකැට්‌ටුව මෙන් කීප ගුණයක්‌ මිල අධිකය. මෙරට පාරිභෝගික ජනතාව දැන්වත් තේරුම් ගත යුතු සත්‍යය වන්නේ සිය ලාභය උපරිම වශයෙන් වැඩි කර ගැනීම ස`දහා ලෝක වෙළ`දපොලේ ඇති එකම කිරිපිටි වර්ගය ලංකාව තුළදී කිරිපිටි වර්ග සිය ගනනක්‌ බවට ඒවා නිපදවන සහ විකුණන සමාගම් විසින් පත් කරන බවයි. 

ලෝක වෙළ`දපොළේ වැඩිවන මිලට සාපේක්‌ෂව සාමාන්‍ය කිරිපිටි වල මිල වැඩි වන විට ඔවුන් කෘත්‍රීමව නිෂ්පාදනය කර හුවා දක්‌වන අති විශේෂ කිරිපිටි වර්ගවල මිළ එමෙන් කීප ගුණයකින් වැඩි කෙරෙයි. රජය මිල පාලනය සම්බන්ධයෙන් එක්‌තරා මට්‌ටමකට හෝ මැදිහත් වන්නේ සාමාන්‍ය කිරිපිටි පිළිබ`දව පමණි. අති විශේෂ කිරිපිටි පැකැට්‌වල මිල ඔවුන්ට රිසි සේ වැඩිකර ගැනීමට හැකි වී ඇත්තේ ඒවා කිසිවෙකුට ප්‍රශ්න කරන්නට නොහැකි මට්‌ටමට ඔවුන් විසින් ප්‍රචාරක ත්‍රස්‌තවාදය ඔස්‌සේ ඔසවා තබා ඇති බැවිණි. ඔවුන්ට අනුව ජනතාවට ඇති එකම විකල්පය ඒ තරම් අනර්ග කිරිපිටි වර්ග ප්‍රශ්න නොකර ඔවුන් කියන ගාණට මිලදී ගැනීම පමණි.

ඒ අනුව සත පහක ප්‍රයෝජනයක්‌ නොලැබ සාමාන්‍ය කිරිපිටි වලටත් වඩා අති විශේෂ කිරිපිටිවලින් මෙරට ජනතාව ගොනාට අන්දවා සූරා කන හෙයින් අති විශේෂ කිරිපිටි වල සැබෑ ස්‌වරූපය සහ ඒවා නිපදවීමේ සැබෑ අරමුණ ජනතාව විසින් මනාව වටහා ගත යුතු වෙයි. අප විසින් බොහෝ වාර ගණනක්‌ ඒවායේ සැබෑ තත්ත්වය සහ ඒවායේ සැබෑ අරමුණ පෙන්වා දී ඇතත් කිරිපිටි මිල විසින් ජනතාව වැඩිම පීඩනයකට ලක්‌ කර ඇති මේ මොහොතේ ඒ පිළිබ`දව නැවත දැනුවත් වීම සුදුසු යෑයි අපි විශ්වාස කරමු 

අති විශේෂ කිරිපිටි වර්ග වල සැබෑ තත්ත්වයත් ඒවා නිපදවීමේ සැබෑ අරමුණත් තේරුම් ගැනීම ස`දහා මෙම කිරිපිටි සමාගම් කියන විදිහට 7 දෙනෙක්‌ ඉන්නා විස්‌තෘත පවුලකට කිරිපිටි ගෙනයායුතු ආකාරය සළකා බළමු. 

මෙම පවුලේ වයස අවුරුදු 1 ක 4 ක සහ 7 ක දරුවන් තුන් දෙනෙක්‌ද තරුණ අම්මා කෙනෙක්‌ සහ තාත්තා කෙනෙක්‌ද සීයා සහ ආච්චී කෙනෙක්‌ද සිටිනවා යෑයි අපි සිතමු. මෙම පවුලේ මව දරුවන් හදා වඩා ගනිමින් නිවසේ වෙසෙන අතර රැකියාවක්‌ කරන්නේ තරුණ පියා පමණි. සමාගම් කියන විදිහට මෙම පවුලට කිරිපිටි ගෙන යා යුත්තේ කෙසේද? 

7 දෙනෙක්‌ සිටින විස්‌තෘත පවුලට සමාගම් කියන විදිහට කිරිපිටි ගෙන යා යුතු ආකාරය.

අවු 1 - 1 
අවු 4 - 3 
අවු 7 - 6 
කිරි දෙන මව - අධි ෙද්‍යාaලේට්‌
පියා - යොදය සහිත 
සීයා - මේද රහිත (නන් ද්‍යeට්‌) 
ආච්චී - අධි කැල්සියම් 

අවුරුද්දේ දරුවාට මොලේ හො`දින් වැඩීම ස`දහා ගෙන යා යුත්තේ වන් µ්‍රලස්‌ය. අවුරුදු 4 දරුවා දැන් දුවන පනින වයසේය. වැටුනොත් ඇට කැඩෙන්නේය. තුවාල වන්නේය. ඒවා ඉක්‌මනින් හො`දවීමට අවශ්‍ය කැල්සියම් එහෙම වැඩිපුර ඇති 3 µ්‍රලස්‌ මෙම දරුවාට දිය යුතුමය. අවුරුදු 7 දරුවාට ඒ කිරිපිටි හරියන්නේ නැත. දැන් දරුවා 2 පන්තියේය. 5 පන්තියේදී ශිෂ්‍යත්වයයි. ශිෂ්‍යත්වය පේල් වුනොත් මළ කෙළියක්‌ වන නිසා දරුවාට දිය යුත්තේ ඒ වෙනුවෙන්ම සෑදූ 6 µ්‍රලස්‌ කිරිපිටිය. 

කිරිදෙන මවට පොඩි දරුවන්ට ඇති කිරිපිටි හරියන්නේම නැත. ඇය දැන් කිරිදෙන මවක්‌ බැවින් ඇයට ගෙන යා යුත්තේ ගර්භණී සහ කිරිදෙන මව්වරුන්ටම සැදූ අධිෙද්‍යාaලේට්‌ය. තාත්තා තවම තරුණ බැවින් දෙයියනේ කියා සාමාන්‍ය කිරිපිටි භාවිතා කළ හැකිය.

සීයාට දැන් කොලෙස්‌ටරෝල්, සීනි සහ ප්‍රෙෂර් තිබෙන නිසා සුදුසු වන්නේ යොදය ඉවත්කළ නන්µ්‍රලැට්‌ය. හැබැයි සමාගම නොකියන කථන්දරයක්‌ මෙතන තිබේ. සීයාට කොලෙස්‌ටරොල් හැදුණේ යොදය සහිත කිsරිපිටි බීලාය. සමාගම ඒ ගැන කතා නොකර දැන් කියන්නේ යොදය රහිත නන්µ්‍රලැට්‌ බොන ලෙසය. එයින් අප වටහා ගත යුත්තේ සමාගමේ කිරිපිටි වලින් හැදෙන ලෙඩේටත් සමාගම තවත් කිරිපිටි වර්ගයක්‌ම නියම කරන බවයි.

ආච්චිට මේ අනිත් අයට දෙන එක කිරිපිටි ජාතියක්‌වත් හරියන්නේම නැත. ආච්චි අනුන්ගේ කිරිපිටි බිව්වොත් එහෙම ආච්චිට ලෝකයේ තියෙන භයානකම ලෙඩේ වෙන ඇට දිරන ලෙඩේ හැදිලා ආච්චිගෙ ඇට ටික කුඩේ කුඩු යන්නේය. ආච්චි වෙන අයගේ කිරිපිටි බිව්වොත් එහෙම ආච්චිගේ අස්‌aථිපංචරිය කඩා වැටී මළ පෙරේතයා පොළවේ ගැහැවා වාගේ බිම දිගාවෙලා ඉන්නවා අපට දැකගත හැකිය. 

සමාගම් කිරිපිටි වලට ජනතාව ආකර්ෂණය කරගැනිම ස`දහා වෙළ`ද දැන්වීම් වලින් අපට කියන්නේ අප ඉහතින් විස්‌තර කල කථාන්දරයයි. මේ කථාන්දර අපට කීම ස`දහා ඔවුන් න`එ නිලියන්ද, ක්‍රිකට්‌ ගහන හාදයන්ද, ඊනියා සුපර් ස්‌ටාර්ලාද, මිසිස්‌ පෙරේරලාද, ඊනියා විද්‍යාඥයන්ද, සුපිරි මොල ඇති අයින්ස්‌ටයින්ටත් වඩා ඉක්‌මනින් ගණිත ගැට`එ විස`දන අරුම පුදුම දරුවන්ද, ඊනියා සෞඛ්‍ය වෘතිකයන්ද යොදාගනියි. රූපවාහිනිය ඇතු`එ ජනප්‍රිය ජනමාධ්‍ය ඔස්‌සේ එම චරිත යොදාගනිමින් මේවා අපට කියන්නට ඔවුන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක්‌ වැයකරයි. නවසිලන්තයෙන් අප රටට කිරිපිටි ගෙන්වන සමාගමේ ප්‍රචාරක වියදම පමණක්‌ රුපියල් මිලියන 5000 ක්‌ බව පැවසෙයි. ප්‍රචාරයට එතරම් මුදල් වියදම් කරන විට මේවාට රැවටී අපේ රටේ මිනිසුන් මේවා මිලදී ගෙන ඔවුන්ට උපයාදෙන ලාභය කොතරම් ඉහළ අගයක්‌ ගනීවිද? 

ඔවුන් මෙහිදී කරන්නේ කුමක්‌ද යන්න අවබෝධ කරගැනීම ස`දහා අපි සරල තර්ක බුද්ධිය භාවිතා කළ යුතුය. අප උදාහරණයට ගත් පවුලේ ආදායම් උපයන රැකියාවක්‌ කරන්නේ පියා පමණි. කිරිපිටි යනු කිසිසේත්ම නිවැරදි පෝෂණයට අවශ්‍ය දෙයක්‌ නොවේ. නමුත් මෙම පියා වැරදි අවබෝධය නිසා හෝ පවුලට පෝෂණය ලබාගැනීම ස`දහා කිරිපිටි ගෙනයන්නේ යෑයි සිතමු. ලෝක වෙළෙඳපොලේ, කිරිපිටි නිපදවන රටවල් වල වෙළ`දපොලේ මෙන්ම ලංකාවේ වෙළ`දපොලේත් තිබෙන්නේ එක කිරිපිටි ජාතියක්‌ පමණයි නම් මේ අහිංසක තාත්තා වරකට කඩෙන් ගෙනයන්නේ එක කිරිපිටි පැකැට්‌ටුවකි. නමුත් නිෂ්පාදන සමාගම් අප ඉහතින් කී පරිදි යොදාගත හැකි සියලු චරිතද සියලු මාධ්‍යයද යොදාගනිමින් පවුලේ හත් දෙනාට අනිවාර්යයෙන්ම පැකැට්‌ 7 ක්‌ මිලදී ගත යුතු බව පවසයි.

අති විශේෂ පැකැට්‌ මිලදී නොගතහොත් දරුවන්ගේ මොලේ නොවැඩෙන බව මෙම සමාගම් පවසයි. මේ ලෝකෙ ඉන්න මොන තාත්තද කැමති වෙන්නෙ තමන් ජාතක කරපු දරුවන්ගෙ මොලේ නැතිවෙනවට. ඉතින් කොහෙන් හරි සල්ලි හොයාගෙන දරුවන්ගෙ මොලේ වැඩෙන කිරිපිටි වර්ග ගෙදරට ගෙන යා යුතුයි. ඊළ`ගට මේ සමාගම් කියනව අධි කැල්සියම් කිරිපිටි බිව්වෙ නැත්නම් වයසක කාන්තාවන්ගෙ ඇට ටික කුඩේ කුඩු කියල. ඉතින් කොයි පුතාද කැමති වෙන්නෙ තමන් වදපු හදපු අම්මගෙ ඇට ටික කුඩේ කුඩු වෙනවට. කොහෙන් හරි සල්ලි හොයාගෙන අම්මටත් අධිකැලිසියම් කිරිපිටි ගෙනහිල්ල දෙයි. 

පියා කොහෙන් හරි සල්ලි හොයාගෙන 7 දෙනාට නියමිත කිරිපිටි පැකැට්‌ වර්ග 7 ගෙදර ගෙනගියා යෑයි සිතමු. ඊළ`ගට මෙම සමාගම් කියන්නේ කුමක්‌ද? බත් ඇතු`එ ස්‌වභාවික ආහාරවලින් ඇත් වී හැකි උපරිමයෙන්, අවම වශයෙන් දවසට දෙවරක්‌ වත් මෙම කිරිපිටි දියකර සීනිත් දමා බොන්නට යෑයි කියාය. බොන වාර ගණන වැඩි කළ තරමට සමාගමේ කරල පැහෙන්නේය. මල්ල පිරෙන්නේය. සමාගමේ අවම නිර්දේශය වන දවසට දෙවරක්‌ මේ ගෙදර අය කිරිපිටි බොනවා යෑයි සිතමු. එක්‌ පැකට්‌ එකකින් සෑදිය හැක්‌කේ කිරි වීදුරු 16 ක්‌ පමණි. එනම් පැකැට්‌ එකක්‌ එක්‌ අයෙකුට ප්‍රමාණවත් වන්නේ දවස්‌ 8 කට පමණි. එවිට එක්‌ අයෙකුට මසකට අවම වශයෙන් පැකට්‌ 4 ක්‌ වැයවෙයි. එවිට කිරිපිටි සමාගම කියන පෝෂණය අවමයෙන් ලබාගැනීම ස`දහා මෙම පවුලට පියා මසකට කිරිපිටි පැකට්‌ 28 ක්‌ ගෙදර ගෙන යා යුතුය.

මෙම සෑම අති විශේෂ කිරිපිටි පැකැට්‌ටුවක්‌ම සාමාන්‍ය පැකට්‌ එකක්‌ මෙන් කීප ගුණයක්‌ මිල වන නිසා මෙම කිරිපිටි පැකට්‌ 28 ගැනීම ස`දහා පවුලේ එකම රැකියාව කරන පියා රුපියක්‌ 15000 ක්‌ වත් අවම වශයෙන් වැයකළ යුතුය. ඒ ස`දහා ඔහුගේ ආදායම මදිය. එවිට ඔහුට ප්‍රධාන රැකියාවට අමතරව තවත් අර්ධකාලින රැකියාවක්‌ කිරීමට සිදුවේ. රජයේ සේවකයෙක්‌ නම් අකමැත්තෙන් හෝ අල්ලස්‌ ගැනීමට සිදුවේ. ගමක ස්‌ථිර රැකියාවක්‌ නැති කෙනෙකුට නම් කසිප්පු පෙරීමට හෝ හොරකම් කිරීමට සිදුවෙයි. මක්‌ නිසාද යත් කුමන අපරාධයකින් හෝ මුදල් සොයාගෙන තමාගේ පවුලට කිරිපිටි සමාගම් කියන පෝෂණය ලබාගන්නේ නැතිව ගැලවිල්ලක්‌, බේරිල්ලක්‌ නැති බැවිණි. 

එසේනම් මෙම දුෂ්ඨ කිරිපිටි සමාගම් සමාජ විරෝධී කටයුතු වලටත් මෙරට අහිංසකයන් පොළඹවන අයුරු දැන් ඔබට පැහැදිලියි නේද? එවන් සමාජ විරෝධී කටයුතු වලට ඔවුන් සමාජය පොළඹවන්නේ එසේ පෙලඹෙන අයට තවත් විනාශයක්‌ විනා සත පහකවත් ප්‍රයෝජනයක්‌ නොලැබෙද්දීය.

මේ කර ඇත්තේ කුමක්‌ද? මේක බිව්වෙ නැත්නම් උඹලගෙ දරුවන්ට මොලේ නෑ, මේක බිව්වෙ නැත්නම් උඹලගෙ ඇට කුඩේ කුඩුමයි, මේක බිව්වෙ නැත්නම් උඹලට මේ මාරාන්තික ලෙඩේ හැදෙනවමයි කියල, මේ රටේ ජනතාව බියවද්දල ත්‍රස්‌තවාදී ක්‍රමෝපායන් පාවිච්චි කරල එක කිරිපිටි පැකට්‌ එකක්‌ අරගෙන යන ගෙදරට කිරිපිටි පැකට්‌ 7 ක්‌ එකවර අනිවාර්යයෙන්ම අරගෙන යා යුතු තැනට වැඩ කටයුතු සිද්ධ කිරිමයි. ඊළ`ගට මේ හැම පැකැට්‌ එකක්‌ම සාමාන්‍ය කිරිපිටි පැකට්‌ එකක්‌ වගේ කීප ගුණයක්‌ මිල වැඩියි. එවායින් ඔවුන් තියාගන්නා ලාභය අනිවාර්යයෙන්ම ඊටත් වඩා වැඩියි. 

එහෙමනම් ඇත්තටම මේ කරල තියෙන්නෙ මොකක්‌ද? සාමාන්‍ය කිරිපිටි විකුණල ඔවුන්ට උපයාගත හැකි ලාභය වගේ විසි තිස්‌ ගුණයක්‌ ලාභය වැඩිකරගැනීම පමණයි. එහෙම නම් ඔවුනගේ පෝෂණ වි-ජාව (විද්‍යාව නොවේ) සහ අති විශේෂ කිරිපිටි සූත්තරය (සූත්‍රය නොවේ) කරල තියෙන එකම දෙය විසි තිස්‌ ගුණයකින් ඔවුන්ගේම ලාභය වැඩිකරල දීම පමණයි. අපේ රටේ මිනිස්‌සුන්ට ලැබෙන්නෙ තව තවත් ලෙඩ වීමටත් තව තවත් දුප්පත් විමටත් තව තවත් සමාජ විරෝධී කටයුතු වල නිරත වීමටත් පමණයි.

මෙම අති විශේෂ කිරිපිටි වල කිසිදු අතිවිශේෂයක්‌ තබා විශේෂයක්‌ වත් නැති බවත් එවායේ ඇත්තේ කිරිපිටි මහ බොරුවේ තවත් වර්ධනීය අවස්‌ථාවක්‌ පමනක්‌ බවත් අපි මේ රටේ ජනතාවට දැන් වසර දහයක පමණ සිට කියා දෙන්නෙමු. මීට වසර හතකට පෙර මේ රටේ ජාතික පුවත්පත් කීපයක්‌ උපයෝගී කරගෙන අප එළිදැක්‌වූ සංවාදයේදීද අපි මෙම අති විශේෂ කිරිපිටි සියල්ලෙන්ම කරන මහා බොරුව මහා ගොනාට ඇන්දවීම මේ රටේ ජනතාවට පහදා දුන්නෙමු. 

කිරිපිටි සමාගමකට හෝ ඔවුන් වෙනුවෙන් පෙනීසිටින කිසිම ඊනියා වෘත්තිකයෙකුට හෝ අපට එරෙහිව වචනයක හෝ තර්කයක්‌ ඉදිරිපත් කළ නොහැකි වූයේ මේ රටේ ජනතාව කෙරෙහි සැබෑ ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් අප පෙන්වා දුන් දේවල් එතරම්ම පිරිසිදු පැහැදිලි නොකිලිටි සත්‍ය වූ බැවිණි. 

අති විශේෂ කිරිපිටි සෑම එකක්‌ම නිර්මානය කර තිබෙන්නේ ඔවුන් කියන විදිහට කිරිපිටි වලට අරුම පුදුම සුවිශේෂී ගුණ සහිත සංයෝග හෝ පෝෂ්‍ය පදාර්ථ එකක්‌ හෝ කීපයක්‌ එකතු කිරීම මගිනි. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට ඇති සුදුසුම ක්‍රමය වන්නේ ඒ ඒ පෝෂ්‍ය පදාර්ථයන් බහුල ආහාර භාණ්‌ඩ සියල්ලෙන්ම අවශ්‍ය පංගු ප්‍රමාණය ලබාගැනීමයි. පෝෂණය පිළිබ`ද නවතම විද්‍යාත්මක පිළිගැනීමද එයයි. එක්‌ එක්‌ රට අනුව එවැනි ආහාර භාණ්‌ඩ 6 කට හෝ 5 කට බෙදා ඇත. 

නමුත් කිරිපිටි සමාගම් කියන්නේ පෝෂ්‍ය පදාර්ථ රාශියක්‌ එක්‌ කර ඇති තම සමාගමේ අතිවිශේෂ කිරිපිටි බීමෙන් පෝෂණය ලබාගන්නා ලෙසටය. දරුවන්ටද එසේ පෝෂණය ලබා දෙන ලෙසය. එක්‌ ආහාරයකට තවත් පෝෂ්‍ය පදාර්ථ කිපයක්‌ එකතු කරගෙන පෝෂණය ලබාගැනීම ඉතාම යල් පැන ගිය සංකල්පයකි. එය කිසිසේත්ම සුදුසු ක්‍රමයක්‌ නොවන නිසාත් එමගින් පෝෂණ සමතුලිතතාවය බරපතළ අයුරෙන් බි`දවැටෙන නිසාත් නූතන පෝෂණ විද්‍යාඥයන් උපදෙස්‌ දෙන්නේ සියලුම ආහාර භාණ්‌ඩ වලින් සිරුරට අවශ්‍ය පංගු ප්‍රමාණය ගැනීමටය. එවිට කිසිම පෝෂ්‍ය පදාර්ථයක්‌ ඌණ නොවී ස්‌වභාවික අයුරින් තිරසාර පදනමක්‌ යටතේ සිරුරට ලැබෙයි. 

අනෙක්‌ අතට අතිවිශේෂ කිරිපිටි වර්ගවලට එක්‌ කර ඇතැයි පැවසෙන විටමින් වර්ග ඇතු`එ පෝෂ්‍ය පදාර්ථයන් ස්‌වභාවික ආහාර තුළ සකස්‌ වූ ඒවා නොව කර්මාන්තශාලා තුළ කෘත්‍රීමව නිෂ්පාදනය කරන ලද ඒවාය. එසේ නිපදවන ලද කෘත්‍රීම පෝෂ්‍ය පදාර්ථවල ජෛව උපයෝගීතාවය (Bioavailability) ඉතාම අවම මට්‌ටමක පවතී. එම නිසා කිරිපිටි පැකට්‌වල ඔවුන් තිබෙනවා යෑයි කියන විටමින් ඇතු`එ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය සිරුරට කිසිසේත්ම ප්‍රයෝජනයට ගත නොහැකිය. එමගින් ප්‍රයෝජනයට ගැනෙනවා නම් ගැනෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්‌ පමණි. ඒ අනුව සිරුරට 100% ක්‌ම ගැළපෙන නියම (Original) විටමින් ඇතු`එ පෝෂ්‍ය ප්‍රධාර්ත ඇත්තේ ස්‌වභාවික ආහාරවලය. කිරිපිටිවලට එකතුකර තිබෙනවානම් ඇත්තේ කෘත්‍රීමව නිපදවූ බාල (Secondhand) පෝෂ්‍ය ප්‍රධාර්ථයන්ය.

ඒ අනුව ඉතා යල් පැනගිය පෝෂණ මූලධර්ම භාවිතා කරමින් බාල පෝෂ්‍ය පදාර්ත ආහාරවලට එක්‌කර අධික ලාභයක්‌ තබාගෙන විකිණීම කිසිසේත්ම පෝෂණ විද්‍යාව නම් විය නොහැකිය. එය බරපතළ පෝෂණ මිත්‍යාවකි. නමුත් එම බරපතළ පෝෂණ මිත්‍යාව කිරිපිටි සමාගම් ලෝකවාසී අසරණයන් සුරාකා ගොඩනගාගෙන ඇති ප්‍රාග්ධන බලයෙන් මෙහෙයවන ප්‍රචාරක ත්‍රස්‌තවාදයෙන් ජනතාව ඉදිරියේ පෝෂණ විද්‍යාව බවට වෙස්‌ගන්වා ඇත. 

මෙරට පාරිභෝගික ජනතාව දැන්වත් මේ බව මැනවින් තේරුම් ගෙන කිරිපිටි තරම් ප්‍රශ්නකාරී ආහාරයක්‌ නැති බව මැනවින් ඔප්පු වී ඇති මේ යුගයේ එසේම කිරිපිටි මිලද බෙහෙවින්ම වැඩි කර ඇති මේ යුගයේ කිරිපිටි වලින් මෙන්ම අතිවිශේෂ කිරිපිටි වලින්ද මිදෙන්නට අදිටන් කර ගත යුතුය. ඒ ස`දහා අවශ්‍ය සිය`එ මග පෙන්විම් අප විසින් සිදුකර ඇත. 

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/02/23/feature08.html

සබැඳි ලිපි කිහිපයක් -
[

දුම්වැටිවලට වඩා කිරිපිටි භයානකයි. මිල වැඩිකරන්නත් එපා. ගෙන්වන්නත් එපා – රජයේ වෛද්‍යවරුhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5.html
රට පිටි කිරි වලට ආලේ - ඇයි තවම ගොන් රාළේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7667.html
ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

සත්ව මාංශ පරිභෝජනය සහ පාරිසරික බලපෑම - මිනිසුන් සත්ව මාංශ භක්‍ෂණය අත්හරී නම් මේ පෘථිවිය වඩාත් යහපත් ස්‌ථානයක්‌ වනු ඇත!

ලංකාවේ ගව ඝාතනය නතර කරන්නැයි ඉල්ලා සිංහල රාවය මගින් පා ගමනක්‌ මහනුවර සිට කොළඹ කොටුව දක්‌වා පසුගියදා පැවැත්විණි. ගව ඝාතනය සම්පූර්ණයෙන් නතර කළ හැකිද යන්න ප්‍රශ්නයක්‌ වුවත් ලංකාවේ මස්‌ සඳහා ගවයන්, එළුවන් ආදී සතුන් සොරකම් කිරීම, හිංසාකාරී ප්‍රවාහනය හා කෲරතර සත්ව ඝාතනය අවම කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබේ. 

ලෝකයේ සෑම සතියකම සතුන් බිලියනයකටත් වඩා මරා මිනිස්‌ ආහාරයට ගන්නා බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂි කර්මාන්ත සංවිධානය හෙළි කරයි. ගතවන සෑම මිනිත්තුවකදීම අවම වශයෙන් කුකුළන් 109339 ක්‌ද, ඌරන් 2630 ක්‌ද, බැටළුවන් 922 ක්‌ද, එළුවන් 781 ක්‌ද, තාරාවුන් අති විශාල සංඛ්‍යාවක්‌ද, අශ්වයන්, කළුකුන්, හාවුන්, ඔටුවන් තිදෙනෙක්‌ හා බූරුවෙක්‌ද මෙලෙස ආහාරය සඳහා ඝාතනය කරන බව වාර්තා වේ. මේ දඩයම් කිරීමෙන් හා ගෘහස්‌ථව පෞද්ගලිකව කෙරෙන සත්ව ඝාතන ඇතුළත් නොවන සංඛ්‍යාවන්ය.

මේ අන්දමින් සතුන් මරා දැමීමෙන් ඇතිවන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු අපට නොසලකා හැරිය නොහැක. මේවා අතරට හරිතාගාර, ගෑස්‌ පිටවීම, ජලය අපවිත්‍ර වීම, වනාන්තර විනාශ වීම හා ජෛව විවිධත්ව හානි ඇතුළත් වේ. 

මිනිසුන් සත්ව මාංශ භක්‍ෂණය අත්හරින්නේ නම් මේ පෘථිවිය වඩාත් යහපත් ස්‌ථානයක්‌ වනු ඇත. එහෙත් මානව සංහතියේ එවැන්නක්‌ සිදුවූ බවක්‌ වාර්තා වී නැත. මාංශ භක්‍ෂණයට හුරුපුරුදු වී ඇති ඇත්තන්ට මාංශවලට සමාන විකල්ප ආහාරයක්‌ ගැනීමට හැකි වන්නේ නම් මෙලෙස සතුන් මැරීම අඩකින් හෝ අඩුකර ගත හැකිවනු ඇතැයි පෙනී යයි. සතුන් උදෙසා මේ පෘථිවියේ භූමියෙන් 26% ක පමණ ඉඩක්‌ද, පෘථිවියේ හටගැනෙන භව භෝගවලින් සෑහෙන කොටසක්‌ සතුන් විසින් පරිභෝජනය කිරීමද අති විශාල ජල ප්‍රමාණයක්‌ සතුන් පානයට ගන්නා නිසාද, හරිතාගාර මෙතේන් ගෑස්‌ නිපදවීම නිසාද මෙම සතුන් ඇතිකිරීම අඩුකර ගත හැක. අද ලෝකයේ සත්ව මාංශ මිල අඩු වුවද ඉන්a පරිසරයට වන හානිය අති මහත්ය. 

සත්ව මාංශවලට සමාන විවිධ ආහාර වර්ග පරිභෝජනය දැනට දශක ගණනාවක සිට භාවිතා කිරීම සිදුවී ඇත. එහෙත් එය සැලකිය යුතු ප්‍රමාණයක්‌ නොවන්නේය. 2004 වසරේදී ඕලන්දයේ කරන ලද අධ්‍යයනයකට අනුව එරට මාංශ භක්‍ෂණයෙන් 1% ක්‌ පමණ මේ ආදේශන මාංශ පරිභෝජනය වී ඇත. එයද මාංශවල අර්බුදකාරී තත්ත්වයක්‌ පැවති සමයකය. 

2010 වසරේ දී ඇමෙරිකාවේ මාංශ සඳහා ඩොලර් බිලියන 160 ක්‌ වැයකර තිබේ. ඇමෙරිකාවේ පරිභෝජනය කරන හැම්බර්ගර් ආහාරය සඳහා ජලය ලීටර් 2500 ක්‌ නැතහොත් නෑමට ගන්නා ජල බේසම 16 වතාවක්‌ පුරවන ලද ජල ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක්‌ වැයකොට ඇති වග අනාවරණය වේ. ආහාරයට ගන්නා සෑම හරක්‌ මස්‌ කිලෝග්‍රෑමයක්‌ උදෙසා කාබන්ඩයොක්‌සයිඩ් වායුව කි.ග්‍රෑ. 35 ක්‌ නැතහොත් ඉතා හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ රථයක්‌ කි.මී. 275 ධාවනය කිරීමේදී පිටවෙන ප්‍රමාණයට සරිලන බව සොයාගෙන ඇත.

මසට ගන්නා සතුන් ඉක්‌මනින් වැඩීමට සත්ව ඇති කරන්නන් විසින් මෙම සතුන්ට වඩාත් පෝෂ්‍යදායී ශාක, ඇට හා ධාන්‍ය, සෝයා, ඉරිඟු, තිරිඟු ආදී මනුෂ්‍ය ආහාර දෙනු ලැබේ. මේ අන්දමට හරක්‌ මස්‌ රාත්තලක්‌ ඇති කිරීමට සෝයා කි.ග්‍රෑ. 8 ක්‌ පමණ සතෙකුට දිය යුතු වේ. මේ අනුව හරක්‌ මස්‌ රාත්තලකින් ලබන පෝෂ්‍ය ගුණය මෙන් අටගුණයක්‌ සෝයාවලින් ලද හැකි වේ. වෙනත් අයුරකින් කියන්නේ නම් සෝයා කි.ග්‍රෑ. 8 ක්‌ සතෙකුට දී මස්‌ රාත්තලක්‌ ලබා ගන්නා බවත්, එය මෙන් අටගුණයක පෝෂ්‍ය ගුණයක්‌ සෝයාවලින් ලබාගත හැකිය. මාංශ සඳහා සතුන් ඇති කිරීමෙන් ජලය, හරිතාගාර ගෑස්‌ එකතුව, කැලෑ වඳවීම, මිනිස්‌ ආහාරයට ගන්නා කොළ ඇට ආදිය හිඟවීමට මුහුණපෑමට සිදු වේ. 

සංවර්ධිත රටවල මාංශ භක්‍ෂණය විවිධ ප්‍රමාණයෙන් යුක්‌තය. මත්ස්‍ය මාංශවලට වැඩි ප්‍රිය බවක්‌ දක්‌වන ජපන් ජනයාගෙන් කෙනෙක්‌ වසරකට මස්‌ කිලෝ 45 ක්‌ පමණද, ඇමරිකාවේ අයෙක්‌ මස්‌ කිලෝ 125 ක්‌ පමණද පරිභෝජනය කරයි. ඇමෙරිකාවේ මිනිසුන් තම අතිරේක ආදායමින් 9.8% ක්‌ ආහාර සඳහා යොදවති. වැඩි මුදලක්‌ යෙදවෙන්නේ විනෝදය සඳහා ය. ලෝකයේ 1975 වසරේදී මස්‌ මෙටි්‍රක්‌ ටොන් මිලියන 110 ක්‌ නිපදවා තිබේ. 2012 වසරේ දී එය මෙ.ටො. මිලියන 302 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ජනගහනය වැඩිවීමත්, චීනය වැනි රටවල ජනයා අතේ වැඩිපුර මුදලක්‌ ගැවසීමත්, මාංශ පරිභෝජනය වැඩිවීමට හේතුවී ඇත. ලෝක ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානය (FAධ) ගණන් බලන අන්දමට 2050 වන විට මෙටි්‍රක්‌ ටොන් මිලියන 465 ක්‌ වනු ඇත. දැන් බිලියන 7 ක්‌ වන ලෝක ජනගහනය 2050 වන විට බිලියන 9 ක්‌ වනු ඇත. 

මාංශ වෙනුවට ආදේශන සැපයීමේදී මුහුණපාන ගැටලුවක්‌ වන්නේ ආදේශන මාංශවලට වඩා මිලෙන් අඩු විය යුතු වීමය. සත්ව මාංශවලට දක්‌වන කැමැත්ත ආදේශන සඳහා යොමු කිරීමට සිදු වේ. 

ලලිත් හීන්ගම
http://www.divaina.com/2014/03/01/feature04.html

Pic Source

රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රී

මෙම වර්ෂය සෞඛ්‍ය අමාත්‍යංශය මතින් තොර සමාජයක්‌ නිර්මාණය කිරීම තේමා කොටගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සිය අමාත්‍යාංශය මගින් හඳුන්වාදෙන ආදර්ශ දැහැත් වට්‌ටිය එහි එක්‌ පියවරක්‌ බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා හිඟුරක්‌ගොඩ රජරට විදුහල් මෙත්සිරිපායේදී කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙන පුවක්‌, හුණු, දුම්කොළ වලින් තොර ආදර්ශ දැහැත් වට්‌ටියක්‌ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සංඝයා වහන්සේලාට හඳුන්වාදීම් වස්‌ පැවැති උත්සවයකදී අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙතෙක්‌ අප රට රැකුණේ මහා සංඝරත්නය නිසා. උන්වහන්සේ රැකුණොත් රටත් සමාජයත් රැකෙනවා. ඒ නිසා තමයි මේ වැඩසටහන මුලින්ම සංඝයා වහන්සේලාට හඳුන්වා දීමට පියවර ගත්තේ.

මේ වසරේ අපේ අමාත්‍යාංශයේ තේමාව මතින් තොර සමාජයක්‌ නිර්මාණය කිරීමයි. එහි පළමු වැනි පියවර හැටියට තමයි පුවක්‌, හුණු, දුම්කොළ වලින් තොර ආදර්ශවත් දැහැත් වට්‌ටියක්‌ මහා සංඝරත්නයට හඳුන්වා දෙන්නේ අපි සෑම දිස්‌ත්‍රික්‌කයක්‌ පාසාම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම ස්‌වාමින් වහන්සේලා මාධ්‍ය හරහාත් වෛද්‍ය ක්‍ෂේත්‍රය හරහාත් දැනුවත් කරනවා. අප රට මත්ද්‍රව්‍ය නිසා බරපතළ අභියෝගයකට මුහුණපාලා තියෙනවා. මත්කුඩු කසිප්පු විතරක්‌ නෙවෙයි ජින්, විස්‌කි, බ්‍රැන්ඩි වගේ මොන නමින් ආවත් ඒවා තුළින් සමාජය විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ කියවෙන විදියට බුලත් හපන්නට නොව පුදන්නට යන්න ගැන අවධානය යොමු කළ යුතුයි.

බුදුන් වහන්සේගේ සමයේ සිට මත්ද්‍රව්‍ය ගැන ආදීනව පිළිබඳව ධර්මදේශනා කරලා තියෙනවා. අපේ සමාජය තුළ හැදියාවක්‌ කියලා දෙයක්‌ ඉතිරිවෙලා තියෙනවා නම් ඒ මහා සංඝයා වහන්සේ නිසයි. ඒ නිසා ආදර්ශවත් බුලත් විට පිළිබඳ ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්ය භාරයක්‌ භික්‌ෂූන් වහන්සේට තියෙනවා. ඒ වගේම ග්‍රාමනිලධාරීන් සමෘද්ධි නිලධාරින් කෘෂි පර්යේෂණ නිලධාරීන්ටත් මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීමක්‌ තියෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා - පිළිකා රෝගය නිසා වසරකට ලෝකය තුළ මිලියන 09 ක්‌ පමණ මියයනවා. 2025 වන විට එය මිලියන 20 ක්‌ වෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. පිළිකා රෝගීන්ගෙන් 20% ක්‌ම මියයන්නේ මුඛ පිළිකා රෝගයෙන්. වෛද්‍ය මතය වන්නේ ඊට මුල් වන්නේ හුණු, දුම්කොළ, පුවක්‌ හා දුම්වැටි කියලා. අපේ රට තුළින් වසරකට පිළිකා රෝගයෙන් 2000 ක්‌ පමණ මිය යනවා.

ඉතිහාසය තුළ දැහැත් වට්‌ටියේ දුම්කොළ තිබිලා නැහැ. 1550 දී පෘතුගී්‍රසි මෙරටට පැමිණීමත් සමගම තමයි දුම්කොළ භාවිතය ඇති වෙන්නේ. මේ තත්ත්වය අප තේරුම් ගත යුතුයි.

මෙම අවස්‌ථාව අමතා පොලොන්නරුව සොලොස්‌මස්‌ථානාධිපති හා අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි හා පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද යන හිමිවරුන්ද අදහස්‌ දැක්‌වූ අතර පොලොන්නරුව දිසාපති නිමල් අබේසිරි හා වෛද්‍ය සමාධි රාජපක්‍ෂ යන මහත්වරුද කථා කළහ.

ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි සහ මැති ඇමැතිවරුන්, සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

හිඟුරක්‌ගොඩ - අතුල සූරියබණ්‌ඩාර
http://www.divaina.com/2014/03/01/news18.html

Pic Source

සබැඳි ලිපි -
[

එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රී
http://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

ශ්‍රී ලංකාවේ වෙරළ තීරය විධිමත් කිරීමට වැඩපිළිවෙළක්‌

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 25% ක්‌වූ ශ්‍රී ලංකාව වටේ වෙරළබඩ තීරය අවිධිමත් කටයුතුවලින් ඈත්කර සංවේදී පරිසරයක්‌ ලෙස ගොඩනැගීමට වෙරළ සංරක්‌ෂණ කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.


වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි. ලංකාවට එන සංචාරක ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ මුහුදු තීරය. කොරල්පර, විසිතුරු මසුන්, කඩොලාන පරිසර සංවේදී පරිසර බවට පත් කිරීමත් සුනාමි වැනි ව්‍යසනවලදී බරපතළ ලෙස ඉවුරු ඛාදනය වැළැක්‌වීමට ආරක්‌ෂිත කොන්ක්‍රීට්‌ වැටි වෙරළ වටා දැමීම වෙරළ සංරක්‌ෂණ කටයුතු අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතියට අයත්වේ.

දැනට ආරුගම්බේ, පානම, ඔකඳ, කුමන මූදු තීරය වටා ඖෂධ වගා කිරීම, වැනි විවිධ වෙරළාශ්‍රිත වැවෙන ශාක වර්ග කඩිනමින් වගා කරන අතර අරුගම්බෙ, කුමන, හැලව, පානම කලපු ආශ්‍රිතව කඩොලාන වගා කිරීමටද නියමිතය. කඩොලාන කුඩා මතස්‍යයන්ට බිත්තර දැමීමට, කුඩාමසුන්ගේ ආරක්‌ෂාවට ඉවහල් වන නිසාද ඉවුරු ඛාදනය වැළකෙන නිසාද වෙරළ ආශ්‍රිත කඩොලාන වගා කෙරේ.

පී. විඡේසේකර - පානම
http://www.divaina.com/2014/03/01/news14.html

Pic Source

මුල්වරට ද්විභාෂික ජාතික හැඳුනුම්පතක්‌

සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම පුද්ගල තොරතුරු ඇතුළත් නව මුද්‍රිත ජාතික හැඳුනුම්පත ඊයේ (28 වැනිදා) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබීය.

එවැනි හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම මෙරට පළමුවරට සිදුකෙරුණේ ඊයේය. එය වර්ෂ 2016 දී මෙරටට හඳුන්වාදීමට නියමිත විද්යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ අන්තර්කාලීය පියවරකි.

වර්ෂ 1972 සැප්තැම්බර් 14 වැනිදා අතින් ලියන ලද මෙරට පළමු හැඳුනුම්පත නිකුත් කිරීමෙන් අනතුරුව වසර 42 කට පසු මුද්‍රිත හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම සුවිශේෂී අවස්‌ථාවක්‌ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජෙනරාල් ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා "දිවයින" ට පැවැසීය.

නව වැඩපිළිවෙළ අනුව සෑම පුද්ගලයකුට ඉතා කෙටි කාලයකින් නිවැරදිව සිය ජාතික හැඳුනුම්පත ලබා දීමට හැකි වන බව ද ඒ මහතා කීවේය.

එසේම පසුගිය හැඳුනුම්පත තුළින් මතුවූ එකම අංකය ගන්න හැඳුනුම්පත් කිහිපයක්‌ නිකුත්වීම, නම් ගම් වැරදියට සටහන්වීම ඇතුළු අඩුපාඩු රැසක්‌ මඟහරවා ගැනීමටද හැකිවනු ඇත.

<--- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28 දා) සිට නිකුත් කරන සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම මුද්‍රණය කරන ලද නව ජාතික හැඳුනුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ආර්. එම්. එස්‌. සරත් කුමාර මහතා මාධ්‍යයට පෙන්වූ අයුරු. 


සිරිමන්ත රත්නසේකර, ඡායාරූපය - කමල් බෝගොඩ
http://www.divaina.com/2014/03/01/news27.html

බ්‍රිතාන්‍ය සෙබළා මැරූ ඉස්‌ලාමීය අන්තවාදීහු දෙදෙනා දිවි ඇතිතෙක්‌ හිරේ

ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය සෙබළකු ඝාතනය කළ ඉස්‌ලාමීය අන්තවාදීහු දෙදෙනකුට අධිකරණය විසින් ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවම් නියම වී ඇත. නිජල් ස්‌විනි සහ මිචෙල් අඩෙල් බොලාජෝ නමැති මෙම අන්තවාදීහු ලී රින්බ් නමැති සෙබළා මරාදැමීම අන්තවාදී ක්‍රියාවක්‌ යෑයි විනිසුරුවන් පවසා තිබේ.

තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම ඔවුන් දෙදෙනා විනිසුරුවන්ට අවමන් ලෙසින් බැණ වැදී ඇත. මේ නිසා ආරක්‍ෂක භටයන් ඔවුන් බිම පෙරළා සිරකූඩුවට ගෙන ගොස්‌ තිබේ.

මහජනතාව බලාසිටියදී එකී අන්තවාදීහු එම සෙබළා කපා කොටා මරා දමා ඇත.

http://www.divaina.com/2014/02/28/forign02.html

Pic Source

යාන්ත්‍රික පර්යේෂණ හා නිෂ්පාදන මධ්‍යස්‌ථානය මගින් නව වී වපුරන මැෂිමක්. 50%ක බීජ වී ඉතුරුවක්.

දැන් වී බීජ ගිනි ගණන්ය. කිලෝවක මිල රුපියල් 100 ක්‌ පමණ වේ. සාමාන්‍යයෙන් අක්‌කරයක කුඹුරකට වැපිරීමට වී කිලෝ 20 ක්‌ පමණ අවශ්‍ය වන අතර ඒ සඳහා රුපියල් 4000 ක්‌ පමණ අවශ්‍යවේ.

ගොවීන් මුහුණපා ඇති මෙම දුෂ්කරතාවයට විසඳුමක්‌ වශයෙන් මහඉල්පුප්පල්ලම ගොවිපළ යාන්ත්‍රික පර්යේෂණ හා නිෂ්පාදන මධ්‍යස්‌ථානය මගින් වී වප්කරයක්‌ නිෂ්පාදනය කර තිබේ. මේ යන්ත්‍රය අනුසාරයෙන් දිනකට අක්‌කර හයක පමණ වී වැපරිය හැකි අතර අක්‌කරයකට අවශ්‍ය වන්නේ වී කිලෝ දහයක්‌ වැනි සුළු ප්‍රමාණයක්‌ බව ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චින්තක බාලසූරිය මහතා සඳහන් කරයි.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/02/28/provin03.html

බොදුන් හින්දූන් ආගමිකව නොබෙදුනොත් ලොකු බලයක්‌ තිබෙනවා - අස්‌ගිරි මහ නාහිමි | මහ නාහිමියෝ උතුරට වැඩම කිරීම මහත් ගෞරවයක්‌ - හින්දු පූජක ප්‍රධානී

බෞද්ධයන් සහ හින්දු භක්‌තිකයන් කිසි දිනෙක ආගමික හේතූන් මත අරගල ඇති කර නොගත් බවත් අප ආගමික වශයෙන් නොබෙදී එක්‌ව සිටියහොත් විශාල බලයක්‌ පවතින බවත් අස්‌ගිරි පාර්ශ්වයේ මහ නායක උඩුගම රතනපාල ශ්‍රී බුද්ධරක්‌ත නාහිමියෝ පැවැසූහ.

ඉකුත් දා යාපනයේ සංචාරයක නිරතවූ මහ නාහිමියෝ, යාපනය නල්ලූර්හිදී උතුරේ හින්දු ආගමික ප්‍රධානීන් හමුවී මේ බව සඳහන් කළහ.

යාපනයට වැඩම කළ මහ නාහිමියෝ ප්‍රධාන පිරිස උතුරේ හින්දු පූජක ප්‍රධානී (නල්ලෙයි ආදීනන්) වන ශ්‍රී ල ශ්‍රී සෝමසුන්දර දේශික පරමාචාර්ය සාමිගල් හා තෙලිප්පලේ දුර්ගයි අම්මාන් කෝවිලේ ප්‍රධානී ආරු තිරුමුගන් පූජකතුමන් ඇතුළු පිරිස විසින් භක්‌තියෙන් යුතුව පිළිගනු ලැබූහ.

එහිදී තවදුරටත් අනුශාසනා කළ මහ නාහිමියෝ බෞද්ධයන් හා හින්දු භක්‌තිකයන් අතර සුළු හෝ යමක්‌ ඇතිවුවද එය පෞද්ගලික හේතූන් මත වූවක්‌ බව ද පැවැසූහ.

බුදු දහම හා හින්දු ධර්මය යනු එකම රටක බිහිවූ ආගම් දෙකක්‌ බව ද පෙන්වා දුන් මහ නාහිමියෝ බුදුරජාණන් වහන්සේ හින්දු සම්භවයකින් පැවතුණු ශ්‍රේෂ්ඨ උත්තමයකු බවද පැවැසූහ.

මෙහිදී මහ නාහිමියෝ උතුරට වැඩම කිරීම මහත් ගෞරවයක්‌ යෑයි පවසා සිටි හින්දු පූජක ප්‍රධානී සෝමසුන්දර දේශික පරමාචාර්ය ආරුතිරුමුගන් පූජකතුමා ගව ඝාතනයට එරෙහිව බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ගෙන යන ව්‍යාපාරය මහත්සේ පැසසුමට ලක්‌ කළේය.

සමන් ගමගේ
http://www.divaina.com/2014/02/28/news30.html

Pic Source

ක්‍රිකට්‌ තහනම් - තරුණයන් ජීහාද් කටයුතුවලට යොදා ගැනීම ඈත් කරනවා - තාලිබාන්

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීම සහ ක්‍රිකට්‌ තරග පැවැත්වීම තාලිබාන් සංවිධානය තහනම් කර ඇත.

ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන්, තරුණයන් ජීහාද් කටයුතුවලට යොදා ගැනීම ඈත් කරන බව තාලිබාන් ප්‍රකාශන ෂෂිදුල්ලා ෂහිද් පැවසීය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට තාලිබාන් සංවිධානය මුළුමනින්ම විරුද්ධ බව හෙතෙම තවදුරටත් කීවේය.

පාකිස්‌තානයේ අභ්‍යන්තර කටයුතු ඇමැති චව්ද්රි නිසාර් ක්‍රිකට්‌ තරගයක යෙදීමට තාලිබාන් සංවිධානයට කළ ඇරයුම ද ප්‍රතික්‍ෂේප වී ඇත.

http://www.divaina.com/2014/02/27/forign02.html

Pic Source

සබැඳි ලිපි -
[
ඇෆ්ගන් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ පස්‌ දෙනෙක්‌ ඝාතනය කෙරෙති. තලෙබාන් සංවිධානය බවට සැක...http://denethharinna.blogspot.com/2014/01/blog-post_4252.html
]

මුසලු වහල් දඩයමට තවත් සිහල කතක් බිළි. ගේ හදාගන්න සෞදි ගිය නිලූකා පෙට්ටියෙන් ගෙදර එයි.

නිලූකා දමයන්ති (34) දෙදරු මව පසුගිය දෙසැම්බර් මස ගණේමුල්ල ප්‍රදේශයේ බ්‍රොකර්වරියක්‌ හරහා මරදාන ප්‍රදේශයේ ඒජන්සියක්‌ මාර්ගයෙන් සෞදි රාජ්‍ය බලා පිටත් වූයේ තම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුත් තම නිවසේ ඉදිකිරීමත් සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතිව වුවද පෙරේදා දහවල රාගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අංක 40 ලේක්‌සයිඩ්වත්ත බටුවත්ත රාගම පිහිටි නිලූකා දමයන්තිගේ නිවසට පැමිණ ඇය සෞදියේදී මියගොස්‌ ඇති බවට දැනුම් දීමත් සමඟ රාගම බටුවත්ත හා වල්පොල ජනතාව වැල නොකැඩී නිලූකා දමයන්තිගේ නිවසට ඇදී ආ අයුරු එම නිවසට ගිය අපට ද දැක ගන්නට ලැබිණි.

මෙම සැක සහිත මරණය පිළිබඳව අප වෙත අදහස්‌ දැක්‌වු මියගිය නිලූකා දමයන්තිගේ මව වන දිනිතා රත්නායක (53) මහත්මිය,

මගේ දුව පසුගිය දෙසැම්බර් මාසයේ රට ගියාට පසු එක සැරයක්‌ දුරකථනයෙන් මට කතා කළා. කතා කරලා කිව්වා කරදරයක්‌ නෑ හොඳින් ඉන්නවා ළමයි දෙන්නා බලාගෙන හොඳින් ඉන්න කියලා. නමුත් එයාගේ මහත්තයාගේ දුරකථනයට කතා කරලා කියලා තියෙන්නේ එයා වැඩ කරපු ගෙදර නෝනාගෙන් කරදරයි කියල. මම දුක්‌ වෙයි කියලා දුව මට ඇත්ත කිව්වේ නෑ. දුවව කාමරයක හිර කරලා හිටියා කියලා දැන ගන්න ලැබුණා. දුවට කිසි අසනීපයක්‌ තිබුණේ නෑ. මේක මිනී මැරුමක්‌ යෑයි පැවසුවාය.

සෞදි රාජ්‍යයේ දමාම් වල නිවසක ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය කළ නිලූකා දමයන්තිගේ ස්‌වාමිපුරුෂයා වූ රන්ජිත් සමරසිංහ මහතා

නිලූකා සෞදි ඉඳලා මට කතා කළා. ඒ වෙලාවේ කිව්වා ඉන්න ගෙදර නෝනා එක්‌ක කරදරයි කියලා. මම ගිහින් ඒජන්සියට කිව්වා. නිලූකාට එහෙ කරදරයි වෙන ගෙදරකට යවන්න කියලා ගෙදර නෝනා නිලූකාට ගහල කියලත් කිව්වා.

නිලූකා දමයන්තිගේ නිවස අසල නිලූකාගේ මිතුරියක්‌ වූ ඩබ්. ඩී, නිලන්ති (33) පැවසුවේ,

"නිලූකා රට යන කොට මගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ගියේ. මට කතා කරලා නිලූකා කිව්වා ගෙදර නෝනා අයන් එකෙන් අත් දෙකම පිච්චුවා කියලා. මේ මරණය විශාල සැකයක්‌" යෑයි පැවසුවාය.

නිලූකාගේ පියා වූ එච්. නිමල් මහතා පැවසුවේ,

"මගේ දුවට අසනීපයක්‌ තිබුණේ නෑ. මේක ඝාතනයක්‌. මම ශ්‍රී ලංකා ආණ්‌ඩුවෙන් ඉල්ලන්නේ නැවත මරණ පරීක්‍ෂණයක්‌ තියන්න කියලා. අපි අසරණයි. නිලූකාගේ ලොකු දුවට ශ්‍රව්‍ය ආබාධයකුත් තියෙනවා. ගේ හදන්න තමයි දුව රට ගියේ යෑයි පැවසුවේය. ශ්‍රී ලංකා සෞදි තානාපති කාර්යාලයෙන් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන්, ඒජන්සියෙන් සහයෝගය ලැබී නිලූකා දමයන්තිගේ දේහය ශ්‍රී ලංකාවට ඉක්‌මනින් ගෙනැවිත් මෙම මරණයට සාධාරණයක්‌ කරන ලෙස නිලූකාගේ ඥාතීහු ඉල්ලා සිටිති.

කඳාන - රුක්‌මන් පිංතු, රිචඩ් ජී. සිල්වා - රාගම
http://www.divaina.com/2014/02/27/provin02.html

සෝම හිමි ඝාතනයට චෝදනා ලද ලලිත් කොතලාවලට කළකම් පළදීම - ගෝල්ඩන් කී වංචාවේ අතුරු ප්‍රතිඵල

සෙලින්කෝ සමාගම් සමූහයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ සමාගමේ මුදල් ආයෝජනය කළ විශාල පිරිසක්‌ තවමත් දිවිගෙවන්නේ ඉතා අසරණවය. ඔවුන් තැන්පත් කළ මුදලට පොළිය තබා තැන්පත් කළ මුදලවත් දිගු කලක්‌ තිස්‌සේ ලබාගත නොහැකිව ඔවුන්ට සිදුවූයේ උසාවි ගානේ රස්‌තියාදු වෙමින් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමටය. එහෙත් පසුගියදා පුවත්පත් වාර්තා කර තිබූ පරිදි මේ වන විට එම තැන්පත්කරුවන්ට කිසියම් සුබදායී පණිවුඩයක්‌ ලැබී තිබිණි. ඊට හේතුව නම් එම තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ඔවුන්ට ගෙවීම සඳහා ස්‌ථාපිත කළ ගෝල්ඩන් එස්‌.පී.වී. ආයතනය මගින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ සභාපති ලලිත් කොතලාවල හා ඔහුගේ බිරිඳ වන සිසිලි කොතලාවල මහත්මියට අයත් දේපළ විකුණා ලැබෙන මුදල් එම තැන්පත්කරුවන්ට ගෙවීමට කටයුතු කරමින් සිටීමයි. මේ තුළින් එම අසරණ තැන්පත්කරුවන්ට වූ හානිය මුළුමනින්ම නිවැරැදි නොවිය හැකි නමුත් මෙය ඔවුන්ට විශාල සහනයක්‌ වන බවට නම් කිසිම සැකයක්‌ නැත.

ගෝල්ඩන් කී ප්‍රශ්නයට සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වූ දිනවල ගෝල්ඩන් කී තැන්පත්කරුවන් කියා සිටියේ ඔවුන්ගේ තැන්පත් මුදල් ගෙවීමට, ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ සමාගමේ මුදල් ප්‍රමාණවත් නොවෙන්නේ නම් මෙකී මූල්‍ය වංචාවට සම්බන්ධ අයගේ පෞද්ගලික දේපළවලින් හෝ තම තැන්පතු මුදල් අයකර දිය යුතුව ඇති බවයි. මේ ගැන අප කියා සිටියේද එකී තැන්පත්කරුවන්ට, මේ වංචාව කළ වැරදිකරුවන්ගේ පෞද්ගලික දේපළවලින් හෝ හැකි උපරිම මුදල ඔවුන්ට අයකර දිය යුතු බවයි. අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පවතින බැවින් එය සිදුවිය යුතුව පැවතියේ ද අධිකරණ ක්‍රියාවලිය හරහාය. තම දුක්‌ කඳුළුවලට විසඳුමක්‌ පතා ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අධිකරණයේ පිහිට පැතුවත් මුලින් අධිකරණ ක්‍රියාවලියෙන් හෝ ඔවුන්ට සාධාරණයක්‌ ඉටු නොවූ බව ඔවුන් කියා සිටි කරුණකි. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව රජයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ඉදිරිපත් කළ දොaෂාභියෝගයේදී, මේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ද ඊට සහාය පළකරමින් අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරවලද නිරත විය. මුලින් අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ පසුව කොළඹ 07, විඡේරාම මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට සිටිමින්, පාර්ලිමේන්තුවෙන් එම දොaෂාභියෝගය සම්මත වන තෙක්‌ම සත්‍යග්‍රහ ව්‍යාපාරයකද නිරත වූහ. එම දොaෂාභියෝගය සම්මත විණි. එය දැනගත් මොහොතේ රතිඤ්Æ පත්තු කරමින් එයට සතුට පළ කළ ඔවුහු කැවුම් සහ කිරිබත් අනුභව කරමින් සිය සතුට එකිනෙකා බෙදා ගන්නටද වූහ. ඒ මොහොතේ අපට ඇතිවූ ප්‍රශ්නය වූයේ එම දොaෂාභියෝගයෙන් පසුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ඉරණම කුමක්‌ වනු ඇතිද යන්නයි.

මේ පසුබිම තුළ වඩාත් වැදගත්ම කාරණය වූයේ සාධාරණ නඩු විභාගයක්‌ තුළින් එතෙක්‌ අධිකරණ ක්‍රියාවලියෙන් ඉටු නොවූ යුක්‌තිය මේ තැන්පත්කරුවන්ට ඉටු වීමයි. එය ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේද අපේක්‍ෂාව විය. ඒ අනුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුදුසු නියෝගයක්‌ ලැබිණි. එනම් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ සභාපතිවරයා, ඔහුගේ බිරිඳ ඇතුළු හිටපු අධ්‍යක්‍ෂවරුන් සතු රු. කෝටි 550 කට අධික දේපළ හා මුදල් එම තැන්පත්කරුවන්ට ආපසු ගෙවීම සඳහා ස්‌ථාපිත කළ ගෝල්ඩන් කී එස්‌.පී.වී. ආයතනයට පවරන ලෙස ලද අධිකරණ නියෝගයයි. එම නියෝගයට අනුව ලලිත් කොතලාවල මහතා පදිංචිව සිටින්නේ යෑයි කියන නිවස මෙන්ම සිසිලි කොතලාවල මහත්මිය විසින් නීතියට පටහැනිව ඇගේ ඥතීන් කීප දෙනකුට පවරන ලද රු. කෝටි 46 කට අධික වටිනාකමක්‌ ඇති එස්‌. ඇන්ඩ් එල්. ආයතනය සතු රු. කෝටි 15 කට අධික මුදල් සහ එම සමාගම සතු චංචල හා නිශ්චල දේපළ ද ගෝල්ඩන් කී එස්‌.පී.වී. ආයතනය වෙත පැවරිණි. මීට අමතරව ලලිත් කොතලාවල යුවළට අයත් තවත් දේපළ ගණනාවක්‌ම ඉහත ආයතනය වෙත පවරන ලෙසද අධිකරණය තවදුරටත් නියෝග කර තිබිණි. මෙම නියෝගය කර තිබුණේ අගවිනිසුරු මොහාන් පීරිස්‌, කේ. ශ්‍රී පවන් හා චන්ද්‍රd ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ විසිනි. එසේම එස්‌ ඇන්ඩ් එල් සමාගමට අයත් සියලු ලිපි ලේඛන, පොත්පත් හා බැංකු ගිණුම් පිළිබඳ දත්ත හා තොරතුරු එස්‌.පී.වී. ආයතනය වෙත පවරන ලෙස නියෝග කොට තිබූ විනිසුරු මඬුල්ල එම කටයුතු දැඩිව අධීක්‍ෂණය කරන ලෙසත් එම ක්‍රියාවලියට යම් කිසිවකු හෝ කිසියම් බාධාවක්‌ සිදු කළහොත් ඒ ගැන වහාම අධිකරණයට වාර්තා කරන ලෙසද නීතිපතිවරයාට දැනුම් දී තිබිණි.

මෙය ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පැත්තෙන් ඉතා වාසිදායක තීන්දුවකි. මෙය වසර පහකට අධික කාලයක්‌ තිස්‌සේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් තම තැන්පතු මුදල් ලබා ගැනීමට දියත් කළ අරගලයේ ජයග්‍රාහී සන්ධිස්‌ථානයක්‌ බවටද කිසිම සැකයක්‌ නැත. දැන් තිබෙන්නේ මෙකී අධිකරණ තීන්දුව ප්‍රකාරව කටයුතු කරමින් අසරණභාවයට පත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවිය යුතුව තිබෙන මුදල් හැකි උපරිම ප්‍රමාණයක්‌ ගෙවීමට කටයුතු කිරීමයි.

මේ සම්බන්ධයෙන් ගෝල්ඩන් කී එස්‌.පී.වී. ආයතනයේ අධ්‍යක්‍ෂ දුෂාන්ති හපුගොඩ මහත්මිය පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කොතලාවල යුවළට අයත් රු. කෝටි 550 කට ආසන්න වටිනාකමකින් යුත් කොටස්‌ හිමිකම් හා දේපළ ඉදිරි සති කිහිපය තුළ විකිණීමට කටයුතු කරගෙන යන බවයි. එම දේපළ විකිණීමෙන් ලැබෙන මුදල් තැන්පත් කරුවන්ට ආපසු ගෙවීම සඳහා අධිකරණ නියෝගය පරිදි කටයුතු කරන බවද ඇය පවසා තිබිණි. මේ අනුව ඉදිරි මාස තුනක පමණ කාලයක්‌ තුළ ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ සභාපතිවරයාගේ, ඔහුගේ බිරිඳගේ හා හිටපු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ නිශ්චල හා චංචල දේපළ මෙන්ම එම සමාගමට අනුබද්ධ, අධිකරණ නියෝගය පරිදි යළි පවරා ගැනුණු සියලුම වත්කම් විකුණා මුදල් ලබා ගැනීමට නියමිතය.

මෙසේ වත්කම් විකුණා ලැබෙන මුදල් 7200 ක්‌ පමණ වන ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීමට නියමිත අතර, එම ගෙවීම් සිදු කරනුයේ අධිකරණය මගින් නියෝග කෙරුණු යළි ගෙවීමේ සැලසුම අනුවය. මේ වසර අවසන් වීමට පෙර ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අපේක්‌ෂා කළාටත් වැඩි මුදලක්‌ ගෙවීමට හැකිවනු ඇතැයි ද දුෂාන්ති හපුගොඩ මහත්මිය පවසා තිබිණි. කවරක්‌ නමුත් අධිකරණ නියෝගය ප්‍රකාරව ලලිත් කොතලාවල යුවළගේ දේපළ පවරා ගැනීමේ කටයුත්තේ දී නොයෙකුත් බාධාවන්ට මුහුණ දීමට ගෝල්ඩන් කී එස්‌. පී. වී. ආයතනයට සිදුව තිබෙන බව ද දැනගන්නට ඇත.

ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ මේ වනවිට සිටින්නේ එංගලන්තයේය. ඇය ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌කාඩ් සමාගමේ අධ්‍යක්‍ෂිකාවකද විය. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය එංගලන්තයෙන් පිටුවහල් කිරීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පැතීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි. මේ සඳහා කටයුතු යොදන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කර ඇතැයිද වාර්තා වේ. මේ අතර ඇයව ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබාගෙන තිබේ. අහිංසක ජනයාගේ මුදල් සහ ජීවිත සමඟ සෙල්ලම් කළ මේ අයට නීතියෙන් ගැලවීමට ඉඩ දිය යුතු නොවේ.

ලලිත් කොතලාවල මහතා කලෙක සිටියේ ව්‍යාපාර ලෝකයේ රජෙකු ලෙසය. රජකම් කළත් කළ කම් පළ දෙන්නේය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම, මහ බැංකුවේ ලියාපදිංචි කර තිබූ සමාගමක්‌ නොවේ. ඒ නිසාම එම ආයතනයට මහජන මුදල් තැන්පතු ලබා ගැනීමට නීත්‍යානුකූල බලයක්‌ නොතිබිණි. ඒ නිසා එම සමාගම මහජන තැන්පතු ලබාගෙන තිබුණේ ක්‍රෙඩිට්‌ කාඩ්පතකට ලබා ගන්නා ආරක්‌ෂිත තැන්පතුවක්‌ වශයෙනි. එය නීතියෙන් ගැලවීමට යොදාගත් උපායක්‌ විය.

එහෙත් මහජන මුදල් සමඟ සිදු කළ මේ බරපතළ සෙල්ලම නිසා අවසානයේ ලලිත් කොතලාවලට අත්වූ ඉරණම ගැන අද කවුරුත් දන්නේය. මේ සිද්ධියෙන් සමාජයට ඉගෙනීමටද බොහෝ පාඩම් තිබේ. බොහෝ දෙනෙක්‌ දැන හෝ නොදැන මෙවැනි අනවසර මූල්‍යයතනවල තම මුදල් තැන්පත් කළේ වෙනත් අවසරලත් මූල්‍යායතනවලට වඩා වැඩි ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්‌ෂාවෙනි. ඔවුන් මුලදී එම ප්‍රතිලාභ රිසි සේ භුක්‌ති වින්දා මිස එම ආයතනවල නීත්‍යනුකුලභාවය සොයන්නට ගියේ නැත. අප සෑම කෙනෙක්‌ම කැමැති වන්නේ ලෙහෙසියෙන්, පහසුවෙන් ධනය ඉපැයීමටය. අප සෑම කෙනෙක්‌ තුළ ඇති මේ "තණ්‌හාව" ගැන දන්නා වංචනිකයන් ඉන් ප්‍රයෝජන ගැනීමටද බලා සිටිති. මේ නිසා හෙට දවසේදී හෝ වෙහෙස මහන්සියකින් තොරව ධනය ඉපැයීම සඳහා අවදානම් සහගත කෙටි මාර්ග සෙවීමෙන් වැළකීමට ඔබ වග බලාගත යුතුය. 

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මෙන්ම වෙනත් අනවසර මූල්‍යායතනවල මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු අයට ද නීතිය ඉදිරියට යා හැකි නමුත්, ඔවුන්ට අහිමිවූ මුදල් මුළුමනින්ම නැවත ලබාදීමේ හැකියාවක්‌ අධිකරණයට ද නොමැත. ඒ නිසා මෙවැනි ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස මහ බැංකුව විසින් නිරන්තරයෙන් කරන දැනුම්වත් කිරීම් නොතකා එවැනි ආයතනවල මුදල් තැන්පත්කරනවා නම් එහි පළමු වගකිවයුත්තා ඔබමය. ඉහළ ප්‍රතිලාභවලට කෑදරකමින් මෙවැනි අනවසර ආයතනවල මුදල් ආයෝජනය කිරීමට යොමු වන ඇතැම් පිරිස්‌ ද සමාජයේ සිටින නිසා මෙවැනි ව්‍යාපාරවල කටයුතු සම්පූර්ණයෙන්ම නැති කර දැමීමද අපහසු කටයුත්තක්‌ වී තිබේ. ඒ නිසා ඇතැම් අය මෙවැනි මුල්‍ය වංචාවන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේ නොදැනුවත්කම නිසා නොව වැඩි ප්‍රතිලාභවලට ඇති තණ්‌හාව නිසාය. එහෙත් එම ව්‍යාපාර බිඳ වැටී පොලී ආදායම තබා, තමන් තැන්පත් කළ මුල් මුදල පවා ලබා ගැනීමට නොහැකි වූ විට ඔවුන් මහ බැංකුවට සහ රජයට වරද පැටවීම සාමාන්‍යයෙන් සිදු වන දෙයයි. එහෙත් එවැනි අනවසර ආයතනවල මුදල් තැන්පත් කිරීමේ තීන්දුව ගෙන ඇත්තේ අදාළ තැන්පත්කරුවන් විසින්මය. මේ තැන්පත්කරුවන් එම ආයතනවල මුදල් තැන්පත් කිරීම නිසා, එම වංචනික ආයතනවලට තව තවත් මහජනතාව මුලා කරමින් ඔවුන්ගෙන් මුදල් රැස්‌ කිරීමේ කටයුත්ත දිගින් දිගටම කරමින් විශාල පිරිසක්‌ අමාරුවේ දමන්නට ද හැකිව ඇත. එසේ වංචනික ආයතනවලට විශාල පිරිසක්‌ අමාරුවේ දමන්නට ශක්‌තිය සපයා ඇත්තේ එම ආයතනවල මුදල් තැන්පත්කරුවන් විසින්ම නොවේද? ඒ නිසාම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතින් එවැනි අනවසර මූල්‍යායතනවල මුදල් තැන්පත් කරන තැන්පත්කරුවන් ද දඬුවම් ලැබිය හැකි වරදකට වරදකරු කිරීමට නීතිය ශක්‌තිමත් කර ඇති බව ද මෙහිදී අවසාන වශයෙන් සිහිපත් කිරීම වටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/27/feature.html

Pic Source