
ඉකුත් දා යාපනයේ සංචාරයක නිරතවූ මහ නාහිමියෝ, යාපනය නල්ලූර්හිදී උතුරේ හින්දු ආගමික ප්‍රධානීන් හමුවී මේ බව සඳහන් කළහ.
යාපනයට වැඩම කළ මහ නාහිමියෝ ප්‍රධාන පිරිස උතුරේ හින්දු පූජක ප්‍රධානී (නල්ලෙයි ආදීනන්) වන ශ්‍රී ල ශ්‍රී සෝමසුන්දර දේශික පරමාචාර්ය සාමිගල් හා තෙලිප්පලේ දුර්ගයි අම්මාන් කෝවිලේ ප්‍රධානී ආරු තිරුමුගන් පූජකතුමන් ඇතුළු පිරිස විසින් භක්‌තියෙන් යුතුව පිළිගනු ලැබූහ.
එහිදී තවදුරටත් අනුශාසනා කළ මහ නාහිමියෝ බෞද්ධයන් හා හින්දු භක්‌තිකයන් අතර සුළු හෝ යමක් ඇතිවුවද එය පෞද්ගලික හේතූන් මත වූවක් බව ද පැවැසූහ.
බුදු දහම හා හින්දු ධර්මය යනු එකම රටක බිහිවූ ආගම් දෙකක් බව ද පෙන්වා දුන් මහ නාහිමියෝ බුදුරජාණන් වහන්සේ හින්දු සම්භවයකින් පැවතුණු ශ්‍රේෂ්ඨ උත්තමයකු බවද පැවැසූහ.
මෙහිදී මහ නාහිමියෝ උතුරට වැඩම කිරීම මහත් ගෞරවයක් යෑයි පවසා සිටි හින්දු පූජක ප්‍රධානී සෝමසුන්දර දේශික පරමාචාර්ය ආරුතිරුමුගන් පූජකතුමා ගව ඝාතනයට එරෙහිව බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ගෙන යන ව්‍යාපාරය මහත්සේ පැසසුමට ලක් කළේය.
සමන් ගමගේ
http://www.divaina.com/2014/02/28/news30.html
Pic Source
0 comments:
Post a Comment