Pages

Tuesday, May 28, 2013

ඉන්ද්‍රරතන හිමිගේ සිද්ධිය වාර්තා කල කැමරාකරු ඉතා නිවැරදියි - JHU

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සිද්ධිය වාර්තාකළ මාධ්‍යවේදියා බියවැද්දීම පිළිකුලින් හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

වෙසක් පුන් පොහෝදා දළදා මාළිගය ඉදිරිපිට ගව ඝාතනයට හා බෞද්ධයන් අන්‍ය ආගම්වලට බඳවා ගැනීමට විරුද්ධව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් තම සිරුරට ගිනි තබාගත් අවස්ථාව සජීවීව වීඞීයෝ ගත කළ විද්‍යුත් හා මුද්‍රිත මාධය වේදියෙකු වන කමල් සුරවීර මහතා ප‍්‍රශ්න කිරීම සදහා අත්අංඩගුවට ගැනීම පිළිබදව අපගේ බලවත් විරෝධය පළ කරන අතර, එය මාධ්‍ය නිදහස හා වාර්තාකරණයට එරෙහිව දියත් කළ බිය ගැන්වීමකි, මර්දනයකි. බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් ආකාරයත් ඊට ප‍්‍රථම උන්වහන්සේ කළ ප‍්‍රකාශත් රට ඉදිරියේ නිවැරදිව වාර්තා කිරීමට හැකිවූයේ එම මාධ්‍ය වේදියා තම මාධ්‍ය වගකීම නිසියාකාරව ඉටුකළ නිසාවෙනි.

එසේ නිවැරදිවත් විකෘති කිරීමකින් තොරවත් එය වාර්තා කිරීම නිසා උන්වහන්සේ ජීවිතය පූජා කළ උත්තම අරමුණ රටට දැක ගන්නට ලැබුණි, අසන්නට ලැබුණි. උන්වහන්සේගේ උත්තම පූජාව ගරහාවට හා අවමානයට ලක් කරමින් බොරු ප‍්‍රචාර දියත් කරමින් තිබෙන මොහොතක උන්වහන්සේගේ ජීවිත පූජාවේ අරුත රටට, ලෝකයට පෙන්වන එකම සාක්‍ෂිය වන්නේ එම සජීවී වීඩියෝ පටයයි. එය සජීවීව වාර්තාකිරීම ගැන ඇතැමුන් බියට පත්ව ඇත. එය නිවැරදිව වාර්තා කිරීම නිසා බෞද්ධ ජනතාව කම්පනයටත් සංවේගයටත් පත්ව ඇති අතර, ගව ඝාතනයට විරුද්ධව උන්වහන්සේ නැගූ හඩ ඉදිරියේ ගොළුවන්, බිහිරන්ව සිටි අයට රිදෙන්නට ඇත.

එම නිසා බියට පත් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඇතැමුන් එය වාර්තා කළ මධ්‍යවේදියා බියවැද්දීමට හා මර්ධනය කිරීමට උත්සහ කරමින් ඇත. එය පැහැදිළිවම මාධ්‍ය නිදහසට එල්ල කරන තර්ජනයකි. එම තර්ජනයට හා බිය වැද්දීමට එරෙහිව මාධ්‍ය නිදහස අගය කරන සියළු දෙනා ඊට එරෙහිව නැගී සිටිය යුතුය. මෙම මාධ්‍ය බියවැද්දීම පිළිකුලින් හෙළා දකිමු.

May 28, 2013 at 1:04 am | lanka C news

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

2 comments:

dutugemunu said...

නිශාන්ත ට මාධ ය නිදහස ගැන මතක් වීම ගැන සතුට

Anonymous said...

Ohuge wagakeema harakek beranawata wada miniseku beraganeema noweida