Pages

Wednesday, May 29, 2013

"ඇමරි-යුරෝ-තමිල්නාඩු බර්ගරය" - දිවයින කතුවැකිය

ඉන්දියාව අපේ මිතුරෙකි. එය සතුව පවත්නා බොහෝ දේ අපට නැත. එසේම, අප සතුව පවත්නා එක දෙයක්‌ද තවමත් එයට නැත. ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදය මුළුමනින්ම පරාජය කළ රටකි. ඉන්දියාව ලෝකයේ බොහෝ රටවල් මෙන්ම තවමත් ත්‍රස්‌තවාදයෙන් බැටකන රටකි.

මේ ඊයේ පෙරේදා එහි චැටිස්‌ගාර් ප්‍රාන්තයේ කොංග්‍රස්‌ පක්‍ෂ නායක නාන්දිකුමාර් පටෙල් මහතාද, ඔහුගේ පුත් දිනේෂ් පටෙල් මහතාද ඇතුළු කොංග්‍රස්‌ පාක්‌ෂිකයන් 27 දෙනකු එම ප්‍රාන්තයේදීම මරා දමන ලද්දේ මාවෝවාදී ත්‍රස්‌තවාදීන් විසිනි. මාවෝවාදී ත්‍රස්‌තවාදය බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ සේම අන්තවාදී බෙදුම්වාදයක්‌ද වෙයි. මේ බෙදුම්වාදය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට හෝ ඔවුන් සමඟ පයුරුපාසානම් පැවැත්වීමට හෝ දැන් කිසිවිටෙකත් ඉන්දියානු මධ්‍යම රජය යන්නේ නැත. ඉන්දියාවට සේම සෑහෙන දේශපාලන බලතල සහිත චැටිස්‌ගාර් ප්‍රාන්තයටද අභියෝගයක්‌ වෙමින් සහ හිසරදයක්‌ වෙමින් මාවෝ ත්‍රස්‌තවාදීහු එහි තවමත් යකා නටති.

සිද්ධිය සැලවූ වහාම ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි තම කම්පාවත්, ශෝකයත් පළ කරමින් චැටිස්‌ගාර් ප්‍රාන්ත ආරක්‍ෂක බලධාරීන්ට දොස්‌ පැවරූ බවද වාර්තා වෙයි. චැටිස්‌ගාර් ප්‍රාන්තයේ පමණක්‌ නොව ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත තුළ ද ක්‍රියාත්මක වන විවිධ බෙදුම්වාදයන් මර්දනය කොට තබා ගැනීමට ඉන්දියාවට හැකිවී ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයේ පවත්නා ශක්‌තිය නිසාම මිස වෙන අන් කවර කරුණක්‌ නිසාවත් නොවේ. එහෙත්, මේ ප්‍රාන්ත පාලනයන් හිටිවනම මේ ආකාරයේ දරුණු ෙ€දවාචකවලට ද විවිධ දේශපාලන අර්බුදවලට ද ලක්‌වෙයි. භාෂාමය ෙµඩරල් රාජ්‍යයන් වශයෙන් හඳුන්වනු ලබන මේ බොහෝ ප්‍රාන්ත තමන් පෙළන බෙදුම්වාදයන් සහ ත්‍රස්‌තවාදයන් නිසා කිසිවිටෙකත් සාක්‌ෂාත් කරගත නොහැකි ස්‌වාත්මවලින් යුක්‌ත වන්නේ යෑයි කියන්නෝ ඉන්දීය දේශපාලන විචාරකයෝ ය.

එහෙත් පුදුමයකට මෙන් මේ ඇතැම් ඉන්දීය දේශපාලන විචාරකයන්ද, ඇතැම් ඉන්දීය දේශපාලනඥයන්ද ත්‍රස්‌තවාදය මුළුමනින්ම අවසන් කළ ශ්‍රී ලංකාව දෙස බලා පවසන්නේ අනෙකකි. අඩුම තරමින් ශ්‍රී ලංකා රජය උතුරු - නැගෙනහිර පළාත්වලට පොලිස්‌ සහ ඉඩම් බලතල සහිත පළාත් සභා දිය යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීමය, ආශාවය. එය ද ෙµඩරල් රාජ්‍යයක්‌ දෙන්නේ නම් වඩාත් "හොඳායි" යන්නට විකල්පයක්‌ වශයෙන් ය.

එහෙත්, මේ කිසිවකුටත් නොතේරෙන හෝ නැතහොත් අපටත් වඩා හොඳටම තේරෙන හෝ කරුණ නම් මේ මොන ඉල්ලීම අනුව පූර්ණ බලතල සහිත පාලනයක්‌ උතුරට දුන්නත් එය ගමන් කරන්නේ වෙනම රාජ්‍යයකට යන්නය. රජයට පිටින් සිටින සහ රජය තුළම සිටින පුදුම ගණයේ න්‍යායාචාර්යවරුන්ගේ න්‍යායනට අනුව ද බලතල සහිත පළාත් සභාවන් "හො¹යි" ය. එහෙත්, ඒ දිනවල ඉන්දියාවෙන් සැපයූ රේඩාර්වලට හසු නොවී ගමන් කළ එල්. ටී. ටී.ඊ. ගුවන් යානා මෙන් මේ නිසා පැන නඟින අනතුර මේ කිසිදු න්‍යායාචාර්යවරයකුගේ "රේඩාර්"වලට ද හසු නොවේ. හසුවූවත් ඒ පිළිබඳව තැකීමක්‌ද ඔවුනට නැති සැටියකි. එහෙත්, දේශපාලනඥයකු නොවන තොත්ත බබෙකුට වුවද මෙහිදී වැටහෙන කරුණ වන්නේ එසේ කිරීම වූ කලී තිස්‌ වසරක්‌ මුළුල්ලේ ලේ ගංගාවක පීනමින් මේ රටේ සියලුම ජනතාවත් වීරෝදාර රණවිරු මනුෂ්‍යයනුත් මොළේ ඇති නායකයනුත් ඉතාම අසීරුවෙන් උදාකරගත් රටේ ඒකීයභාවය සහ ස්‌වෛරීභාවය ලාභ බන්දේසියක දමා යළිත් බෙදුම්වාදයටම තිළිණ කිරීමක්‌ බවය.

බලතල ලබා ගැනීම කරණ කොට ගෙන තමන් රටේ ඒකීයභාවය වෙනුවෙන් කැපවන බවට ඉඟියක්‌වත් පළ නොකරන මේ පශ්චාත් එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ලොව පුරා විසිරී සිටින දෙමළ ඩයස්‌පෝරාව නමින් හඳුන්වන එල්. ටී. ටී. ඊ. රස්‌තියාදුකාර කණ්‌ඩායම් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? තමිල්නාඩුවේ මෝඩ බයිස්‌කෝප් වීරයන් ප්‍රධාන කොටගත් සහ එල්. ටී. ටී. ඊ. මිනීමරු කල්ලියේ ප්‍රාණ සගයන් වූ වයිකෝ, නෙදුමරන් ප්‍රධාන කොටගත් කණ්‌ඩායම් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? මේ රටින් කා බී හැදී වැඩී, දේශෙද්‍රdaහී එන්. ජී. ඕ. ගුබ්බෑයම්වලට ම කඹුරන හාදයන් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ප්‍රභාකරන් නමැති තක්‌කඩියාට තම අවි බලයෙන් දිනාගත නොහැකි වූ ඊළාම් රාජ්‍යය දැන් අතළඟ බවය. එය "ඇමරි-යුරෝ" මිශ්‍රණයකින් සාදා තමිල්නාඩු තෙලෙන් බැද උණු උණුවේ පිරිනැමෙන "අර්ධ බර්ගර් - අර්ධ වඩ" එකක්‌ බවය.

වර්ෂ 1987 දී පැවැති ඉන්දියාවටම වාස්‌තවික දේශපාලන තත්ත්වයන් මත ශ්‍රී ලංකා ජනතාවගේ කිසිදු එකඟතාවක්‌ නොමැතිව ස්‌ථාපිත කරන ලද 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය හුදෙක්‌ ඉන්දියාවේම අවශ්‍යතාවක්‌ බව නොදන්නෝ ශ්‍රී ලංකාවේ - ඉන්දියාවේ මතු නොව ඔය කියන යුරෝපයේවත් සිටිත් ද?

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය, ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය සමනල වර්ගයේ සර්ප විශේෂයක්‌ වශයෙන් සුරතල් කරන ඇමරිකාවේ බෝම්බ පිපිරීම්වලින් අපි කාලකන්නි සතුටක්‌වත් නොලබමු.

ඉන්දියාවේ මාවෝවාදීන් ඉන්දියාවේ චැටිස්‌ගාර් ප්‍රාන්තයේ විශිෂ්ට කොංග්‍රස්‌ දේශපාලකයන් අමු අමුවේ ඝාතනය කිරීම පිළිබඳව ද අපි මොනම ආශ්වාදයක්‌වත් නොලබමු. එදා ජෝර්ඡ් බුෂ් කීවා සේම, අද මහින්ද රාජපක්‍ෂ කීවා සේම, ත්‍රස්‌තවාදය ලෝකයේ කොතැන තිබුණද ත්‍රස්‌තවාදයමය. බෙදුම්වාදය ලෝකයේ කොතැන තිබුණද බෙදුම්වාදයමය. මොළේ ඇති ඉන්දියාව කළ යුත්තේ ත්‍රස්‌තවාදයකට තමන් ඉඩ නොදෙන බලකොටු තනා ගැනීමකට අල්ලපු රටකටද ඉඩ නොදීමය. තුවක්‌කුවෙන් නොව කතිරයෙන් පැමිණියද ඉඩ නොදීමය. එසේ කිරීම, ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ පමණක්‌ නොව මේ කලාපයේද අනාගත සුබ සිද්ධිය සඳහා ම වෙයි.

http://www.divaina.com/2013/05/29/editor.html

1 comments:

Anonymous said...

well said.