Pages

Wednesday, January 27, 2016

ඥානසාර හිමි රට – ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙක් - ශ්‍රී අත්තදස්සි නාහිමි

රට – ජාතිය අර්බුදකාරී තත්ත්වයට පත්වු අවස්ථාවල මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ මහනායක. අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමි පවසා ඇත. අද (27) ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ පසුවන බවත්, උන්වහන්සේද රට – ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන්...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව - ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) සඳහා වූ කෙටුම් පත

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාල කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද (සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද යම් ලියාපදිංචි කරන (ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ...

Tuesday, January 26, 2016

ගවඝාතනය වැලැක්වීමට නීතිමය පියවර ගැනීම - බොදු බල සේනාවෙන් ජනපතිට තුති!

බොදුබල සේනා සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ස්තූතිය පුද කර ඇත. ඒ ගවඝාතනය වැලැක්වීමට නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් වන අතර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් එම සංවිධානය පවසන්නේ තවදුරටත් මස්වැද්දන් ආණ්ඩුව තුල සිටින බැවින් එම උපදෙස් නිසි අයුරු ක්‍රියාත්මක නොවී ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලය කොළඹ ගරු ජනාධිපතිතුමනි, ජනපති ලෙස ගව ඝාතනය තහනම් කිරීම පිලිබඳ උපදෙස් දීම පිලිබඳ...

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ලංකාවට

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ මැද භාගයේදී ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගර අතරින් පළමු තැන හිමිකරගත්තේද කොළඹ නගරය බව වාර්තා විය. මේ සියල්ලම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ සතුටට හේතුවන කාරණාය. ඒ මොනදේ ලැබුණත් නොලැබුණත් මේ රට ලෝකෙන් උතුම් රටය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයය. අප සැබැවින්ම අභිමානවත් ජාතියක්‌ බව අවිවාදිතය. ඒත් මේ සියල්ල අතරේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සාරෙට පැතිර ගොස්‌...

Monday, January 25, 2016

සියම් නිකාය දැඩි විමසිල්ලෙන් - මැදගම ධම්මානන්ද හිමි

බුද්ධ නීතිය යටපත් කර රාජ්‍ය නීතිය තුළින් විරුද්ධවාදී අදහස්‌ මත දරන භික්‍ෂූන් වහන්සේලාගෙන් පළිගැනීම් පවා නව නීති මගින් සිදුවිය හැකි බැවින් සියම් මහා නිකාය රජය ඉදිරිපත් කර ඇති අලුත් නීති කෙටුම්පත පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශවයේ කාරක සංඝසභික ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් භික්‍ෂූ...

චෙල්වනායගම් සිට ප්‍රභාකරන් ඔස්සේ සම්බන්ධන් දක්වා හැමදාමත් නොවෙනස් වූ ෆෙඩරල් වලිප්පුව

'රාජවරෝතියම් සම්බන්ධන්' ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකවරයා බව අපි නැවතත් සිහිපත් කර සිටිමු. ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානයේ ද නායකයා ය. මේ කාරණා නැවත අප සිහිපත් කරන්නට යෙදුණේ සම්බන්ධන් ද හිටි හැටියේ බොහෝ දේ අපට සිහිපත් කර දෙන නිසාය. පසුගිය සතියේ (21 දා) ඔහු කීවේ උතුරේ අර්බුදයට එකම විසඳුම ෆෙඩරල් බවත්, ඒකීය රාජ්‍ය ප්‍රතික්‍ෂේප කරන බවත් ය. දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැති මොහොතේ ඔහු මේ අපූරු කාරණය සිහිපත් කර තිබුණේ ඉතිහාසය...

Sunday, January 24, 2016

බුදුන් වහන්සේගේ "උදකස්‌ දාව" නිධන් කළ, පරංගින් සහමුලින්ම වැනසූ කැලණියේ සිවුරු දාගැබ

ක්‍රිස්‌තු පූර්ව හයවැනි ශතවර්ෂය පමණ වන විට කිසියම් ප්‍රමාණයක උසස්‌ ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ ගෝත්‍ර දෙකක්‌ ලංකාවේ විසූ බව මහාවංශයෙහි සඳහන් වන කරුණු අනුව පැහැදිලි වෙයි. මින් එක්‌ ගෝත්‍රයක්‌ මහවැලි ගංගා නිම්න ප්‍රදේශයෙහි මහියංගනය මධ්‍යස්‌ථානය කොටගෙන ජීවත් වූ අතර ඔවුහු "යක්‍ෂයන්" යන නමින් හඳුන්වනු ලැබූහ. නාගයන් යන නමින් හඳුන්වනු ලැබූ අනෙක්‌ ගෝත්‍රය උතුරෙහි නාගදීපය (යාපනය) හා බටහිර දිග වෙරළබඩ තීරය ආශ්‍රිතව ජීවත් වූහ. බටහිර වෙරළබඩ තීරයෙහි ජීවත් වූ නාගයන්ගේ...

ඇස්, ඉස්, මස්, දිවි රට වෙනුවෙන් පිදූ රණවිරුවන්ගේ තුන්වැනි බබාට දුන් ලක්‍ෂය නවතියි

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා උපත ලබන අවස්‌ථාවේ රජය මගින් ලබාදුන් රුපියල් ලක්‍ෂයක දීමනාව මේ වසරේ සිට නවතා දමා තිබේ. පසුගිය රජය මගින් රණවිරුවන්ට උපහාරයක්‌ ලෙස මෙම මුදල ලබාදෙන ලදී. මෙවර අය වැයෙන් ඊට මුදල් ප්‍රතිපාදන ලබාදී නැත. එම නිසා අදාළ මුදල් ලබාදීම නවතා දමන බව අදාළ අංශවලට චක්‍රලේඛ මගින් දැනුම් දී තිබේ. ජනිත සෙනෙවිරත්න http://www.divaina.com/2016/01/23/news11.html Pic Sour...

බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පොහොය

අද(23) දුරුතු පුර පසළොස්‌වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක්‌ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථමවරට ලංකාවට වැඩම වීම හා එහිදී යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිධන් කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරදුන් රහතන් වහන්සේලා දහසක්‌ ද සමඟ රජගහනුවරට වැඩමවීම, ප්‍රේතයනට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගන චෛත්‍යය අසලදී රජ බවට පත් කරවීම...