Pages

Saturday, March 22, 2014

විදේශිකයන් හෙළිකොප්ටරයක නැඟී සැරීමෙන් පොළොන්නරුවේ පුරා වස්‌තුවලට හානි

ඇමරිකන් ජාතිකයන් ඇතුළු විදේශිකයන් පිරිසක්‌ එක්‌ව හෙළිකොප්ටරයක නැඟී ශ්‍රී ලංකාවේ රිලව් පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක්‌ සැකසීමට පටන් ගැනීම නිසා පොළොන්නරුවේ පුරා වස්‌තුවලට හානි සිදුවීමට පටන් ගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට වසරකට පෙරාතුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත අදාළ වාර්තාමය චිත්‍රපටය සැකසීම ආරම්භ කර ඇති අතර මේ වනවිට ඇති කරගත් ගිවිසුම් හා එකඟතා බිඳ දමමින් පුරාවස්‌තුවලට හානිවන අයුරින් ඔවුන් කටයුතු කරන බවද සඳහන් ය.

මෙම හෙලිකොප්ටරය පුරාවස්‌තුවලට වඩා මීටර් පහළොවක්‌ උඩ සිට වීඩියෝ ලබාගත යුතු යෑයි සඳහන් කොන්දේසිය මුළුමනින්ම උල්ලංඝනය කරන අතර චිත්‍රපටය සැකසීම සඳහා ලබාදුන් කාලසීමාවද ඉක්‌මවා ඇතැයි ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කළේය.

මෙම වාර්තාමය චිත්‍රපටය සැකසීමට අවසර ලබාදීමෙන් මධ්‍යම සංස්‌කෘතික අරමුදලට විශාල මුදලක්‌ ලැබුණ බවද අප කළ විමසීමේදී එහි නිලධාරියෙක්‌ කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ රිලව් පිළිබඳ සකසන මෙම වාර්තාමය චිත්‍රපටය නිසා ලැබුණ මුදල්වලට වඩා පුරාවස්‌තු විනාශය වැඩි බැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙස පුරාවිද්‍යා බලධාරීහු කියා සිටිති.

ශිරාන් රණසිංහ
http://www.divaina.com/2014/03/22/news12.html

0 comments: