මෙයට වසර සිය ගණනකට පෙර ගංජා (මරිජුවානා) අබිං සහ අරක්‌කු වලින් පටන් ගත් මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසය ගත වූ වසර 20 තුළ ඉතා වේගයෙන් හෙරොයින්වලට මාරු විය. හෙරොයින්වලින් සිදු කෙරෙන ප්‍රමුඛතම කාර්යය වන්නේ අනෙක් මත්ද්‍රව්‍ය පරිදිම මොළය නිර්වින්දනය කිරීම ය. තම දරුවා නයිට් ක්‌ලබ් යන සමාජ මට්‌ටමට අවශෝෂණය වී ඇත්නම් ඔහු හෝ ඇය කුඩ්ඩකු හෝ කුඩ්ඩියක වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව මාපියන් තේරුම් ගත යුතු ය. ඔහු හෝ ඇයගේ තොල කට නිතර වියෑළෙන්නේ නම් ඔහු හෝ ඇය වේගයෙන් හුස්‌ම ගන්නේ නම්, ඇසේ කළු ඉංගිරියාව කුඩා වී තිබේ නම්, හැසිරීම වහ වහා වෙනස් වන්නේ නම්, මඳ සිහියෙන් පසුවන්නේ නම්, ඒවා කුඩු ගැසීමේ මූලික සලකුණු ය. කුඩුවලට පුරුදු වූ අය වැඩිපුර නිදති. අන් අයගේ ඇස් දෙස කෙළින් නො බලති. අපේක්‍ෂා භංගත්වයෙන් පසුවෙති. පවුලෙන් වෙන් වී හුදෙකලාව සිටීමට තැත් කරයි. ණය වෙති. සොරකම් කරති. ඔවුන්ගේ සිරුරු කෘෂ වන්නේ ය. ඇඟ සීතල කරන බවට නිතර පැමිණිලි කරති. සිරුරේ බර අඩු වන අතර නාසයෙන් සොටු දියර ගැලීම නිසා නිතර පීඩාවට ලක්‌වෙති. කුඩුවලට පුරුදුව සිටින්නේ වියපත් දැරියක නම් ඇගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වන්නේ ය. සිය දරුවන්ගේ ශාරීරික සහ චර්යාත්මක වෙනස්‌කම් ගැන සැලකිලිමත් වීම මවුපියන්ගේ වගකීමකි. ජාත්‍යන්තර පාසලට, කොළඹ උසස් පාසලකට හෝ නයිට් ක්‌ලබ්වලට යන සිය දරුවා ගැන සොයා බැලීම මවුපියන් විසින් අනිවාර්යයෙන් ම කරනු ලැබිය යුතු ය. එහෙත් පින්වතුනි, ලොකුම කරුමය වන්නේ මේ කතුවැකිය එම මවුපියන්ට දැක ගැනීමට නො ලැබීම ය. පළමු කොට ඔවුහු සිංහල නොකියවති. දෙවනුව ඔවුහු පත්තර නො කියවති. ඔවුන් වැඩි දෙනාගේ ලෝකය ද දරුවන්ගේ ලෝකයට නො වෙනස් ය. ඔවුන් බොහෝ විට සිය දරුවන් හමුවන්නේ රාත්‍රි නයිට්‌ක්‌ලබ් එකේදී ය.
දැනට මත්කුඩු ජාවාරම සිදු වන ජාත්‍යන්තර පාසලේ නම සහ සියලු විස්‌තර අපි දනිමු. එහෙත් එම පාසලේ ගෞරවය සහ ශිල්ප ශාස්‌ත්‍රවල අගය වෙනුවෙන් එය හෙළි කිරීමෙන් වළකිමු. අප මේ සියල්ල ලියන්නේ සියලු තොරතුරු අත තබාගෙන බව සියලු දෙනා විසින් දත මනා ය.
http://www.divaina.com/2014/03/26/editor.html
Pic Source
0 comments:
Post a Comment