රජයේ වියදමින් පින් කිරීම මේ රටේ දේශපාලනඥයන් බහුතරයකගේ සිරිත ය . මෙය මේ රටට නිදහස ලැබුණු දා පටන් කෙරෙන කෙළියකි. සුද්දන් ලංකාව අත්හැර යන විට කොළඹ නගරය තුළ අලංකාර උද්‍යාන 30 කට ආසන්න ගණනක් විය. එහෙත් අද වන විට එම ප්‍රමාණය දෙකකට හෝ තුනකට සීමා වී ඇත. සෙසු උද්‍යාන සියල්ල සෑම ඡන්දයකටම පෙර කට්‌ටි කර ආධාරකරුවන් අතර බෙදීමේ පුරුද්දක් දේශපාලනඥයන්ට විය. කොළඹ විහාරමහා දේවි උයන, බොරැල්ලේ කැම්බල් පිටිය සහ ඩාර්ලි පාරේ හයිඩ් පිටිය නිදහසට පෙර තිබුණේ මීට වඩා ලොකුවට ය.
මුළු රටම තමන්ගේ යෑයි සිතන පොදු ප්‍රායෝගික සිතුවිල්ල නොව උතුර අපේ යෑයි සිතන දෙමළ දේශපාලනඥයන් ද නැගෙනහිර අපේ යෑයි සිතන මුස්‌ලිම් දේශපාලනඥයන් ද බිහිවීම අවාසනාවකි. කෙසේ වුවද මේ දෙගොල්ලම ජීවත් වන්නේ කොළඹ ය. උතුරු පළාතට තරග කර පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවලට ඇතුළු වූ දෙමළ දේශපාලනඥයන්ගෙන් කී දෙනකු උතුරේ පදිංචිව සිටිත්දැයි අපි ප්‍රශ්න කරමු. ඔවුන් උතුරේ සහ නැගෙනහිර පළාත් තුළ තම ජාතීන්ගේ ජන ඝනත්වය වැඩි කිරීමට මෙහෙයුම් කරන්නේ කොළඹ සිට ය. උතුරේ සහ නැගෙනහිර අව්ව වැඩි ය. එම ප්‍රදේශ කර්කශ වැඩි ය. එහි වතුර කිවුල් ය. ඒ ජීවිතයට ඔරොත්තු දීමට මේ සුකුමාර දේශපාලනඥයන් මෘදු වැඩි ය.
තමන් විසින් ඡන්දය දෙනු ලැබ පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට පත් කර යෑවූ දේශපාලනඥයන්ගෙන් වැඩි දෙනා කරන ආත්ම වංචාව පිළිබඳව දැනුවත් වන ලෙස අපගේ දෙමළ සහ මුස්‌ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලමු. ඒ අතර ම, සිංහලයන්ට සිදු වී ඇත්තේත් එම කෙළියම බව මතක් කර දෙමු.
http://www.divaina.com/2014/03/27/editor.html
Pic Source
සබැඳි ලිපි - [වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක් විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක් වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]
1 comments:
තමන් විසින් ඡන්දය දෙනු ලැබ පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට පත් කර යෑවූ දේශපාලනඥයන්ගෙන් වැඩි දෙනා කරන ආත්ම වංචාව පිළිබඳව දැනුවත් වන ලෙස අපගේ දෙමළ සහ මුස්‌ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලමු.
Post a Comment