දේශපාලනඥයන් සිදුකරන මෙම ඉඩම් කොල්ලය නැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරු පියවර නොගන්නේ ඔවුන් ඉහත දේශපාලනඥයන්ගේ හිතවතුන් නිසා බවත් මේ තත්ත්වය මත අමාත්‍යාංශය ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින" ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.
අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌කවල සිදුකරන මෙම ඉඩම් කොල්ලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට නැවැත්වීමට නොහැකි නම් ඒ පිළිබඳව ඔවුන් ඉඩම් අමාත්‍යාංශයට හෝ අනෙකුත් ආයතනවලට වාර්තා කළ යුතු වුවත් මෙතෙක් එවැනි කිසිදු වාර්තාවක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව එම ප්‍රකාශකයා කීය.
යුද්ධය පැවැති සමයේ ඉඩම් අතහැර වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින ජනතාවගේ ඉඩම් හා රක්‍ෂිත ඉඩම් මෙලෙස ඇමැතිවරු තම බූදලයක් ලෙස සලකා හිතුවතුන් අතර බෙදාදීම ආරම්භ කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.
ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/03/30/news08.html
Pic Source
0 comments:
Post a Comment