දේශීය ඖෂධ හෙවත් ජන වහරේ එන අයුරින් සිංහල බෙහෙත් බඩු ලංකාව පුරා තොග සහ සිල්ලර වශයෙන් බෙදා හරින වගකීම් සහගත වෙළෙ¹ම මුළුමනින් ම පාහේ සිදුවන්නේ ගබොස්‌ලේන් හි පිහිටා ඇති ලොකු කුඩා දේශීය ඖෂධ අලෙවිසල් හෙවත් සිංහල බෙහෙත් බඩු කඩ මුල්කර ගනිමිනි.
එහි පිහිටා ඇති බොහොමයක් වෙළෙඳසල් තුළ කොත්තමල්ලි ඇටයේ සිට ඉතාමත් විරල ඖෂධ වන ගෝරෝචන, කුංකුමප්පු, කස්‌තුරි ආදී අධික මිලෙන් යුත් විදේශීය රටවල්වලින් පවා ගෙන්වනු ලබන ආයුර්වේද ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය සියලුම ඖෂධ වර්ග අලෙවිය පිණිස තිබේ. ඒ සියලු දේශීය විදේශීය ඖෂධ හඳුන්වනු ලබන්නේ 'සිංහල බෙහෙත් බඩු' යන හුරු පුරුදු වචනය යොදා ගනිමින් ය.
වසර හැත්තෑ පහකට එපිට සිට ගබොස් ලේන් කේන්ද්‍ර කොට පැවත එන සිංහල බෙහෙත් බඩු කඩ ඉතිහාසය පිළිබඳ තොරතුරු දැක්‌වීම පිණිස කීපදෙනෙක් අපත් සමඟ කතාබස් කළහ. එහි ඇතැම් ව්‍යාපාරික ස්‌ථාන මේ වන විට පවත්වා ගෙන යන්නේ තුන්වැනි පරම්පරාව විසින් ය.
ගබොස් ලේන් හා ශාන්ත ජෝන් මාවත එකිනෙකා මුණ ගැසෙන තුන්මංසලට මුහුණලා ඇති වෙළෙඳසලකි. ඒ වෙළෙඳසලෙන් පනස් වසරක් පුරා උණ සෙම්ප්‍රතිෂ්‍යාවට ලබා දෙන පස්‌පංගුවේ සිට ඉහළට ඇති ඕනෑම ඖෂධයක් මිලට ගත හැකිය. මේ වන විට එහි භාරකාරත්වය උසුලන ඉමල් කුලසූරිය අපගේ පළමු දැන හඳුනා ගැනීම විය. ඔහු තම ව්‍යාපාරය පිළිබඳවත් එහි අතීතය සම්බන්ධවත් අපත් සමඟ කතා කළේය.
"මේක දිග කතාවක් සහිත ව්‍යාපාරයක්. දැනට වසර පනහක් තිස්‌සේ අපි මේ ව්‍යාපාරයත් එක්‌ක කටයුතු කරනවා. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක 'බිස්‌නස්' එකකට එහා ගිය යහපත් අරමුණකින් යුක්‌තව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම මත සිදුවන දෙයක් හින්දයි. මොකද? මේ වෙළෙ¹මේ පවතින්න ඕන වැදගත්ම දේ තමයි ලාභයට එහා ගිය ගුණාත්මක බව. ඒක මෙතෙක් කල් ආරක්‍ෂා කර ගන්න පුළුවන් වූ අය විතරයි මේ සිංහල බෙහෙත් බඩු වෙළෙ¹මේ අදත් යෙදිල ඉන්නේ."
දහස් ගණනින් යුත් ඒ අය තමයි අපේ විශ්වාසවන්ත සැපයුම්කරුවන් වෙන්නේ. අනෙක් කාරණය තමයි බහුතරයක් මේ ව්‍යාපාරය සිදුකරන්නේ සිංහල ව්‍යාපාරිකයන් වීමය. සිංහල වෙදකමත් සමඟ අතීතයේ පටන් තියෙන අපේකම. ඒකට ප්‍රධානම හේතුව වෙන්නත් ඇති. අනික තමයි ඖෂධීය ශාක හඳුනා ගැනීමට සිංහලයන් සතු හැකියාව. දැන් බලන්න කැලේට ගිහින් කොළයක් කඩල මේක අහවල් ඖෂධ වර්ගය කියල කියන්න පුළුවන් හැකියාවක් අපේ අයට තියෙනවා. එහෙම උනේ ඒ සුවඳ අපේ ඇඟේ තියෙන හින්දනේ. ඒක එදත් අදත් එහෙමයි. හේතුව තමයි ආයුර්වේදය වේවා, පාරම්පරික දේශීය වෙදකම වේවා, ඒවා පැවත එන්නේ අවුරුදු දහස් ගණනක් එපිට ඉඳලා. මේ සියලුම දේශීය ඖෂධ පැවත එන්නෙත් එදා පටන්. එදා පටන් තිබුණු පැවත එන ඖෂධ වර්ග තමයි අදත් අපේ අය ලෙඩට දුකට ප්‍රතිකාර පිණිස ගන්නේ."
ඉන් අනතුරුව ඉමල් කුලසූරිය විසින් අපව වෙනත් ව්‍යාපාරික ස්‌ථානයක් වෙත කැඳවා ගෙන ගියේය. ඔහු එයට ගොඩවීමට පෙර කළගුණ අමතක නොකළ මතකයක් ද යළි මෙනෙහි කළේය.
"මෙතැන තමයි මගේ තාත්තා මුලින්ම රැකියාව කළ තැන. ඒ මීට වසර හැට හැත්තෑවකට කලින්. ඔහු අපට තවත් ව්‍යාපාරිකයෙක් හඳුන්වා දුන්නේය. හේ ප්‍රදීප් කවිරත්න විය. ව්‍යාපාරිකයකු පමණක් නොව, ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෙදකමේ සුලමුල පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකු වූ ඔහු තමන් නියුතු ව්‍යාපාරය පිළිබඳවත්, එහි වර්තමානය සහ අනාගතයේදී ඇතිවිය හැකි යම් යම් අවාසනාවන්ත තත්ත්වයන් පිළිබඳවත් පුළුල් දැනුවත් භාවයක් සහිතව අදහස් ප්‍රකාශ කරන්නෙකු ද විය.
"ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ අවුරුදු 5000 ක් ඉතිහාසය සහිතව පැවත එන්නක්. අපි මේ ව්‍යාපාරය දකින්න උත්සාහ කරන්නේ අපේ පාරම්පරික වෙදකම තවදුරටත් ඉස්‌සරහට රැගෙන යැමත් එක්‌ක සිදුකරන වෙළෙ¹මක් විදියටයි. අද රටේ විවිධ ප්‍රදේශවල නොයෙක් පුද්ගලයන් මහා පරිමාණයෙන් මේ වෙළ¹මට අතදාල තියෙන්නේ. ඔවුන් ඒ දේවල් කරන්නේ දැනුවත්භාවය සහිතව නොවෙයි. ලාභය මුල්කර ගෙන. අපි එහෙම නැ. ඇත්තම කියනවා නම් ගබොස් ලේන් එක නැත්නම් අපේ පාරම්පරික වෙදකම නැත්තටම නැතිවෙලා."
මේ මොහොත වන විට අපේ දේශීය ඖෂධවලට සිදු වී ඇති ව්‍යසනය ඔහු අප සමඟ කීය.
මම මේ කතා කරන්නේ ව්‍යාපාරික වාසි ප්‍රයෝජන අරමුණු කොට නොවෙයි. ඉන් එහා ගිය යහපත් පණිවුඩයක් රටට දීම පිණිසයි. අද ලෝකය පුරාම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වේගයෙන් ව්‍යාප්ත වෙනවා. බටහිර රටවල් ඇතුළු බොහෝ පිරිස් ඒ සඳහා නැඹුරු වෙනවා.
විදේශිකයන් ලංකාව දකින්නේ 'ඔසු උයනක්' විදියට. ඔවුන් ලංකාවට පැමිණීමට එක හේතුවක් තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඇති ඇල්ම. අදාළ බලධාරීන් මේව හරියට තේරුම් ගත යුතුයි. අපි අපේ පැත්තෙන් අපේ වගකීම අවුරුදු 75 ක් තිස්‌සේ නිවැරැදිව සිදුකරනවා. වටිනා ශාකමය ඖෂධ යම් තරමකින් හරි අදත් ආරක්‍ෂා වෙලා තියෙන්නේ අපි මේ වෙළෙ¹ම ජාවාරමක් කර ගත්තේ නැති හින්ද බව මතක් කළ යුතුයි."
ධර්මරත්න පාරම්පරික උරුමයක් සහිතව ගබොස් පටුමගේ වෙළෙ¹ම් කරනා ව්‍යාපාරිකයෙකි. ඔහුත් තමන් සතු අත්දැකීම් සහ පළපුරුද්ද පිළිබඳ අදහස් දැක්‌වූයේය.
"ඉස්‌සර ගබොස් ලේන් එකේ තිබුණ අම්බර් කියන ඖෂධයක්. ජනප්‍රවාදයේ තියෙන්නේ හිමාලයේ වෙසෙන ඇත්කඳ ලිහිනියන් ආහාරයට ගන්නා දෙයින් ඒවා සැකසෙනවා කියලා. ඇත්කඳලිහිනිය 'වසුරු' ලෙස පිට කරන දේට තමයි අම්බර් කියන්නේ. ඒවා ගංගා ඇළ දොළට එකතුවෙලා මුහුදට ගලාගෙන එනවා. මාළු ඒවා ආහාරයට අරගෙන ගිලල වැමෑරුවට පස්‌සේ ඒක 'මීනම්බර්' ලෙස හඳුන්වනවා. මුහුදු යන අය හරහා වෙළෙඳපොළට එන මීනම්බර් විශාල වටිනාකමක් සහිත දුර්ලභ ඖෂධයක්. ඒ කාලේ ගබොස් ලේන් එකේ මීනම්බර් පවා අලෙවි කළා. ඒ වගේ තමයි මුහුදු පොල් කියන ඖෂධයත්. අදත් මුහුදු පොල් අපි ගාව විකුණන්න තියෙනවා. ඒක හැදෙන්නෙත් මුහුදේ. ඒ ඖෂධය වැඩිපුර අපෙන් මිලට ගන්නේ මාලදිවයින් වැසියන්. අපේ සිංහල බෙහෙත් වට්‌ටෝරුවල ඒ බෙහෙත ලියවෙනව අඩුයි. මේ වෙළෙ¹ම කාලයක් තිස්‌සේ කරගෙන ඒම තුළ අපි ළඟ තියෙන අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන සිංහල වෙදකම ඉස්‌සරහට ගෙනියන්න රජය මැදිහත් වෙනව නම් ඒ සඳහා උදව් කරන්න අපි ඕනම වෙලාවක සූදානම්."
ඔවුන් සමඟ ගත කළ කාලය තුළ සිංහල බෙහෙත් බඩු වෙළෙ¹ම යනු කඩපොළක් පමණක් නොව හෙට දවස පිණිස රැකගත යුතු උරුමයක් බවට පත්ව ඇති බව ඔවුන් අපට කියා දුන්නේය.
බතක් ඉදීමට පෙර බිඳුණ අතක් සවි කිරීමට සමත් හෙළ වෙදකමක් සහිත මිනිසුන් විසූ රටක් ලෙස රොබට් නොක්‌ස් වැනි විදේශිකයන්ගේ පවා සම්භාවනාවට ලක්‌වෙමින් වසර සිය දහස් ගණනක එපිට සිට පැවත එන හෙළ වෙදකමට අනුපාන සපයමින් ද, ව්‍යාපාරික කොළඹට අහිමි වෙමින් පවතින සිංහලකම රැක ගනිමින් ද වසර සියයකට ආසන්න කාලයක් ගබොස් ලේන් කේන්ද්‍ර කොට ගනිමින් පවත්වාගෙන යන ආයුර්වේද ඖෂධ වෙළෙ¹මේ හෙට දවස රැක ගැනීම මෙන්ම ඒ හරහා දිවි සරිකර ගන්නා රට පුරා විසිර සිටින දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ යහපත පිණිස අදාළ ආයතන සහ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාලය තවමත් ඉක්‌ම ගොස් නැත.
හිස කඳ කෙළින් කොට නැගී සිටිය හැකි ජාතියක් නිර්මාණය කිරීම පිණිස දේශීයත්වයට මුල්තැනක් දීමට ඔවුන් උත්සුක වන්නේ නම් සෙම්ප්‍රතිශ්‍යාව සඳහාත් පෙති බෙහෙත් ඉල්ලා බටහිරට අතපාන ජනතාව නගා සිටුවීම පිණිස ලක්‌පොළොව මේ මොහොතේ ද පසුවන්නේ දැඩි වුවමනාවකින් යුතුවය.
රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/03/16/feature08.html
0 comments:
Post a Comment