Pages

Wednesday, March 5, 2014

අකෘතඥ මුසලු නායකයාගේ පිළිකුල් සහගත පාවාදීමට එරෙහිව දැඩි පියවර ගන්න - හෙළ උරුමය

අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ රටට සතුරු ක්‍රියා කලාපයට එරෙහිව ජනාධිපතිවරයා දැඩි පියවරක්‌ ගත යුතු බව ජාතික හෙළ උරුමය මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකා විරෝධී වාර්තාවක්‌ සපයා ඇත. එමගින් මුස්‌ලිම්වරුන්ගේ ආගමික නිදහස ශ්‍රී ලංකාව තුළ නැතිකර ඇති බව පෙන්වා දී ඇති අතර ජාතික හෙළ උරුමය, බොදුබල සේනා, සිංහළ රාවය යන දේශපාලන ජාතික ආගමික සංවිධාන ඊට වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

රාවුෆ් හකීම් අමාත්‍යතුමා වර්තමාන ආණ්‌ඩුවේ අධිකරණ ඇමැතිවරයා ලෙස ආණ්‌ඩුව තුළ සිටිමින් රටට සතුරුව කටයුතු කිරීම මෙන්ම ආණ්‌ඩුවට එරෙහිව ජාත්‍යන්තරයට සාවද්‍ය තොරතුරු සැපයීම නිර්ලඡ්ජිත පිළිකුල් සහගත ප්‍රතිපත්තියකි. උතුරේ මුස්‌ලිම් ජනයා ලක්‍ෂ ගණනින් පළවාහැර නැගෙනහිර පළාතේ සිය ගණනින් පල්ලි තුළ මුස්‌ලිම්වරු සංහාරය කළ කොටි ත්‍රස්‌තවාදීන් සමග 2002 සටන්විරාම සමයේ දී රාවුෆ් හකීම් මහතා ප්‍රභාකරන් සමග ගිsවිසුම් ගැසූ බව රටට නොරහසකි. එවක මුස්‌ලිම් කොංග්‍රසය මානව හිමිකම් කවුන්සලයට හෝ ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට කටයුතු කළේ නැත. කොටි ත්‍රස්‌ත ප්‍රහාරවලින් සිය ගණනින් සිංහල ජනතාව ඝාතනය කරද්දී දළදා මාලිගාවට, ශ්‍රී මහ බෝධියට පහර දෙද්දී අරංතලාවේ භික්‍ෂුන්වහන්සේලා ඝාතනය කරද්දී කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කතා කිරීමට හෝ හඬ නැගීමට මුස්‌ලිම් කොංග්‍රසය ඉදිරිපත් වූයේ නැත. ප්‍රභාකරන් සමග අනාගත ඊළාම් රාජ්‍යයේ මුස්‌ලිම් ජනතාවගේ අයිතීන් දිනාගැනීමට විවෘතවත් රහසිගතවත් හකීම් මහතා කටයුතු කළ ඒ අතීතය අපට අමතක නැත.

මුස්‌ලිම් කොංග්‍රසයේ රටට සතුරු මේ පිළිවෙත පිළිබඳ රටට ආදරය කරන මධ්‍යස්‌ථ මුස්‌ලිම් ජනතාවගේ අවධානයට යොමුවිය යුතුය. හකීම් මහතා ඉතිහාසයේ කෙළෙහිගුණ අමතක කළ ද සිංහල බෞද්ධයන් හැටියට රට රැක ගැනීමටත් තම අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමටත් පෙරට ආවා විනා කිසිදු ජාතියකගේ හෝ ජනවර්ගයකගේ ආගමික නිදහස කිසි ලෙසකවත් අහිමි කර නැත. පෘතුගීසි තාඩන පීඩනයන්ට හසු වූ මුස්‌ලිම්වරුන්ට සෙනරත් රජු විසින් ලබාදුන් රැකවරණය සිංහල බෞද්ධයන්ගේ සහජීවනය මොනවට කියාපායි. සිංහලයන්ගේ ඇති කරුණාව, මෛත්‍රීය, ඉවසීම, අනුකම්පාවට මුවා වී අද ඇතැම් අන්තවාදී මුස්‌ලිම් බලවේග රටටත් සිංහල බෞද්ධ උරුමයටත් එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින බවට සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකිය.

ජාත්‍යන්තරය ඉදිරියේ රට අසීරු තත්ත්වයක පත්ව ඇති මොහොතක ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවෙක්‌ වෙමින් බටහිර රටවල හා එල්ටීටීඊ හිතවාදී බලවේගවල උවමනාව මත රටවටලෑමට රට අවස්‌ථාවර කිරීමට ආගමික නිදහස අහිමි කිරීම නමැති පදනම් විරහිත සාවද්‍ය චෝදනා පෙරට ගෙනඒම පිළිබඳව මුස්‌ලිම් කොංග්‍රසයට අපගේ බලවත් විරෝධය පළකර සිටිමු. අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රාවුෆ් හකීම් ඇමැතිවරයා අධිකරණ ඇමැතිවරයා ලෙස සිටිමින් අඟේ ඉඳන් කන කන මේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි පියවරක්‌ ගත යුතු බවයි. අමාත්‍ය ධුරයේ සියලු වරප්‍රසාද ලබමින් අමාත්‍යාංශවල රැකියා අවස්‌ථා මුස්‌ලිම්කරණය කරමින් කරගෙන යන ජාතිවාදී ආගම්වාදී රටට සතුරු ක්‍රියාකලාපය තවදුරටත් නො ඉවසිය යුතු බවත් මේ සම්බන්ධයෙන් දැඩි පියවරක්‌ ගන්නා ලෙසත් අප රජයට බලකර සිටිමු.

නිශාන්ත වර්ණසිංහ
http://www.divaina.com/2014/03/05/news21.html

Pic Source

0 comments: