Pages

Thursday, April 30, 2015

ජාතික වෙසක්‌ සතිය අද සිට

ජාතික වෙසක්‌ සතිය අදින් (30 වැනිදා) ඇරඹේ. අද සිට ලබන මැයි 06 වැනිදා දක්‌වා ජාතික වෙසක්‌ සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. වෙසක්‌ දිනය යෙදී ඇති මැයි 3 හා 4 යන දෙදින දිවයින පුරා සුරාසල්, මස්‌ අලෙවි සල්, බුකි ශාලා මෙන්ම කැසිනෝ ශාලාද වසා තබන බව රජය නිවේදනය කර ඇත. මෙවර රාජ්‍ය වෙසක්‌ උත්සවය ලබන 3 හා 4 දිනයන්හි මහියංගන රජමහා විහාරයේ දී පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත. මෙවර වෙසක්‌ සතියේ තේමාව වන්නේ "මෛත්‍රිය වැඩවීම" යන්නයි. වෙසක්‌ සමරු මුද්දරය පසුගිය 20 වැනිදා...

සිත් සනහන මහ කරුණා රුව... ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද

ඇෆ්ගනිස්‌තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවහන්සේගේ සංහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දොඩන්ගස්‌ලන්ද ඓතිහාසික රන්බොඩගල්ල මොණරාගල විහාර පරිශ්‍රයේ පිහිටි ස්‌වභාවික ශෛලමය පර්වතයේ අනුරාධපුර පොළොන්නරු යුග පරිවර්තනයෙන් පසුව නෙළන ලද ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සියලු දෙසින් පැමිණෙන මහජනතාවගේ පූජෝපහාරය සඳහා අද (30 වැනිදා) සවස 03.30 ට යෙදෙන සුබ මොහොතින් නිරාවරණය කෙරේ. හෙළ රජ දවස නිර්මාණය වූ ලක්‌දිව පෞඪ ඉතිහාසයේ පොලොන්නරු ගල්විහාර පිළිම නිර්මාණයෙන්...

තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇප

පකිස්‌ථානය කේන්ද්‍ර කොට ගනිමින් ශ්‍රී ලංකාවට කුරියර් (තැපැල්) සේවාව මගින් මත් කුඩු සැපයූ පකිස්‌තානු ජාතිකයකුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ මුස්‌ලිම් කතක්‌ දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්‍ෂ 135 ක මුදල් සහතික ඇප සහ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා ගැනීමට බස්‌නාහිර පළාත්බද මීගමුව විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා නියෝග කළේය. රුපියල් ලක්‍ෂ 10 මුදල් ඇප, රුපියල් ලක්‍ෂ 50 ක සහතික ඇප සහ රුපියල් ලක්‍ෂ 75 ක ශරීර ඇප නියම වූ සැකකාරිය වූයේ...

භික්‍ෂු අධ්‍යාපනය හා සුමංගල නාහිමි චින්තනය

දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහළ වූ ශේ්‍රෂ්ඨතම විද්වතා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බව දෙස්‌ විදෙස්‌ පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ඇතැම් විදේශික පඬිවරුන් උන්වහන්සේ හැඳින්වූයේ දකුණු බුදුසමයේ (ථෙරවාද බුදුසමයේ) පඬිවරයා වශයෙනි. විවිධ අර්බුද හමුවේ ශීඝ්‍රයෙන් පරිහානියට පත් සංස්‌කෘතික පසුබිමක්‌ යටතේ පන්නරය ලබමින් නැගී සිටි අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි ගිහි උගතුන් පමණක්‌ නොව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි පැවිදි උතුමන්ද කරන ලද සේවය වර්තමාන...

Sunday, April 26, 2015

දෙටු ගැමුණුන් නිමැවූ බැව් කියන කතරගම දෙවොලේ බස්නායක තෝරාගැනුම

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය අනිද්දා (28) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. විදේශයන්හි ද පළට ව ගිය, විදේශිකයන්ගේද අප්‍රමාණ වන්දනා මානයට පත් සිරිලක පුදබිම් අතර රුහුණු කතරගම ස්කන්ධ කුමාර දේවාලයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. එබඳු බුහුමන් ලබන මෙරට අනෙක් පූජනීය ස්ථානය නම් ශ්‍රීපාද සමනොළ ගිරිහිසයි. මෙවන් සුවිශේෂත්වයක් ලබන කතරගම දෙවොලෙහි ඉතිහාසය ජනප්‍රවාදයනට අනුව ගැමුණු මහරජ සමය තරම්...

Saturday, April 25, 2015

රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

භික්‌ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස්‌ පහළොවක්‌ පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්‌ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්‌ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්‌ෂුව සමග ගැටෙන ස්‌වභාවයට පැමිණියා. පසුදින භික්‌ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක්‌ පිළිගන්වන්න යෑයි කියා සිටියදී, ඔහු එය නොඇසුනාක්‌ මෙන් මගහැර ගියා. ඔහුට අවශ්‍ය වුණේ, භික්‌ෂුව...

ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීම; සජීවීව දුටු ඇසින්

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකුව සිටි ජාතික ආරක්‍ෂක ඇමැතිවරයෙකුව සිටි හා ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ නායකයාව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා මේ රටේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තැනක්‌ සනිටුහන් කරන්නෙකි. හෙතෙම හැමවිටම කතා කළේත් ක්‍රියා කළේත් ජනතාවගේ උරුමයන් පිළිබඳවය. ලලිත් සිය ජීවිතයේ අවසන් විනාඩි කිහිපයේත් කතා කොට ඇත්තේ ජනතාව වෙනුවෙනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙනි. 1993 අප්‍රේල් 23 වැනිදා සාහසිකයකු ගේ කුරිරු වෙඩි...

Friday, April 24, 2015

ලෝකයේ විශාල ශෛලමය සැතපෙන පිළිමයේ ඉදිකිරීම් අරඹයි

ලොව විශාලතම ශෛලමය සැතපෙන බුදු පිළිමයේ ඉදිකිරීම් කටයුතු දැක බලා ගැනීමේ සංචාරයක පසුගියදා නිරත වීමු. රුවන්වැල්ල නගරයෙන් ඇරැඹෙන දන්නොරුව මාර්ගයේ සැතපුම් පහක්‌ පමණ ගිය විට හමුවන හුබස්‌වලාන ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්‌ථානය පිටුපස පිහිටි සුවිසල් ගල් පර්වතයක මෙම පිළිමය නෙළීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති නාරාංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමිගේ උපදෙස්‌ හා මගපෙන්වීම පරිදි ඉදිවන මෙම සැතපෙන පිළිමය දිගින් අඩි 80 කි. සිරසේ උස අඩි 11 අඟල් 4 කි. සිරිපතුල ප්‍රදේශය අඩි...

ඒ විශිෂ්ට නිර්මාණය පාසල් දරු දැරියන්ට නැරඹීමේ අවකාශය අහිමි කිරීම අභාග්‍යයක්‌ - "මහරජ ගැමුණු" නිෂ්පාදක

ප්‍රවීණ සිනමා වේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‌ෂණය කළ "මහරජ ගැමුණු" චිත්‍රපටය ලාංකීය සිනමාව තුළ එතෙක්‌ මෙතෙක්‌ විශාල පිරිවැයක්‌ යොදා නිෂ්පාදනය කළ සිනමා පටයයි. ලාංකේය සිනමා කර්මාන්තයේ ප්‍රගමනයට දායක වෙමින් ඒ අතිමහත් පිරිවැය දරා "මහරජ ගැමුණු" නිෂ්පාදනය කළේ කථිකාචාර්ය ගුණපාල රත්නසේකරයන්ය. මේ 'දිවයින සිනමා කළා සංග්‍රය' මෙරට සිනමා කර්මාන්තය සහ "මහරජ ගැමුණු" පිළිබඳ ගුණපාල රත්නසේකර සමග කළ කෙටි සංවාදයකි. ඔබ ගුරුවරුයෙක්‌. ඔබේ ක්‍ෂේත්‍රයෙන් පරිබාහිරව සිනමා...

ප්‍රමිතියට නැති බෞද්ධ කොඩි හා අටපිරිකර වික්‌කොත් වැඩ වරදී

එළැඹෙන වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි, වෙසක්‌ සැරසිලි හා අටපිරිකර අලෙවි කරන ස්‌ථාන වැටලීමට ඊයේ (23 වැනිදා) සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි බෞද්ධ කොඩි නිල්, කහ, රතු, සුදු, තැඹිලි යන වර්ණ 5 හා අනුපිළිවෙළ නිවැරදි අයුරින් සඳහන් වී තිබීම අනිවාර්ය කර තිබේ. ඇතැම් වෙළෙඳ සල්වල බෞද්ධ කොඩි වැරදි ආකාරයෙන් ඔසවා තබා අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව...

මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට විධායක සභාව එකඟතාව

මන්ත්‍රීවරුන් 238 දෙනෙකු තෝරා ගත හැකි වන පරිදි කොට්‌ඨාස ක්‍රමය හා සමානුපාත ක්‍රමය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ඊයේ (23 දා) රැස්‌ වූ ජාතික විධායක සභාව එකඟ වී ඇත. එක්‌ කොට්‌ඨාසයට එක්‌ මන්ත්‍රීවරයෙකු බැගින් තෝරා ගැනීමටත් බහු ආසනවලට අමතර මන්ත්‍රීවරයෙකු බැගින්ද දේශපාලන පක්‍ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයන්ට සමගාමීව මන්ත්‍රීධුර ප්‍රමාණයක්‌ හා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුර ප්‍රමාණයක්‌ද මෙම ප්‍රමාණයට ඇතුළත් බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න...

අනුමත කළ තරාදියක්‌ සෑම වෙළෙඳසලකම අනිවාර්යයි

ඕනෑම භාණ්‌ඩයක බර කිරා මැන බැලීම සඳහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් අනුමත කළ තරාදියක්‌ සෑම වෙළෙඳ සලකම භාවිතා කිරීම අනිවාර්ය කරමින් ගැසට්‌ නිවේදනයක්‌ රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත. මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබේ. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සෑම වෙළෙන්දකු...

ආන්දෝලනාත්මක කුරගල පල්ලිය වෙනත් තැනකට???

කූරගල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පාර්ශව කිහිපයක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. මේ අතර කූරගල පුරාවිද්‍යා භූමියේ පිහිටි මෙම පල්ලිය ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගියදා සිංහල රාවය සංවිධානයේ පිරිසක් විරෝධතාවක ද නිරතවුණා. පසුව පොලීසිය විසින් ජල ප්‍රහාරයක්ද එල්ල...